Sampath Athukorala Media

Sampath Athukorala Media Official media information of former Member of Parliament Sampath Athukorala

24/10/2025

බත් කන මිනිහෙක් මේ රටේ පාලකයා නම් පිටරටින් හාල් ගේනවද? යැයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ එවක විපක්ෂයේ සිටියදී ප්‍රශ්න කලද අද වන විට නැවත වරක් මේ මලිමා ආණ්ඩුව පිටරටින් සහල් ආනායනය කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සහල් ආනයනය පිටුපසත් දැවැන්ත ජාවාරමක්!

- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ -

24/10/2025

ජීවිත තර්ජන පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කර ආරක්ෂාව ඉල්ලා තිබියදීත් වැලිගම ප්‍රාදේශිය සභා සභාපතිවරයා මරා දමන තුරු බලා සිටීමට මේ රටේ නීතියේ ආධිපත්‍යයට හැකියාව තිබේ නම්, මේ රටේ කිසිම කෙනෙකුට ආරක්ෂාවක් නෑ...

- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ -

24/10/2025

2025.10.23
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව

- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ -

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ගිං ඟග ආශ්‍රිත ගංවතුර අවධානම් තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බැවින් ගිං ගඟ දෙපස ප...
02/06/2024

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ගිං ඟග ආශ්‍රිත ගංවතුර අවධානම් තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බැවින් ගිං ගඟ දෙපස පහත්බිම් වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන්න!

සියලු දෙනා හදිසි ආපදා තත්වයකදී, 117 ක්ෂණික දුරකතන අංකයට
හෝ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය - 0112136222 / 0112670002 අමතන්න.....

ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකාර සහකාර අධ්‍යක්ෂ කාර්යාලය - 0912227315
නෙළුව ප්‍රාදේශිය ලේකම් - 0718616132
තවල⁣ම ප්‍රාදේශිය ලේකම් - 0713238194
නාගොඩ ප්‍රාදේශිය ලේකම් - 0777259626
නියාගම ප්‍රාදේශිය ලේකම් - 0710431796

නෙළුව පොලීසිය - 0718591470
හිනිඳුම පොලීසිය - 0718591469
උඩුගම පොලීසිය - 0718591471
නාගොඩ පොලීසිය - 0718591468
පිටිගල පොලීසිය - 0718591477

නෙළුව ප්‍රාදේශිය සභාව - 0774424752
තවලම ප්‍රාදේශිය සභාව - 0714176048
නාගොඩ ප්‍රාදේශිය සභාව - 0719991577
නියාගම ප්‍රාදේශිය සභාව - 0772518699

මීට අමතරව ඔබ පදිංචි ග්‍රාම නිළධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීතුමන් හෝ තුමිය වෙත ඔබට බලපා ඇති ආපදා තත්වය පිළිබඳව හැකි ඉක්මණින් දැනුවත් කරන්න. අනතුරුව ඔවුන් අදාළ අංශ දැනුවත් කර කඩිනමින් පහසුකම් සහ ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනු ඇත.

අදට(08) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්,
08/03/2024

අදට(08) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්,

නෙළුව අඩවි වන කාර්යාල ජනතා අයිතියට...වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය යටතේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වූ පරිසර පද්ධති ...
08/02/2024

නෙළුව අඩවි වන කාර්යාල ජනතා අයිතියට...

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය යටතේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වූ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරන ව්‍යාපෘතිය මඟින් ඉදිකරන ලද නෙළුව අඩවි වන කාර්යාලයීය නව දෙමහල් ගොඩනැගිල්ල 2024.02.06 දින ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මැතිතුමන්ගේ ආරාධනයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදුවිය.

මෙම අවස්තාව සඳහා නෙළුව, තවලම ප්‍රාදේශිය සභා හිටපු සභාපතිතුමන්ලා සහ මහජන නියෝජිතයි, කලාපය භාර වන සංරක්ෂක මහාචාර්ය වසන්ත ලියනගේ, නෙළුව අඩවි වන නිළධාරීතුමන් සමඟින් ආදළා අංශ නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වී සිටියහ.

| | | 🇱🇰 |

රජයේ ඉඩම් භුක්ති විඳි තවලම ජනතාව සඳහා දීමනා පත්‍ර සහ බලපත්‍ර ප්‍රදානය කෙරේ...දීර්ඝ කලක් තිස්සේ රජයේ ඉඩම් තුළ වගා කටයුතු ...
07/02/2024

රජයේ ඉඩම් භුක්ති විඳි තවලම ජනතාව සඳහා දීමනා පත්‍ර සහ බලපත්‍ර ප්‍රදානය කෙරේ...

දීර්ඝ කලක් තිස්සේ රජයේ ඉඩම් තුළ වගා කටයුතු සිදු කරමින් භුක්ති විඳි තවලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 415 ආසන්න පිරිසකට දීමනා පත්‍ර සහ බලපත්‍ර ප්‍රදානය ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මැතිතුමන්ගේ ආරාධනයෙන් ගරු සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමන් ප්‍රධානත්වයෙන් 2024.02.06 දින තවලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් නි⁣යෝජ්‍ය ඉඩම් කොමසාරිස්තුමන් සහ තවලම ප්‍රාදේශිය ලේකම්තුමිය ප්‍රමුඛ රාජ්‍ය නිළධාරී රැසක් සහභාගී වී සිටියහ.

| | | 🇱🇰 |

⁣හිනිදුම දිසා රෝහලේ අඩුපාඩු සඳහා කඩිනම් විසඳුම්...ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්ප...
07/02/2024

⁣හිනිදුම දිසා රෝහලේ අඩුපාඩු සඳහා කඩිනම් විසඳුම්...

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මැතිතුමන්ගේ ආරාධනයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමන් පසුගිය 06 වනදා හිනිදුම දිසා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණි.

එහිදී දිසා රෝහලේ පවතින ගැටලු රැසක් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ අවධානය යොමු කළ අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගනු ලැබිණි.

දිසා රෝහලේ නවීකරණය කටයුතු වෙනුවෙන් රු මිලියන 04 ක ප්‍රථිපාදන මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් වෙන් කරන ලදී.

තවද අබලන් පවතින ගොඩනැගිලි කිහිපයක් සඳහා කඩිනමින් අවශ්‍ය පහසුකම් සැපයීමට අදාළව අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නිළධාරී වෙත අපදෙස් ලබා දිමද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාව සඳහා තවලම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිතුමන්, හිනිඳුම දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීතුමන් ඇතුලු සෞඛ්‍ය අංශ සේවකයි සහ රජයේ නිළධාරී පිරිසක් සහභාගී සිටියහ.

| | | 🇱🇰 |

76 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු!
04/02/2024

76 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු!

නෙළුව, දූලි ඇල්ල සංචාරක මධ්‍යස්ථානය විවෘත කෙරේ...වර්ථමානය වන විට සංචාරක ආකර්ෂණය දිනා ඇති නෙළුව - ලංකගම ප්‍රදේශය සහ සිංහර...
20/01/2024

නෙළුව, දූලි ඇල්ල සංචාරක මධ්‍යස්ථානය විවෘත කෙරේ...

වර්ථමානය වන විට සංචාරක ආකර්ෂණය දිනා ඇති නෙළුව - ලංකගම ප්‍රදේශය සහ සිංහරාජ රක්ෂිතය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා නේවාසික පහසුකම් ලබා දීම වෙනුවෙන් නෙළුව ප්‍රාදේශිය සභාව විසින් ඉදිකළ සංචාරක මධ්‍යස්ථානයේ පළමු අදියර විවෘත කිරීම ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මැතිතුමන්ගේ ආරාධනයෙන් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මැතිතුමන්ගේ සහ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද(16) දින සිදු කරන ලදී.

2022 වර්ෂයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ප්‍රථිපාදන මත ඉදිකරන ලද මෙම සංචාරක මධ්‍යස්ථානය කොටස් දෙකකින් සමන්විත වේ.

ඉදිරියේදී පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය යටතේ සංචාරකයින් සඳහා මෙය වෙන් කර ගැනීමට අවශ්‍ය මාර්ගගත පහසුකම් සපයන අතර ඉතිරි සංවර්ධන වැඩ කටයුතු අවසන් කිරීම සඳහාද අවශ්‍යය ප්‍රථිපාදන වෙන් කරන ලදී.

දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන් ද මෙම සංචාරක මධ්‍යස්ථානයේ මූලික පහසුකම් සඳහා ප්‍රථිපාදන වෙන් කළ අතර නෙළුව ප්‍රාදේශිය සභාව මඟින් මෙහි පාලන කටයුතු සහ නේවාසිකව රැදී සිටින සංචාරකයින් සඳහා පහසුකම් සැපයීම ඉදිරියේදී සිදු කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් මාර්ගය සංවර්ධන අධිකාරියේ සභාපති චම්ලි විතානාච්චි මැතිතුමන්, නෙළුව සහ තවලම ප්‍රාදේශිය සභා හිටපු සභාපතිතුමන්ලා ප්‍රමුඛ මහජන නියෝජිතයින්, දකුණු පළාත් පාලන සහකාර කොමසාරිස්තුමන්, නෙළුව ප්‍රාදේශිය ලේකම්තුමන්, නෙළුව සහ නාගොඩ ප්‍රාදේශිය සභා ලේකම්වරුන්, රාජ්‍ය නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වී සිටියහ.

| | | 🇱🇰

Address

Pelawaththa Road, Pitigala
Galle

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94912230891

Website

Alerts

Be the first to know and let us send you an email when Sampath Athukorala Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sampath Athukorala Media:

Share