25/08/2026
❤️ සෙනෙහසේ හමුව: "වැඩත් එක්ක සතුටින් අපි එකම පවුලක්"
දෛනික රාජකාරී ආතතියෙන් මිදී, වඩාත් සුහදශීලී හා සතුටුදායක මනසකින් යුතුව මහජන සේවයේ නිරත වීමේ අරමුණින් සංවිධානය කෙරුණු "සෙනෙහසේ හමුව" විශේෂ වැඩසටහන අද (2026.08.25) පෙ.ව. 10.00 ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත සංවිධානය වූ මෙම සොඳුරු වැඩසටහනේදී, කථිකාචාර්ය රසිකා මුහම්දිරම්ගේ මහත්මිය සහ තිලිණ සාහිත මහතා ප්‍රමුඛ කණ්ඩායම එක්ව ගීතවත් කළ වින්දනීය සංගීත දෙහෝරාව සියලු දෙනාගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් විය. 🎼
එකිනෙකා අතර පවතින සහයෝගීතාව සහ එකමුතුකම තවදුරටත් තහවුරු කරමින්, මනා මානසික සහනයකින් යුතුව මහජනතාව වෙනුවෙන් වඩාත් ඵලදායී සේවාවක් සැපයීමට මෙවැනි සුහද හමුවීම් මහත් පිටුවහලක් වේ.
එකම පවුලක් මෙන් සතුටින් හා සාමූහිකත්වයෙන් එක්වී ජනතා සේවයට කැපවෙමු! ✨