SED Pages Galewela

SED Pages Galewela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Galewela, Government Organization, Galewela.

2026.03.30 SED MINI FAIR අපේ අවුරුදු පොළට ඔබත් එන්න 🙏🙏
27/03/2026

2026.03.30 SED MINI FAIR අපේ අවුරුදු පොළට ඔබත් එන්න 🙏🙏

Business Level up program-2026ඔබේ ව්‍යාපාරයේ පවතින තත්වය හඳුනාගෙන නිවැරදි සැලසුමක් සකස්කොට ඔබට අවශ්‍යවන මූල්‍ය, අලෙවිකරණ...
11/03/2026

Business Level up program-2026
ඔබේ ව්‍යාපාරයේ පවතින තත්වය හඳුනාගෙන නිවැරදි සැලසුමක් සකස්කොට ඔබට අවශ්‍යවන මූල්‍ය, අලෙවිකරණ ,තාක්ෂණික හා උපදේශන සේවා සහය අඛණ්ඩව ලබාදෙමින් ව්‍යවසායකත්ව දැනුමින්, කුසලතාවෙන් සන්නද්ධ ව්‍යවසායකයෙක් ලෙස ඔබට සාර්ථක ගමනකට අවශ්‍යවන පදනම සකස්කිරීම වෙනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය 2026 වසරේ දියත් කර ඇති Business Level Up වැඩසටහන හා සම්බන්ධ වන්න. මාතලේ දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායකයන් 105 දෙනෙකු සඳහා නොමිලේ ලැබෙන මෙම සීමිත අවස්ථාව ලබාගැනීම සඳහා පහළ තිබෙන ලින්ක් එකේ ඇති ගූගල් ෆෝම් එක පුරවා හැකි ඉක්මනින් රෙජිස්ටර් වෙන්න.
https://forms.gle/NKRU1aWzheBSS3e69

IT Programme for Small  Businessව්‍යාපාර සදහා තොරතුරු තාක්ෂණය භාවිතය වර්ථමානය වන විට අත්‍යාවශ්‍ය වී හමාරය. ඒ සදහා ව්‍යවස...
25/06/2025

IT Programme for Small Business

ව්‍යාපාර සදහා තොරතුරු තාක්ෂණය භාවිතය වර්ථමානය වන විට අත්‍යාවශ්‍ය වී හමාරය. ඒ සදහා ව්‍යවසායකයින්ට අවශ්‍ය දැනුම ලබා දීමේ අරමුණින් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් 2025.06.18 දින IT වැඩසටහනක් සංවිධානය කර සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයේ තොරතුරු තාක්ෂණ සහකාර නිලධාරීතුමන් විසින් සපයන ලදී.

𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐂𝐫𝐞𝐚𝐭𝐢𝐨𝐧 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦දැනට  ව්‍යාපාරයක් සුළුවෙන් ආරම්භ කර ඇති හා ආරම්භ කිරිමට අපේක්ෂිත ව්‍යවසයායකයින් සඳහා කර්මාන්ත හ...
25/06/2025

𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐂𝐫𝐞𝐚𝐭𝐢𝐨𝐧 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦

දැනට ව්‍යාපාරයක් සුළුවෙන් ආරම්භ කර ඇති හා ආරම්භ කිරිමට අපේක්ෂිත ව්‍යවසයායකයින් සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ මාතලේ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් " Business Creation " නමින් දින 2ක පුහුණු වැඩ සටහනක් ජූනි 12 හා 13 යන දෙදින ගලේවෙල ප්‍රාදේශිය ලේකමි කාර්යාල පරිශ්‍රයේදී සංවිධානය කෙරිණි.

මෙහිදී ව්‍යවසායකයින්ට ව්‍යවසායකත්ව හැකියාව හා ව්‍යාපාර අදහස තෝරා ගැනීම,එය වෙළෙදපොලට ඉදිරිපත් කල යුතු ආකාරය , නිෂ්පාදනවල වියදම හා මිල කිරිම පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් දෙදින පුරා සාකච්ඡාවට ලක්කෙරිණි .

මාතලේ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂක දෙපල මෙන්ම ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරීන් මේ සදහා සම්පත් දායකත්වය දක්වන ලදී.

අද දින නව ව්‍යාපාරික ස්ථානයකට පැමිණි Agricom ආයතනයට තම ව්‍යාපාරික කටයුතු සාර්ථක වේවායි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින්...
05/06/2025

අද දින නව ව්‍යාපාරික ස්ථානයකට පැමිණි Agricom ආයතනයට තම ව්‍යාපාරික කටයුතු සාර්ථක වේවායි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සුබ පැතුම් එක් කර සිටිමු...💐💐💐💐💐
ඔබට අවශ්‍ය
සත්ව ආහාර, එන්නත් හා ඖෂධ , කුකුල් පැටව්, අවශ්‍ය දැනුම හා ආයතන සම්බන්ධීකරණය, ගොවිපල උපකරණ, නැවුම් බිත්තර ( රතු, සුදු)
ලබා ගැනීම දැන් ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මාවත ඉදිරිපිට පිහිටි Agricomඅයතනයේදී ලබා ගත හැක....

"Awareness & Business Motivation Programme " Kosgahahinna division
05/06/2025

"Awareness & Business Motivation Programme " Kosgahahinna division

විසිතුරු මතස්‍ය වගාව පිළිබඳ ප්‍රායෝගිකව කණ්ඩායම් තාක්ෂණික පුහුණු වැඩසටහනක් 2025.05.28 දින ගලේවෙල පත්කොලගොල්ල හංසන මින් ම...
05/06/2025

විසිතුරු මතස්‍ය වගාව පිළිබඳ ප්‍රායෝගිකව කණ්ඩායම් තාක්ෂණික පුහුණු වැඩසටහනක් 2025.05.28 දින ගලේවෙල පත්කොලගොල්ල හංසන මින් මැදුර පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. සම්පත් දායකත්වය EDP පුහුණු ලාභී සහ සාර්ථක ව්‍යවසායක - .H.M.H.D කාලිංගවංශ මහතා විසින් සිදු කරන ලදී.

2025.05.21 දින ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පරිශ්‍රයේදී පැවති කේක් නිෂ්පාදන කණ්ඩායම් තාක්ෂණික පුහුණු වැඩසටහන සාර්ථකව...
05/06/2025

2025.05.21 දින ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පරිශ්‍රයේදී පැවති කේක් නිෂ්පාදන කණ්ඩායම් තාක්ෂණික පුහුණු වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.

ව්‍යාපාර සැලසුම් සකස් කිරීම...... දෙදින පුහුණු වැඩසටහන 2025.03.26 / 27 දෙදින ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව...
03/04/2025

ව්‍යාපාර සැලසුම් සකස් කිරීම...... දෙදින පුහුණු වැඩසටහන 2025.03.26 / 27 දෙදින ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව සිදු කරන ලදී. මේ සදහා සම්පත් දායකත්වය සැපයූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී නිසංසලා දිසානායක මහත්මියට හා තිලකරත්න මහතාට අපගේ ස්තූතිය! 💐💐

ව්‍යවසායකයින්  දැනුවත් කිරීම හා අභිප්‍රේරණ වැඩසටහන ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සං...
03/04/2025

ව්‍යවසායකයින් දැනුවත් කිරීම හා අභිප්‍රේරණ වැඩසටහන
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ ඉහත වැඩසටහන 2025 මාර්තු මස 24 වන සදුදා දින උදෑසන 9.00 ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාධාන රැස්වීම් ශාලාවේදී සාර්ථකව පැවැත්විය
මෙහිදී
💐ව්‍යාපාර පටන් ගැනීම හා සංවර්ධන පිළිබඳව උපදෙස් ලබා දීම
💐බැංකු ණය පහසුකම් පිලිබදව දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය
💐ව්‍යාපාර සැලසුම සකස් කිරීම සදහා ලියාපදිංචිය ( බැංකු ණය ලබා ගැනීමට අදාලව)
💐අලෙවි පොලවල් සදහා ලියාපදිංචිය
💐අන්තාර්ජාලය හරහා ලබා ගන්නා ඇනවුම් වලට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව මගින් ලබා දෙන කුරියර් සේවාව පිලිබදව දැනුවත් කිරීම ( තැපල් කාර්‍යාල නිලධාරීන් හරහා)
💐තාක්ෂණික පුහුණු/ බාර්කෝඩ් / ලේබල් සකසා ගැනීමට අදාල ලියාපදිංචි කටයුතු සිදු කිරීම
💐තනි පුද්ගල තාක්ෂණික පුහුණු සදහා ලියාපදිංචිය ( මුදල් ගෙවා සිදු කරනු ලබන )
ආදී ව්‍යාපාරයට අදාල සියලුම සේවාවන් පිළිබඳව ව්‍යවසායකයින්ට දැනුවත් වීමට හා ලියාපදිංචියට අවස්ථාව හිමි වූ අතර මේ සදහා සහයෝගය දැක්වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ටත්. මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, ගලේවෙල තැපැල් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි සියලුම නිලධාරීන්ටත් ස්තූතියි ! 💐

රමේෂි මිය- 0706250600
නිමාලි මිය- 0710560031
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - ගලේවෙල

Address

Galewela

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+94662232375

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Galewela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SED Pages Galewela:

Share