Central Environmental Authority - Gampaha District Office

Central Environmental Authority - Gampaha District Office Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Central Environmental Authority - Gampaha District Office, Public & Government Service, No: 184/1, Kandy Road, Yakkala, Gampaha.

The Central Environmental Authority (CEA) Gampaha District Office was established on 1st of July in 2009 and serve as the regional office for the entire district.

Introduction Programme on the Hello Kitty Plastic Waste Management Initiative – Gampaha District Under the guidance of t...
12/08/2026

Introduction Programme on the Hello Kitty Plastic Waste Management Initiative – Gampaha District

Under the guidance of the Director, Gampaha District Office of the Central Environmental Authority, an Introduction Programme on the Hello Kitty Plastic Waste Management Initiative was conducted in collaboration with JICA for primary school children of St. Anne’s Primary College, Daluwakotuwa, Negombo, on 27 July 2026.

The programme aimed to promote responsible plastic waste management practices among young children through the Hello Kitty Plastic Waste Management Story Book and Hello Kitty Plastic Waste Management Songs. 🐰📚🎶

As part of the programme, CEA Gampaha officers presented the story “Beat Plastic Waste Problem” through an engaging drama performance.

Through the story of Bubbly Mimi and her sea turtle friend Toby, the children learned how plastic pollution affects wildlife, rivers, oceans and communities. They also discovered simple actions they can take every day to reduce plastic waste, choose alternatives to single-use plastics, properly separate waste and support recycling. 🐢🌊♻️

JICA volunteers also joined the children in singing and dancing to the “Plastic Smart Song,” making environmental learning more interactive, enjoyable and memorable. 🎵💃🕺

Approximately 100 participants, including Students, the Principal, Teachers and Parents of St. Anne’s Primary College, JICA experts, Mrs. Nayana, Sri Lankan Coordinator for the CEA, and Officers of the CEA Gampaha District Office, participated in the programme.

🌱 Let’s inspire the next generation to become Plastic Smart and work together to protect our environment! 🌏💚

📚🎶

පාසල් තුළ ක්‍රියාත්මක වන ජාතික පරිසර නියමු වැඩසටහන යටතේ ස්වර්ණ වර්ණ පදක්කම අපේක්ෂිත පරිසර නියමු දරු දැරියන් සඳහා දේශීය ත...
04/07/2026

පාසල් තුළ ක්‍රියාත්මක වන ජාතික පරිසර නියමු වැඩසටහන යටතේ ස්වර්ණ වර්ණ පදක්කම අපේක්ෂිත පරිසර නියමු දරු දැරියන් සඳහා දේශීය තාක්ෂණ ක්‍රම හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරිය – ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය විසින් 2026 ජූලි 02 දින බප/මිනු පල්ලෙවෙල මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී සාර්ථකව සංවිධානය කරන ලදී.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය නියෝජනය කරමින් බප/මිනු ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය – මීරිගම, බප/මිනු තවලම්පිටිය මහා විද්‍යාලය, බප/මිනු හල්පේ ඒකනායක කණිෂ්ඨ විද්‍යාලය, බප/මිනු බාදුරාගොඩ ධර්මාශෝක මහා විද්‍යාලය, බප/මිනු සිරි මිහිඳු මහා විද්‍යාලය, බප/මිනු බටලීය කණිෂ්ඨ විද්‍යාලය, මිනු/මාරපොල මහා විද්‍යාලය සහ බප/මිනු වීරසූරියකන්ද කණිෂ්ඨ විද්‍යාලය නියෝජනය කළ පරිසර නියමු දරු දැරියන් සහ පරිසර නියමු කණ්ඩායම් භාර ගුරු මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්වූහ.

මෙම වැඩසටහනේදී දේශීය වෛද්‍ය ක්‍රම, දේශීය කෘෂිකර්මාන්තය, ආහාර පරිරක්ෂණය සහ පොල් කටු ආශ්‍රිත කර්මාන්තය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් එකට එක් කළ විශේෂ සැසි කිහිපයක් පැවැත්විණි.

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් දිස්ත්‍රික් ආයුර්වේද රෝහල – මීරිගමට අනුබද්ධ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නියෝජනය කරමින් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුරාධ ඒකනායක මහතා සහ හිනායා මහත්මිය විසින් මෙහෙයවනු ලැබීය.

දේශීය කෘෂිකර්මාන්තය, පැරණි කෘෂි උපකරණ, දේශීය වී වර්ග හා ගොයම් ශාක පිළිබඳ දැනුවත් කිරීම මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කෘෂි විද්‍යා ගුරු උපදේශක සහ පරිසර නියමු කලාප කොමසාරිස් සුසන්ත ජයසේන මහතා විසින් සිදු කරන ලදී.

පොල් කටු ආශ්‍රිත කර්මාන්තය සහ ඒ ආශ්‍රිත නිර්මාණ පිළිබඳ ප්‍රායෝගික හඳුන්වාදීම බියගම මාස් ක්‍රීඩා කැම්පස් ආයතනය නියෝජනය කරමින් ප්‍රියන්ත විජේරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

ආහාර පරිරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මීරිගම විදාතා මධ්‍යස්ථානයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරී චමිලා අමරසිංහ මහත්මිය විසින් පවත්වන ලදී.

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉදිරිපත් කළ මෙම වැඩසටහන තුළින් දරුවන්ට දේශීය දැනුම, තාක්ෂණික කුසලතා සහ පරිසර හිතකාමී ජීවන රටාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව උදා වූ අතර, ඔවුන්ගේ නායකත්ව කුසලතා, කණ්ඩායම් හැඟීම සහ පරිසර සංරක්ෂණය පිළිබඳ වගකීම් සහගත ආකල්ප වර්ධනය කිරීම සඳහා ද මෙය මහඟු පිටිවහලක් විය.

මෙම වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරිය – ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය නියෝජනය කරමින් පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ ඒකකයේ නිලධාරීන් සහභාගී වූහ.

🌱 දේශීය දැනුම සුරකිමු... පරිසර හිතකාමී අනාගතයක් ගොඩනඟමු 🌱

පරිසර දින සැමරුම හා පරිසර නියමු නිල ලාංඡන පැළඳවීම – 2026 💚💚2026 ජූනි මස 06 වන දින ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පරිසර දින ...
26/06/2026

පරිසර දින සැමරුම හා පරිසර නියමු නිල ලාංඡන පැළඳවීම – 2026 💚💚

2026 ජූනි මස 06 වන දින ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පරිසර දින සැමරුම හා පරිසර නියමු නිල ලාංඡන පැළඳවීමේ උත්සවය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ අධ්‍යක්ෂ සුමේධ සමරකෝන් මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මංගලා යටවර මහත්මිය, ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.

මෙහිදී පරිසර දින තේමාවට අදාළ විශේෂ දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මංගලා යටවර මහත්මිය විසින් පවත්වන ලද අතර, විද්‍යාලීය සිසුන් විසින් පරිසර සංරක්ෂණය පිළිබඳ පණිවිඩ රැගත් විවිධ කලාත්මක අංග ඉදිරිපත් කරන ලදී.

උත්සවයේ විශේෂ අවස්ථාවක් ලෙස පරිසර නියමු, හරිත වර්ණ, රජත වර්ණ සහ ස්වර්ණ වර්ණ පදක්කම්ලාභී සිසුන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම හා නිල ලාංඡන පැළඳවීම සිදු කරන ලදී.

එමෙන්ම, පරිසර සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික දායකත්වය ප්‍රදර්ශනය කරමින් විද්‍යාල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් ද සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන පරිසර නියමු කණ්ඩායම භාර හා කෘෂිකර්මය විෂයභාර කාංචන මදුරප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද අතර, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන්, මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂ සුමේධ සමරකෝන් මහතා, සහකාර අධ්‍යක්ෂිකා කුමාරි ප්‍රනාන්දු මහත්මිය, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් ඒකකයේ නිලධාරීන් සහ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අති සාර්ථකව පැවැත්විණි.

🌱 "පරිසරය සුරකිමු... හරිත අනාගතයක් ගොඩනඟමු!" 💚

Beach Cleanup Program in Commemoration of World Environment Day 🌱🌊🌎To mark World Environment Day, a beach cleanup progra...
25/06/2026

Beach Cleanup Program in Commemoration of World Environment Day 🌱🌊🌎

To mark World Environment Day, a beach cleanup program was conducted on 12th June 2026 along the coastal area near Poruthota Issanlellama Wadiya. The initiative was jointly organized by the Central Environmental Authority (CEA) – Gampaha District Office, Haycarb PLC, the Negombo Municipal Council, and Harischandra National School, Negombo.

The inauguration ceremony was attended by Mr. Sumedha Samarakoon, Director of the Central Environmental Authority – Gampaha District Office, Mr. Robert Henkenda, Mayor of the Negombo Municipal Council, Mr. Gominda, General Manager of Haycarb PLC, and several other distinguished guests.

Officers from the Central Environmental Authority – Gampaha District Office and Haycarb PLC, together with the Environmental Pioneer students of Harischandra National School and their teachers, actively participated in the cleanup campaign.

Financial sponsorship for the program was provided by Haycarb PLC, while the Negombo Municipal Council and Wattala Clean Tech (Pvt) Ltd assisted with the proper collection and disposal of the waste gathered during the event.

♻️ Let us all work together for cleaner beaches and a safer environment!

🌱🌊🌎

🌿 ජගත් පරිසර දින සැමරුම හා “හරිත නායක” වැඩසටහන පිහිටුවීම 🌿2026 ජූනි මස 10 වන දින, මධ්‍යම පරිසර අධිකාරිය – ගම්පහ දිස්ත්‍ර...
24/06/2026

🌿 ජගත් පරිසර දින සැමරුම හා “හරිත නායක” වැඩසටහන පිහිටුවීම 🌿

2026 ජූනි මස 10 වන දින, මධ්‍යම පරිසර අධිකාරිය – ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සහ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඒකාබද්ධව ජගත් පරිසර දින සැමරුම හා “හරිත නායක” වැඩසටහන පිහිටුවීමේ වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.

මෙහිදී, 2026 ජගත් පරිසර දින තේමාවට අදාළ දේශනය මධ්‍යම පරිසර අධිකාරිය – ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරී, රසායන විද්‍යා ආචාර්ය චිරංජය චතුරංග මහතා විසින් පවත්වන ලදී.

එමෙන්ම, වැඩසටහනට සමගාමීව විද්‍යාපීඨ පරිශ්‍රය තුළ රුක් රෝපණ වැඩසටහනක් ද සංවිධානය කරන ලද අතර, පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කිරීම ද සිදු විය.

වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරිය – ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂිකා කුමාරි ප්‍රනාන්දු මහත්මිය, ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී ඉදුනිල් ස්වන්ධාරච්චි මහත්මිය සහ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ ඒකකයේ නිලධාරීන් ද, සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය නියෝජනය කරමින් පීඨාධිපතිතුමිය, කථිකාචාර්ය මණ්ඩලය සහ ගුරු ශික්ෂණලාභීන් සහභාගී වූහ.

🌿 ජාතික පාරිසරික පනතට යෝජිත නව සංශෝධන සමඟ පරිසර ආරක්ෂාවට නව ශක්තියක් 🌿ක්‍රමවත් අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර සංරක්ෂණය සහ ආ...
23/06/2026

🌿 ජාතික පාරිසරික පනතට යෝජිත නව සංශෝධන සමඟ පරිසර ආරක්ෂාවට නව ශක්තියක් 🌿

ක්‍රමවත් අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර සංරක්ෂණය සහ ආරක්ෂාව ශක්තිමත් කරමින්, රටේ අනාගත සංවර්ධන සැලසුම් හා ප්‍රතිපත්ති ආරම්භයේදීම පාරිසරික සුරක්ෂිතතාව තහවුරු කිරීමට මෙම සංශෝධන මඟ පෙන්වයි.

🏙️ පිරිසිදු නගරයක්
🌱 හරිත පරිසරයක්
⚖️ නූතන හා ශක්තිමත් නීති රාමුවක්

අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත, තිරසාර සහ පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ වැදගත් පියවරක් ලෙස, ජාතික පාරිසරික පනතෙහි සිදු කිරීමට යෝජිත නව සංශෝධන පිළිබඳ ගම්පහ දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.06.23 දින මධ්‍යම පරිසර අධිකාරිය ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය විසින් සංවිධානය කරන ලදී.

මෙහිදී, යෝජිත සංශෝධන පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීම ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂ සුමේධ සමරකෝන් මහතා විසින් සිදු කරන ලද අතර, පනතට අදාළ නීතිමය වෙනස්කම් පිළිබඳ දැනුවත් කිරීම නීති නිලධාරී ශානිකා ලියනගේ මහත්මිය විසින් සිදු කරන ලදී.

වැඩසටහනේ අවසාන අදියරේදී, සහභාගි වූ පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා ලබාගනිමින් සාකච්ඡා වටයක් ද පවත්වන ලදී. එය ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂ සුමේධ සමරකෝන් මහතා, නීති නිලධාරී ශානිකා ලියනගේ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී අසේල රාජපක්ෂ මහතා සහ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ අනෙකුත් නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

🌿 තිරසාර සංවර්ධනය සහ පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් එක්වෙමු! 🇱🇰💚

🌱🌍

🌱 Tree Planting Program in Commemoration of World Environment Day 2026 🌱In celebration of World Environment Day, a tree-...
19/06/2026

🌱 Tree Planting Program in Commemoration of World Environment Day 2026 🌱

In celebration of World Environment Day, a tree-planting program was successfully conducted on 18th June 2026 at Dorowwa Maha Vidyalaya through a joint initiative of the Central Environmental Authority (CEA) – Gampaha District Office and Kelaniya Gurukula College.

The program was organized under the guidance of Mr. Sumedha Samarakoon, Director of the CEA Gampaha District Office.

50 fruit saplings required for the program were generously donated by Mr. Dharmawardhana Adhikari, Gampaha District Pioneer Commissioner and Assistant Principal of Kelaniya Gurukula College.

As part of the event, a special awareness session was conducted by Mr. Aruna Padmaperuma, School Environmental Programs Advisor of the Ornithology Studies Unit, University of Colombo. The session highlighted the importance of establishing fruit gardens and educated students on the ecological significance of various plant and bird species.

Participants included Mrs. Kumari Fernando, Assistant Director of the CEA Gampaha District Office, together with officers of the Environmental Awareness Team, the Principal, teachers, students, and parents of Dorowwa Maha Vidyalaya, Mr. Dharmawardhana Adhikari, Gampaha District Pioneer Commissioner, and a delegation of Gold Medal Award-winning students from Kelaniya Gurukula College.

Together, we continue to promote environmental stewardship and contribute to a greener and more sustainable future for generations to come. 🌿

17/06/2026

ඔබෙත්, රටෙත් අනාගතය වෙනුවෙන් - යාවත්කාලීන වූ නීතිමය රැකවරණයක්!

පරිසරය සුරැකීම යනු තවදුරටත් තේරීමක් නොව, අප සැමගේම වගකීමකි.

ජාතික පාරිසරික පනතේ සිදු කිරීමට යෝජිත නව සංශෝධනයන් හරහා, ක්‍රමවත් අපද්‍රව්‍ය කළමනාකරණයේ සිට පාරිසරික ආරක්ෂාව සහ සංරක්ෂණය දක්වාත්, රටේ ඉදිරි නව සැලසුම් හා ප්‍රතිපත්ති මූලාරම්භයේ සිටම පරිසර සුරක්ෂිතතාව තහවුරු කිරීම දක්වාත් සෑම ක්ෂේත්‍රයකටම අලුත් රැකවරණයක් ලැබෙනු ඇත.

පිරිසිදු නගර.
හරිත පරිසරයක්.
නූතන නීති රාමුවක්.

🌿 ජගත් පරිසර දින සැමරුම – 2026 🌿හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, මීරිගම2026 ජූනි 05 දිනට යෙදුණු ජගත් පරිසර දිනය නිමි...
10/06/2026

🌿 ජගත් පරිසර දින සැමරුම – 2026 🌿
හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, මීරිගම

2026 ජූනි 05 දිනට යෙදුණු ජගත් පරිසර දිනය නිමිත්තෙන්, “දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු” යන තේමාව යටතේ, මධ්‍යම පරිසර අධිකාරිය – ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය, හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සහ නෙප්චූන් පේපර්ස් ආයතනය ඒකාබද්ධව විශේෂ වැඩසටහනක් සංවිධානය කරමින් ජගත් පරිසර දිනය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

මෙහිදී කථිකාචාර්ය ඩබ්.ඒ.ඩී.ඒ. උදේනි මහත්මිය විසින් පරිසර සංරක්ෂණය හා දේශගුණික විපර්යාස පිළිබඳ හරවත් දේශනයක් පවත්වන ලදී.

එමෙන්ම, නෙප්චූන් පේපර්ස් ආයතනය විසින් ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරමින්, ගුරු ශික්ෂණලාභීන්ගේ පරිසර හිතකාමී කසළ කළමනාකරණ කටයුතු සඳහා කසළ බඳුන් පරිත්‍යාග කරන ලදී.

වැඩසටහනට සමගාමීව,
📜🌿 හරිත නායක සහතික පත් ප්‍රදානය
🎨 චිත්‍ර ප්‍රදර්ශනයක්
🌳 රුක් රෝපණ වැඩසටහනක්
🎭 පරිසර දින තේමාව ඔස්සේ විවිධ කලා අංග ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරිය – ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂිකා කුමාරි ප්‍රනාන්දු මහත්මිය සහ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ ඒකකයේ නිලධාරීන් ද, නෙප්චූන් පේපර්ස් ආයතනය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කළමනාකරු මංගල ප්‍රනාන්දු මහතා ද, හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය නියෝජනය කරමින් පීඨාධිපතිතුමා, කථිකාචාර්ය මණ්ඩලය සහ ගුරු ශික්ෂණලාභීන් ද සහභාගී වූහ.

☘️ ලෝක පරිසර දින සැමරුම 2026 ☘️ලෝක පරිසර දිනයට සමගාමීව මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පරිසර දින...
10/06/2026

☘️ ලෝක පරිසර දින සැමරුම 2026 ☘️

ලෝක පරිසර දිනයට සමගාමීව මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පරිසර දින පාගමන සඳහා මීරිගම කොට්ඨාශය තුළ පරිසර නියමු වැඩසටහන් සක්‍රීයව ක්‍රියාත්මක වන පාසල්වල පරිසර නියමු දරු දැරියන් සහභාගී වූහ.

මෙම පාගමනේදී විවිධ පරිසර තේමාවන් යටතේ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් සිදු කරමින් පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ සමාජය දැනුවත් කිරීමට පරිසර නියමු දරු දැරියන් සුවිශේෂී දායකත්වයක් ලබා දුන්හ.

එමගින් පරිසරය සුරැකීම, ස්වභාවික සම්පත් සංරක්ෂණය සහ හරිත අනාගතයක් ගොඩනැගීම සඳහා සමාජයේ සියලු දෙනාගේ වගකීම අවධාරණය කරමින් වැදගත් පණිවිඩ රැසක් ජනතාව වෙත ගෙන යාමට හැකි විය.

Address

No: 184/1, Kandy Road, Yakkala
Gampaha
11870

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94332232201

Alerts

Be the first to know and let us send you an email when Central Environmental Authority - Gampaha District Office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Central Environmental Authority - Gampaha District Office:

Shortcuts

Share