25/08/2026
🌾🌾මේ වනවිට බලපාමින් ඇති එල් - නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීම 🌾🌾
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ගොවිජන සේවා මද්‍යස්ථාන මගින් බල ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් එල් නිනෝ තත්වය පිළිබදව දැනුවත් කිරීමේ සිදුකරන ලදි. විශේෂයෙන්ම මෙහිදී කෘෂි කාලගුණික තොරතුරු සහ පුරෝකථන පිළිබදව ගොවීන් දැනුවත් කිරීමට කටයුතු සිදු කෙරුන අතර කාලගුණ විපර්‍යාසයන්ට ගැලපෙන පරිදි එළෙබෙන මහ කන්නයේ වගා කටයුතු සිදු කිරීම සමිබන්ධයෙන් සහ වගා කාලසටහන් සකස්කරගැනීම සම්බන්ධයෙන් ගොවීන්ට අවශ්‍යය මගපෙන්වීම සිදුකරන ලදි
ගොවිජන සංවර්ධන දිස්තිරික් කාර්‍යාලයේ මෙහෙයවීමෙන් ගොවිජන සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකල මෙම වැඩසටහන කෘෂිකර්ම උපදේශකවරුන්, ආපදා කලමණාකරණ නිලධාරීන්, කෘෂිකර්ම නිලධාරීන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොවීන් දැනුවත් කිරීම සිදුකරන ලදි.