Divisional Secretariat Galgamuwa.

Divisional Secretariat Galgamuwa. divisional secretariat - galgamuwa>kurunegala

02/09/2026
' සෙනෙහෙ තටාක' නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය හා සෙල්ලම් පාදක මුල් ළමාව්ය සංවර්ධනය පිලිබඳ දෙමාපිය දැනුවත් කිරීමේ ...
28/08/2026

' සෙනෙහෙ තටාක' නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය හා සෙල්ලම් පාදක මුල් ළමාව්ය සංවර්ධනය පිලිබඳ දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහන.

අවට පෙර පාසල් සියල්ලෙහිම දෙමාපියන් හා පෙර පාසල් ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන නාන්නේරිය දිනිති පෙර පාසලේදී 2026.08.25 දින පැවැත්විය.

මුල් ළමාවිය සංවර්ධනය පිලිබඳ ජාතික ලේකම් කාර්‍යාලයේ ප්‍රතිපාදන මත දිස්ත්‍රික් මුල් ළමාවිය සම්බන්ධීකරණ නිලධාරිගේ සම්පත් දායකත්වයෙන් වැඩසටහන සිදුකරන ලදී.

වැඩසටහන සංවිධානය :
මුල් ළමාවිය සංවර්ධන නිලධාරි, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සහයෝගය ලබා දුන් සැමට තුති
🙏🙏🙏

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ගල්ගමුව

22/08/2026

අහස සේ ඔබ අනන්තයි..
සයුර සේ ඔබ අනන්තයි...

සුමිහිරි හඬින් සුවහසක් සවන් පිනවූ ගී ලොව කෝකිලාවිය....
මනුදම් වඩන්නට ගීයෙන් ඔවදන් දුන්
ඇදුරුතුමිය......
දිවි ගමනට සමු දී නික්ම ගියත් නුඹ
දසත රැව් පිළිරැව් දේවි සදා
ජාතියේ යශෝරාවය......

පතනෙමු ඔබට නිවන් සුව !!

මුල් ළමාව්ය දරුවන්ගේ මන්දපෝෂණ ගැටලු හා දන්ත සෞඛ්‍ය ගැටලු අවම කිරීමේ අරමුණින් මොන්නන්කුලම අල්හසනාත් පෙර පාසලේදී 2026-08-1...
19/08/2026

මුල් ළමාව්ය දරුවන්ගේ මන්දපෝෂණ ගැටලු හා දන්ත සෞඛ්‍ය ගැටලු අවම කිරීමේ අරමුණින් මොන්නන්කුලම අල්හසනාත් පෙර පාසලේදී 2026-08-19 වන දින පැවැති දන්ත සායනය හා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන.

සම්පත් දායකත්වය -
🔸ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලයේ පාසල් දන්ත චිකිත්සක

🔸 ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාව්ය සංවර්ධන නිලධාරි

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ගල්ගමුව

16/08/2026

මහජන සේවයේ ඇසි දිසි අවකාශය
Media unit Divisional Secretariat Galgamuwa.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් 66 ක් සඳහා පාසල් උපකරණ හා නිල ඇදුම් ලබා දීමේ වැඩසටහන 2026...
14/08/2026

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් 66 ක් සඳහා පාසල් උපකරණ හා නිල ඇදුම් ලබා දීමේ වැඩසටහන
2026.08.13

2026.07.15 දිනට යෙදුන රසික රත්නායක මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමාගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් මෙම කොට්ඨාශයේ ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහන ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කේ.පී.චාමින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්වීය. රසික රත්නායක මහතා කාර්යාලයේ ග්‍රාම නිලධාරී එස්.බී.එන්.එස්.කේ. සේමසිංහ මහතාගේ හිතවත්කම මත මෙම සමාජ සත්කාරය 2024 වර්ෂයේ සිට නොකඩවා මේ දක්වා වාර්ෂිකව සිදු කරන අතර ඉදිරියටත් මෙවැනි උතුම් ක්‍රියා යාවන් සිදු කිරීම සඳහා නිදුක් නීරෝගී සුව ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු සියලුම නිලධාරීන් ප්‍රාර්ථනා කර සිටිමු.

මෙම පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනට සමගාමීව එම සියලුම දරුවන් සඳහා නිල ඇඳුම් බෙදා දීමද එම අවස්ථාවේදී සිදු කෙරිණි. ඒ සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දෙන ලද්දේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරී එස්.බී.එන්.එස්.කේ. සේමසිංහ මහතා විසිනි. ඔහු තම මිය ගිය සොහොයුරා සිහිපත් කරමින් මෙම උතුම් කාර්යයට සිය දායකත්වය ලබා දුණි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා කොට්ඨාශයේ වසම් අතරින් සුදුසු පවුල් තේරා ගැනී‌මට වසම්වලට අනුයුක්තව රාජකාරි සිදු කරනු ලබන ග්‍රාම නිලධරීන් සහ ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් මහත් සහයෝගයක් දක්වන ලදී.

වැඩසටහන සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනාට අපගේ කෘතඥ පූර්වක ස්තූතිය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල
ගල්ගමුව

ගල්ගමුව ප්‍රාදේශීය  ලේකම් කොට්ඨශයේ නව යොවුන්වියේ දියණියන්ගේ ජීවිතය  අර්ථවත් කරවීම සඳහා  රසවින්දනාත්මක වැඩසටහනක්  2026.0...
13/08/2026

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨශයේ නව යොවුන්වියේ දියණියන්ගේ ජීවිතය අර්ථවත් කරවීම සඳහා රසවින්දනාත්මක වැඩසටහනක් 2026.08.12 දින නාන්නේරිය මහ විද්‍යාලයේදී සිදු කළ අවස්ථාව.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ගරු තුසිත ප්‍රියංග පියතුමා විසින් ලබා දුනි.

රජයේ ප්‍රතිපාදන යොදා නොගනිමින් මෙම වැඩසටහන සිදු කරන ලද අතර
නාන්නේරිය උතුර ,දකුණ සහ සියඹලෑව කාන්තා සංවිධාන සංග්‍රහ කටයුතු සිදු කරන ලදී.

දැයේ දියණිවරුන්ගේ අනාගතය ලස්සන කිරීමට දායකත්වය දැක්වු සියලු දෙනාට ස්තුතියි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ගල්ගමුව.

13/08/2026

ගල්ගමුව ජාගම අල් හකීම් මුස්ලිම් විද්‍යාලයේ 2,3,4,5 ශ්‍රේණිවල දරුවන්ගේ ක්ෂේත්‍ර අධ්‍යාපන චාරිකාව වෙනුවෙන් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාව.

මෙහිදී කාර්යාලයේ සංවිධාන ව්‍යුහය / නිලධාරී ධූරාවලිය හා විවිධ අංශ හා මහජන සේවාවන් පිළිබඳ මූලික දැනුවත් කිරීමක් කාර්යාලයීය නිලධාරීන් විසින් සිදු කළහ

අත්තම ජාතික පවිත්‍රතා දින වැඩසටහන අත්තම ජාතික පවිත්‍රතා දිනට සමගාමීව ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 69 ගණේදිවුල්...
09/08/2026

අත්තම ජාතික පවිත්‍රතා දින වැඩසටහන

අත්තම ජාතික පවිත්‍රතා දිනට සමගාමීව ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 69 ගණේදිවුල්වැව ග්‍රාමනිලධාරී වසමේ මාර්ග පිළිසකර කළ අවස්ථාව.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දන තෙන්නකෝන් මැතිතුමා, ගල්ගමුව ප්‍රාදේශීය සභා සභාපති විජේරත්න බණ්ඩාර මැතිතුමා, ගල්ගමුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂකතුමා සහභාගී විය.

එම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ දායකත්වය ද ලැබිණි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ගල්ගමුව

07/08/2026

2026-08-07 දින පැවති අරුණැල්ල ජංගම සේවා වැඩසටහන

Address

Divisional Secretariat Galgamuwa
Galgamuwa
60750

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94372253038

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Galgamuwa. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share