27/05/2026
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරන ලද විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සදහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහනේ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරා ගන්නා ලද රෙමුණගොඩ ග්‍රාමයේ හත්වන වැඩසටහන ලෙස 2026.05.24 වන දින රෙමුණගොඩ දහම් පාසල් ළමයින්ගේ දෙමාපියන් සදහා වැඩිහිටි දහම් පාසල පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී. මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබා දෙනු ලැබුවේ සාහිත්‍ය සූරී පූජ්‍ය බටුවංගල රාහුල ස්වාමීන් වහන්සේ විසිනි