NPP Gampaha

Directions Website

NPP Gampaha Official NPP Page of Gampaha District ජාතික ජන බලවේගය
தேசிய மக்கள் சக்தி
National Peoples' Power

07/10/2026

ඩිජිටල් ලෝකය ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක සුන්දරත්වය ලොව පුරා ප්‍රවර්ධනය කිරීමට වැඩපිළිවෙලක්

07/10/2026
07/10/2026

වැඩිහිටියන් වෙනුවෙන් රජයෙන් සහන රැසක්

06/10/2026

.

06/10/2026

ආසන්නතම පාසලෙන් හොඳම අධ්‍යාපනය ලබාදෙන නවීන අධ්‍යාපන ක්‍රමයක් හරහා දියුණු මානව සම්පතක් බිහි කිරීම තමයි අපේ රජයේ අරමුණ !

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සහභාගී වන සියත ත්‍රිකෝණය වැඩසටහන බදාදා (07) ...
06/10/2026

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සහභාගී වන සියත ත්‍රිකෝණය වැඩසටහන බදාදා (07) රාත්‍රී රාත්‍රී 10.15ට

සංතෘප්ත ගොවි දිවියක් - තිරසාර කෘෂි දර්ශනයක්..කැස්බෑව ගොඩනගන ගොවි හමුව ඔක් 04 දින බෝකුන්දර ගොවිජන සේවා පර්ශ්‍රයේදී පැවැත්...
05/10/2026

සංතෘප්ත ගොවි දිවියක් - තිරසාර කෘෂි දර්ශනයක්..

කැස්බෑව ගොඩනගන ගොවි හමුව ඔක් 04 දින බෝකුන්දර ගොවිජන සේවා පර්ශ්‍රයේදී පැවැත්විණ.

මෙම අවස්ථාව සදහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යය ආචාර්ය උපාලි පන්නිල සහෝදරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සහෝදරයා, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කැස්බෑව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි සහෝදරයා සහ රාජ්‍ය ආයතන නිළධාරීන්, කැස්බෑව ගොවිජන සේවා කාරක සභා නියෝජිතයන්, මහජන නියෝජිතයන් ප්‍රාදේශිය ගොවි ජනතාව සහභාගී විය.

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් වත්තල පවුල් හතරක තමන්ගේම ස්ථිර නිවසක හීනය සෑබෑ කරයි. ලෝක ජනාවාස දිනය අදට යෙදී තිබේ. ඊට සමගාමී...
05/10/2026

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් වත්තල පවුල් හතරක තමන්ගේම ස්ථිර නිවසක හීනය සෑබෑ කරයි.

ලෝක ජනාවාස දිනය අදට යෙදී තිබේ. ඊට සමගාමීව වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ පවුල් හතරක් වෙනුවෙන් තමන්ගේම ස්ථිර නිවසක හීනය සෑබෑ කිරීම සිදු කරන ලදි.

තමන්ගේම නිවසක් - ලස්සන ජීවිතයක් වෙනුවෙන් සැමට නිවසක අයිතිය තහවුරු කර දීමේ වත්මන් රජයේ අරමුණයි. එම අරමුණට අනුව අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ රජයේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වේ. ඒ යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 10 බැගින් වූ මූල්‍යාධාර ලබාදීම හරහා සාර්ථකව ඉදිකළ හොරපේ, මහ හැදල, කෙරවලපිටිය සහ තිඹිරිගස්යාය යන වසම්වල නිවාස 4ක් මෙසේ අද දින විවෘත කරන ලදි.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති බ්‍රිහාන් ආබ්ඩීන්, උප සභාපති රෝහිත සේරම් යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වත්තල ප්‍රාදේශීය ලේකම් ටී.සී.රාජිකා මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when NPP Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share