Municipal Council Dambulla

Municipal Council Dambulla සුපිළිපන් මෙහෙවරක්, ඉසුරුබර පුරවරයක්

✨ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ පැවැත්වුණු ආකල්ප සංවර්ධන වැඩසටහන ✨දඹුල්ල මහා නගර සභාවේ මාර්ග හා සෞඛ්‍ය කම්කරු ස...
11/08/2026

✨ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ පැවැත්වුණු ආකල්ප සංවර්ධන වැඩසටහන ✨

දඹුල්ල මහා නගර සභාවේ මාර්ග හා සෞඛ්‍ය කම්කරු සේවකයින්ගේ වෘත්තීය හා පෞද්ගලික ජීවිතය සබල ගැන්වීම උදෙසා විශේෂ ආකල්ප සංවර්ධන වැඩසටහනක් 2026 අගෝස්තු 11 වන දින ගෝල්ඩන් රේ හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ (ගැටඹේ, පේරාදෙණිය) සහයෝගීතාවයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා ප්‍රධාන දේශක ලෙස කර්නල් ලක්ෂ්මන් ගුණතිලක මහතා සහභාගී වූ අතර, සහකාර අධ්‍යක්ෂ W.M. මහින්ද අබේරත්න මහතා, සංවර්ධන නිලධාරී U.R.H.C. දමයන්ති මහත්මිය සහ සංවර්ධන නිලධාරී නිරෝෂා බණ්ඩාර මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් මේ සඳහා සම්බන්ධ විය.

අපගේ නගරය පිරිසිදුව හා අලංකාරව පවත්වා ගැනීමට කැපවන අපගේ සෞඛ්‍ය හා මාර්ග සේවක මණ්ඩලයේ ගුණාත්මක වර්ධනය වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කිරීමට ලැබීම මහත් ප්‍රීතියකි.

"එකමුතුව එක්වෙමු - පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගමු" යන තේමාව යටතේ "Clean Sri Lanka" සමඟ එක්ව සංවිධානය කරනු ලබන "අත්තම" ජා...
08/08/2026

"එකමුතුව එක්වෙමු - පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගමු" යන තේමාව යටතේ "Clean Sri Lanka" සමඟ එක්ව සංවිධානය කරනු ලබන "අත්තම" ජාතික පවිත්‍රතා හා පරිසර සුරැකීමේ මාතලේ දිස්ත්‍රික් ව්‍යාපෘතියට සමගාමීව, දඹුල්ල රත්මල්ගහඇල බිඳුනුවැව පරිශ්‍රයේ ව්‍යාප්තව පැවැති යෝධ නිදිකුම්බා ඇතුළු ආක්‍රමණශීලී කටු පඳුරු ගලවා ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහන දඹුල්ල මහා නගර සභාවේ ගරු නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී මහත්මයාගෙ සහ ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් අද (08) දින පැවැත්විණි.

මේ සඳහා දඹුල්ල මහා නගර සභාවේ උප නගරාධිපති සුසන්ත බටගොඩ මහතා, 'Clean Sri Lanka' දඹුල්ල සම්බන්ධීකරණ සභාපති නාගරික මන්ත්‍රී මංජුල අතුකෝරාල මහතා, දර්ශ යසනාථ මහතා, නාගරික මන්ත්‍රී ගයාන් අලුත්ගෙදර මහතා, නාගරික කොමසාරිස්තුමිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ප්‍රමුඛ නාගරික සෞඛ්‍ය අංශය, ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව හා පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් ද එක්ව සිටියහ.

"අත්තම" කියන්නේ මොකක්ද? 🤝🇱🇰"අත්තම" කියන්නේ අතීතයේ ඉඳන් අපේ ගම්වල පැවැති සුන්දර එකමුතුකමේ පාරම්පරික සිරිතයි. ගොවිතැනේදී හ...
06/08/2026

"අත්තම" කියන්නේ මොකක්ද? 🤝🇱🇰

"අත්තම" කියන්නේ අතීතයේ ඉඳන් අපේ ගම්වල පැවැති සුන්දර එකමුතුකමේ පාරම්පරික සිරිතයි. ගොවිතැනේදී හෝ ගමේ පොදු වැඩකදී මුදලට නෙවෙයි, එකිනෙකා අතර ශ්‍රමය හුවමාරු කරගනිමින් එකතු වෙලා වැඩ කරපු ඒ උතුම් ගුණාංගය තමයි "අත්තම" කියන්නේ. අද අපේ පරිසරය, මාර්ග සහ පොදු ස්ථාන පිරිසිදුව අලංකාරව තබාගන්න ඒ පැරණි එකමුතුකම "අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන හරහා නැවතත් අවදි වෙනවා!

වැඩසටහනින් සිදුවන්නේ කුමක්ද?

🧹 පරිසරය & පොදු ස්ථාන පවිත්‍ර කිරීම: අපේ ගමේ/නගරයේ මාර්ග, පොදු වෙළඳපොළවල් සහ පොදු ස්ථාන පිරිසිදු කර අලුත්වැඩියා කිරීම.
🌿 ස්වාභාවික සම්පත් සුරැකීම: පැළ සිටුවීම, වැව්-ඇළ දොළ සහ වෙරළ තීරයන් සංරක්ෂණය කරමින් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් සෑදීම.
🤝 ප්‍රජා එකමුතුකම: තරුණ පරපුර මුල් කරගනිමින් එකිනෙකාට සහයෝගය දක්වන, වගකීම්සහගත ශ්‍රී ලාංකික ප්‍රජාවක් ගොඩනැගීම.

ඔබත් මේ සඳහා දායකවන්න.

රියදුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. JCB රථ හැසිරවීමට හා ට්‍රැක්ටර් රථ ධාවනය කිරීමෙ හැකියාව සහිත අයදුම්කරුවන් ස...
05/08/2026

රියදුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
JCB රථ හැසිරවීමට හා ට්‍රැක්ටර් රථ ධාවනය කිරීමෙ හැකියාව සහිත අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ.

දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව මුහුණ දුන් ප්‍රවාහන දුෂ්කරතාවන්ට තිරසාර විසඳුමක් ලබා දෙමින්, ගරු නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී ම...
04/08/2026

දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව මුහුණ දුන් ප්‍රවාහන දුෂ්කරතාවන්ට තිරසාර විසඳුමක් ලබා දෙමින්, ගරු නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී මහත්මයා සහ දඹුල්ල මහ නගර සභාව විසින් ප්‍රදේශවාසී ජනතාව වෙත ලබා දුන් පොරොන්දුවට අනුව "ගල්වැටියාව තාවකාලික පාලමෙහි" ඉදිකිරීම් කටයුතු මේ වන විට සාර්ථකව අවසන් අදියරට ළඟා වී ඇත.

පසුගිය සමයන්හිදී නිසි සැලැස්මක් හෝ ඇස්තමේන්තුවක් පවා සකස් කර ගැනීමට නොහැකිව අතහැර දමා තිබූ මෙම පාලම ඉදිකිරීමේ කාර්යය, ගරු නගරාධිපති තුමන්ගේ සහ දඹුල්ල මහ නගර සභාවේ සෘජු මැදිහත්වීම මත කඩිනම් කෙරිණි.

එමෙන්ම, ප්‍රදේශවාසීන්ගේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් වන ස්ථීර පාලම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 100 ක මුදල් ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති අතර, ඊට අදාළ පූර්ණ ඉංජිනේරු අධ්‍යයන කටයුතුද මේ වන විට ක්ෂේත්‍රයේ සිදු කෙරෙමින් පවතී.

යුද හමුදාපතිතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, යුද හමුදා ක්ෂේත්‍ර ඉංජිනේරුතුමාගේ උපදෙස් මත 7 වන මින්නේරිය ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමා සහ ඉංජිනේරු මේජර් ඩබ්ලිව්. එස්. එම්. ප්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්ෂණය හා තාක්ෂණික සහයෝගය යටතේ මෙම තාවකාලික පාලමේ ඉදිකිරීම් සිදු කෙරේ.

මෙම අවස්ථාව සඳහා කොට්ඨාස නාගරික මන්ත්‍රී චමිල ගමඇතිගේ මහතා නාගරික මන්ත්‍රී විජේරත්න මහතා, නාගරික ඉංජිනේරුතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ දඹුල්ල මහා නගර සභාව, ප්‍රාදේශීය සභාවෙහි සියලු වසම් ආවරණය කරමින් පොල් පැල  බෙදා දීමේ වැඩස...
03/08/2026

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ දඹුල්ල මහා නගර සභාව, ප්‍රාදේශීය සභාවෙහි සියලු වසම් ආවරණය කරමින් පොල් පැල බෙදා දීමේ වැඩසටහනක් අද (03) දින දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී ගරු නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී මහත්මයාගෙ සහ ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

මේ සඳහා නාගරික මන්ත්‍රීවරුන් වන කේ. විජේරත්න , චමිල ගමඇතිගේ මහත්මයින් සහ ප්‍රාදේශීය ලේකම් තුමිය ප්‍රමුඛ සියලු වසම් වල සංවර්ධන නිළධාරින් ඇතුළු රාජ්‍යය නිළධාරීන් පිරිසක් සහ ප්‍රජාශක්ති කමිටු සාමාජිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.

මධ්‍යම අධාවේගි මාර්ගයේ කුරුණෑගල දඹුල්ල කොටස ඉදිකිරීමේදී ඉඩම් හා දේපල අත්පත් කර ගැනීමේදී මකුව ඇති ගැටලු හා යෝජනා පිළිබඳ ස...
30/07/2026

මධ්‍යම අධාවේගි මාර්ගයේ කුරුණෑගල දඹුල්ල කොටස ඉදිකිරීමේදී ඉඩම් හා දේපල අත්පත් කර ගැනීමේදී මකුව ඇති ගැටලු හා යෝජනා පිළිබඳ සාකච්ඡාවක් අදාල ඉඩම් හා දේපල හිමිකරුවන්ගෙ නියෝජිතයින් සමග දඹුල්ල මහා නගර සභාවේදී ගරු බුද්ධශාසන, අගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායක මහත්මයාගේ මූලිකත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාවට දඹුල්ල මහනගර සභාවෙ ගරු නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී , දඹුල්ල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තිලක් වික්‍රමසිංහ මහත්මයා, දඹුල්ල මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ.බී දිසානායක මහත්මයාද සහභාගී විය.

ජනතාවගේ අයිතීන් සුරකිමින්, නීතියට අනුකූලව ක්‍රියාකරමින්, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට අද සිට කැපවෙමු. 🤝
27/07/2026

ජනතාවගේ අයිතීන් සුරකිමින්, නීතියට අනුකූලව ක්‍රියාකරමින්, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට අද සිට කැපවෙමු. 🤝

Address

Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Municipal Council Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share