Students' Welfare Society - Sumedha College

Students' Welfare Society - Sumedha College "සියලු හොඳම දේ දරුවන්ටයි "

28/02/2021

2021 මාර්තු 01 වෙනිදා සිට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ ) විභාගයට පෙනී සිටින සුමේධ විද්‍යාලයේ සියලු දුවා දරුවන්ට ඒ සදහා අවශ්‍ය ශක්තිය , ධෛර්යය , මානසික ඒකාග්‍රතාව ඇතිවේවා . තෙරුවණ්ගේ අනන්ත වූ ගුන ආනුභාවයෙන් සියලු දෙනා සෞඛ්‍යාරක්ෂිතව සුරැකේවා . සෑමදෙනාටම මේ කඩඉම් විභාගයෙන් සියලු විෂයන් සදහා ඉහළම සාමාර්ථයන් ලබාගැනීමට වාසනාව උදාවේවා .

සියලු දුවා දරුවන්ට මාගේ සහ පවුලේ ආශිර්වාදය හා සුබ පිරිනමන්නට මෙය අවස්ථාවක් කරගනිමි.

සැමට ජයවේවා .

නිහාල් හේවගේ .
හිටපු ප්‍රධාන ලේකම් ,
ශිෂ්‍ය සුබසාධක සංගමය .

17/11/2020

Massage from Secretary of Student Welfare Society - Sumedha Collage

රට පමණක් නොව මුළුලොවම මුහුණ පා තිබෙන අති අසීරු සමයක විභාගයට පෙනී සිට මෙවන් ජයග්‍රහණයන් ලබාගත් සුමේධ විද්‍යාලයේ දූ පුතුන් සියලු දෙනාටම සමස්ථ ශිෂ්‍ය ශුභසාධක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් සංගමයේ උපහාරය පිරිනමමි . ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ සමස්ථ ගුරු මණ්ඩලයේ සියලු ගුරු භවතුන් ඉටු කළ කාර්යභාරය උපහාර පෙරදැරිව සිහිපත් කරමි. කළමනාකාරිත්වය මෙන්ම හිටපු විදුහල්පතිනී L.A.C.S.විජේතුංග මැතිණියත් වත්මන් විදුහල්පති සමන්ත පෙරේරා මහතාත් මෙවන් අසීරුම කාලයක ඉටුකළ කාර්යභාරය ගෞරවාන්විතව සිහිපත් කරමි. එමෙන්ම කළමනාකාරිත්වය වෙනුවෙන් ගරු සභාපති තුමා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂකතුමිය ලබාදුන් අනුග්‍රහය ප්‍රණාම පූර්වකව සිහිපත් කරමි. සමස්ථ දෙමව්පියන් කළ අතිදුෂ්කර කැපකිරීම් වෙනුවෙන් ද ප්‍රණාමය පුදකරමි . නියෝජ්‍ය විදුහල්පතිනී (පරිපාලන ) කුමාරි හපුආරච්චි මහත්මිය , සියලු සාමාන්‍යාධිකාරිවරු,නඩත්තු අංශ,අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මංඩල , ප්‍රධාන කාර්යාලය සේවක මංඩලය ,ආපනශාලා සේවක පිරිස හා ආයතනයට සම්බන්ධ අනෙකුත් සියලු අංශ, ආරක්ෂක අංශ සේවක මංඩලය , සියලු අසීරුතා දරාගත් ප්‍රදේශවාසී හිතවතුන්, රාජ්‍ය නිලධාරීන් , විභාග දෙපාර්තමේන්තුවේ නිළධාරීන් , ගම්පහ පුරපතිතුමා ඇතුළු මහ නගර සභාවේ නිළධාරීන් ,සෞඛ්‍ය අංශ නිළධාරීන් ඉටු කළ අතිදුෂ්කර කැපකිරීම් ද ස්තූති පූර්වකව සිහිපත් කරමි. අවසාන වශයෙන් තිරය පිටුපස සිට විභාගය පැවැත්වීමට පෙර හා පසු සියලු අංශ සම්බන්ධීකරණය කර ගනිමින් ශුභසාධන කටයුතු ඉටු කිරීමේදී මා හට සියලු කමිටු සාමාජිකයන් ලබා දුන් සහය ගෞරව පූර්වකව සිහිපත් කරන්නට අමතක නොකරමි.

ජයග්‍රහණය කළ සමස්ථ දූ පුතුන්ට ශුභපැතුම් පිරිනමන අතර ඔවුන්ට ශිෂ්‍ය ශුහ සාධක සංගමයෙන් ලැබෙන හිමිකම් ලබාදීමට නොපමාව කටයුතු කරමි.

ස්තූතියි .

30/10/2020
🔴🔴විශේෂ නිවේදනයයි🔴🔴 හිතවත් දෙමාපියන් වෙත,රටේ පවතින COVID19 සෞඛ්‍ය තත්වය හේතුවෙන් 2020 නොවැම්බර් 9 වන දින සැලසුම් කළ පරිද...
24/10/2020

🔴🔴විශේෂ නිවේදනයයි🔴🔴

හිතවත් දෙමාපියන් වෙත,

රටේ පවතින COVID19 සෞඛ්‍ය තත්වය හේතුවෙන් 2020 නොවැම්බර් 9 වන දින සැලසුම් කළ පරිදි අපට පාසල ආරම්භ කිරීමට හැකි වේදැයි සැක සහිතය.

කෙසේ වෙතත්, ඔබේ දරුවාගේ අධ්‍යාපනය බාධාවකින් තොරව කරගෙන යනු ඇති බවට අප සහතික වෙමු. අපගේ Online ඉගෙනුම් ක්‍රමවේද හරහා අපි සියලු පාඩම් පවත්වනු ඇත. සියලුම පාඩම්, වැඩ පත්‍රිකා සහ පැවරුම් ඔබගේ WhatsApp සමූහය සහ අප පාසලේ වෙබ් අඩවිය හරහා ඔබගේ.දරුවාට ලැබීමට සළස්වනු ඇත.

මීට අමතරව, සියලුම ගුරුවරුන් විසින් විශේෂ ZOOM පාඩම් පවත්වනු ලැබේ. මෙම වැඩසටහන ඵලදායි වීමට නම්, අපගේ දෙමාපියන්ගේ සහයෝගය හා කැපවීම අතවශ්‍ය වේ.

1. කරුණාකර ඔබේ දරුවා වෙත යවන සියලුම පාසල් වැඩ ලැබෙන බවට සහතික වන්න.

2. ලබා දී ඇති කාලසටහනට අනුව ඔබේ දරුවා සියළුම ZOOM පාඩම් වලට සහභාගී වන බවට කරුණාකර සහතික වන්න. (සෑම ZOOM පාඩමක දී ම, පැමිණීමේ ලේඛනය දිනපතා සලකුණු කරන බව කරුණාවෙන් සලකන්න.

3. ඔබට මේ.සම්බන්ධව කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර විෂය ගුරුවරයා හෝ පන්ති ගුරුවරයා අමතන්න.

මේ සම්බන්ධව ඔබ දක්වන සහයෝගයට සහ කැපවීමට ස්තූතියි.

සමන්ත පෙරේරා
විදුහල්පති
සුමේධ විදුහල - ගම්පහ

=========================

🔴🔴Special Announcement🔴🔴

Dear Parents,

Due to the prevailing COVID19 health situation in the country, we may not be able to start school on 9th November 2020 as planned.

However, please rest assured that your child's education will be continued without interruption. We shall be conducting all lessons through our e-learning platform. All lessons, worksheets and assignments will be sent to you through your whatsapp group and our College website.

In addition, special zoom lessons will be conducted by all teachers. In order for this programme to be effective, we require the cooperation and commitment of our parents.

1.Please ensure that your child receives all school work sent to him/her.

2. Please ensure that your child attends all Zoom lessons according to the timetable provided. (Please note that the attendance registers will be marked everyday during each Zoom session.

3. If you have any issues or concerns, please contact the subject teacher or the class teacher immediately.

Thank you for your cooperation and commitment.

Samantha Perera
Principal
Sumedha College - Gampaha

🔴🔴විශේෂ නිවේදනයයි🔴🔴 හිතවන් දෙමාපියනි,අප පාසලට විශිෂ්ඨ සේවයක් සිදුකල විජේතුංග විදුහල්පති මෑණියන්ගේ විශ්‍රාම ගැනීමේ උත්සවය...
20/10/2020

🔴🔴විශේෂ නිවේදනයයි🔴🔴

හිතවන් දෙමාපියනි,

අප පාසලට විශිෂ්ඨ සේවයක් සිදුකල විජේතුංග විදුහල්පති මෑණියන්ගේ විශ්‍රාම ගැනීමේ උත්සවය සහ නව විදුහල්පතිතුමා පිළිගැනීමේ උත්සවය, පවතින ගෝලීය වසංගත තත්වය හමුවේ සැලසුම් කල ආකාරයට පැවැත්වීමට නොහැකි වුවද සුමේධ විද්‍යාලයේ නව විදුහල්පතිතුමා ලෙස සමන්ත පෙරේරා මහතා නිල වශයෙන් විදුහල්පතිධූරයේ රාජකාරි භාරගෙන ඇති බව දෙමාපියන් සියලු දෙනාට දැනුම් දෙමු.

පවතින අයහපත් සෞඛ්‍යමය වතාවරණය පහව ගිය වහාම, මෙම උත්සවයන් සැලසුම් කල ආකාරයටම උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට අප බලාපොරොත්තු වෙමු.

තවද අපගේ නව විදුහල්පතිතුමා ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයන් ඔස්සේ කළමණාකාරිත්වය සහ ගුරුමණ්ඩලය සමඟ සම්බන්ධ වෙමින් පාසලේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගනිමින් ඇති බව ද දන්වමු. එපමණක් නොව, මේ දිනවල 11 ශ්‍රේණියේ දරුවන්ට ZOOM මාධ්‍යය ඔස්සේ සිදුකරන ඉගැන්වීම් කටයුතු ද එතු⁣මාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවන බව ද සතුටින් දන්වමු.

විශ්‍රාම ගිය විදුහල්පතිනියට නිදුක් නිරෝශී සුව දීර්ඝායු ප්‍රාර්ථනා කරන අතර නව විදුහල්පතිතුමාට ද සුමේධ විදුහල තව තවත් සාර්ථකව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ද ප්‍රාර්ථනා කරමු.

ස්තුතියි,

වෛද්‍ය විල්ෆ්‍රඩ් විජේසිංහ
සභාපති
සුමේධ විද්‍යාලය - ගම්පහ

බුදුසරණයි සියලුම පැටවුන්ට...
10/10/2020

බුදුසරණයි සියලුම පැටවුන්ට...

Sumedha CollageSanitation Done Letter from Gampaha Municipal Council...
09/10/2020

Sumedha Collage
Sanitation Done Letter from Gampaha Municipal Council...

09/10/2020

🔴🔴විශේෂ නිවේදනයයි🔴🔴

🔷පවතින අයහපත් සෞඛ්‍ය වතාවරණය හේතවෙන් 2020 ඔක්තොම්බර් 11වන ඉරිදා දින එනම් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින අප පාසලේ ආපන ශාලාව, පොත්හල ඇතුළු සියළු වෙලඳසැල් වසා ඇති බව දැනුම් දෙමි.

🔷 ඒබැවින් විභාගය සඳහා පෙනි දරුවන් එදින පාසලට පැමිණිමේදී උදැසන ආහාරය, පානීය ජලය සහ අනෙකුත් අවශ්‍ය ලිපි ද්‍රව්‍ය (පෑන් පැන්සල් ආදිය) රැගෙන පැමිණෙන්න.

🔷 එදිනට දරුවා සමඟ දෙමාපියන්ගෙන් එක් අයෙකුට (මව, පියා හෝ භාරකරු) පමණක් පාසල් පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලබා දෙන අතර දෙමාපියන්ට විභාග ශාලාව අසලට හෝ පා⁣සලේ අනෙකුත් ගොඩනැගිලි වලට ඇතුල්වීමට අවසර *නොලැබෙන* බවද කාරුණිකව සළකන්න.

🔷 යම් දරුවකුට උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් එම දරුවන් විභාගය සඳහා රැගෙන ඒමෙන් වළකින්න.

🔷 කරුණාකර රජයේ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් වගකීමෙන් යුතුව කටයුතු කරන මෙන් දෙමාපිය ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි.

*වෛද්‍ය විල්ෆ්‍රඩ් විජේසිංහ*
සභාපති
සුමේධ විද්‍යාලය - ගම්පහ

 #සියලුම_දේ_කිසිදු_අඩුපාඩුවකින්_තොරව_සමාජයේ_තනිවම_රජකරන්නට_හැකියාව_උපදෙස්_ගුරුහරුකම්_ලබා_දී_නැණ_ගුණ  #දම්_වර්ධනය_කරවූ_අප...
05/10/2020

#සියලුම_දේ_කිසිදු_අඩුපාඩුවකින්_තොරව_සමාජයේ_තනිවම_රජකරන්නට_හැකියාව_උපදෙස්_ගුරුහරුකම්_ලබා_දී_නැණ_ගුණ
#දම්_වර්ධනය_කරවූ_අපගේ_ගුරු_මෑණියන්_සහ_පියාණන්ට_උපහාරයක්_ම_වේවා....

අප ඉටුකරන මෙහෙවරෙන් බිඳක්...
04/10/2020

අප ඉටුකරන මෙහෙවරෙන් බිඳක්...

නව සුමේධ රගහල නව මුහුණුවරකින් ලබන අඟහරුවාදා 06 දින උදෑසන 6.00 සුභ මොහොතින් සිසු අයිතියට පත්වන වගයි.ඔබ සැමට ආරාධනා...
03/10/2020

නව සුමේධ රගහල නව මුහුණුවරකින් ලබන අඟහරුවාදා 06 දින උදෑසන 6.00 සුභ මොහොතින් සිසු අයිතියට පත්වන වගයි.
ඔබ සැමට ආරාධනා...

Address

Vishaka Road
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Students' Welfare Society - Sumedha College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Students' Welfare Society - Sumedha College:

Share

Category