02/09/2026
756. #පිපාසයට_දිය_බිඳක්…
#මතු_පරපුරට_ආදර්ශයක්…
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ “පිංතාලිය” පානීය ජල ව්‍යාපෘතියට සමගාමීව, පනාමුර උප කාර්යාල පරිශ්‍රයේ ඉදිකළ නව #පිංතාලිය 2026.09.01 දින ජනතා අයිතියට පත් කෙරිණි.
පවතින උග්‍ර පානීය ජල ගැටලුව හමුවේ, අද දිනයේ විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණ පානීය ජලය ලබා ගත් අතර, මෙම වැඩසටහන තුළින් ප්‍රදේශයේ ජනතාවට සැලකිය යුතු සහනයක් සැලසෙනු ඇතැයි අපි විශ්වාස කරමු.
මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, පළමු ජල බෙදාහැරීම මතු පරපුර නියෝජනය කරන අපේ ආදරණීය කුඩා දරුවන් කිහිප දෙනෙකුගේ අතින් සිදු කිරීමයි.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති වෛද්‍ය වසන්ත කුමාරසිරි මහතාගේ සහභාගීත්වයෙන් සිදු වූ එම මොහොත, ජල බිඳක් ජනතාව වෙත ලබාදීමකට එහා ගිය ඉතා සංවේදී මෙන්ම සතුටුදායක අවස්ථාවක් විය.
අද අපි ජනතාවට ලබාදෙන මේ ජල බිඳ, හෙට දවසේ අපේ දරුවන් වෙනුවෙන් ගොඩනඟන යහපත් සමාජයකටත් සංකේතයක් වේවා!
මෙම අවස්ථාවට වලල්ගොඩ කොට්ඨාස මන්ත්‍රී කේ.ජී. ඥානතිලක මහතා, ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටි අතර,
පනාමුර කොට්ඨාස මන්ත්‍රී අරුණ ගමගේ මහතා සමග ප්‍රජා ශක්ති සභාපතිතුමා, වසන්ත, ඉන්දික ජගත් ආදී තරුණ පිරිසක් විසින් තම පරිත්‍යාගයක් ලෙස මෙය ඉදිකිරීම ස්තුති පූර්වකව සිහිපත් කරන්නෙමු.
ජලය ජීවයයි.....
ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම අපගේ වගකීමයි.
#ඇඹිලිපිටියප්‍රාදේශීයසභාව
#පිංතාලිය
#පානීයජලය
#ජනතාවටසහනයක්
#ජලයජීවයයි
#මතුපරපුරවෙනුවෙන්