Divisional Secretariat Embilipitiya

Divisional Secretariat Embilipitiya Official page of Embilipitiya Divisional Secretariat

මෙන්න ඔබට හොඳ අවස්ථාවක්...
10/08/2026

මෙන්න ඔබට හොඳ අවස්ථාවක්...

අත්තම - ඇඹිලිපිටිය සමාරම්භක වැඩසටහනඅත්තම ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩස...
08/08/2026

අත්තම - ඇඹිලිපිටිය සමාරම්භක වැඩසටහන
අත්තම ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන පනහඩුව ගල්බොක්කයාය ප්‍රදේශයේදී පැවැත්විණි.
එහිදි ඇඹිලිපිටිය - පනහඩුව ගල් බොක්කයාය වන රක්ෂිතය ආරක්ෂා කිරීම සඳහා ගිනි පටිය කැපීම එහිදි සිදු විය.
මෙම අවස්ථාවට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු දේශපාලන නියෝජිතයින්, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියා.
මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය
ඇඹිලිපිටිය.

08/08/2026
විශේෂ නිවාස වැඩසටහන...සමෘද්ධි දිරිය පියස - සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ලබා දුන් ප්‍රතිපාදන මගින් ඉදිකරන ලද නිවසක් සුදුසිකම...
06/08/2026

විශේෂ නිවාස වැඩසටහන...
සමෘද්ධි දිරිය පියස - සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ලබා දුන් ප්‍රතිපාදන මගින් ඉදිකරන ලද නිවසක් සුදුසිකම් ලැබූ පවුලකට භාරදුන් මොහොත. ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුළු නිළධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව පැවැත්විණි.
මාධ්‍ය ඒකකය
ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය
ඇඹිලිපිටිය.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට තවත් ඇගයීමක්...Citizen Mirror වැඩසටහන යටතේ කාර්‍යාල මගින් සිදුවන මහජන සේවාව ලබාදෙ...
23/07/2026

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට තවත් ඇගයීමක්...
Citizen Mirror වැඩසටහන යටතේ කාර්‍යාල මගින් සිදුවන මහජන සේවාව ලබාදෙන ලකුණු මත ඇගයීමේ ක්‍රමවේදය යටතේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 18 අතරින් 5 වන ස්ථානයට පැමිණීමට ඇඹිලිපිටිය කාර්‍යාලය සමත් වී තිබෙනවා. ඒ ලකුණු 78 කට වඩා සාමාන්‍යයක් පවත්වා ගනිමින්.
මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය
ඇඹිලිපිටිය.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය, ප්‍රාදේශීය සභාව, උඩවලව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලය හා ගොඩකවෙල පොලිසිය ඇතුළු ආ...
20/07/2026

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය, ප්‍රාදේශීය සභාව, උඩවලව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලය හා ගොඩකවෙල පොලිසිය ඇතුළු ආයතන වල නිළධාරීන්ගේ සහ නවගම්මාන එකමුතුව ග්‍රාම සංවර්ධන සමිතියේ සමාජිකයින්ගේ සහභාගිත්වයෙන් කොස්වැටිය ප්‍රදේශයේ පැවැත් වූ ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන සාර්ථක ව නිමා විය.
මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය
ඇඹිලිපිටිය.

ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ සිසුන් සඳහා ගැටුම් නිරාකරණය හා සමථකරණය, වෘත්තීය මාර්ගෝපදේශය හා සංහිඳියාව පිළිබඳ දැනුවත් කිරීමේ...
20/07/2026

ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ සිසුන් සඳහා ගැටුම් නිරාකරණය හා සමථකරණය, වෘත්තීය මාර්ගෝපදේශය හා සංහිඳියාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.

ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සමථ නිලධාරි, මානව සම්පත් නිලධාරී හා සංස්කෘතික නිලධාරී විසින් මෙම වැඩසටහන පසුගිය දා සිදුකරන ලදී
මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය
ඇඹිලිපිටිය.

ඇඹිලිපිටිය චන්ද්‍රීකා වැව ආශ්‍රීත ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහන. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් මත ලෝක පරි...
17/07/2026

ඇඹිලිපිටිය චන්ද්‍රීකා වැව ආශ්‍රීත ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහන. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් මත ලෝක පරිසර දිනයට සමගාමීව ක්‍රීයාත්මක කළ මෙම වැඩසටහනට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිළධාරීන්, අවට රාජ්‍ය ආයතන නිළධාරීන් හා ස්වේච්ඡා සංවිධාන නිළධාරීන් එක්ව සිටියා.
ඒ අනුව වැව බැම්ම දෙපස පිරිසිදු කිරිම හා අපද්‍රව්‍ය එකතු කර නගර සභාවේ ට්‍රැක්ටර් මගින් ගෙනයාමට පහසු පරිදි සුදානම් කරන ලදි.
අඛණ්ඩව සිව්වැනි වරට සංවිධානය කළ මෙම වැඩසටහන මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ප්‍රදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.
මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය
ඇඹිලිපිටිය.

ඇඹිලිපිටිය යොවුන් සේනාංකය යටතේ ජීවන නිපුණතා පාඨමාලාව සාර්ථකව හැදෑරු සිසුන්ගේ විසිරයෑමේ උළෙල ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්ත...
16/07/2026

ඇඹිලිපිටිය යොවුන් සේනාංකය යටතේ ජීවන නිපුණතා පාඨමාලාව සාර්ථකව හැදෑරු සිසුන්ගේ විසිරයෑමේ උළෙල ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදි සිසුන් 92 දෙදෙනෙකු පාඨමාලාව ට සම්බන්ධ වූ බව යොවුන් සේනාංකයේ ස්ථාන භාර නිළධාරී මේජර් ප්‍රියන්ත මහතා පවසන ලදි. එමෙන්ම නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් මේ දිනවල සිදුවේ.
මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය
ඇඹිලිපිටිය.

Address

Embilipitiya
70200

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94472230238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Embilipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Embilipitiya:

Shortcuts

Share