Pin Kethe Api - පින් කෙතේ අපි.

Pin Kethe Api -  පින් කෙතේ අපි. පිනෙන් පිරුණු සොදුරු ඡිවිතයකට ! ! !

කකුසද බුදුරඡුන් හට ඕඡ දීපය ලෙසින්,
කෝණාගම බුදුරඡුන් හට වර දීපය ලෙසින්,
කස්සප බුදුරඡුන් හට මණ්ඩ දීපය ලෙසින්,
ගෞතම බුදුරඡුන් හට සිහල දීපය ලෙසින්
පිදුම් ලද මේ පින් කෙතෙහි...

'අපි' වනාහී...ඒකාකාරි ඡිවිතයෙන්, රුකියාවෙන් සහ කාර්යබහුල ඡිවිතයෙනේ මදකට හෝ මිදි..,

පිනෙන් පිරුණු සොදුරු ඡිවිතයකට සුන්දර පුණ්ය්‍ය ධර්මයන් රැස්කර ගැනීම සදහා එකතු වු සුන්දර මිතුරුන්ගේ එකමුතුවයි...

පිනෙන් පිරුණු සොදුරු ඡිවිතයකට !

! !

►Pin Kethe Api - පින් කෙතේ අපි....
►►https://www.facebook.com/PinKetheApi
►►https://www.youtube.com/user/SamanaChaya

අපේ රටටත් ඉස්සරහට එල්නිනෝ තත්වයක් එන බව හැමෝම කතා වෙනවා..වැස්ස නැතුව දුර්භික්ෂ කාලෙකට මූණ දෙන්න සමහර විට සිද්ධ වේවී..හැබ...
20/06/2026

අපේ රටටත් ඉස්සරහට එල්නිනෝ තත්වයක් එන බව හැමෝම කතා වෙනවා..වැස්ස නැතුව දුර්භික්ෂ කාලෙකට මූණ දෙන්න සමහර විට සිද්ධ වේවී..

හැබැයි එල්නිනෝ නෙවෙයි,මොන මහා සාගත ආවත් එකේන් බෙරෙන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා..මහා ලොකු අමාරුවක් නැති හරි ලේසි ක්‍රමයක්..
අතීතයේ බැමිණිතියා සාගතය කාලේ මුලු ලංකාවටම ආහාර නැති වෙද්දි, ලංකාවේ එක් භික්ෂුවකට දෙවිවරුන්ගෙනුත් දානේ ලැබුනා..

දානයක් දෙනකොට සිත් තුනක් පහල වෙනවා..අපි ඒකට කියනවා "තුන්සිත පහදවාගෙන" දන් දෙනවා කියලා..

දන් දෙන්න කලින්, දානෙ දෙනකොට සහ දන් දුන්නට පස්සේ පහල වෙන්නේ මේ සිත් තුනයි.
මෙකෙන් දානේ දුන්නට පස්සේ පහල වෙන සිතට කියනවා "අපර චේතනාව" කියලා.

ඉස්සර අනුරාධපුරේ උන්නු මනුස්සයෙක් රජ්ජුරුවන්නේ රාජකාරියකට මුගලයින් රට කියන පළාතේ මාළු අල්ලන උදවිය වාසය කරන කෙවුල් ගමට ගියා..

‘හා… අපේ රජ්ජුරුවන් වහන්සේගේ සේවක කෙනෙක්’ කියලා ඒ කෙවුල්ගමේ මිනිස්සු අර උන්දෑට බොහෝ ම සැලකුවා. හොඳ හැටියට රා බොන්ට දුන්නා. උන්දැත් හොඳට පදං වෙනකල් රා බීවා. කෙළි සෙල්ලම් කොළා.

පහුවෙනිදා උදේ මිනිහාට හොඳටෝම බඩගිනියි. “අනේ බොලල්ලා…. කොටාබාන්ට මක්කවත් නැද්දැයි කියා ඇසුවා..
එතකොට ඒ මිනිස්සු ‘මේ අපේ රජ්ජුරුවන්නේ දූතයා නොවැ’ කියලා ඇල් හාලේ බතක් පිසලා ගිතෙල් දමා ප්‍රණීතව පිසගත් කුකුල් මස් වෑංජනයක් එක්ක බත් දුන්නා.

ගිතෙල් දාලා හදාපු මස් වෑංජනේ සුවඳට ඉව කොරාන එතැනට බැල්ලියක් ආවා. මේ බැල්ලී දැක්ක ගමන් අර මිනිහාට කේන්ති ගියා.

“හනේ… නිදකිං…. මං මේ බඩගින්නට බත්ගුලියක් ඇණුවා විතරයි… මේ… බැල්ලියක් ඇවිත්…!” කියා බැල්ලිට ගසන්ට වට පිට බැලුවා. අතට අහුවෙන මොකවත් නෑ. තමන් කන්ට අනාපු බත් ගුලියෙන් ගැහුවා. එතකොට ඒ බැල්ලි ඒ බත් ගුලිය මහා සතුටින් කෑවා. අර රාජ සේවකයාත් ඉතිරි බත් කන්ට ගත්තා. එතකොට උන්දැට තමන් බැල්ලිට දමා ගැසූ බත් ගුලිය ගැන මතක් වුණා.

“ඔව්… හරි අගේ ඇති මස් රසයෙන් යුතු බත් පිඬක් නොවැ මං බැල්ලිට විසික්කා කොළේ..
ඒකි හරි සතුටින් බත් පිඬ කෑවා….
බොහෝ ම අගෙයි. මං ඒකෙන් කොළේ යහපත් දෙයක්” කියලා සිත පහදා ගත්තා.

දැන් මෙයාට තුන් සිතෙන් පහදව ගන්න පුලුවන් වුනේ අවසාන සිත විතරයි.දන් දුන්නට පස්සේ විතරක් සතුටු වුනා.

මේ මනුස්සයා අනුරාධපුරේට හැරී එද්දී අතරමග දී සොර මුළකට අහුවෙලා මැරුම් කෑවා. ඊට පස්සේ උන්දෑ මහලවෙහෙර කියන විහාරෙ සමීප නිවසක මනුස්ස ආත්මයක් ලැබුවා..
දෙමාපියෝ මේ පුත්කුමාරයාට ‘සංඝදත්ත’ කියලා නම තිබ්බා. මේ කොලු පැංචා ලොකු වෙලා මහලෙණ විහාරය කියන විහාරෙට ගොහින් පැවිදි වෙලා බුද්ධ සෑසනේට ඇතුළු වුණා.

ඉතින් දැන් මේ සංඝදත්ත තෙරුන් බොහෝ ම හොඳින් වත්පිළිවෙත් පුරනවා.. ගුණදහම් වඩනවා. කලක් ගතවෙද්දී පුතේ ලංකාවට බැමිණිතියා සාගතය ආවා.. ජීවත් වෙන්ට විදිහක් නැති මිනිස්සු ගම්බිම් දාලා ගියා.. උපාසකවරු සංඝදත්ත තෙරුන්ට ඔවුන් එක්ක යන්ට කතා කොළා..

“අනේ උපාසකවරුනේ… මං මේ බෝධීන් වහන්සේ, දාගැප් වහන්සේ වන්දනා කොරගෙන මට ඇහැක් විදිහට වත් පිළිවෙත් කොරාන ඉන්නම්. මට එහෙම මැරෙන එක සැපක්.”

දැන් ගමේ කව්රුත් නෑ. හැමෝම ගියා. මේ තෙරුන්නාන්සේ විතරක් ඉතිරි වුණා..පසුවදා තෙරුන්නාන්සේ දාගැප් බෝමළු ඇමදලා වත් පිළිවෙත් කොරලා සිව්රු පොරවාගෙන පාත්තරේ අතට ඇන්න කල්පනා කොළා. සිඬු සිඟා යන්ට තැනක් නෑ..ගල්ලෙනේ දොරකඩට වෙලා හිටගෙන උන්නා.

ඔය ගල්ලෙන ළඟ රුකේ වෘක්ෂ දේවතාවෙක් උන්නා..එතකොට ඒ දේවතාවා මනුස්ස වේශයක් ඇන්න මේ තෙරුන්නාන්සේ ළඟට ඇවිත් මෙහෙම කීවා..

“අනේ ස්වාමීන් වහන්ස, පිණ්ඩපාතෙට කොහේවත් වඩින්ට ඕනෑ නෑ. හැමදාම ඔය විදිහට පාත්තරයත් අරං මෙතැනට වඩින්ට. මං දන්පැන් පුදන්නම්. තමුන්නාන්සේ සුව සේ මහණදම් පුරාගන්ට. මට ඒ ඇති.”

එතකොට තෙරුන්නාන්සේ නිශ්ශබ්ද වුණා. ඉතින් ඒ වෘක්ෂ දේවතාවා දොළොස් අවුරුද්දක් තෙරුන්නාන්සේට උපස්ථාන කළා..

සෙල්ලන් නෑ..බල්ලට දුන් එක බත්පිඩට අවුරුදු 12ක් දෙවියන්ගෙන් දානේ ලැබුනා..කොහොමද හිත පහදවාගෙන දන් දෙන එකේ පවර් එක...

දවසක් භාවනානුයෝගීව හුන් තෙරුන්නාන්සේට මෙහෙම කල්පනා වුණා. ‘දැන් සෑහෙන කලක් තිස්සේ ලංකාවාසීන් මහත් දුක සේ කෑමක් බීමක් නැතිව ඉන්නවා. දාන මාන නැතිව භික්ෂූන් වහන්සේලාත් ඒ ඒ තැන විසිර වැඩියා..නමුත් මේ දේවතාවා මට හොඳ ප්‍රණීත දානයෙන් උවටැන් කරනවා.. මං ඒකාන්තයෙන් පෙර ආත්මෙක බුදු පසේබුදු මහරහත් නමකට දානාදියෙකින් උපස්ථාන කොරන්ට ඇති. නැතිනම් මට මෙහෙම පහසුවක් ලැබුණේ කොහොමෙයි.”

එදා දේවතාවා තෙරුන් ළඟට උපස්ථානයට ආවා. එතකොට තෙරුන්නාන්සේ දෙවියාගෙන් මෙහෙම ඇසුවා.

“ප්‍රිය දේවතාවෙනි, දැන් බලන්ට. ඔහේ මට බොහෝ ම ගරු සරු ඇතිව දන්පැනින් උවටැන් කොරනවා නොවැ. දේවතාවුන් වහන්සේලාට පූරුවේ උප්පැත්ති පේනවා නොවැ. මං මේ සා සැලකිලි ලබන්ට පූරුවේ ආත්මේ කළ පින මොකක්දැයි කියා මට කියන්ට ඇහැකි ද?”

“ස්වාමීන් වහන්ස, ලොව්තුරා බුදුරජාණන් වහන්සේනමකට වේවා, පසේබුදුරජාණන් වහන්සේනමකට වේවා, අර්හත් උතුමෙකුට වේවා පුදන ලද දානයේ විපාක ගැන නම් දෙවි වූ අපටවත් කියන්ට බැරිතරම් මහා අනුහස් බලයෙන් යුක්තයි. නමුත් තමුන්නාන්සේගේ කලින් ආත්මේ කළ ඉතා ම ස්වල්ප පිනක් මට පේනවා. මං ඒ ගැන කියන්නං.

ඒ දෙවියා උන් වහන්සේගේ පෙර ජිවිතේ ගැන කිව්වා..

“අහෝ! දානය කියන්නේ මේ තරම් ආශ්චරිය දෙයක් ද. මං මේ පූරුවේ ආත්මේ බැල්ලිකට දමා ගැසූ බත්පිඬ ගැන අපර චේතනාවෙන් සිත පහදවා ගෙන මෙහෙම විපාක ලැබුවා නම් බුදු පසේබුදු මහරහතුන්ට, සිල්වත් සඟරුවනට දුන් දානයේ විපාක කොහොම ඇද්ද…!” කියා සතුටු වෙවී සිත සමාධිගත කොට විදර්ශනා වඩා අරහත්වයට පත් වුණා.

දැක්කා ද ප අපර චේතනාව මුල් වෙලා කර්ම විපාක දුන් හැටි. ඒ නිසා පුතේ දානයක දී අපි දන් දෙන්ට කලිනුත්, දන් දෙන අවස්ථාවේත්, දන් දුන්නාට පස්සෙත් කියන මේ තුන් අවස්ථාවේ ම සිත පහදා ගන්ට ඕනෑ..ඒ වගේම පුලුවන් කාලෙත් අමාරු කාලෙත් දන් දෙන්න ඔනී..

මහා දුර්භික්ෂ මැද උනත් ඒ පින විපාක දෙනවාමයි..🙏

Rangana Ruwanpura 🙏

මේ සසර හරි පුදුමාකාරයි..මේ ජිවිතේ අපි මැරෙන විදිය පෙර ජිවිතේක කර්මයක් විසින් තීරණය කරලා ඉවරයි..අපි මැරෙන්නේ පිච්චිලා අඟු...
08/06/2026

මේ සසර හරි පුදුමාකාරයි..
මේ ජිවිතේ අපි මැරෙන විදිය පෙර ජිවිතේක කර්මයක් විසින් තීරණය කරලා ඉවරයි..

අපි මැරෙන්නේ පිච්චිලා අඟුරු වෙලාද,..
වතුරේ ගිලිලද,..
හැප්පිල කුඩු වෙලාද කියලා දැනටමත් තීරණය වෙලා ඉවර ඇති..
ඒත් අපි දන්නේ නෑ..

අර මහලු නිවාසේ 70ගානක් ඉද්දි, 10ක් විතර එකට පිච්චිලා මැරෙනවා..අඩුම ගානේ පිච්චෙච්ද්දි දුවන්නවත් බෑ..අත්පා ගැටගහලා..
උබලට බෙරෙන්න බෑ..උබලා පිච්චිලාම මැරෙන්න ඔනී කියලා කර්මයෙන් තීරණය කරලාවත්ද??

බුද්ධ කාලේ හිටියා උදේනි කියලා රජෙක්..
මෙයාට හිටියා අග්‍ර බිරින්දෑවරු තුන් දෙනෙක්..
මේ තුන් දෙනා තමයි..
🔹වාසුලදත්තා,
🔹මාගන්ධියා
🔹සාමාවතී
"උදේනි "රජු මේ අයගෙන් "සාමාවතියට" විශේෂ ආදරයක් දැක්වූවා..මේ "සාමාවති "පෙර ජිවිතේක කරපු කර්මයක් නිසා මේ ජිවිතේ ගිණි අරගෙන අඟුරු වෙලා මැරෙන්න තීරණය වෙලා ආපු කෙනෙක්..
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ තරුණියන් දෙදෙනෙක් ඉපදිලා හිටියා..

දවසක් මේ දෙන්නා ආරණ්‍යයේ ඉද්දි, බුදුරජාණන් වහන්සේ ගිහි උපාසිකාවන් දෙදෙනෙකුට අග තනතුරු දෙකක් දෙනවා දැක්කා..
මේ තරුණියන් දෙන්නත් ආස කලා සසරේ කවදා හරි බුද්ධ සාසනයක අග්‍ර උපාසිකා තනතුරු ලබන්ම..ඒක හිතේ තියාගෙන මේ දෙන්නම පිං කලා..
මරණින් මත්තේ කල්ප ලක්ෂයක් දෙව් මිනිස් ලොව සැරිසලා ගෞතම බුද්ධ සාසනයේ උපත ලැබුවා..

ඔයාලා අහලා ඇති "ඝෝෂක" සිටුතුමා ගැන..
පෙර ජිවිතේක බල්ලෙක් වෙලා ඉදලා පසේ බුදුරජාණන් වහන්සේට පාර පෙන්නලා ඒ පිනෙන් මහා සිටුවරෙක් වුනා..

මේ "ඝෝෂක" සිටුතුමාගේ කිරිමවගේ කුසේ එක් තරුණියක් පිළිසිඳ ගත්තා...ඇයට නම් තැබුවා "උත්තරා" කියලා..ටිකක් ලොකු වෙනකොට ඇය කුදු වුනා.. ඒ නිසා ඇයට "කුජ්ජුත්තරා" කියලා කියන්න පටන් ගත්තා..

ඇය කුදු වෙන්නත් සසරේ කරපු අකුසලයක් තිබ්බා..පෙර ජිවිතයක එක්තරා කුදු වූ පසේබුදුරජාණන් වහන්සෙගේ කාලයේ ඇය ඉපදිලා හිටියා..
දවසක් මේ කුදු වූ පසේබුදුන් වහන්සේ දැකලා ඇය උන් වහන්සේට විහුලු කලා..එකේ විපාක විදියට තමයි මේ ජිවිතේ කුදුවෙලා ඉපදුනේ..
ඝෝෂක සිටුතුමාට වෙන නගරයක යාලුවෙක් හිටියා "භද්දවතිය" කියලා..මේ භද්දවතිය සිටුතුමා ලග අනිත් තරුණිය උපත ලැබුවා..
ඇයට නම් තිබ්බා "සාමා" කියලා..

"සාමා" තරුණ වයසට එද්දි ඒ නගරේ දරුණු වසංගත රෝගයක් හටගත්තා.. මේ වසංගතයෙන් ජිවිත බේර ගන්න භද්දවතිය සිටු තුමා,තම බිරිඳ සහා සාමා දියණිය එක්ක ඝෝෂක සිටුතුමා ලගට යන්න හිතා ගත්තා..
මේ ගමනෙදි සාමා ගේ පියාත්,අම්මත් මරණයට පත් වුනා..ඉතුරු උනේ සාමා විතරයි..ඇය ඝෝෂක සිටුතුමා ලගට ගිහින් විස්තරේ කිව්වා.. ඝෝෂක සිටුතුමා විස්තරේ අහලා තමන්ගේ මිත්‍රයා ගැන බොහෝ දුක් වුනා..

""දුව, මා මිත්‍ර භද්දවතිය ගේ දියණිය මගේම දියණිය වගේ..ඒ නිසා අද පටන් නුඹ මාගේ දියණිය ලෙස මේ මාලිගාවෙම ඉන්න..""
ඝෝෂක සිටුතුමා සාමා ව තමන්ගේ දුව විදියට තියා ගත්තා..මේ සිටු මැදුරේ හැමදාම දහස්ගානකට දානේ දෙනවා..එන සෙනග පොරකන නිසා සිටු මැදුරේ කනක් ඇහිලා ඉන්න නෑ..හරි සද්දෙයි..
සාමා දවසක් මේ සෙනග දිහා බලන් හිටියා..මේ සෙනග පොර කන එක නවත්තන්න උපායක් කල්පනා කරලා ප්‍රධාන ඇමතියාට කිව්වා..
"ඇමතියනේ, ඔබ මේ දන්හලට එන්න එක කුඩා දොරක් පමණක් තියන්න..ඒ එන අයට එලියට යන්න වෙනම තව කුඩා දොරක් තියන්න"
ඇමතියත් ඒ විදියට දොරවල් දැම්මා..එදා ඉදන් සිටුමැදුරේ කිසි සද්දයක් නෑ..හැමෝම පොරකන්නේ නැතුව දානේ අරගෙන පිටවෙලා ගියා..
සද්දේ නැති නිසා ඝෝෂක සිටුතුමා කලබල වුනා..ඔහු ඇමතියා ගෙන්නුවා..
මොකෝ ඇමති මේ? ඇයි දන් දෙන එක නැවැත්තුවේ??
සිටුතුමනි දන් දෙන එක නැවැත්තුවේ නෑ..
එහෙනං මොකද මේ දන් හලේ සද්දේ නැත්තේ??
සිටුතුමනි, අපේ "සාමා" සිටු දියණිය ඒ සද්දේ නැති කලා නොවැ..
ඝෝෂක සිටුතුමා තම දියණියගේ නුවණ ගැන සතුටු වුනා..ඔය අතරේ උදේනි රජතුමා දවසක් නගර සංචාරේ යනකොට මේ සාමාවතී ව දැක්කා.. දැකලා ඇයව තමන්ගේ අන්තපුරයට ගෙන්න ගත්තා..

ඇයගේ සේවිකාව් උනේ "ඛුජ්ජුත්තරා" යි..
දවසක් මේකු "කුජ්ජුත්තරා" බුදුරජාණන් වහන්සේඑගෙන් බණ අහලා සෝවන් වුනා..
ඇය රජමාලිගාවට ගිහින් සාමාවතිය ඇතුලු 500ක් අන්තප්පුර ස්ත්‍රීන්ට බණ කිව්වා..

කුදු වූ සේවිකාවගේ බණ අහලා එදා සමාවතිය ඇතුලු 500ම සෝවාන් වුනා..
"උදේනි" රජතුමා බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් නෙවෙයි.."මාගන්ධියාත්" බුදුරජාණන් වහන්සේ කෙරෙහි බද්ධ වෛරයෙන් හිටපු කෙනෙක්..මේ නිසාම සාමාවතිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති පැහැදීමට මාගන්ධියා කැමති වුනේ නෑ.. ඇය ඒ නිසාම සාමාවතිය සහ උදේනි රජතුමා බිඳවන්න කටයුතු කලා..

ඇය උදේනි රජතුමා ලගට ගිහින් මෙහෙම කිව්වා..
"රජතුමනි, ඔයා සාමා ඔබට ඇති ආදරයක් නෑ.."
"ඇයි සොඳුරිය එහෙම කියන්නේ??"
"මං කියන්නේ ඇත්ත..ඇය ඔබට වඩා ආදරේ බුදුන්ට.. බොරු නං ඇයට පණ තියෙන කුකුලන් ටිකක් යවලා ඔබතුමාට උයලා දෙන්න කියන්නකෝ.. "
උදෙනී රජතුමාත් පණ තියෙන කුකුලන් 08ක් සාමාවතියට යැව්වා උයලා දෙන්න කියලා..ඇය ඒකට කිසිසේත් කැමති වුනේ නෑ..රජතුමාට කිව්වා ඇය ප්‍රාණඝාතය කරන්නේ නෑ කියලා..
මාගන්ධියා උදේනි රජුට ලගට ගියා..
"දැක්කා නේද රජතුමනි,මං කිව්වා නේ ඔය සාමා ඔබවහන්සේට ඔය මස් උයලා දෙන්නේ නෑ කියලා..
දැන් තව කුකුලන් ටිකක් යවලා ඒක බුදුන් ට හදලා දෙන්න කියන්නකෝ...ඕකී අනිවාර්‍යෙන් හදලා දෙනවා.."

රජු තවත් කුලුල්ලු 8ක් යැව්වා සාමාවතියට..
හැබැයි මාගන්ධියා ඒ කුකුල්ලු ටික මරලා, ඒ මස් ටික තමයි යැව්වේ..
සාමාවතිය මේ මොකුත් නොදැන මස් පිසවලා බුදුරජාණන් වහන්සේට පූජා කලා..

මාගන්ධියා මේක ගිහින් උදේනි රජතුමාගේ කනේ තිබ්බා..හැබැයි උදේනි රජු සාමාවතියට ඇති ආදරේ නිසා ඇය එක්ක අමනාප වුනේ නෑ..
උදේනි රජතුමා මේ ප්‍රධාන බිසවුන් තුන් දෙනා ගාවට දවස් හත බැගින් යනවා..රජතුමා එහෙම යනකොට වීණාවක් අරගෙන යනවා..දවසක් රජතුමා සාමාවතිය ලගට ගිහින් එනකොට ඒ වීණාව ඇතුලට "නාගයෙක්" දැම්මා..
රජතුමා මොකුත් නොදැන මාගන්ධියා ලගට ආවා..ඇය ටික වෙලාවකින් අර වීණාව අරගෙන හෙලෙව්වා..එතකොට එකපාරම අර නාගය පිටතට ආවා..
"බලන්න රජතුමනි,අර සාමා අපි දෙන්නවම මරන්න මේක ඇතුලට නයෙක් දාලා..අපිව මරලා බුදුන් එක්ක ඉන්න තමයි ඔකීට ඔනී කරන්නේ.."
මේ කතාවෙන් රජතුමා හොදටම කිපුනා..වහාම ගිහින් සාමාවතිය ඇතුලු පිරිසට එන්න කියන්න කිව්වා..

සාමාවතිය දැනගත්තා,රජතුමා මාගන්ධියාගේ බසට කිපිලා ඉන්නේ කියලා..ඇය පිරිසට කිව්වා රජු කිපිලා ඉන්නේ ඒ නිසා රජු කෙරෙයි මෛත්‍රි චිත්තය පතුරවන්න කියලා..

රජු සියල්ල මරවන්න හිතාගෙන විස පොවපු ඊතල අරගෙන දුන්න මානගෙන සාමාවතියට විද්දා..
ඇගේ මෙත් සිතේ බලයෙන් ඊතලය ආපසු හැරී රජුගේ පපුව ලඟ නැවතුනා..රජුගේ ඇඟම පන නැතුව ගියා..දාඩිය දැම්මා..ඇඟ වෙව්ලන්න පටන් ගත්තා..

ඔන්න බල්න්න මෙත් සිතක අසිරිය..රජු සාමාවතිය ලඟ වැඳවැටුන..
"අනේ සාමා මං වරදක් කලා..මාව බේරගන්න.."
"රජ්තුමනි, භය වෙන්න එපා..මං ඔබව බේරගන්නම් ..ඔබ එහෙනං බුදුන් සරණ යන්න.."

එදා ඉදන් රජතුමාත් බුදුරජාණන් වහන්සේ සරණ ගියා..සාමාවතිය එක්ක එකතු වෙලා දන්පැන් දුන්නා..ශ්‍රද්ධවන්ත රජෙක් වුනා..
හැබැයි මාගන්ධියා මේකෙන් තවත් කිපුනා..
ඇය සාමාවතිය මරවන්න අවසන් සැල්ස්ම ක්‍රියාත්මක කලා..
සාමාවතියගේ මලිගාවේ දොරවල් ඔක්කොම වැහුවා.. මාලිගවේ කණු වල රෙදි බැඳලා ඒවට තෙල් දැමුවා..වටේම පිදුරු දාලා ගිණි තිබ්බා..දැන් මුලු මාලිගාවම ගිණි ගන්නවා..

සාමාවතිය ඇතුලු 500ක් දෙනා එලියට යන්න දොරවල් ඇරල් බැලුවා..එකක්වත් ඇරෙන්නේ නෑ..
සාමාවතිය පිරිසට කතා කලා..

""පින්වත් නැගණිවරුනි, ඉපදීම නිසා මූණ දෙන්නට සිදුවන මරණයටයි දැන් අපි මූණ දෙන්නේ. කිසි කෙනෙක් මේ වටේ ඇවිලෙමින් එන ගිනි දැල්වලට භය වෙන්න එපා. මෙයට වඩා දරුණු ගිනි දැල් වලින් පව් කළ උදවිය අපායෙහි වෙළෙනවා. මේ ගිනි දැල් වලින් පිච්චෙන්නේ මේ කුණු ශරීරය විතරයි. එක්කෙනෙක් වත් ද්වේෂ ගින්න, ක්‍රෝධ ගින්න, වෛර ගින්න මේ සිත තුළ අවුලූවා ගන්න එපා. මේ සිත නිවන ධර්මය අපට මුණ ගැසුණා. අපි බුදුරජාණන් වහන්සේගේ දියණිවරු. ඒ නිසා ශාස්තෘන් වහන්සේගේ ගමන් මාර්ගයේ අපි ගමන් කරමු..""

ඔවුන් සියලු දෙනා පිච්ච්චිලා අඟුරු වෙලා මැරුනා..
පිච්චෙද්දිත් මෛත්‍රිය වඩපු නිසා
සමහරු සකෘදාගාමි වුනා.. සමහරු අනාගාමි වුනා..ඒ සියලු දෙනාම බඹ ලොවත්,දෙව්ලොවත් පමණක් උපත ලැබුවා..
උදේනි රජු සාමාවතිය ගේ මරණය අහලා කම්පා වුනා..මගන්ධියා කල බව දැනගෙන ඇය ඇතුලු ඇයගේ ඥාතීන් සියලු දෙනා මරවා දැමුවා.
දවසක් දම්සභා මණ්ඩපයේදි සාමාවතියගේ මරණය ගැන කතා වුනා..භාග්‍යවතුන් වහන්සේ විසින් සාමාවතියගේ මෙත් සිත ගැන ප්‍රසංසා කොට ඇයව ගෞතම බුද්ධ සාසනයේ "මෛත්‍රි සහගත පැවතුම් ඇති උපාසිකාවන් අතරේ අග තනතුරේ තැබුවා.."

කල්ප් ලක්ෂයක් පෙරුම් පුරාගෙන ඇවිල්ලා ගෞතම බුදු සසුනේ අගතනතුරු ලැබෙනකොට සාමාවතිය අඟුරු වෙන්න දැවිලා මියගිහින් ඉවරයි..500ක් එක්ක පිච්චිලා මැරෙන්න තරං ඔවුන් කල කර්මය මොකක්ද???
අතීතයේ සාමාවතිය සහ මේ 500දෙනා බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් ලඟ අන්තප්පුර ස්ත්‍රීන් ලෙස ඉපදිලා හිටියා..

එකල පසේ බුදුවරුන්ගේ යුගයක්..
එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් මේ උයනේ වැඩ හිටියා..රජතුමා ඇතුලු මේ තරුණියන් ඉතා ශ්‍රද්ධාවෙන් උන්වහ්න්සේට උපස්ථාන කලා..
දවසක් මේ පිරිස උයනට ගියා දිය නාන්න..සැහෙන වෙලාවක් නාලා හවස් වෙලා ගොඩට ආවා..සීතල් නිසා මේ අය හිතුවා කැලේ කොල එකතු කරලා ගිණි මැලයක් ගහන්න..

මේ අය කොළ එකතු කරලා ගිණි ගොඩ ගැහුවා..
හැබැයි ඒ කොළ ගොඩ ලඟ පසේ බුදුරජාණන් වහන්සේ සමාපත්ති සුවයෙන් වැඩ හිටියා..කොළ ගිනිගන්නකොට අර ස්ත්‍රීන් ටික දැක්කා පසේ බුදුන් කොළගොඩ මැද වැඩ ඉන්නවා..

හයියෝ අපි නැසුනා..අපේ පසේ බුදුන් පිළිස්සේනවා..අපේ රජතුමා දැක්කොත් අපටත් නැසෙන්න තමයි වෙන්නේ..

මෙහෙම් හිතලා ඒ ස්ත්‍රීන් 500ම එකතු වෙලා තව කොළ දාල පසේබුදුන්ව වදක චිත්තයෙන් ගිණි තිබ්බා..ගිණි තියලා සද්ද නැතුව යන්න ගියා.
හැබැයි පසේ බුදුන් වහනේ සමාපත්ති සුවයෙන් වැඩ සිටි නිසා ගිණි ගත්තේ නෑ..උන් වහන්සේ දින හතකින් සමවත් සුවයෙන් නැගිටලා සුවසේ වැඩියා..
හැබැයි අර ස්ත්‍රීන් 500ම පසේබුදුන් වහන්සේ මරණ අදහසින් වදක චිත්තයෙන්ම ගිණි තිබ්බ නිසා, ඒ සියලු දෙනාම ආත්ම 100ක් පිච්චිලා මියගියා..
බුද්ධ සාසනයක අග තනතුරක් ලැබෙන්න පතාගෙන ආවත්, පසේ බුදු කෙනෙකුන්ව වදක චිත්තයෙන්ම ගිණි තෑබු කර්මය ප්‍රභල වුනා..
හැබැයි සාමාවතිය ඇතුලු 500ක් පිරිස සසරේ අන්තිම වතාවට ගිණි ගන්න ඇති...

ඒත් අපි හෙට මොන් විදියකයට මැරෙන්න ඉන්නවාද කියලා කව්ද දන්නේ??
ධම්මපද අටුවාව ඇසුරෙනි..

Rangana Ruwanpura

28/05/2026

කෙලෙස් දුරැ වූ බව දකින්නේ
ආසවක්ඛය ඤාණයයි ඒ
හේතු සහිතව එය ලබන්නේ
තණ්හාව නැති වීමමයි ඒ

තණ්හාව නැති වන්න හේතුව
නොඇලීම නම් ධර්මයයි ඒ
නොඇලීමටත් හේතු ඇත්තේ
කලකිරීමයි අවබෝධයෙන්

හේතු සහිතයි කලකිරීමට
සැබෑ තත්වය දැකීමයි ඒ
සැබෑ තත්වය දැකීමටනම්
සමාධියමයි ඕනෑ වන්නේ

සමාධියටත් හේතුවක් ඇත
කයේ මනසේ සැපය වන්නේ
කයේ මනසේ සැපය ගන්නට
සැහැල්ලුවනම් ඕනෑ වන්නේ

සැහැල්ලුව නම් කයේ මනසේ
ප්‍රීතියක් සිත පැතිර ඕනේ
ප්‍රීතියෙන් අප හට සිටින්නට
ප්‍රමුදිත බවයි නිති වටින්නේ

ප්‍රමුදිත බවත් කරැණු සහිතයි
ශ්රද්ධාව ඒ උතුම් ධනයයි
ශ්‍රද්ධාවටත් හේතුවක් ඇත
ලෝ දුකම ඒ හේතු වන්නේ

දුක සදන්නට හේතු කිමදැයි
ඉපදීම බව වටහා ගන්නේ
ඉපදෙන්නටත් හේතුවක් ඇත
භවය හේතුයි සැම සතුන්ගේ

භවය සෑදෙන උපාධානය
හේතු වේ මතු දුක සදන්නට
උපාධානය හේතු සහිතයි
තණ්හාව ඒ හේතු වන්නේ

තණ්හාවටත් හේතුවක් වේ
විඳීමයි මේ සය දොරින්නේ
ස්ඵර්ශයයි එයට හේතුව
සය දොරින් ස්ඵර්ශ වන්නේ

ආයතන හයටත් හේතු ඇත
නාම රෑපය නම් දරන්නේ
නාම රෑපය විඥාණයට
බට මිටිය සේ බැඳී ඇත්තේ

විඥාණයට සංසඛාරය
හේතු වීලයි එකට ඉන්නේ
අවිද්‍යාවම හේතු කරගෙන
සංස්ඛාරය පැවැත එන්නේ

නමින් උපනිස සූත්‍රය මෙය
බුදු වදන ගුරැ දෙවිඳු කීවේ
මටත් මේ දම් කවි බඳින්නට
ගුරැ දෙවිඳු දම් පදය කීවේ

ආවෙමි මම බෝවත්තේ අද
කලණ මිතුරන් තමයි කීවේ
උනන්දූ කර අගය වැඩි කර
කීව වදනට පිනයි දෙන්නේ

දුටුවෙමී මම මුනිඳු ධාතුන්
ඇස් ලැබූ පින ඵල දෙමින්
මමත් වැනදා මුනිඳු ධාතුන්
මල් පුදා අද සිත තුටින්

පුරා පැය හතරක් හමාරක්
මුනිඳු වැඳුමට මඟ ගෙවූයේ
රිදුණා කකුල් සසර සිහි කර
ඉවසුවා බුදු සමිඳු නමිනේ

ගෙවේවා දුක් සසර ගමනේ
මතු දුකක් නම් නොවේවා
දහමේ හැසිරෙන සිත රැකේවා
කුසල් සිත් ඉස්මතු වෙමින්

අනුමෝදන්ව මෙපින් දෙවියන්
බඹුන් සසුනම රකිමිනේ
දහමේ ඉන්නට උනන්දුව දෙන
කලණමිතුරන් රකිමිනේ

නිදුක් නිරෝගි සුව ලැබේවා
ඔබට මට ඒ හැම පිනෙන්
සසර දුක් සැම නිමා වේවා
අම නිවන් සුව ලැබ දෙමින්..

-චතුර විජය ශ්‍රී දොළහඅමුණ-

උතුම් ධාතු වන්දනාවක අසිරිය...

🟡 ශ්‍රී ශාක්‍යමුනි සර්වඥ ධාතු වන්දනාව
📅 දිනය : මැයි මස 24 දින සිට 29 දක්වා
⌚ වේලාව: උදෑසන 6.30 සිට රාත්‍රී 8.30 දක්වා
📌 ස්ථානය: බිංගිරිය, බෝවත්ත, ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ දී

අද වගේම බුද්ධ කාලේත් සාසනික ප්‍රශ්න තිබුනා..බුද්ධ සාසනයේ යහපත පිනිස බුදුරජාණන් වහන්සේ ඒවට මැදිහත් වෙලා ඒ සියලු ප්‍රශ්න ව...
27/05/2026

අද වගේම බුද්ධ කාලේත් සාසනික ප්‍රශ්න තිබුනා..
බුද්ධ සාසනයේ යහපත පිනිස බුදුරජාණන් වහන්සේ ඒවට මැදිහත් වෙලා ඒ සියලු ප්‍රශ්න විසඳා දුන්නා..

එකල රජගහ නුවර සිටු තරුණියක් හිටියා..
ඇය ඉතා ශ්‍රද්ධාවන්තයි. මව්පියන්ගෙන් නිතර නිතර ඉල්ලා හිටියේ පැවිදි වෙන්න අවසර දෙන්න කියලයි.. එයට මව්පියන් කිසිසේත් කැමති වුණේ නෑ..මේ දියණිය අකමැත්තෙන්ම විවාහ කරලා දුන්නා.

ඇයට ලැබුනු සැමියා හරි කරුණාවන්තයි. ඇය ඔහුට කිව්වා තමන් පැවිදි වෙන්න ආසාවෙන් ඉන්න බව.. තම බිරිඳ ගැන මේ සැමියාට දුක හිතුණා.
ඒ නිසා ඔහු තම බිරිඳට පැවිදි වෙන්න අවසර දුන්නා.

ඉතින් මේ සැමියා මහත් ගෞරවාදරයෙන් යුක්තව තම බිරිඳව භික්ෂුණී ආරාමයකට කැඳවාගෙන ගොස් භාරදුන්නා.

මේ භික්ෂුණීන් පිරිස අයිති දේවදත්තටයි..
දේවදත්තගේ අවවාද අනුවයි ඒ භික්ෂුණීන් කටයුතු කළේ..මේ අහිංසක මාතාව මේ කිසිවක් නොදැන එතන පැවිදි වුණා..

ටික දවසක් යද්දි මේ තෙරණියගේ බඩ ඉදිරියට නෙරා එන්න පටන් ගත්තා..බලනකොට බඩේ දරුවෙක්..
ඇයගේ ඉදිරියට නෙරා ආ කුස පිට අයට දැකගන්න ලැබුනා.. ආරාමේ හිටපු අනෙක් භික්ෂුණීන් කලබල වුනා..

ඇයගෙන ඇහුවා "නුඹ කාත් එක්කද අනාචාරයේ හැසිරුනේ??" කියලා...කිසිවක් නොදත් ඇය හඩා වැලපෙමින් තමන් කිසිවක් නොදන්නා බව කිව්වා..

අනිත් භික්ෂුණීන් ඇය කැඳවාගෙන දේවදත්ත ළඟට ගියා.

“මැය ඉතා ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ. අපි දැනුයි දන්නේ දරු ගැබක් පිහිටා ඇති බව. කාලයක් හොයා ගන්න බැහැ. දැන් මොකද කරන්නේ…?”

එතකොට "දේවදත්ත" මෙහෙම කිව්වා.

“මගේ අවවාදයන්ට අනුව වැඩකරන භික්ෂුණීන්ට මේක මහා නින්දාවක් වෙනවා..මටත් නින්දාවක්.. ඒ නිසා වහාම සිවුරු අරවන්න.”

අර අහිංසක භික්ෂුණිය හඬා වැළපෙන්න පටන් ගත්තා.

“අනේ… මාව සිවුරු හරවන්න එපා.. මං දේවදත්ත වෙනුවෙන් පැවිදි වුණු කෙනෙක් නෙවෙයි.. අනේ මාව ශාස්තෘන් වහන්සේ ගාවට එක්කගෙන යන්න.”

ඉතින් ඒ භික්ෂුණියව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා..භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ තෙරණියට දරුවා පිළිසිඳ ගත්තේ පැවිදි උනාට පස්සේ නෙවෙයි ගිහිගෙදර සිටියදී බව.. බුදුරජාණන් වහන්සේට තිබුනා ඇය නිවැරදියි කියලා තියාගන්න..

හැබැයි භාග්‍යවතුන් වහන්සේ එහෙම කලේ නෑ..
ඇය නිවැරදි කියලා හැමෝටම පෙන්වන්න ඔනී වුනා.. මොකද එහෙම නොවුනා නං බුදුරජාණන් වහන්සේ පක්ෂපාතිව කටයුතු කලා කියලා මිනිස්සු කතා හදන්න තිබුනා..ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඒකට පිලියමක් යෙදුවා..

ඔන්න බලන්න ඒ කාලේ සාසනික ප්‍රශ්න විසදපු හැටි..

භාග්‍යවතුන් වහන්සේ කොසොල් රජු, අනාථපිණ්ඩික සිටුතුමා, විශාඛා මහෝපාසිකාව ආදී වගකිව යුතු ශ්‍රාවක ශ්‍රාවිකාවන් කැඳවා විනයධර භික්ෂූන් අතර අග්‍ර වූ උපාලි තෙරුන්ට මෙය විසඳන්ට පැවරුවා..

උපාලි තෙරුන් රජු ඉදිරියේ විශාඛාවට ඇගේ දරුගැබ විමසන්නට භාර කළා..
විශාඛා මහෝපාසිකාව මහත් කරුණාවෙන් යුතුව ඇයව ආවරණ ස්ථානයකට රැගෙන ගොස් හොඳින් පිරික්සා බැලුවා..

“ස්වාමීනී, මේ පින්වත් භික්ෂුණිය ගිහි ජීවිතය තුළ තමයි දරු සම්පත පිහිටුවාගෙන තිබෙන්නේ.”

උපාලි තෙරුන් වහන්සේ සියලු දෙනා ඉදිරියේ මේ භික්ෂුණිය සිල්වත් තැනැත්තියක් බව ප්‍රකාශ කළා. ඊට පස්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂුණී සංඝයාට මෙම භික්ෂුණිය භාර වුණා.

මේ තෙරණියගේ කුසේ ඉන්නේත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි.. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට පින් රැස්කරමින් පැමිණි මහා බලසම්පන්න කුමාරයෙක් තමයි පිළිසිඳගෙන තිබුණේ..ඒ නිසාම මේ දරුවා සුවසේ බිහිවුණා.

දිනක් රජතුමා භික්ෂුණී ආරාමය අසලින් යද්දී කුඩා දරුවෙකුගේ හැඬීමක් ඇසුණා.

“කවුද ඒ හඬන පොඩි දරුවා…?”

“දේවයන් වහන්ස, ළඟදී විශාඛා මහෝපාසිකාව පිරික්සා පිරිසිදු බව පැවසූ එක්තරා භික්ෂුණියක් තමයි දරුවා බිහි කළේ. ඒ සිඟිත්තා තමයි ඔය හඬන්නේ….”

රජතුමා මේ සිඟිත්තාව මාළිගයට කැඳවාගත්තා. මේ දරුවාට ‘කස්සප’ යන නම ලැබුණා. සිඟිති කුමාරයෙකුව සිට මාළිගාවේ වැඩුණ හෙයින් "කුමාර කස්සප " යන නම ලැබුණා.

කුමාර කස්සප සිඟිත්තා දරුවන් සමඟ සෙල්ලම් කරද්දී ‘මව්පියන් නැති ළමයා’ කියමින් අනිත් ළමයි වෙනස්කම් කරනවා. එතකොට මේ සිඟිත්තා රජ්ජුරුවන් ළඟට හඬාගෙන යනවා..ඒ නිසා ඔහු රජතුමාගෙන් ඇහුවා මගේ අම්මා කවුද කියලා..?

“පුතේ, එහෙනම් මං ඇත්ත කියන්නද? ඔයාගේ අම්මා භික්ෂුණියක්… භික්ෂුණී ආරාමයෙන් තමයි මං ඔයාව එක්කගෙන ආවේ…”

එය ඇසූ කුමාර කස්සපයන්ට හැමදෙයක්ම එපා වුණා. මහා කළකිරීමක් හටගත්තා.

“දේවයන් වහන්ස, අනේ මාවත් එහෙනම් මහණ කරන්න.”

රජතුමා උත්සවාකාරයෙන් පොඩි දරුවා රැගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේට භාර දුන්නා. සිඟිත්තා පැවිදි වුණා.ධර්මය අවබෝධ කරගන්ට හරීයට වීරිය ගත්තා..ටික කලෙකින් කුමාර කස්සපයන් වහන්සේ අරහත්වයට පත්වුණා.
ඒ වෙද්දි උන්වහන්සේගේ වයස අවුරුදු දොළහයි.🙏🙏🙏

උන්වහන්සේගේ මව් වූ භික්ෂුණිය තමන්ගේ පුතණුවන් රජතුමා ගෙනිච්ච දවසේ ඉඳලා හැඬූ කඳුලින්මයි හිටියේ..
දවසක් වීදියේ පිඬුසිඟා වඩිද්දී කුමාරකස්සප මාතාව තම පුතණුවන්ව දැක්කා. හරි පුදුමයි. මව්ගුණ හරිම පුදුමයි. දෙළොස් වසරක් තිස්සේ දරු සෙනෙහසින් හඬමින් සිට එදා පුතු දුටු වේලෙහි මව්කිරි ගලා ආවා.

“මයෙ රත්තරන් පුතේ…” කියමින් දුවගෙන ගිහින් සිඟිති ස්වාමීන් වහන්සේ අතින් අල්ලගත්තා. කුමාර කස්සපයන් වහන්සේට අම්මා ගැන සංවේගයක් හටගත්තා. මේ බැඳීම නම් සිඳබිඳ දැමිය යුතුයි කියලා හිතුවා. අත ගසලා දැම්මා.

“මොකක්ද මේ හැසිරෙන විදිහ…? තාමත් බැරිවුණාද ඔය දරුසෙනෙහෙ නැතිකරගන්න….?”

කුමාර කස්සප මාතාවගේ අත නිකම්ම ගිලිහුණා. හිටිවනම දෑස් ලොකු කරන් පුතා දිහා බලාගෙන හිටියා..ඒ වචනෙන් ඈ සංවේගයට පත් වුනා..
සසර ගැන කල කිරුනා..

ආරාමෙට ගිහින් ඈ අනිත්‍ය මෙනෙහි කලා..
අහෝ! එදාම අරහත්වයට පත්වුණා..

භාග්‍යවතුන් වහන්සේ එදා ඇයට පිහිට වූ නිසා ගෞතම බුද්ධ සාසනයේ අරහත් ධජ දරන්නට ඇයට වාසනාව උදා වුනා..
ඒ කරුණාව නිසාම කුමාර කාශ්‍යප මහරතන වහන්සේ නම්වූ විසිතුරු දහම් කතා ඇති භික්ෂූන් අතරේ අග්‍ර වූ මහරහතන් වහන්සේද බිහි වුනා..

කුමාර කස්සප මහරහතන් වහන්සේට ද, කුමාර කස්සප මාතාවටද අපගේ නමස්කාරයවේවා!!!

Rangana Ruwanpura 🙏

07/05/2026

Sri Ananda Maha Seya - ශ්‍රී ආනන්ද මහා සෑය.
Mahamevnawa Buddhist Monastery
Galnewa

🐘🙏💐🐘ඒ් සුවඳ පුෂ්පය මිලින විය....                 මන්දාකිණි විලෙන් පැන් පහසු වී සිය වාසස්ථානය තුළට වැඩම කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ...
26/04/2026

🐘🙏💐🐘
ඒ් සුවඳ පුෂ්පය මිලින විය....

මන්දාකිණි විලෙන් පැන් පහසු වී සිය වාසස්ථානය තුළට වැඩම කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මනා සිහියෙන් යුතුව සමාපත්තීන්ට සම වැදෙමින් හිරු නැගීමට පළමුව කල්ප කාලයක් පෙරුම් පුරමින් තමන් වහන්සේ පැමිණි ගමනට සමුදෙමින් පිරිනිවනට වැඩියා. පසුදා උදාසනම සුපුරුදු පරිදි දැහැටි දඬු පිළියෙල කර ශ්‍රමණයන් වහන්සේ අවදි වනතුරු බලා සිටි ඡද්දන්ත ඇත් රජු උන්වහන්සේගේ ප්‍රමාදය පිළිබඳ සොයා බැලීමට ගල් ගුහාව තුළට වැදුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවනට වැඩම කොට ඇති බව දැනගන්නා ඇත් රජු මහත් සංවේගයට පත් වුණා.

අකනිටා බඹ ලොවට ද ඇසුණ කුංචනාදය

අට දහසක් හස්තීන් එක්ව වසර 12ක් උවටැන් කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගේ පරිනිර්වාණය දැනගත් ශෝකයෙන් කුංචනාද කිරීමට පටන් ගත්තා. මේ කුංචනාද ශබ්දය අකනිටා බඹ ලොව දක්වාම ඇසෙන්නට වුණා. එය ඇසී මන්දාකිණි විල්තෙරට පැමිණි බ්‍රහ්මයන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ශ්‍රි දේහය වන්දනා කොට දෙවියන් විසින් තනවන ලද මණ්ඩපයක චිතකය සකස් කළා. ඡද්දන්ත හස්තීන් සියලු දෙනා චිතකය තුන්වරක් ප්‍රදක්ෂීණා කරමින් අවසන් ගෞරවය ද දක්වනු ලැබුවා. චිතකය දවා ඉතිරි වූ අරහන්තක ධාතුන් වහන්සේලා වඩා හිඳුවා චෛත්‍යයක් ඉදි කරනු ලැබුවා. අවසානයේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා උතුම් වූ නිවන් ඵලය ලබමින් ඒ් අති ශ්‍රේෂ්ඨ බුද්ධ ශ්‍රාවකයාණෝ මේ බියකරු සසර ජය ගත්තා.
----------------------
මොරගහකන්ද ශ්‍රී මහාසේන මහමෙව්නාව වන සෙනසුනෙහි ගොඩනැංවෙන චිරරාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලාභී වූ ඡද්ධන්ත නම් වූ මහා වනයේ ඡද්දන්ත හස්තීන්ගෙන් උපස්ථාන ලබමින්, මන්දාකිණී විල්තෙර හුදෙකලාවේ වැඩ සිටි අපගේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ
ශ්‍රී නාමය උදෙසා, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව සිදුවූ..,
ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහා සෑ රජුන්ගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන ගෞතම බුද්ධ ශාසනයට පූජා කරණ ලදි..!!

ශ්‍රී ආඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ සෑ රජුන්ට නමස්කාර වේවා!!
🙏🙏🐘🐘🐘🙏🙏

"මම මේ දුවන්නේ ඇත්තටම කොහේටද? මම ඇත්තටම සතුටින්ද?ඔබත් මමත් අද ඉන්නේ මහා රේස් එකක. සල්ලි, තනතුරු, ලස්සන ගෙවල්, යානවාහන......
23/04/2026

"මම මේ දුවන්නේ ඇත්තටම කොහේටද? මම ඇත්තටම සතුටින්ද?

ඔබත් මමත් අද ඉන්නේ මහා රේස් එකක. සල්ලි, තනතුරු, ලස්සන ගෙවල්, යානවාහන... නොනවත්වාම
මේ හැමදේම පස්සේ අපි
දුවනවා. හැබැයි දවසක රෑට තනියම ඇස් දෙක පියාගත්තම හිත ඇතුළෙන් පුංචි ප්‍රශ්නයක් ඇහෙනවා නේද?

"මම මේ දුවන්නේ ඇත්තටම කොහේටද? මේ ලබාගන්න දේවල් වලින් මම ඇත්තටම සතුටින්ද?"

අන්න ඒ ප්‍රශ්නයට ප්‍රායෝගිකවම උත්තර හොයපු අපූරු මිනිසෙක් ගැනයි මේ කතාව. ඒ අන් කවරෙකුවත් නොව, අමෙරිකාවේ ටෙක්සාස් හි වැඩවසන **පූජ්‍ය භික්ඛු පඤ්ඤාකාර (Venerable Bhikkhu Paññākāra / Thích Tuệ Nhân)** © වහන්සේයි.

**දිළිඳුකමෙන් ඇරඹී සුඛෝපභෝගී ජීවිතයකට...**

1981 වසරේ වියට්නාමයේ (Dak Lak) ඉතාම දුප්පත් පවුලක ඉපදුණු උන්වහන්සේගේ එකම හීනය වුණේ ඉගෙනගෙන ලොකු මිනිහෙක් වෙන එක. 1997 දී අතේ සතේ නැතුව ඇමරිකාවට යන්නේ ඒ හීනය පස්සේ. රෑ දවල් වෙහෙස වෙලා ඉගෙනගෙන අමෙරිකාවේ University of Texas හි උපාධියක්ද ලබාගන්නා උන්වහන්සේ, ලෝකප්‍රකට **Motorola සමාගමේ ඉහළම පෙළේ ඉංජිනේරුවෙක්** බවට පත්වෙනවා.

හොඳ පඩියක්, සමාජ ගරුත්වය, සුඛෝපභෝගී ජීවිතය... සාමාන්‍ය මනුස්සයෙක් හීන දකින හැමදේම උන්වහන්සේ ළඟ තිබුණා.

**සැබෑ සැනසුම සොයා ගිය ගමන**

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි *"තණ්හාය ජායතී සෝකෝ"* - තණ්හාව සහ ඇලීම නිසාම ශෝකයත් බියත් හටගන්නවා. කොපමණ භෞතික සම්පත් ලැබුණත් මේ ඉංජිනේරුවාගේ හිතට සැබෑ සැනසීමක්, නිවීමක් ලැබුණේ නැහැ.

ලෞකික ජීවිතයේ 'සාමිස සුඛය'(භෞතික දේ මත යැපෙන සතුට) තාවකාලික බව පසක් කරගත් උන්වහන්සේ, 2007 දී ලෝකයම පුදුම කරමින් තීරණයක් ගත්තා. තමන් සතු සියලු සැප සම්පත්, ඉහළ වැටුප් ලබන ඉංජිනේරු වෘත්තිය අතහැරලා ථේරවාදී සම්ප්‍රදායට අනුව උන්වහන්සේ මහණ වුණා.

ලෝකයට පෙන්නන්න හැදුවේ එකම එක දෙයයි:

*"සැබෑ සැනසීම තියෙන්නේ අපට පිටතින් තියෙන භෞතික සම්පත්වල නෙවෙයි, තමන්ගේම හිත ඇතුළේ (නිරාමිස සුඛය තුළයි)"*

**සාමය වෙනුවෙන් ඇවිද ගිය සැතපුම් 2300...**

උන්වහන්සේගේ මේ නිහඬ ආධ්‍යාත්මික ගමන ලෝකයේම අවධානය දිනාගත්තේ පසුගිය කාලයේදීයි.

ඒ **"Walk for Peace" (සාමය සඳහා වූ පාගමන)** නිසාවෙන්.
ආරම්භය:** 2025 ඔක්තෝබර් 26 (ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් වර්ත් නුවරින්)

* **අවසානය:** 2026 පෙබරවාරි මැද භාගයේදී (වොෂිංටන් ඩී.සී. නුවරින්)
***
**දුර ප්‍රමාණය:** සැතපුම් 2300කට අධික දුරක් (අදියර 108ක් ඔස්සේ)..

හිතන්න...
සැතපුම් 2300ක් කියන්නේ ලේසි දුරක් නෙවෙයි. විශේෂත්වය එය නොවේ, පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ මේ මුළු ගමනම ගියේ **පාවහන් පවා නොමැතිව, හිස් පයින්!
**
උන්වහන්සේ මේ ගමන ගියේ කාටවත් බණ කියන්නවත් දේශපාලන විරෝධතාවක්
කරන්නවත් නෙවෙයි.
මෛත්‍රිය සහ කරුණාව
පෙරදැරිව, කිසිම වචනයක් කතා නොකර
නිහඬවයි උන්වහන්සේ පියවරෙන් පියවර ඉදිරියට ගියේ. උන්වහන්සේගේ එක පියවරක් ප්‍රාර්ථනාවක් වුණා. එක හුස්මක් සතිපට්ඨාන භාවනාවක් (Mindfulness) වුණා.

සමහර දවස්වලට රෑ ගත කළේ මහමග ගහක් යට, එහෙමත් නැත්නම් අහස යට. අයිස් වගේ සීතල, හිම පතනය, වැස්ස, අව්ව, දෙපා තුවාල වීම්... මේ කිසිම දෙයක් ඒ වීර්යය නතර කළේ නැහැ.

*අපේ ජීවිතයට ගන්න තියෙන ආදර්ශය මොකක්ද?**

අපි හැමෝම කියන්නේ "මට දැන් මේකෙන් අයින් වෙන්න බැහැ, මට වගකීම් තියෙනවා" කියලා.

ඉහළම තනතුරක හිටපු ඉංජිනේරුවෙක්ට ඒ හැමදේම අතහරින්න පුළුවන් වුණා නම් අපිටත් අපේ ජීවිතයේ තියෙන අනවශ්‍ය බැඳීම් සහ බර (උපාදාන) ටිකක් හරි අඩු කරගන්න බැරි ඇයි?

අපි රුපියල් කෝටි ගණන් හෙව්වත් රෑට නින්ද යන්න පෙති බොන්න වෙනවා නම් ඒක සාර්ථකත්වයක්ද? නිහඬව සැතපුම් දහස් ගණන් ඇවිදින මේ ස්වාමීන් වහන්සේගේ මුහුණේ තියෙන ඒ ශාන්ත බව ලෝකයේ තියෙන කිසිම සල්ලියකට ගන්න බැහැ.

අද ලෝකයේ හැමෝම බලන්නේ කෑගහලා තමන්ගේ මතය පතුරවන්න. හැබැයි කිසිම වචනයක් කතා නොකර, හුදෙක් සතියෙන් යුතුව (Mindfully) ඇවිදීමෙන් පමණක් ලෝකයේම හදවත් කම්පනය කරන්න මේ හිමියන්ට පුළුවන් වුණා.

මේ ලිපිය කියවන ඔබත් සමහර විට අද ඉන්නේ ලොකු මානසික පීඩනයක වෙන්න පුළුවන්. හෙට ගැන බයෙන්, අනුන් මොනවා කියයිද කියන සැකයෙන් ඔබ මිරිකිලා ඇති. ඔබට සිවුරු දරන්න අවශ්‍ය නැහැ...

සැතපුම් දහස් ගණන් පයින් යන්නත් අවශ්‍ය නැහැ... හැබැයි අද රෑට නින්දට යන්න කලින් විනාඩි 5ක් ඇස් දෙක පියන් හිතන්න:

**"මම මේ දුවන ගමන ඇතුළේ මගේ හිතේ සාමය කොහේ හරි මග ඇරිලාද?"** කියලා

ඒ ප්‍රශ්නය ඔබේ හිතට ආපු මොහොතේ ඉඳන් ඔබත් ඔබේම සාමයේ ගමන පටන් අරන් ඉවරයි. විනාශ වී යන ලෝකයක සැබෑ මනුෂ්‍යත්වය සහ ආධ්‍යාත්මික සුවය සොයා ගිය පූජ්‍ය භික්ඛු පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!.

13/04/2026

තමන් අතින් වැරදුනාම සමාව ඉල්ලන්න,
අනුන් දොසට පළි ඉල්ලා කෝප නොවී ඉන්න..
👩‍👩‍👧🙏🎶❤️👨‍👨‍👧‍👧🙏

දියේ ඇදපු ඉර වාගේ තරහ මකා ගන්න, නිවෙන්න
සකි, වයිරෙන් බෑ, සැනසීමෙන් ඉන්න...

එකට වසන හැම මොහොතෙම මෙන් සිත පතුරන්න..
වැරදි දකින හැම මොහොතෙම ගුණ සිහි කරගන්න..

තමන් අතින්වැරදුනාම සමාව ඉල්ලන්න,
අනුන් දොසට පළි ඉල්ලා කෝප නොවී ඉන්න..

එකට වසන හැම මොහොතෙම මෙන් සිත පතුරන්න..

රවන බනින එක් එහෙමයි ඉවසාගෙන ඉන්න,
තනිව සසර යන හින්දා හිත රැකගෙන ඉන්න...

මිණි පබළු පන්හිද-Mini
Pabalu Panhinda❤️

🎶👨‍👨‍👧‍👧❤️👩‍👩‍👧🙏🧎‍♂️

09/04/2026

"ගරු භාණ්ඩ" පූජා කිරීම...🍃🙏

කලවාන කත්ලාන ප්‍රදේශයේ අලුතින් ආරම්භ වූ පුණ්‍යභූමියක් සදහා "ගරු භාණ්ඩ" පූජා කිරීම...🙏

💐ආහාර පාත්ර – භාජන පිදීමේ අනුසස්...

පත්තේ සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දසානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

බුදුරජාණන් වහන්සේට ද මහා සංඝයා වහන්සේට ද පාත්ර සහ ආහාර ගැනීමේදී උවමනා කරන අනෙකුත් භාජන උපකරණ පූජා කිරීම නිසා ඊට අනුකූල වූ ආනිශංස දහයක් සසර උපදින උපදින ආත්මභාවයක් පාසා ම ලැබුවෙමි.

1. රන් රිදී භාජන සහ අගනා පිඟන් කෝප්පාදී භාජන ලැබීම
2. ආහාර පාන ගැනීමේදී කැස්ස – හිරවීම, දිව තොල හැපීම් බඳු උපද්රව ඇති නොවීම.
3. ඉතා පහසුවෙන් ආහාර පානාදිය ලැබීම.
4. සැමදා කාගේත් ගෞරවයට පාත්රවීම.
5. දේපළ ගින්නෙන්, ජලයෙන්, කෘමීන් ආදී සතුන්ගෙන් විනාශ නොවීම.
6. චංචල බවින් තොර ස්ථිර අදහස් ඇත්තකු වීම.
7. සැමදා ධර්මයට කැමැත්තකු වීම.
8. කෙළෙස් අඩු ගතිය.
9. කාගේත් හිත් දිනාගත හැකි වීම.
10. දෙව් මිනිස් දෙගතියෙහි විවිධ සම්පත් ලැබීම.

💐බෙහෙත් පිදීමේ ආනිශංස...

භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

ආයුවා බලවා වීරෝ – වණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීච – හෝමි අපචිතෝ සදා
න මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ මම

බුදුරජාණන් ප්රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි.

1. දීර්ඝායු සම්පත් ලැබීම.
2. ශරීර ශක්තිය ලැබීම.
3. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
4. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
5. යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
6. ශරීර සැපය ලැබීම.
7. කවර උපද්රවයකටවත් හසු නොවන්නෙකු වීම.
8. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
9. කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10. තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම – එවැනි පි්තරය විප්රයෝග දුකකට පත් නොවීම.

💐 පාවහන් පූජාවේ ආනිශංස..

1. උපනුපන් ආත්මභාවයන්හිදී අශ්වවාහන, ඇත්වාහන සහ දෝලා, සිවිකාදිය ද ගමන් බිමන් සඳහා ඒ ඒ කාලවලදී පැවති විවිධ යාන වාහන ලැබීම.
2. පයට පහසුව ගෙනදෙන අගනා පාවහන් ලැබීම.
3. කිසිදු ආත්මභාවයකදී දෙපයේ සහ පතුල්වල රෝගාබාධයක් ඇති නොවීම.
4. අහසින් යාම බඳු සෘද්ධි බල ලැබීම.
5. උපනුපන් ආත්මභාවයන්හිදී දර්ශනීය පාද යුග්මයක් ලැබීම.

💐ඡත්ර කුඩ පූජාවේ ආනිශංස...

ඡත්තේ සුගතෙ දත්වා
සංඝේ ගණවරුත්තමේ
අට්ඨානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
බුදුරජාණන් වහන්සේ ප්රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට සියක් දිනක් පුරා දහස දහස බැගින් දන්දීමේ අලංකාර ඡත්ර – කුඩ එක නමට එක බැගින් සවි කෙළෙමි. එයින් මම සසර පුරා ආනිශංස අටක් සෑම ආත්මභාවයකදී ම මේ ඡත්ර පූජාවෙන් ලැබූවෙමි.

සීතං උණහං න ජානාමි – රජෝජල්ලං න ලිම්පති
අනුපද්දවෝ අනීතී ච – හෝමි අපචිතෝ සදා

කිසිම ආත්මයක දී සීතෙන් හෝ උෂ්ණත්වයෙන් පීඩා නො ලැබූවෙමි. කවදාවත් අධික සීත ඇති රටක, කවදාවත් දැඩි ඌෂ්ණය ඇති රටක උපතක් සිදු නොවිනි.

මාගේ ශරීරයෙහි කුණු ඇලෙන ගතියක් නැත. ඒ නිසා දහදිය වැගිරීමක් ද නැත. උවදුරකට මුහුණ දීමට සිදු නොවිනි. සැමදා ගිය ගිය තැන සැමගේ ගෞරව ලබන කෙනෙක්වම සිටියෙමි.

සුඛුමච්ඡවිකෝ හෝමි – විසදං හෝති මානසං
සත්ත සතසහස්සානි – භවේ සංසරතෝ මම

ඉකුත් කල්ප ලක්ෂය පුරාම පින්කම නිසා උපනුපන් ආත්මභාවයන්හිදී සිනිදු එසේම පිරිසිදු වර්ණවත් ශරීරයක්ම ලැබීමි.
උපනුපන් තන්හිදී අලංකාර ඡත්ර, අලංකාර නිවාස ලැබීමට මේ පුණ්යකර්මය මට හේතු විය. ප්රධානත්වය – මූලිකත්වය සැමතැනදී ම ලදිමි.
----------------------------------------
නො දන්නා ඉමක ඉපදී,දුක් සුසුම් සන්තාප තුළ කැළබී,
මරණයේ තෙර සොයා යන,
(අ) සුන්දර ඡීවිත නදී අරුමයෙන් මිදීමට...
උඩුගම් බලා යන සෙනහසේ එකතුව..

පිනෙන් පිරුණු සොදුරු ඡිවිතයකට ! ! !
►Pin Kethe Api - පින් කෙතේ අපි....

බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා මොහොතකින් අපගේ "මහා කාෂ්‍යප" මහරහතන් වහන්සේ බුද්ධ සාසනයට අනාගතයේ සිද්ධවෙන අනතුර දැක්කා......
01/04/2026

බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා මොහොතකින් අපගේ "මහා කාෂ්‍යප" මහරහතන් වහන්සේ බුද්ධ සාසනයට අනාගතයේ සිද්ධවෙන අනතුර දැක්කා...
ඒ නිසා උන් වහන්සේ අනාගත පරපුර වෙනුවෙන් පලමු ධර්ම සංගායනාව සිද්ධ කලා..

🔻පලමු ධර්ම සංගායනාව...👇
https://www.facebook.com/share/p/1XVurzrPLC/

බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාලා වසර 100ක් ගිය තැන යලිත් බුද්ධ සාසනයට අනතුරක් ආවා..අලජ්ජි භික්ෂූන්ගේ දස ඇකප වස්තූන් නිසා ත් දුස්සීල සංඝයා නිසාත් එකල රහතන් වහන්සේලා තීරණය කලා දෙවන ධර්ම සංගායනාව තියන්න...

ඒ අනුව යස,රේවත,සාළ්හ කියන මහරහතන් වහන්සේලා එක් වී දෙවන ධර්ම සංගායනාව සිද්ධ කලා..

🔻දෙවන ධර්ම සංගායනාව..👇
https://www.facebook.com/share/p/1AhyG9aZto/

ඒ දෙවන ධර්ම සංගායනව සිද්ධ කල මහරහතන් වහන්සේලා අනාගතය බලද්දි, දැක්කා මීටත් වඩා දරුණු අනතුරක් අනාගතයේ සිද්ධ වෙන බව..

දෙවන ධර්ම සංගායනාවෙන් තවත් වසර 118ක් ගිය තැන බුද්ධ සාසනයට වෙන දරුණු පරිහාණියෙන් බේර ගන්න රහතන් වහන්සේලා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජයෙකුට මනු ලොවට වඩින්න ආරාධනා කලා..

ඒ බ්‍රහ්ම රාජයා තමයි අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ.. උන් වහන්සේගේ අසිරිමත් කතාව මෙතන තියෙනවා..👇
🔻https://www.facebook.com/share/1Do63F2D2H/

උන් වහන්සේ පහල වෙනකොට දඹදිව ඒකචත්‍ර කලේ ධර්මාශොක අධිරාජයායි.. එතුමාත් බුද්ධ සාසනය රැක ගැනීම පිණිසම සසරේ මහා පිනක් උරුම කරන් ආව කෙනෙක්...ඒ විශ්මිත කතාව මෙතන තියෙනවා බලන්න..👇
🔻https://www.facebook.com/share/1Dyc89kPPk/

🚩 නිකාය 18ක්..

දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ, 10,000ක් දුස්සීල භික්ෂූන් සාසනෙන් නෙරපුවා..
ඔවුන් "මහාසංඝික" නමින් වෙනම නිකායක් ඇතිකරගත්තා...

ඒ "මහාසංඝික" භික්ෂූන්ගෙන් කොටස් දෙකක් බිඳී ගියා.. "ගෝකුලිකවාදය" සහ "ඒකබ්බෝහාරික" කියා නිකායන් දෙකක් ඇතිවුනා.

ගෝකුලිකවාදී භික්ෂු නිකායේ තව කොටස් තුනක් කැඩී ගියා..
ප්‍රඥප්තිවාදී / බාහුලිකවාදී / චේතියවාදී/ යන ලෙසයි..

ආයෙමත් ස්ථවිරවාදී සංඝයාගෙන් බිඳිලා "මහිංසාසක" නමිනුත් "වජ්ජිපුත්තක" නමිනුත් මේ නිකාය දෙකක් ඇතිවුනා.

මේ වජ්ජිපුත්තක නිකායට අයත් භික්ෂූන් තවත් සතර කොටසකට බෙදී ගියා..
ඒ ධම්මුත්තරිය /භද්‍රයානික / ඡන්නාගරික / සම්මිතීය / වශයෙනි.

ඒ වගේ ම මහිංසාසක භික්ෂු පිරිසට අයත් නිකායෙනුත් තව කොටස් දෙකක් බිහිවුනා. "සර්වාස්ථිවාදී" නිකායත් "ධර්මගුප්තික" නිකායත් වශයෙනි...

ඔය සර්වාස්ථිවාදි නිකායෙන් තමයි මුහුද මැද රහතන් වහන්සේ නමක් තවමත් වැඩ ඉන්නවා කියන සංස්කෘත කතාව ලිව්වේ..

"සර්වාස්තවාදී" භික්ෂු නිකායෙන්...
"කස්සපීය / සංක්‍රාන්තික / සූත්‍රවාදී නමින් නිකායයන් තුනක් බිහිවුනා.

ඔය විදියට නිකාය 18කට බුද්ධ සාසනේ සංගයා බෙදිලා ගියා..

🚩 අනතුර දැකපු මොග්ගලිපුත්තයන් වහන්සේ..

මේ නිකාය බෙදිලා සංඝයා දුස්සීල වෙලා සාසනයට වෙන හානික බ්‍රහ්ම ලෝකේ ඉදලා බුද්ධ සාසනය රැක ගන්න ආපු මොග්ගලිපුත්ත තිස්ස මහා තෙරුන් දුටුවා..

හැබැයි උන් වහන්සේ අපි වගේ කලබල වුනේ නෑ..රහතන් වහන්සේලා වෙලාව එනකං ඉන්නවා..ඒ වගේම උපක්‍රමශීලිව බුද්ධ සාසනයේ දියුණුවට කටයුතු කරනවා..

ඒ නිසාම සසනය පිරිසිදු කරන්න කාලය එන තෙක්
ගංගා නම් වූ ගංගාවට උඩු පැත්තේ පිහිටි "අහෝගංග" පර්වතයට වැඩම කොට විවේකීව සත් වර්ෂයක් නිහඬව වැඩසිටියා...

🚩 සත් අවුරුද්දක් පොහෝය කර්මය නෑ..

තමන්ම සිවුරු පොරොවා ගෙන සිටි තීර්ථකයන් බොහෝ පිරිසක් ඒ වෙනකොට සාසනේ සිටියා.. ඔවුන් සංඝයාගේ අවවාද වලට අකීකරු වුනා...

ඒත් ජනයාට ඔවුන් දුස්සීල බව පෙන්නා දීලා ධර්මානුකූලව ඔවුන්ව සංඝයාගෙන් බැහැර කරන්ට සිල්වත් භික්ෂූන් වහන්සේලාට බැරිවුනා..

ඔවුන්ගේ දඩබ්බර ක්‍රියාකාරකම් හේතුවෙන් දඹදිව සියලු විහාරආරාමවල භික්ෂූන් වහන්සේලා "සත් අවුරුද්දක්" ම පොහොය කිරීම් ආදී විනය කර්මයන් කරන්ට නොහැකිව සිටියා..

🚩 සංඝයා ඝාතනය කරයි..

සාසන හිතෛෂී මහා යසපිරිවර ඇති "ධර්මාශෝක" මහරජ්ජුරුවන්ට භික්ෂූන්ගේ පොහොය නොකිරීම ගැන දැනගන්ට ලැබුනා... මේ ගැන සොයා බලන්න ඔහු එක් අමාත්‍යවරෙයෙක් ට කතා කලා..

"‘එම්බා අමාත්‍යය, මාගේ අශෝකාරාමයෙහි පොහෝ ය නොකිරීමට හේතු වූ අර්බුදය සොයා බලා, වහාම භික්ෂු සංඝයා ලවා පොහොය කිරීමාදිය කරන්ට සලස්සව"’..
කියලා පිටත් කෙරෙව්වා.

ඒ ඇමැති මඳ නුවණින් යුතු කෙනෙක්... ඔහු අශෝකාරාමයට ගිහින් භික්ෂු සංඝයාව රැස් කෙරෙව්වා..රැස් කරවලා..

"රජුගේ අණ පරිදි නුඹලා දැන් පොහොය කල යුතුයි..!’ කියලා නියෝග කලා..

‘"හොරට සිවුරු පොරොවා ගෙන සිටින අන්‍යතීර්ථකයන් එක්ක අපි පොහොය කරන්නේ නෑ’" කියලා, සිල්වත් භික්ෂු සංඝයා ඒ මෝඩ සිතින් යුතු අමාත්‍යයාට පිළිතුරු දුන්නා...

එතකොට ඒ අමාත්‍යයා...
‘"හොඳයි එහෙනම් හිටපල්ලා මං පොහොය කරවන්නම්"’..
කියලා කඩුවක් ගෙන පිළිවෙළින් වැඩසිටි ස්ථවිර භික්ෂූන් වහන්සේලා කීප නමකගේ ම හිස ගසා දැම්මා..

🚩 පෙරට ආ ධර්මාශෝක රජුගේ මල්ලි...

ධර්මාශෝක රජතුමා ඔහුගේ සියලු සහෝදරයන් මැරුවත් එකම සහෝදරයෙක් ඉතුරු වුනා...
ඔහු තමයි "තිස්ස" කුමාරයා...

තිස්ස කුමාරයා ජිවිතේ ගැන කලකිරිලා අශෝක රජුගෙන් අවසර අරගෙන පැවිදි වුනා..
එදා අර මෝඩ ඇමතියා සංඝයා ඝාතනය කරද්දි,
ඒ "තිස්ස" ස්වාමින්වහන්සේ ත් එතන වැඩ සිටියා..

උන් වහන්සේ අනතුර වලක්වන්න පෙරට වැඩම කරලා, ඊළඟට කඩු පහරට මුහුණ දීම පිණිස ඔහුට ළඟම වූ ආසනයෙහි වාඩිවුනා...

"තිස්ස" තෙරුන් දුටුව ඒ මෝඩ ඇමතියා පසු බැස්සා..ආපසු ගිහින් මහරජ්ජුරුවන්ට දැනුම් දුන්නා..

ඒ සියලු විස්තර ඇසූ ධර්මාශෝක රජුගේ සිරුරේ මහත් දාහයක් හටගත්තා...මේ මෝඩ ඇමතියා නිසා මං කරගත්ත අපරාදයක් කියලා ශෝක වුනා..

මහත් සේ සසල වී ගිය සිතින් යුතු රජ්ජුරුවෝ වහ වහා භික්ෂූන් වහන්සේලා බැහැදකින්ට ගියා..

"‘අනේ ස්වාමීනී, මා භික්ෂූන් ඝාතනය කරවන්ට කිසිවෙක් එව්වේ නෑ. මේ කරන ලද දේ නිසා පව් රැස් වුනේ කාටදැ’" යි කියා ඇසුවා..

ඒ භික්ෂූන් අතර සිටි දුස්සීල භික්ෂූන්...
‘මහරජ්ජුරුවෙනි, මෙයින් තොපට පව් රැස්වුනා’ කියලා කිව්වා.

ඒත් නුවණැති භික්ෂූන් වහන්සේලා රජුගෙන් මෙහෙම ඇහුවා...

‘මහරජ්ජුරුවෙනි, මේ අමාත්‍යයා එහි ගොස් භික්ෂූන් නසාවා! යන සිත ඔබට ඇති වුනාද???

"ස්වාමීණි, මා තුළ එබඳු චේතනාවක් ඇති වුනේ නෑ’ ‘භික්ෂු සංඝයා සමගිව පොහොය කරත්වා! යන චේතනාවෙන් ම ඔහුව පිටත් කලේ"’..

‘එසේනම් මහරජ, මෙහිලා කුසල් සිතක් මිසක් භික්ෂූන් ඝාතනය කරවීමේ චේතනාවක් ඔබට නැති නිසා පව් සිදුවුනේ නෑ’"

‘ස්වාමීනී, මා තුළ ඇති වූ මේ විමතියන් දුරුකොට යළි බුද්ධ ශාසනය නගා සිටුවන්නට සමත් භික්ෂූන් වහන්සේ නමක් වැඩ ඉන්නවා ද?’

"‘මහරජ්ජුරුවෙනි, ඔබගේ ඔය සියලු අදහස් සඵල කරදිය හැකි මොග්ගලීපුත්ත තිස්ස මහා තෙරපාණන් වහන්සේ වැඩසිටිනවා’"
කියලා සංඝයා පිළිතුරු දුන්නා...

🚩 මහා පිංවතුන් දෙදෙනෙකුගේ මුණ ගැසීම..

එය ඇසූ රජ්ජුරුවන්ගේ සිතෙහි උන්වහන්සේ කෙරෙහි මහත් ආදරයක් හටගත්තා..
උන් වහන්සේ වැඩ සිටින්නේ හුදකලාවේ බව රහතන් වහන්සේලාගෙන් අසා දැනගත් රජු,
එදා ම 8000ක් පිරිවර යැව්වා මොග්ගලීපුත්ත මහා තෙරුන් වඩම්මවන්න...

මොග්ගලිපුත්ත මහාරහතන් වහන්සේ දැන ගත්තා දැන් තමයි දුස්සීල භික්ෂූන් බැහර කරලා,ධර්ම සංගායනාව කිරීමට කාලය බව..

ඒ සඳහා රජුගේ අනුග්‍රහය ගන්න බලාගෙන, උන් වහන්සේ රජු බැහැ දකින්න කැමති වුනේ නෑ..

රජතුමා ආයෙත් 16,000ක පිරිසක් යැව්වා..උන් වහන්සේ ඒත් කැමති වුනේ නෑ..
රජු මේ ගැන රහතන් වහන්සේලාගෙන් විමසා සිටියා...නුවැණති රහතුන් රජුට මෙහෙම කිව්වා..

රජුනි, ඔබ මෙසේ පණිවිඩයක් යවන්න..
‘ස්වාමීනී, අප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිරිහීගෙන යයි. ඒ උතුම් බුදු සසුන යළි නගා සිටුවීම පිණිස අපට උපකාරී වුව මැනව’ කියා මහරජ්ජුරුවෙනි ඔය අයුරින් ඇරයුම් කළෝතින් අපගේ ස්ථවිරෝත්තමයන් වහන්සේ වැඩම කරාවි.

රජු ඒ අයුරින්ම ලියා පිරිස පිටත් කලා..
මහා තෙරුන් වහන්සේ වඩින්න කැමති වුනා..පිරිසත් සමග නැවක නැගී ගංගා නම් ගඟේ සිට පාටලීපුත්‍ර නගරයේ වරායට සේන්දු වුනා.. මහරජ්ජුරුවෝ උන්වහන්සේව පිළිගැනීමට පෙර ගමන් කළා.

රජ්ජුරුවෝ දණක් පමණ වතුරට බැස්සා..
නැවෙන් ගොඩට වඩින මහරහතන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවාදරයෙන් යුක්තව තමන්ගේ දකුණු අත තෙරුන් වහන්සේට දිගු කළා..

මහරජ්ජුරුවන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් සහ බුද්ධ සාසනයට අනුග්‍රහ පිනිස, අපගේ මහරහතන් වහන්සේ අනුකම්පාවෙන් ම රජ්ජුරුවන්ගේ දකුණු අතෙහි එල්ලී ගත් වාරුවෙන් යුතුව නැවෙන් ගොඩට වැඩියා..

🚩 මහා පොළව සොළවයි...

රජතුමාට මොග්ගලිපුත්ත තෙරුන් වහන්සේ ගැන සොයා බලන්නට හිතුනා..රජු මෙහෙම ඇහුවා..

‘ස්වාමීනී, මම ප්‍රාතිහාර්යයක් දකින්ට කැමතියි’

‘මහරජ්ජුරුවෙනි, මොන වගේ ප්‍රාතිහාර්යයක් ද දකින්ට ආසා?’

‘ස්වාමීනී, මහපොළොව සෙලවෙනවායි දකින්ට ආසයි’

‘මහරජ්ජුරුවෙනි, මුළු මහත් පොළෝ තලය ම සෙලවෙනවා දකින්ටද ආසා, එහෙම නැත්නම් එක් ප්‍රදේශයක් පමණක් සෙලවෙනවා දකින්ට ද?’

‘ස්වාමීනී, ඔය ප්‍රාතිහාර්ය දෙකින් වඩාත් අසීරු කුමක් ද?"

" මහරජ්ජුරුවෙනි, එක් ප්‍රදේශයක් පමණක් සෙලවෙන්ට සැලැස්සීම යි අසීරුයි "

" එහෙමනම් ස්වාමීනී, මං එක් ප්‍රදේශයක් පමණක් සොලවා දමන ප්‍රාතිහාර්යය දකින්ටයි ආසා."

එතකොට අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ යොදුනක ප්‍රදේශය සීමා කෙරෙව්වා... ඒ ඇතුළත සතර දිසාවේ රථයකුත්, අශ්වයෙකුත්, මිනිසෙකුත්, ජලය මුවවිට දක්වා පුරවන ලද පාත්‍රයකුත් තැබ්බෙව්වා...
එසේ තබ්බවපු රථ ආදියත්, යොදුනක ප්‍රමාණ වූ මහපොළොව ත් සෙලවෙන ආකාරය ඒ උයනෙහි වාඩි වී සිටි රජ්ජුරුවන්ට ඉර්ධි බලයෙන් දකින්ට සැලැස්සුවා.

අතිශය සතුටු වූ රජු.. තමන්ගේ ඇමැතියෙකු විසින් භික්ෂූන් වහන්සේලා ඝාතනය කරවපු පාපය තමන්ටත් අයිති වුනාද නැද්ද කියලා අපගේ තෙරුන් වහන්සේගෙන් ඇහැව්වා...

එතකොට අප තෙරුන් වහන්සේ
‘මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි’ යන බුද්ධ වචනය පෙන්වා වදාළා..
කිළිටි චේනාවක් නොමැතිව සිටි නිසා පාප කර්මයකට කාරණාවක් නැතැයි අවබෝධ කරවා දුන්නා... තිත්තිර ජාතකයෙනුත් තවදුරටත් කරුණු පහදලා දුන්නා...

මොග්ගලිපුත්ත මහා තෙරුන් බුද්ධ සාසානය පිරිසිදු කල යුතු බවට රජුට දැන්වූවා...රජු මහත් කැමැත්තෙන් ඒ අදහස පිලිගත්තා..

🚩 විභජ්ජවාදීන්...

සතියක් ඇතුළත ධර්මාශෝක රජ්ජුරුවෝ යකුන් දෙදෙනෙකු පිටත් කරවලා දඹදිව වසන ධර්මවාදී අධර්මවාදී සියලු භික්ෂූන් අශෝකාරාමයට රැස් කෙරෙව්වා.

ධර්ම ශාලාවේ තිරයක් ඇදලා, ඇතුළ තමාත් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේත් පමණක් සිටියා..එක් එක් මතවාද දරන්නා වූ භික්ෂූන් වහන්සේලා වෙන් වෙන්ව තමන්ගේ සමීපයට කැඳවා ගත්තා..

ඊටපස්සේ රජ්ජුරුවෝ..අර ස්වාමින් වහන්සේලාගෙන් මෙහෙම අහනවා..

‘ස්වාමීනී, සුගත වූ තථාගත බුදුරජාණන් වහන්සේ කවර මතයක් පවසන සේක් දැයි’

ධර්මවාදී භික්ෂූන් මෙහෙම කිව්වා. ‘මහරජ්ජුරුවෙනි, අපගේ සුගතයන් වහන්සේ ස්කන්ධ, ධාතු, ආයතනාදී වශයෙන් බෙද බෙදා ධර්මය වදාළ හෙයින් විභජ්ජවාදී වන සේකැ’යි කියලා.

එතකොට මහරජ්ජුරුවෝ ‘ස්වාමීනී, අපගේ සුගතයන් වහන්සේ විභජ්ජවාදී වන සේක් ද?’යි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් ඇසුවා...

‘එසේය, මහරජ්ජුරුවෙනි,’ කියා වදාළා. එතකොට රජතුමා එසේ පිළිතුරු දුන් භික්ෂූන් ධර්වාදීන් බව දැන සතුටට පත් වුනා...

එතකොට දුස්සීල භික්ෂූන් ගෙන් අහද්දි,ඒ භික්ෂූන් වහන්සේලා බාහිර සාසනවලට අයත් මතිමතාන්තරයන් කියමින්, සදාකාලික ආත්මයක් ගැන කියන හෙයින් සුගතයන් වහන්සේ ශාස්වතවාදී ය යනාදී වශයෙන් තම තමන්ගේ මත කියන්ට පටන් ගත්තා..

එතකොට රජ්ජුරුවෝ මිත්‍යාදෘෂ්ටික වූ ඒ සියලු භික්ෂූන් ව සිවුරු හැරෙව්වා. එසේ සිවුරු හරවාලූ පිරිස සැට දහසක් වුනා...

ඔය විදියට මොග්ගලිපුත්තයන් වහසේ සහ ධර්මාශෝක රජු එක්වී සම්බුද්ධ සාසනය පිරිසිදු කලා...

වසර 07 ට පසු සිල්වත් සංඝයා වහන්සේලා සමගිව පොහොය උපෝසථ කළා..🙏🙏🙏

🚩 තුන්වන ධර්ම සංගායනාව..

දුස්සීල සංගයා බැහැර කල පසු මොග්ගලිපුත්තයන් වහන්සේ තෙවන ධර්ම සංගායනාව සිද්ධ කරන්න තීරණය කලා...

ඒ අනුව ධර්මයේ විශාරදභාවයට පත්, සය වැදෑරුම් අභිඥා ඇති, ත්‍රිපිටකධාරී, සතර පටිසම්භිදාලාභී, රහත් භික්ෂූන් වහන්සේලා දහස් නමක් තෝරා ගත්තා.

අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාව කරන ලද්දේ යම් අයුරින් ද, යස මහ තෙරුන් වහන්සේ දෙවන ධර්ම සංගායනාව කරන ලද්දේ යම් අයුරින් ද, එසෙයින් ම අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද තුන්වෙනි ධර්ම සංගායනාව කොට වදාළා.

ඒ තුන්වන ධර්ම සංගායනා මණ්ඩපයේ දී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ අන්‍ය වූ අධර්මවාදී මතිමතාන්තරයන් මර්දනය කරන්නා වූ කථාවස්තු නමැති ප්‍රකරණය වදාළා.

මේ විදිහට ධර්මාශෝක රජ්ජුරුවන් විසින් සලසන ලද ආරක්ෂාව ඇතිව රහතන් වහන්සේ දහස් නමකගේ සහභාගීත්වයෙන් කරන ලද මේ තුන්වන ධර්ම සංගායනාව නව මාසයකින් නිමාවට පත්වුනා...

ගෞතම බුද්ධ සාසනය තවත් බොහෝ කාලයක් දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස පවතින බවට මහා පොළව කම්පා වෙමින් සාක්ෂි දැරුවා..

අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ගෞතම සම්බුදු සසුනේ චිරස්ථිය උදෙසා සියලු කටයුතු සම්පාදන කොට පිරිණිවන් පා වදාලා..

ඒ වගේම අපගේ ධර්මාශෝක නිරිඳුන් ද ලංකාද්වීපයේ ඉපදි, කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ නමින් පිරිණිවන් පා වදාලා..🙏🙏🙏

මේ විදියට අපගේ මහරහතන් වහන්සේ ගෞතම බුද්ධ සාසනය වසර 5000ක් කල් සුරැකීම පිණිස ධර්ම සංගායනාවන් සිද්ධ කොට වදාලා..
උන් වහන්සේලා මේ සියල්ලක්ම සිදු කලේ උන්වහන්සේලා උදෙසා නොව අනාගතයේ පහල වන අප උදෙසාමය..

අප සියලු දෙනාටම සම්බුදු සසුනේ පහස ලබන්නට, ධර්ම සංගායනාවන් සිදුකල සියලු මහරහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා

Rangana Ruwanpura 🙏

Address

Kadwatha
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Pin Kethe Api - පින් කෙතේ අපි. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pin Kethe Api - පින් කෙතේ අපි.:

Shortcuts

Share

Category