30/11/2025
Together for Sri Lanka – Every Rupee Counts!
Preface – This is intended solely to encourage contributions to the Official Government-approved Donation Channels.
My Two Cents:
The time has come for us to Stand United and Act — to Recover, Restore, and Rebuild our Motherland.
As we have witnessed before, there are individuals and groups attempting to exploit this Disaster for Personal Gain by collecting Money and Donations. We must remain vigilant, avoid falling victim to such scams, and ensure that our hard-earned contributions reach only Legitimate Channels. By doing so, the Government can direct these scarce resources to the Right Agencies, Communities, and Areas in need.
This is NOT the moment for the Most Trending or Viral Social Media Post or Video. It is not the moment to Promote Preferred Personalities, Brands, or Groups — Nor to Attack People or Things you Disagree with. Sharing false, altered, or misleading news, posts, images, or videos at a time like this is not only irresponsible, it is criminal.
If you are fortunate enough not to be affected by this natural disaster, count your blessings — and do everything you can to stay safe. This allows Disaster Relief Teams to focus fully on those who urgently need their help.
If you wish to support our beautiful country and its people, please do so wholeheartedly, without expecting anything in return. And if you cannot offer material or financial assistance, simply extend your prayers and blessings to the teams working day and night. If even that is difficult, then staying silent is the next best way to help.
Afterword – It’s so easy to play “Armchair Critic” and advise the Government / Agencies how to run this campaign. It’d go no further than “Self-Indulgence”.
------
ආදරණීය ලක්මව වෙනුවෙන්!
පෙරවදන - මේ පෝස්ට් එක ශෙයා කරන්නේ හුදෙක් නිල රාජ්‍ය යාන්ත්‍රණය වෙනුවෙන් උදව් කල හැකි සියලුම දෙනාට උත්තේජනයක් ලබා දීම පිණිසය.
මගේ සත දෙක:
අපිට අපේ උදව් අත්‍යවශ්‍ය මොහොත පැමිණ තිබේ. අපේ සුන්දර මවුබිම නැවත දෙපයින් සිටුවීම වෙනුවෙන් ඔබට ලබාදිය හැකි සෑම රුපියලක්ම මහඟු දායකත්වයක් ලබා දෙනු ඇත.
මින් පෙර සෑම හදිසි අවස්ථාවකදී මෙන්, ව්‍යසනය වසන්තයක් කරගන්නා කණ්ඩායම් වලට හසු නොවී, ඔබගේ ආධාර නියමිත රාජ්‍ය යාන්ත්‍රණය හරහා යොමු කිරීම ඉතා වැදගත් වේ. එමගින් මේ මොහොතේ උදව් අත්‍යවශ්‍ය කණ්ඩායම් හා සහන සේවා වලට නිසි පරිදි මේ සීමිත සම්පත් ලබා දිය හැකිවනු ඇත.
ඔබ ආපදාවකට හසුවී නොමැතිනම්, එම තත්වය එසේම පවත්වාගෙන යාම යහපත් වේ. එමගින් සහන කණ්ඩායම් වලට උදව් අවශ්‍යම ජනතාව හා ප්‍රදේශ වෙත අවධානය යොමුකළ හැකිවනු ඇත.
මේ පැමිණ තිබෙන්නේ වඩාත්ම ආකර්ෂණීය සමාජ මාධ්‍ය වීඩියෝව හෝ ඡායාරූපය ලබාගැනීමේ අවස්ථාව නොවේ. එසේම තමන් කැමති අයවලුන් ඔසවා තැබීම හෝ අකමැති අයවලුන් පහළට අද දැමීමේ අවස්ථාවද නොවේ. එතනින් ඔබ්බට, අසත්‍ය හෝ විකෘති කරනලද තොරතුරු, ඡායාරූප හෝ වීඩියෝපට මුදාහැර කුරිරු වින්දයනක් / ලාභයක් ලබාගැනීමේ අවස්ථාවද මෙය නොවේ.
ඔබට මේ සුන්දර රට හා මිනිසුන් වෙනුවෙන් කළ හැකි යමක් වේද, නොපිරිහෙලා එය ඉටුකරන්න. ඒ වෙනුවෙන් නැවත කිසිවක් බලාපොරොත්තු නොවන්න. එවැනි මූල්‍යමය හෝ ද්‍රව්‍යමය උපකාරයක් කල නොහැකිනම් (එවැනි පුද්ගලයන්ද සිටිය හැකි නිසා), ඔබගේ ආශිර්වාදය මේ සඳහා සක්‍රීයව දායක වන කණ්ඩායම් වලට ලබාදෙන්න. එසේත් නොහැකිනම් නිහඬව සිටීම වඩාත් ඵලදායි වනු ඇත.
පසුවදන - ගෙදර සාලයේ හාන්සි පුටුවකට වී උණුසුම් කෝපි කෝප්පයක් තොලගාමින්, මේ ක්‍රියාවලිය වියයුතු හා නොවියයුතු ආකාරය ගැන යෝජනා හෝ චෝදනා කිරීම හුදෙක් තමන් පිනවීමක් පමණි.