19/09/2026
ජාතික පවිත්රතා වැඩසටහනට සමගාමිව සිදුකරන “අත්තම වැඩසටහන” දෙවන වරටත් 2026.09.19 වන අද දින අභිනවයෙන් ප්රජාදායකත්වය ඇතිව ඉදිවන වෑවලවැව ග්රාමිය ලේකම් කාර්යාල භූමියේදි ප්රාදේශීය ලේකම් තුමියගේ ප්රධානත්වයෙන් සිදු කරන ලදී.
මේ සදහා ප්රාදේශීය සභාවේ ගරු සභාපති තුමා,උප සභාපතිතුමා ප්රමුඛ මන්ත්රීවරු, සීගිරිය ගුවන් හමුදා කදවුරේ නිළධාරීන්, ප්රාදේශීය ලේකම් කාර්යාලීය නිළධාරින් හා වසම භාර නිළධාරින් ස්වෙච්ඡා සංව්ධාන හා ග්රාම නිළධාරි වසමේ ප්රජාව සහභාගිත්වයෙන්, සේවා පියස පරිශ්රයේ භූමිය සමතලාකර, පිඩැලි අල්ලා, පැළ රෝපණය කර එම පරිශ්රය සංරක්ෂණ කිරීම සාර්ථකව සිදු කරන ලදී.
බැකෝ යන්ත්රය ලබා දීමෙන් හා සයෝගය දැක්වීම වෙනුවෙන් ප්රාදේශීය ස්භාවේ සභාපතිතුමා ප්රමුක මන්ත්රීතුමන්ලාට, සීගිරිය ගුවන් හමුදා කදවුරට, සහභාගී වූ නිලධාරීන්ට හා ගම්වාසී ප්රජාවට විශේෂ ස්තුතිය පිරිනමමු.
(මෙහෙයවීම හා අධීක්ෂණය ප්රාදේශීය මහ ලේකම් කාර්යාලය දඹුල්ල)