08/04/2026
සුරකිමු ලංකා - අපේ රටේ හෙට දවස වෙනුවෙන් අද අපි පෙළගැසෙමු! 💡⚡
රටක් විදිහට අපි අභියෝගාත්මක කාලයකට මුහුණ දෙමින් ඉන්නවා. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය නිසා ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා වගේම, ඉදිරියේදී ඇතිවිය හැකි “එල්නීනෝ” වියළි කාලගුණ තත්ත්වය ගැනත් අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා.
අපේ රටේ විදුලි උත්පාදනයෙන් විශාල ප්‍රමාණයක් ජල විදුලිය මත රඳා පවතින නිසා, ජලයත් විදුලියත් අරපිරිමැස්මෙන් භාවිත කිරීම අපේ ජාතික වගකීමක්. ඒ වෙනුවෙන් රජය මගින් ක්‍රියාත්මක කරන “සුරකිමු ලංකා – එකතු වෙමු – එළිය දෙමු” ජාතික වැඩසටහනට අද සිට අපිත් දායක වෙමු!🤝✨
මේ අපිට කරන්න පුළුවන් සරල නමුත් ඉතා වටිනා දේවල් කිහිපයක්:
👕 ඇඳුම් මැදීම දිවා කාලයට: රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම අධිකයි. ඒ නිසා සතියටම අවශ්‍ය ඇඳුම් ටික එකවර දිවා කාලයේදී මදින්න පුරුදු වෙමු. එමගින් විදුලිය විශාල ලෙස ඉතිරි කරගන්න පුළුවන්.
⏰ Peak Hours ගැන සැලකිලිමත් වෙමු: පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය භාවිතය උපරිම වෙනවා. මේ කාලය ඇතුළත රෙදි සෝදන යන්ත්‍ර (Washing Machine), AC වැනි අධික විදුලිය වැයවන උපකරණ භාවිතය හැකිතාක් සීමා කරමු.
💡 අනවශ්‍ය විදුලි බුබුළු නිවා දමන්න: ඔබ ඉන්නා කාමරයේ පමණක් විදුලි බුබුළු දල්වන්න. නිවසින් බැහැර වන විට හෝ අවශ්‍ය නොවන සෑම අවස්ථාවකම ස්විචය ඕෆ් කරන්න අමතක කරන්න එපා.
☀️ ස්වභාවික ආලෝකය උපරිමයෙන්: දවල් කාලයේදී ජෙන්නෙල් රෙදි මඳක් ඉවත් කර ස්වභාවික හිරු එළිය නිවස තුළට ලබා ගන්න. එවිට දවල් කාලයට විදුලි බුබුළු අවශ්‍ය වෙන්නේ නැහැ.
💧 ජලය අරපිරිමැස්මෙන්: මතක තබා ගන්න, ජලය කියන්නේ අපේ ප්‍රධාන විදුලි ප්‍රභවයයි. ඒ නිසා ජලය අපතේ යෑම වැළැක්වීමත් වක්‍රව විදුලිය ඉතිරි කිරීමක්.
🔌 භාවිත නොකරන ප්ලග් ගලවා තබන්න: TV, පරිගණක වැනි උපකරණ Remote එකෙන් විතරක් ඕෆ් කරන්නේ නැතුව ප්ලග් එකෙන් පවා ඉවත් කරන්න. (Standby Mode එකේදීත් සුළු විදුලියක් වැය වේ).
මෙය කිසිදු බලකිරීමක් හෝ තහංචියක් නෙවෙයි. මෙය අපේ මව්බිම වෙනුවෙන් අපේ හදවතින්ම එන ස්වේච්ඡා දායකත්වයක්. ❤️🇱🇰
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” වෙනුවෙන් අපි අද සිටම අරපිරිමැස්ම පටන් ගනිමු!