ape dansala

ape dansala ආත්මාර්ථය වෙනුවට පරාර්ථය උදෙසා..!!!
(12)

15/08/2026

මෙවර උසස්පෙලට කලින් කුරුණෑගල/මහනුවර /ගම්පහ දරුවන්ට හොඳම දේ දන් දුන්න පිංවන්ත ගුරුවරු...🙏🪷🙏
#අපේදන්සල

15/08/2026

ධර්මය මුල සිට සරලව ඉගෙන ගන්න කැමති ඔබට, වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවෙහි පවත්වනු ලබන "දම් සුවඳ" මාසික දහම් වැඩසටහන....
📅 අද දින (සෙනසුරාදා)
⏰ ප.ව. 2:00 සිට 5:00 දක්වා
දහම් සුව විඳිනු රිසි පින්වත් ඔබටත් මෙත් සිතින් ආරාධනා..!
#පොල්ගහවෙල

15/08/2026
15/08/2026

අපේ දන්සලට වැඩම කල පොඩි හාමුදුරුවරුන්ට පිරිවෙනේ ඉගෙනගන්න ලැබුණු තෑගි...🙏🪷🙏
#මහමෙව්නාව #කුඹල්වෙල_අසපුව #මහමෙව්නාව ඌවේ කොල්ලෝ කෙල්ලෝ UVA Kollo Kello Sundari - සුන්දරී

14/08/2026

අපේ දන්සලෙන් වස්සාන සමයේ සතියකට වතාවක් මහා සංඝරත්නය උදෙසා පූජා කරන දාන වේලෙහි අද පූජා කල ජපන් ජාතියකයන්ගේ සාම්ප්‍රදායික ආහාරයක් වන සුෂී දානය 🙏🪷🙏

රැස්කල සියලු පින මේ දානය සඳහා දායකත්වය දැරූ වෛද්‍ය නිලූකා කපිලසේන මහත්මිය සහ නදීක අතුකෝරළ මහතාට අනුමෝදන් වෙත්වා ...නිදුක් නිරෝගී සුව සැලසේවා ..උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ පින උපකාර වේවා 🙏🪷🙏

ප්‍රමිතිය වරද්දපු කැඳ කල්දේරම...😊කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේ අපේ දන්සලේ කුරක්කන් කැඳ එක ඔයාල සමහරවිට බීල ඇති..🙏අපි හ...
14/08/2026

ප්‍රමිතිය වරද්දපු කැඳ කල්දේරම...😊

කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේ අපේ දන්සලේ කුරක්කන් කැඳ එක ඔයාල සමහරවිට බීල ඇති..🙏
අපි හැමදාම හදන කැඳ එක වර්ග දහයක් දාල හදනකොට එකම ප්‍රමිතියකට ඒ කැඳ එක හදනව...අමුද්‍රව්‍ය මිල ඉහල ගියා කියල කවදාවත් බාල අමුද්‍රව්‍ය දාල ප්‍රමිතිය අඩු කරන්නෙ නෑ..🙏

අද දන්සලේ කැඳ එක හදනකොට හවස හදපු කැඳ කල්දේරමක් නිසි ප්‍රමිතියට ඇවිත් තිබ්බෙ නෑ...මේ කැඳ හදන කල්දේරමකට කැඳ ලීටර් 235 ක් අල්ලනව...සතියෙ දවසකට ලීටර් දාහකට වඩාහදනව.. සෙනසුරාදා ඉරිදනම් ලීටර් දෙදාහ පනිනව..ප්‍රමානෙ වැඩි නිසා කැඳ එක හදනකොට සමහර දවස්වලට ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න එනව..හැබැයි අපි ඒක දැකපු ගමන් ඒ කැඳ කල්දේරම නැවත මුල ඉඳල අලුතින් අමුද්‍රව්‍ය දාල සකස් කලා..මොකද අපි කිසිම හේතුවක් මත ප්‍රමිතියෙන් තොර දෙයක් දන් දෙන්නෙ නෑ...ඒ තමයි අපේ දන්සලේ කොලිටි එක.🙏🙏🙏

ඉතින් ඔයාලත් කුඹල්වෙල අසපුවේ සත්බුදු සෑය වඳින්න එනවනම් අපේ දන්සලට ඇවිත් කුරක්කන් කැඳ එකක් බීල යන්න අමතක කරන්න එපා..🙏🪷🙏

14/08/2026

දෙස් විදෙස් හැමෝගෙම පවස නිවනා... විදේශිකයන් පවා රස වැටුන අපේ දන්සලේ කුරක්කන් කැඳ එක...🙏🇱🇰🙏
#කුරක්කන්_කැඳ_දන්සල #මහමෙව්නාව #කුඹල්වෙල_අසපුව ඌවේ කොල්ලෝ කෙල්ලෝ UVA Kollo Kello

ඔයාලත් පාසල් නිවාඩු සමයෙ කුඹල්වෙල අසපුවට සත්බුදු සෑය වඳින්න එනවනම් මේ පහත සඳහන් අමුද්‍රව්‍ය දිනපතා ලබාදෙන කුරක්කන් කැඳ ද...
14/08/2026

ඔයාලත් පාසල් නිවාඩු සමයෙ කුඹල්වෙල අසපුවට සත්බුදු සෑය වඳින්න එනවනම් මේ පහත සඳහන් අමුද්‍රව්‍ය දිනපතා ලබාදෙන කුරක්කන් කැඳ දන්සල වෙනුවෙන් දන්සලට ගෙනත් පරිත්‍යාග කරන්න පුලුවන් ...🙏

14/08/2026

මහ සඟරුවනේ පවස නිවනා කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේ අපේ දන්සල..🙏🪷🙏
#මහමෙව්නාව #අපේදන්සල ඌවේ කොල්ලෝ කෙල්ලෝ UVA Kollo Kello Sundari - සුන්දරී Mahamevnawa Bhawana Asapuwa

Address

Bandarawela

Alerts

Be the first to know and let us send you an email when ape dansala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category