Mihisara Youth Forum

Mihisara Youth Forum Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mihisara Youth Forum, Eppawala.

19/08/2024

🙏🌸නිකිණි පුර පසලොස්වක පෝය වැදගත්කම🌸🙏

🌸ධර්ම භාණ්ඩාගාරික වූ ද අග‍්‍ර උපස්ථායක වූ ද ආනන්ද හාමුදුරුවන් රහත් බවට පත් වූවේ ද නිකිණි පෝදාය.

🌸වංශ කතා අනුව බුදුන්වහන්සේගේ ලලාට ධාතුව නිධන් කොට සේරුවිල චෛත්‍ය තැනීමේ ඇරඹුම වූයේ ද නිකිණි පොහෝ දිනයකයි.

🌸අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.

🌸දළදා පෙරහැර පැවැත්වීම.

🌸නිකිණි පොහොය භික්‍ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත. එම දින හඳුන්වන්නේ පෙර වස පසු වස යනුවෙනි.
ඇසළ පුනු පොහෝ දිනයේ පෙහොය කොට ඇසළ අවපෑළ දිනයේ පෙර වස් එළඹිය යුතුය. නිකිණි පුන් පොහෝ දා පෝය කොට නිකිණි අව පෑලවිය දා පසු වස් එළඹීම කළ යුතුය.
(පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම.)

දැවෙන සිත් නිවී සැනසෙන පිංබර නිකිණි පුර පසලොස්වක පොහෝදිනයක් වේවා.. ! 🌸🙏💫

#නිකිනිපෝය

 #ඇසල පොහොය දිනයේ වැදගත් කම🏵️අප මහා සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේ...
20/07/2024

#ඇසල පොහොය දිනයේ වැදගත් කම

🏵️අප මහා සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ අද වැනි ඇසල පෝය දිනකයි.

🏵️ සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

🏵️ ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

🏵️ තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

🏵️ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

🏵️ විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

🏵️සියලු සිතුම් පැතුම් ඉටුවෙන පිංබර දිනයක් වේවා.තෙරුවන් සරනයි. සියලු දෙවි රැකවරණයි..

උතුම් වූ පොසොන් පොහොය දිනය අදයි.ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් ...
21/06/2024

උතුම් වූ පොසොන් පොහොය දිනය අදයි.

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (21) යෙදී තිබේ.

එදා දෙවානම් පියතිස්ස රජ සමයේ අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය අදට යෙදී ඇත.

මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රරමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනයෙන් පසු නිර්මල බුදු දහම මේ දිවයිනේ ස්ථාපිත වූ අතර නව බෞද්ධ ප‍්‍රබෝධයක් මෙන්ම සමාජ විපර්යාසයක් සහ අධ්‍යාත්මික විප්ලවයක් ද සිදු විණ.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරලීම, චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කිරීම හා මහාවංශය ඇතුළු ධර්ම ග‍්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේ පොසොන් පුන් පොහොය දිනයකදීය.

පින්බර  #පොසොන් පුන් පොහෝ දිනක් වේවා🙏⭐පොසොන් පොහොය වැදගත්කම..⭕මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කිරීම.⭕දෙවනපෑතිස් ...
03/06/2023

පින්බර #පොසොන් පුන් පොහෝ දිනක් වේවා🙏

⭐පොසොන් පොහොය වැදගත්කම..

⭕මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කිරීම.
⭕දෙවනපෑතිස් රජතුමාට බුදුදහම දෙසා අවබෝධ කරවීම.
⭕ශ්‍රී ලංංකාවේ සම්මාසම්බුද්ධ ශාසනය පිහිටුවීම.
⭕මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම
⭕දෙවනපෑතිස් රජතුමා ඇතුළු හතළිස් දහසක් පිරිසට චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කිරීම. ⭕භණ්ඩුක කුමරු පැවිදි කර උපසම්පදා කරවීම.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 218 ක් ගතවනවිට බුදු සසුනෙහි පැවිදි වූ බොහෝ භික්ෂූන් විනය විරෝධීව කටයුතු කරන්නට වූ හෙයින් භික්ෂු ශාසනය පිරිසුදු කොට ථෙරවාද සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීම පිණිස ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පැලලුප්නුවර මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් තුන්වන ධර්ම සංගායනාව පවත්වන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ විසින් රටවල් නවයකට ධර්මදූතයාණන් වහන්සේලා පිටත්කර යවන ලදහ. ඒ වන විට ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් දඹදිව බුදුසමය හාත්පස පැතිරෙන්නට වූ නමුත් අනාගතයේ දී බුදු සමය දඹදිවින් තුරන්ව යන බව දිවැසින් දුටු මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විශේෂයෙන් ම දඹදිවින් පිටත පිහිටා තිබුණු දුර බැහැර රාජ්‍යවලට මෙසේ ධර්ම දූත පිරිස් පිටත් කර යැවූ සේක.

බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයාණන් වහන්සේලා මේ ලංකාද්වීපයට වැඩම කරවන ලද්දේ ද ඒ අනුව ය. උන්වහන්සේ සමග ඉට්ඨිය, උත්තිය, සම්බල හා භද්ධසාල යන හිමිවරුන් ද, සුමන සාමණේරයාණන් වහන්සේ හා භණ්ඩුක උපාසකයාණන් ද ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වූ අතර අනුරාධපුරයේ මිස්සක පර්වත මස්තකයේ දී දෙවනපෑතිස් රජතුමාට ඒ ධර්මදූත පිරිස දැක ගන්නට ලැබුණි. එදින එම පර්වත මස්තකයේ වැඩසිටිමින් මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමා සමඟ කළ සංවාදය ලෝකයේ ප්‍රථම ලේඛනගත බුද්ධි පරීක්ෂණය ලෙස හැඳින්වේ.

එදින සමස්ත ලංකාද්වීපය පුරාම ‘මුල් නැකැත් සිත් හමු වූ සුවිශේෂ උත්සවයක් පැවැත්විණ. රජතුමා හතළිස් දහසක් පමණ වූ පිරිවර සමඟ නැකැත් කෙළියට ගොස් මිහින්තලය ප්‍රදේශයේ පිහිටි මිස්සක පර්වත මුදුනේ දී මිහිඳු මහරහතන් වහන්සේ දැක පැහැදී අනෙකුත් දූත පිරිස් ද ගෞරව පූර්වකව පිළිගත් අතර එහිදී මිහිඳු මාහිමියන් විසින් දේශනා කරන ලද චුල්ල හත්ථි පදෝපම සූත්‍රය ශ්‍රවණය කර අතිශය සංතෝෂයට පත් වී පසු දින දවල් දානයට මහා සංඝරත්නයට ආරාධනා කර නගරය බලා පිටත්ව ගියේ ය.

මේ දින ලංකාද්වීපයට වැඩම කරන ලද ධර්මදූතයාණන් වහන්සේලා ඉතා සුවිශේෂ රාජකීය පසුබිමක් සහිත පිරිසක් බව කිව යුතු ය. මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක අධිරාජයාගේ පුත්‍රයා ය. සුමන සාමණේරයාණන් වහන්සේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ ගිහිකල පුත්‍රයා ය. අශෝක අධිරාජයාගේ මුණුපුරා ය. තව ද භණ්ඩුක උපාසක තුමා මිහිඳු මහරහතන් වහන්සේගේ පුංචි අම්මාගේ දුවගේ පුතා ය. ධර්මාශෝක අධිරාජයා විසින් රාජකීය ලේ සහිත මෙපමණ ධර්ම දූතයාණන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාද්වීපයට එවන ලද්දේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ එක්තරා ප්‍රකාශයක් නිසා ය. එනම් ලෝකයේ අන්තිමට බුද්ධ ධර්මය සුරක්ෂිත වන්නේ ප්‍රත්‍යන්ත රටරාජ්‍යවලය යන්නයි. ඒ අතර ශ්‍රී ලංකාද්වීපයට ප්‍රමුඛස්ථානය ලැබුණේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ දිවැසින් ඒ බව දුටු නිසා ය. සමස්ත ලෝකයේ ම බෞද්ධාගම සුරැකෙන අවසාන රාජ්‍යය වන්නේ මේ ශ්‍රී ලංකා ද්වීපය හෙයින් එබඳු රාජකීය ධර්මදූත පිරිසක් මෙරටට එවීමට උන්වහන්සේ අතිශයින්ම ප්‍රඥා සම්පන්න වූ සේක. ඒ අනුව ශ්‍රී ලංකාද්වීපය පාලනය කරන රාජ්‍ය පාලකයා බෞද්ධ, ප්‍රතිපත්තිගරුක, ත්‍රිවිධරත්නය සරණ ගිය, පංචශීලය සුරකින අයෙකු බවට පත් වූයේ පොසොන් පුන් පොහෝදා ය.

ලංකා බෞද්ධ ඉතිහාසය තුළ මුල්ම මහණ උපසම්පදා පින්කම පවත්වන ලද්දේ ද මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලංකාවට වැඩම කළ පොසොන් පුන් පොහෝ දින රාත්‍රී කාලයේ ය. බුද්ධ නියමයට අනුව දඹදිව මධ්‍ය දේශයෙන් බැහැර ඕනෑම ප්‍රදේශයක දී භික්ෂුවක් උපසම්පදා කිරීමට උපසපන් භික්ෂූන් පස් නමක් ප්‍රමාණවත් හෙයින් එදින භණ්ඩුක උපාසකතුමා පැවිදි කොට උපසම්පදා කළහ.

ඉන් අනතුරුව මිහිඳු මහ රහතන් වහන්සේ දෙවියන්ට ධර්ම දේශනා කිරීමට කැමැති ව ධර්මශ්‍රවණය කිරීමට මුළු තම්බපණ්ණි දිවයිනේ ම සිටින දෙවිවරුන්ට කාල ඝෝෂා කරන මෙන් සුමන සාමණේරයාණන් වහන්සේට දැනුම් දුන් සේක. එම අවස්ථාවේ දී සුමන සාමණේරයාණන් වහන්සේ අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සම වැදී කාලඝෝෂා කළ අතර තලාටු, භූමාටු දෙවිවරුන්ගේ පටන් බ්‍රහ්මලෝකය දක්වා වූ විවිධ දෙවිවරු බණ ඇසීමට රැස්වූහ. මෙහිදී මිහිඳු මහරහතන් වහන්සේ ඔවුන්ට සමචිත්තපරියාය සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක.

සැරියුත් මහරහතන් වහන්සේ සමචිත්තපරියාය සූත්‍රය මුල්වරට දේශනා කරන ලද්දේ සැවැත්නුවර පූර්වාරාම විහාරයේ දී ය. එහිදී උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙසේ වදාළ සේක.

“ඇවැත්නි මම ඔබලාට ඇතුළත හා බාහිර සංයෝජන ඇති පුද්ගලයන්ගේ ලක්ෂණ දේශනා කරමි. එය අසන්න, මනාව ධාරණය කරගන්න. මම දැන් දෙසමි.’ එවිට භික්ෂූහු, හොඳයි ඇවැත්නි යනුවෙන් උත්තර දුන්හ.

මේ සසුනෙහි ඇතැම් භික්ෂුවක් ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සිල්වත්ව, පැවැත්මෙහි හා ආහාරයෙහි සංවරව, කුඩා අකුසලයකට වුව බිය ඇතිව ශීලය ආරක්ෂා කරගනීද, හෙතෙම මරණින් පසු එක්තරා දේව නිකායක උපත ලබා, එයින් චුත ව මෙම ආත්මභාවයටම එන අතර අනාගාමී වෙයි. මේ වනාහී ඇතුළත කාමභව පිළිබඳ ඡන්දරාගය ඇති පුද්ගලයා අනාගාමී වන ආකාරයයි.

තවද මේ සසුනෙහි ඇතැම් භික්ෂුවක් ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සිල්වත්ව, පැවැත්මෙහි හා ආහාරයෙහි සංවරව, කුඩා අකුසලයකට වුව බිය ඇති ව, සීලය ආරක්ෂා කර ගනී ද, හෙතෙම මේ ආත්මයේ දී ම ධ්‍යානයකට පැමිණ මරණින් පසු පංචසුද්ධාවාසවලින් එකක උපත ලබා එයින් චුතව අනාගාමී පුද්ගලයෙක් වෙයි. මේ අනාගාමී වූ බාහිර සංයෝජන ඇති පුද්ගලයාගේ ස්වභාවයයි.

එදා සැරියුත් මහරහතන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයේ දී මෙම සූත්‍රය දේශනා කරන මොහොතේ රැස් ව ධර්මශ්‍රවණය කළ දෙව්බඹුන්ගේ ප්‍රමාණය යම්තාක් ද එපමණ ම දිව්‍යබ්‍රහ්ම පිරිසක් මෙදා පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවේ දී එම සූත්‍රය දේශනා කරන මොහොතේ රැස්ව එය ශ්‍රවණය කළ බව අට්ඨකතාවේ සඳහන් වී තිබේ.

මිහිඳු මහරහතන් වහන්සේ මහත් වූ සෘද්ධිබලයෙන් යුක්ත අතිශ්‍රේෂ්ඨ බුද්ධපුත්‍රයාණන් වහන්සේ නමක් වූ සේක. දේවානම්පියතිස්ස රජතුමා උන්වහන්සේ සමඟ කතා කරන අවස්ථාවේ දී උන්වහන්සේ වැඩම කළේ කුමන මාර්ගයකින් දැයි විමසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ ගොඩබිමිනුත්, නොවේ, මුහුදිනුත් නොවේ යන්නයි. එනම් අහසින් ය යන්නයි. මේ බව තවදුරටත් ඔප්පු වන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ රජගලින් සොයාගත් ක්‍රි.පූ. 2 වන සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂරවලින් ලියවුණු සෙල්ලිපියකිනි.

“යේ ඉමදීප පටමය ඉදිය අගතන ඉඩික (තෙරම) හිඳ තෙරහ තුබේ’ යනුවෙන් සඳහන් වන අතර එහි තේරුම මෙම දිවයිනට පළමුව සෘද්ධියෙන් වැඩම කළ ඉට්ඨිය තෙරුන්ගේ හා මහින්ද තෙරුන්ගේ ස්ථූපය, යනුවෙන් පරිවර්තනය කළ හැකි ය. මේ අනුව පැහැදිලි වනුයේ උන්වහන්සේලා පිරිනිවන් පෑ විගස ධාතූන් වහන්සේලා නිදන් කොට චෛත්‍ය කරවා උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨත්වය ද සඳහන් කර මතුපරපුරට දැකබලා ගැනීමට සලස්වන ලද බවයි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය ඈත අතීතයේ පටන් ම ලොව පුරා ප්‍රචලිත වූ සිද්ධියක් බවට පත් විය. දඹදිවට වැඩම කළ චීන ජාතික ථාං ෂ්‍යුඇන් ත්සාං (හියුංත්සාං) හිමියෝ එහිදී මිහිඳු මහරහතන් වහන්සේ හා ධර්මදූත පිරිස පිළිබඳ තොරතුරු දැනගෙන තම භ්‍රමණ වෘත්තාන්තයට එම තොරතුරු ඇතුළත් කළහ.

හතරවන සියවසේ ලංකාවේ රජකළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගේ රන් පිළිමයක් කරවා එය මිහින්තලාවේ සිට අනුරාධපුරය තෙක් මහ පෙරහරකින් මිහිඳු පෙරහරක් පවත්වන ලද බව මහාවංශයේ සඳහන් වී ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව මෙරට බෞද්ධයා තුළ අද දක්වාම පවතින්නේ අප්‍රමාණ කෘතඥතා පූර්වක හැඟීමකි.

ධර්මාවලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා ඔබ සැමට!

#මේධාවී #එප්පාවල

සුපින්බර  #ඇසල  #පෝය දිනක් වේවා ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කමඅපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරු...
13/07/2022

සුපින්බර #ඇසල #පෝය දිනක් වේවා

ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්රඅමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්රනථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්රරය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්රුතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

පොසොන් පොහොය දිනයේ වැදගත්කම.🙏🙏☸️අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන අරහතුන් වහන්...
13/06/2022

පොසොන් පොහොය දිනයේ වැදගත්කම.🙏🙏

☸️අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන අරහතුන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.

☸️දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම.

☸️උන්වහන්සේලා සමග පැමිණි භණ්ඩුක කුමරු පැවිදි කර උපසම්පදාව ලබා දීම මගින් ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව සිදුවීම.

☸️සුමණ සාමනේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට වැඩි දෙවියන්හට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම.

☸️බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.

ඔබ සැමට පිංබර පොසොන් මංගල්‍යක් වේවා.!🙏🙏🙏🌼🌼

#මිහිසර #පොසොන් #2022

ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.ආමිෂ හා ප්...
15/05/2022

ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.

ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙනි.සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීමයි.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයයි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙයි. බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනකය.

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනක් වේවා...!

#වෙසක්

රාමදාන් උපවාස සමයේ අවසානය සමරන ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා  සිටින සියලු ඉස්ලාම් බැතිමතුනට සතුටින් සපිරි ඊද් අල්-ෆිත්ර් උළෙල...
03/05/2022

රාමදාන් උපවාස සමයේ අවසානය සමරන ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින සියලු ඉස්ලාම් බැතිමතුනට සතුටින් සපිරි ඊද් අල්-ෆිත්ර් උළෙලකට අපගේ සුබපැතුම්. ඊද් මුබාරක්!!

Our best wishes to everyone in Sri Lanka and around the world celebrating the end of the Holy Month of Ramadan, a joyous Eid al-Fitr. Eid Mubarak!.

එකාවන්ව එක්ව ජය ගන්නට හැකි සුභ අලුත් අවුරුදක් වේවා...
14/04/2022

එකාවන්ව එක්ව ජය ගන්නට හැකි සුභ අලුත් අවුරුදක් වේවා...

මවක්, සොහොයුරියක්, බිරිඳක්, යෙහෙළියක් ලෙස,ජිවිතය වෙනස් කළ නොවෙනස් ඈ වෙනුවෙන්. ලෝක කාන්තා දිනය සමරමු. ඇයක් නැති තැන ලොවක්...
08/03/2022

මවක්, සොහොයුරියක්, බිරිඳක්, යෙහෙළියක් ලෙස,
ජිවිතය වෙනස් කළ නොවෙනස් ඈ වෙනුවෙන්.
ලෝක කාන්තා දිනය සමරමු.
ඇයක් නැති තැන ලොවක් නැති බව පසක් කරදුන් ඔබට,
මිහිසර අපගේ ආචාරය!

තුන් ලෝකයටම අනුත්තරය පින්කෙත වූ සුපටිපන්න ආදි ගුණ ඇති ...අධි ශීල.. අධි චිත්ත.. අධි පඤ්ඤා.. යන ත්‍රි ශික්ෂාවේ නිර්වාණගාමී...
02/02/2022

තුන් ලෝකයටම අනුත්තරය පින්කෙත වූ සුපටිපන්න ආදි ගුණ ඇති ...අධි ශීල.. අධි චිත්ත.. අධි පඤ්ඤා.. යන ත්‍රි ශික්ෂාවේ නිර්වාණගාමී පටිපදාව පුරනා...

භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය සංඝරත්නයේ අසීමිත ගුණ විවර කරනා...

සඟ ගුණ වර්ණනා ධර්ම දේශනය.....

2022 පෙබරවාරි 20 වන දින
සන්ධ්‍යාවේ 6/30/ සිට

අප කටියාව පාර මහවැලි ශ්‍රී සම්බෝධි විහාරස්ථ එළිමහන් ධර්ම මණ්ඩපයේ සිට සිදු කෙරෙන වගයි

උතුම් ධර්ම දේශනාව සඳහා වැඩම කරනු ලබන්නේ

වර්තමානයේ නිර්මල ශ්‍රී සද්ධර්මය එලෙසින්ම අනුශාසනා කරන ..
භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රාවකයින් හට අපමණ ශ්‍රද්ධාවක් ජනනය කිරීමට සමත්

පූජනීය අප කල්‍යාණ මිත්‍ර කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ වහන්සේගේ ගෞරවාන්විත වැඩම වීමෙන් සිදු කෙරෙන වගයි

බෞද්ධයා මාධ්‍ය බාහිර පටිගත කිරීමක් වශයෙන් සිදුකරන

උතුම් සත් ධර්ම දේශනාවට සැවොම එක් වේවා

May this auspicious festival bring you happiness, joy and good health. Wishing you a blessed and Happy Pongal!இந்த மங்கள...
14/01/2022

May this auspicious festival bring you happiness, joy and good health. Wishing you a blessed and Happy Pongal!

இந்த மங்களகரமான திருநாள் உங்களுக்கு மகிழ்ச்சி மற்றும் செழிப்பு ஆகியவற்றை தரும். உங்கள் அனைவருக்கும் இனிய பொங்கல் நல்வாழ்த்துக்கள்.

Address

Eppawala
50260

Telephone

0712938617

Website

Alerts

Be the first to know and let us send you an email when Mihisara Youth Forum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mihisara Youth Forum:

Share