Eheliyagoda Pradeshiya Sabha

Eheliyagoda Pradeshiya Sabha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eheliyagoda Pradeshiya Sabha, Government Organization, Eheliyagoda.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාහින්ගොඩ වසමට අයත් අනුලා භික්ෂුණී ආරාම මාර්ගය, ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන යටතේ ප්‍...
03/09/2026

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාහින්ගොඩ වසමට අයත් අනුලා භික්ෂුණී ආරාම මාර්ගය, ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි සංවර්ධන කටයුතු පසුගිය දිනක ඇරඹිණි.

එම කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති බන්ධුලසේන දුණුවිල මැතිතුමන් විසින් සම්බන්ධ විය.

මෙම ව්‍යාපෘතියේ සියලු සම්බන්ධීකරණ කටයුතු ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ මාහර කොට්ඨාස ගරු මන්ත්‍රී සුමිත්‍රා සේනානායක මැතිතුමිය විසින් මෙහෙයවීම සිදුවේ.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව හා ඇහැලියගොඩ, පලීගල හා ගැටහැත්ත මහජන පුස්තකාල එක්ව සංවිධානය කරන ලද “ලේඛක වැඩමුළුව”  2026.08.30...
02/09/2026

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව හා ඇහැලියගොඩ, පලීගල හා ගැටහැත්ත මහජන පුස්තකාල එක්ව සංවිධානය කරන ලද “ලේඛක වැඩමුළුව” 2026.08.30 වන දින ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති බන්ධුලසේන දුණුවිල මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභික මණ්ඩලයේ හා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර්.ඩී.නලින් පුෂ්පකුමාර මහතාගේ මූලිකත්වයෙන් හා උපදේශකත්වයෙන් පැවති මෙම ලේඛක වැඩමුළුව සඳහා ඇහැලියගොඩ, පලීගල, දම්මුල්ල හා ගැටහැත්ත මහජන පුස්තකාලයන්ගේ පාඨක සමාජයන්හි ළමා පාඨක හා වැඩිහිටි පාඨක බොහෝ පිරිසක් සම්බන්ධ විය.

කවි, නිසඳැස්, කෙටිකතා රචනය හා චිත්‍ර නිර්මාණකරණය නිවැරදිව සිදුකරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබාදුන් මෙම වැඩසටහන සඳහා‍ සම්පත් දායකත්වයෙන් සහාය ලබාදුන් රත්නපුර රාජකීය විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විෂයභාර මදුරංග වීරසිංහ ගුරුතුමන් හා සම්පත් වැලිගෙපොල මහතා වෙත විශේෂ ස්තූතිය පුද කර සිටිමු.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වෑවිල ප්‍රදේශයේ, වෑවිල පන්සල අසල සිට කලාගම්මානය මාර්ගයේ කොටසක් සංවර්ධනය කිරීම...
01/09/2026

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වෑවිල ප්‍රදේශයේ, වෑවිල පන්සල අසල සිට කලාගම්මානය මාර්ගයේ කොටසක් සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය දිනක ආරම්භ විය. පළාත් සභා ප්‍රධාන අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ ඇරඹි මෙම ව්‍යාපෘතියේ ක්‍රියාකාරී ආයතනය ලෙස ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව විසින් කටයුතු කරනු ලැබේ.

එම සංවර්ධන කටයුතු නිරීක්ෂණය සඳහා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති බන්ධුලසේන දුණුවිල මැතිතුමන් හා කාර්මික නිලධාරී නිශාන්ත රාමනායක මහතා විසින් සහභාගී විය. ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ කරදන උතුර කොට්ඨාස ගරු මන්ත්‍රී රුවන්සිරි විමලරත්න මැතිතුමන් විසින් මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවීම සිදුවේ.

ප්‍රසිද්ධ වෙන්දේසියයි📢ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ඇහැලියගොඩ පොළ භූමියේ පිහිටි මාරගස, 🗓️2026.09.02 🕙පෙ.ව.10.00ට📍ඇහැලි...
29/08/2026

ප්‍රසිද්ධ වෙන්දේසියයි📢

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ඇහැලියගොඩ පොළ භූමියේ පිහිටි මාරගස, 🗓️2026.09.02 🕙පෙ.ව.10.00ට📍ඇහැලියගොඩ පොළ භූමියේ දී, ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට කටයුතු යොදා ඇත.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාහින්ගොඩ ග්‍රාම සේවා වසමට අයත්, කලක් ගමනාගමන කටයුතු අපහසු තත්ත්වයේ පැවති "තලගහමුල...
29/08/2026

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාහින්ගොඩ ග්‍රාම සේවා වසමට අයත්, කලක් ගමනාගමන කටයුතු අපහසු තත්ත්වයේ පැවති "තලගහමුල ඉසුරු පෙදෙස මාර්ගය" කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීමේ කටයුතු අද දින, එනම් 2026 අගෝස්තු 29 වන දින ආරම්භ කෙරිණි.

විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ සිදුවන මෙම ව්‍යාපෘතියෙහි ආරම්භක කටයුතු නිරීක්ෂණය සඳහා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති බන්ධුලසේන දුණුවිල මැතිතුමන් හා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ මාහර කොට්ඨාස ගරු මන්ත්‍රී සුමිත්‍රා සේනානායක මැතිතුමිය විසින් අද දින සම්බන්ධ විය.

ලේඛන කලාවට කැමති ඔබ සඳහාම 📚📖🖊️ඇහැලියගොඩ, පලීගල හා ගැටහැත්ත මහජන පුස්තකාල මගින් සංවිධානය කරනු ලබන,🟢 ලේඛක වැඩමුළුව🗓️ අගෝස්...
29/08/2026

ලේඛන කලාවට කැමති ඔබ සඳහාම 📚📖🖊️

ඇහැලියගොඩ, පලීගල හා ගැටහැත්ත මහජන පුස්තකාල මගින් සංවිධානය කරනු ලබන,

🟢 ලේඛක වැඩමුළුව

🗓️ අගෝස්තු 30 වන දින (හෙට දින) 🕘 උදෑසන 9.00 ට
📍ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී

📞 විමසීම් - 077 7072319

🔰 දිවි ඇති තුරු - අකුරු මිතුරු 🔰

විශේෂ දැනුම්දීමයි 📢විමසීම් 📞 - 071 523 9555 (කරදන දකුණ කොට්ඨාස ගරු මන්ත්‍රී වසන්ත සේනාරත්න මැතිතුමා)
26/08/2026

විශේෂ දැනුම්දීමයි 📢

විමසීම් 📞 -
071 523 9555 (කරදන දකුණ කොට්ඨාස ගරු මන්ත්‍රී වසන්ත සේනාරත්න මැතිතුමා)

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කරදන කනිෂ්ඨ විද්‍යාලයේ සහ කරදන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක ...
25/08/2026

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කරදන කනිෂ්ඨ විද්‍යාලයේ සහ කරදන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක වහල අලුත්වැඩියා කිරීමේ කටයුතු, සබරගමු පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ඇරඹි අතර එම කටයුතු නිරීක්ෂණය සඳහා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති බන්ධුලසේන දුණුවිල මැතිතුමන් හා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ කරදන දකුණ කොට්ඨාස ගරු මන්ත්‍රී වසන්ත සේනාරත්න මැතිතුමන් ඇතුලු කණ්ඩායම පසුගිය දිනක සම්බන්ධ විය.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන යටතේ උඩුමත්ත බෝපැත්ත ප්‍රධාන මාර්ගයේ පාසල අසල මාර්ගය හා කාණු පද්ධතිය අතර ඇති මාර්ගය ...
24/08/2026

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන යටතේ උඩුමත්ත බෝපැත්ත ප්‍රධාන මාර්ගයේ පාසල අසල මාර්ගය හා කාණු පද්ධතිය අතර ඇති මාර්ගය උරහිස කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියෙහි සංවර්ධන කටයුතු පසුගිය දිනක ඇරඹිණි.

එම කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති බන්ධුලසේන දුණුවිල මැතිතුමන් විසින් සම්බන්ධ විය.

මෙම ව්‍යාපෘතියේ සියලු සම්බන්ධිකරණ කටයුතු ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ උඩුමත්ත කොට්ඨාස ගරු මන්ත්‍රී මලිත් ඩිල්ෂාන් මැතිතුමන් විසින් මෙහෙයවීම සිදුවේ.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ඉදිරි “සිව් අවුරුදු උපායමාර්ගික සැලැස්ම” 📈📊සකස් කිරීම සම්බන්ධ විශේෂ සාකච්ඡාමය වැඩසටහනක් ඇහැලි...
23/08/2026

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ඉදිරි “සිව් අවුරුදු උපායමාර්ගික සැලැස්ම” 📈📊සකස් කිරීම සම්බන්ධ විශේෂ සාකච්ඡාමය වැඩසටහනක් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති බන්ධුලසේන දුණුවිල මැතිතුමන්ගේ හා ගරු උපසභාපති මහේෂ් රත්නායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී මණ්ඩලය මූලිකත්වයෙන් හා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය සහභාගීත්වයෙන් 2026.08.20 වන දින ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර්.ඩී.නලින් පුෂ්පකුමාර මහතාගේ උපදේශකත්වයෙන් හා මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහන තුළ දී ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ඉදිරි “සිව් අවුරුදු උපායමාර්ගික සැලැස්ම” සඳහා ඇතුළත් විය යුතු නව අදහස්, යෝජනා පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සිදු විය.

Address

Eheliyagoda
70600

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94362258012

Alerts

Be the first to know and let us send you an email when Eheliyagoda Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Eheliyagoda Pradeshiya Sabha:

Shortcuts

Share