Divisional Secretariat Baddegama

Divisional Secretariat Baddegama Contributing to the overall development of the country by developing the people of the area and the area through an excellent public service

බත්දුන්පුර අරුණෝදය ජංගම සේවය 2026.08.20 වන දින මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී. මෙම කටය...
24/08/2026

බත්දුන්පුර අරුණෝදය ජංගම සේවය 2026.08.20 වන දින මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී. මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මගපෙන්වීම බද්දේගම ප්‍රාදේශීය ලේකම්, නිලුකා එල්. සූරියආරච්චි මහත්මිය විසින් ලබාදුන් අතර මෙහි සංවිධාන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.

ඒ සඳහා වේවැල්දෙනිය, මඩොල්දූව, මාජුවාන, කෙරෙදේවල, බටකැටය යන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව සහභාගී වූ අතර

▶️ හැඳුනුම්පත් හා උප්පැන්න නිකුත් කිරීම
▶️ ළමයින් සම්බන්ධ ක්‍රියාකාරකම් පාදක විනෝදාත්මක වැඩසටහන් පැවැත්වීම
▶️ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය
▶️ වැඩිහිටි හැඳුනුම්පත්, සමාජ සේවා කටයුතු සිදු කිරීම
▶️ ඉඩම් සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම
▶️ ව්‍යාපාර නාම ලියාපදිංචිය
▶️ වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීම
▶️ කෘෂිකාර්මික භෝග සායනය
▶️ දන්ත සායන
▶️ බෝනොවන රෝග සායන
▶️ ආයුර්වේද සායන
▶️ ප්‍රාදේශීය සභාව මගින් පැවැත්වූ කසල පොළ යනාදී
සේවාවන් රැසක් එකම ස්ථානයකදී ඉටු කර ගැනීමේ අවස්ථාව ජනතාව සඳහා ලැබිණි.

එම අවස්ථාවට සහභාගී වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ ගමගේ මහතාටත්

ප්‍රවාහන කටයුතු හා ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සහයෝගය ලබා දුන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ලලිත් සේනානායක මහතාට හා කාර්ය මණ්ඩලයටත්,

ජංගම බස්රථ සැපයූ දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට හා එහි නිලධාරීන්ටත්

දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට හා එහි වෛද්‍යවරුන් හා නිලධාරීන්ටත්

බද්දේගම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයටත්

සුළු අපනයන භෝග ව්‍යාපෘති නිලධාරී, මූලස්ථාන කෘෂිකර්ම උපදේශක, පොල් සංවර්ධන නිලධාරී හා කුරුඳු සංවර්ධන නිලධාරී ඇතුලු මහත්ම මහත්මීන්ටත්

මෙම අවස්ථාව සාර්ථක කිරීමට සහයෝගය ලබාදුන් මාජුවාන ශ්‍රී පුෂ්පාරාමයේ විහාරාධිපති බද්දේගම යතිරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ සියලුම ජනතාවටත් ස්තූතිය පුද කර සිටිමු.

Niluka Suriyaarachchi

ප්‍රාදේශීය ලේකම් නිලූකා එල් සූරියාආරච්චි මහත්මියට අද දිනට යෙදෙන උපන්දිනය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය...
20/08/2026

ප්‍රාදේශීය ලේකම් නිලූකා එල් සූරියාආරච්චි මහත්මියට අද දිනට යෙදෙන උපන්දිනය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෘදයාංගම සුභ පැතුම් එක් කර සිටිමු! 💐✨

​ඉදිරි පෞද්ගලික මෙන්ම රාජකාරි ජීවිතය සෞභාග්‍යමත් එකක් වීමටත්, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබීමටත් එක සිතින් ප්‍රාර්ථනා කරමු! 🥂🎂

Niluka Suriyaarachchi

​

19/08/2026
🚀 ව්‍යාපාරයේ ඉදිරි පියවර AI සමඟින්! 🤖💼AI කියන්නේ අද වෙනකොට ලොකු ව්‍යාපාරවලට විතරක් තියෙන දෙයක් නෙවෙයි. අපි කරන පොඩි ව්‍ය...
17/08/2026

🚀 ව්‍යාපාරයේ ඉදිරි පියවර AI සමඟින්! 🤖💼

AI කියන්නේ අද වෙනකොට ලොකු ව්‍යාපාරවලට විතරක් තියෙන දෙයක් නෙවෙයි. අපි කරන පොඩි ව්‍යාපාරයක වැඩ ටික පහසු කරගන්නත්, අලුත් පාරිභෝගිකයෝ හොයාගන්නත්, Social Media හරහා අපේ ව්‍යාපාරය ප්‍රචාරය කරගන්නත් AI සහ Digital Marketing වලින් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. 💻📱

ඒ ගැන ප්‍රායෝගිකව ඉගෙනගන්න කැමති අයට "ව්‍යාපාර සඳහා AI තාක්ෂණය" වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්.

📅 2026/08/25
⏰ පෙ.ව. 9.00 සිට
📍 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බද්දේගම

ඔයාගේ ව්‍යාපාරය තවත් ඉදිරියට අරගෙන යන්න AI සහ Digital Marketing කොහොමද භාවිතා කරන්නේ කියලා ඉගෙනගන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ❤️

👉 ලියාපදිංචි වීමට https://forms.gle/XeQNzTruW5kiM9gYA.

📞 වැඩි විස්තර: 0706250747 / 0764641075

#ව්‍යාපාරසඳහාAI #ව්‍යවසායකත්වය

ඔබේ වෘත්තීය නිපුණතාවයට ජාත්‍යන්තර පිළිගැනීමක් නොමිලේම! 🛠️📐👷‍♂️​ඔබත් වඩුවැඩ, පෙදරේරු, පැස්සුම්, ජල නල, විදුලි කාර්මික, වා...
17/08/2026

ඔබේ වෘත්තීය නිපුණතාවයට ජාත්‍යන්තර පිළිගැනීමක් නොමිලේම! 🛠️📐👷‍♂️

​ඔබත් වඩුවැඩ, පෙදරේරු, පැස්සුම්, ජල නල, විදුලි කාර්මික, වාහන අලුත්වැඩියා හෝ ජංගම දුරකථන අලුත්වැඩියා වැනි ක්ෂේත්‍රයක දැනටමත් නිරත වී සිටින අයෙක්ද?

​ඔබේ වසර ගණනාවක පළපුරුද්දට නිල වටිනාකමක් එකතු කරගන්න අගනා අවස්ථාවක්! බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දකුණු පළාත් සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරන නොමිලේ NVQ සහතිකපත්‍ර ලබාදීමේ වැඩසටහනට ඔබත් සම්බන්ධ වන්න.

​NVQ සහතිකයක් ලබාගැනීමෙන් ඔබට ලැබෙන වාසි:

✅ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීම

✅ වෘත්තීය ගෞරවය හා නිල වටිනාකම

✅ දෙස් විදෙස් රැකියා අවස්ථා ඉහළ යාම

✅ ඉහළ වැටුපකට හෝ උසස්වීම් වලට මග පෑදීම

​📅 දිනය: 2026 අගෝස්තු 24 සඳුදා

⏰ වේලාව: පෙ.ව. 9.00 සිට

📍 ස්ථානය: බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

​📞 එදිනට ඔබේ පැමිණීම තහවුරු කිරීමට සහ වැඩිවිස්තර සඳහා අමතන්න:

0779217470 (නිපුණතා සංවර්ධන නිලධාරී - බද්දේගම)

​ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න අදම සම්බන්ධ වන්න! මෙම පණිවිඩය ඔබේ මිතුරන් අතරත් Share කරන්න. 👇

​

බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “අත්තම” වැඩසටහන බද්දේගම පරණ පාලම අසළ සිට කෝපිවත්ත දක්වා ශ්‍රමදානය සහ කසළ පොල වැඩසටහන....
08/08/2026

බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “අත්තම” වැඩසටහන

බද්දේගම පරණ පාලම අසළ සිට කෝපිවත්ත දක්වා ශ්‍රමදානය සහ කසළ පොල වැඩසටහන.

දිනය - 2026/08/08

වෙලාව - පෙ.ව. 8.30 සිට දහවල් 12 දක්වා

සමාරම්භය - හල්පාතොට දී...

_ඔබ සැමට ගෞරවනීය ආරාධනා...!_

🧵✂️ ඉවතලන දෙයින් අලුත් අගයක්! – ඇඟලුම් ව්‍යවසායකයින් වෙනුවෙන් පැවැත්වූ විශේෂ පාපිසි නිෂ්පාදන පුහුණු වැඩමුළුව 🧵✂️​ඇඟලුම් ...
07/08/2026

🧵✂️ ඉවතලන දෙයින් අලුත් අගයක්! – ඇඟලුම් ව්‍යවසායකයින් වෙනුවෙන් පැවැත්වූ විශේෂ පාපිසි නිෂ්පාදන පුහුණු වැඩමුළුව 🧵✂️

​ඇඟලුම් ආශ්‍රිත ව්‍යවසායකයින්ගේ වෘත්තීයමය භාවය සහ නිපුණතාවය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, ඉවතලන ලින්කින් පටි (Linking Strips) භාවිතයෙන් නිර්මාණාත්මක පාපිසි නිෂ්පාදනය කිරීමේ විශේෂ පුහුණු වැඩමුළුවක් සාර්ථකව පැවැත්වුණි.

​🗓 දිනයන්: 2026 අගෝස්තු 06 සහ 07

📍 ස්ථානය: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

​මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන ලද මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ කේ.ඒ. සුජීකා නයනි බණ්ඩාර මහත්මිය විසිනි.

​දේශීය ව්‍යවසායකත්වය බලගන්වමින්, පරිසර හිතකාමී ලෙස නැවත භාවිතයට ගතහැකි ද්‍රව්‍යවලින් අලුත් නිර්මාණ බිහිකිරීමට මෙමගින් මඟපෑදිණි. 👏✨

​

03/08/2026
03/08/2026

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2026 අගෝස්තු මස 04 වන දින පෙ. ව 11.30 දක්වා වලංගු වන පරිදි
2026 අගෝස්තු මස 03 වන දින පෙ. ව 11.30 නිකුත් කරන ලදී

Address

Kumme Grounds, B128, Baddegama
Galle
80200

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94912292238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Baddegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Baddegama:

Shortcuts

Share