Divisional Secretariat Deraniyagala

Divisional Secretariat Deraniyagala The Official page of Divisional Secretariat Deraniyagala

24/08/2026
"විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන"විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ අරමුණින් දීප ව...
15/08/2026

"විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන"

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ අරමුණින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන ජාතික මෙහෙයුම් වැඩසටහන යටතේ මෙම කොට්ඨාසයේ මෙහෙයුම් කමිටු රැස්වීම 2026.08.14 වන දින ප.ව.12.30 ට පමණ ප්‍රාදේශීය සභා පුරනැගුම බහුකාර්‍ය ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම මෙහෙයුම් කමිටුව සඳහා ආණ්ඩු පක්ෂයේ දැරණියගල ආසන සංවිධායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුරාධ නුවන් මැතිතුමා, ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ප්‍රාදේශීය සහාවේ ගරු මන්ත්‍රීවරුන් ගරු අමාත්‍යාතුමාගේ සමබන්ධීකණ ලේකම්තුමා හා ප්‍රාදේශීය ලේකම්තුමන්ද සහභාගී විය.


මෙම කමිටු රැස්වීමේදී
* ආගමික
* පලාත් පාලන
* අධ්‍යාපන
* සෞඛ්‍ය
* ආරක්ෂක
* පරිවාස හා ළමාරක්ෂක
* යෞවන කටයුතු ආදී ක්ෂේත්‍රන්හි කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් රැසක් සමඟ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, වසම් 26 පුරාවටම මත් නිවාරණ කමිටු පිහිටුවීම සම්බන්ධයෙන්ද වැඩිදුරටත් සාකච්ඡා විය.

මෙහිදී පාසැල් ලමුන් හා තරුන ප්‍රජාව මුලුමනින්ම විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් බෙරාගැනීම ඉලක්ක කර වසම් මට්ටමෙන් සිවිල් ආරක්ෂ කමිටු ,පොලිසිය හා ඒකාබද්ධව ප්‍රදේශීය ලේකම් කොට්ටාශයේ අදාල රාජ්‍ය නිලදාරින් ගේ, ප්‍රජා සංවර්ධන සභා කමිටු හා ජනතාවගේ සහයත් සහිතව ක්‍රියත්මක වීමේ අවශ්‍යතවයට වැඩි අවධායනක් දී කටයුතු කිරිමට තීරනය විය.

දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව රැස්වේ. ================================දැරණියගල කොට්ඨාසයේ  ප්‍රාදේශීය සම්බන්ධිකර...
15/08/2026

දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව රැස්වේ.
================================
දැරණියගල කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, දැරණියගල ආණ්ඩු පක්ෂයේ ආසන සංවිධායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුරාධ නුවන් මැතිතුමා, ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුලුව සියලු රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් 2026.08.14 වන දින පෙ.ව.9.30 ට දැරණියගල පුර නැගුම බහුකාර්‍ය ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කළ එක් එක් රාජ්‍ය ආයතන වල නිලධාරීන් විසින් මෙම කොට්ඨාසයට අදාල සංවර්ධන ව්‍යාපෘති ඇතුලු සියලු වැඩසටහන් වල ප්‍රගතිය සහ පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමන් වෙත කරුණු ඉදිරිපත් කරන ලද අතර එම කරුණු දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කෙරුණි.

එමෙන්ම මීට සමගාමීව සමෘද්ධි වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන සිප්දොර ශිෂ්‍යත්වය හිමි 2026/2028 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ සිසුන් වෙනුවෙන් සංකේතාත්මකව සහතිකපත් ප්‍රදානය කිරීමක් හා සබරගමුව පළාත් සභාවේ සමාජ සුභසාධන පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මහන මැෂින් ප්‍රතිලාභීන් වෙත ප්‍රදානය කිරීමක්ද ගරු අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා සහ සංවර්ධනය උදෙසා කරුණු රැසක් සාකච්ඡා කෙරෙනු අතර වැදගත් තීරන රැසක් එදින ලබගන්නා ලදී.

**නොමිලේ ඇස් කන්නාඩි ලබාදීම සඳහා ඇස් පරික්ෂා කිරීමේ වැඩසටහනක් **දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමාගේ  උපදෙස් සහ මග පෙන්වීම මත...
15/08/2026

**නොමිලේ ඇස් කන්නාඩි ලබාදීම සඳහා ඇස් පරික්ෂා කිරීමේ වැඩසටහනක් **

දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් සහ මග පෙන්වීම මත පරිවාස ළමාරක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහකත්වය යටතේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් ඇස් කන්නාඩි ලබාදීම සඳහා ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහන *2026.8.13* දින සාර්ථකව නිමාවට පත්විය.
එම අවස්ථාව සඳහා දැරනියගල ප්‍රදේශීය සභාවේ ගරු මන්ත්‍රී අනුරාධ නුවන් මැතිතුමා ඇතුළු මන්ත්‍රී මන්ඩලයද , පරිවාස ළමාරක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරීතුමිය ඇතුළු නිලධාරී මණ්ඩලය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා ඒකකයේ නිලධාරීන් ඇතුළු නිලධාරී මණ්ඩලයද ඒ සඳහා සහභාගි විය.
ඇස් පරීක්ෂා කිරීම දැරණියගල විෂන් ටෙක් ආයතනය මගින් සිදු කරන ලදී.
මෙහිදී ඇස් කන්නාඩි අවශ්‍යතා ඇති අයට තමන්ට සුදුසුම කන්නාඩි නොමිලේ සාදාදීම සහ ඇස් පරික්ෂාව සිදු කරන ලදී.

30/07/2026
සුපිළිපන්  ප්‍රතිඥාව ලබාදීම හා ඊට සමගාමි වැඩසටහන් 2026.07.27 - දැරණියල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයසුපිලිපන්න රාජ්‍ය සේවයක්...
28/07/2026

සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම හා ඊට සමගාමි වැඩසටහන්

2026.07.27 - දැරණියල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
සුපිලිපන්න රාජ්‍ය සේවයක් සඳහා “සුපිලිපන්න සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුම් ක්‍රියාවට නැංවීම සඳහාවන සුපිළිසන් සතිය 2026/07/27 සිට 31 දක්වා ක්‍රියාත්මක වේ. එහි සමාරම්භය සනිටුහන් කරමින් “සුපිලිපන්න නීති ගරුක රාජ්‍ය සේවයක්” තේමාව යටතේ සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම හා ඊට සමගාමි වැඩසටහනක් 2026.07.27 දින දැරණියල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
මෙහිදී ප්‍රාදේශීය ලේකම් තුමන් විසින් වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සිදුකරන ලද අතර මත් නිවාරණ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන සංවර්ධන නිලධාරී විසින් මත් නිවාරණය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කරන ලදී. එමෙන්ම විදේශ රැකියා සංවර්ධන නිලධාරී විසින් විදේශ රැකියා සහ නව චක්‍ර ලේඛ පිළිබඳ කාර්යාල නිලධාරීන් දැනුවත් කිරීමත් සමථ සංවර්ධන නිලධාරී විසින් සවන්දෙන හදවතක්, නීතිගරුක රාජ්‍ය සේවයක් පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමත් මෙහිදී සිදුකරන ලදී.

සාදරයෙන් පිලිගැනීමයි..💐දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ නව ප්‍රාදේශීය ලේකම් වශයෙන් අද දින (15) සුබ මොහොතින්  අරුණ එන...
16/07/2026

සාදරයෙන් පිලිගැනීමයි..💐

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ නව ප්‍රාදේශීය ලේකම් වශයෙන් අද දින (15) සුබ මොහොතින් අරුණ එන් ප්‍රේමරත්න මහතා රාජකාරී කටයුතු ආරම්භ කළ අතර ඒ වෙනුවෙන් කෙටි උත්සවක් ද සංවිධානය කර තිබුණි.

එහිදී අංහෙට්ටිගම මධුභාණී කලායතනයේ වෙස් නර්තන කණ්ඩායම පෙරදැරිව දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පිව්සුම අසලදී එතුමන්ව මහත් හරසරින් පිලිගනු ලැබිණි.

ඉන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්තුමන් කාර්යාල භූමීයේ පිහිටි බුද්ධ මන්දිරය වෙත ගොස් තුනුරුවනේ ආශිර්වාදය ලබා ගත් අතර, එහිදී මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනාවක්ද සිදු කරනු ලැබීය.

අනතුරුව අභිනව ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් කාර්‍ය මණ්ඩලය සමග සුහද කතාබහක නිරත වෙමින් සමස්ත කාර්‍යාලය මණ්ඩලය ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශ කළේ කැපවීමෙන් හා අවංකව සේවය කිරීමටත් පොදු මහජනතාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සැපයීමටත් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.

තවද එතුමන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරන අතර, සමස්ත කාර්‍ය මණ්ඩලයේ උණුසුම් ශුභාශිංසන ද මෙසේ සනිටුහන් කරමු.

Address

Deraniyagala

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94362249238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Deraniyagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Deraniyagala:

Shortcuts

Share