Ranajaya Srilanka

Ranajaya  Srilanka ජීවිත පරිත්‍යාග කළ සියලුම රණවිරුවන් සදා සිහිපත් කිරීම

විරුඔබ සදා අණුස්මරණීය කිරීමේ අරමුණු ඇතිව එම පවුල් සාමාජිකයින් ඉලක්ක කරගත් යොජිත ජාතික රණවිරු අනුස්මරණ පුස්තකාල පරිශ්‍රය - ගම්පහ
රණවිරු ප්‍රතිප්‍රණාම යටතේ ඔබ වැනි සියලුම විරු ඔබ අමතක නොවන අයුරින් පිදුම් ලැබීමට නියමිතය.එය අපගේ නොමියෙන අතීතය වනු ඇත
දශක තුනකට එහා දිව ගිය ත්‍රස්තවාදී යුද දශක ගැටුම් සහ මුලින්ම මාතෘ භූමියෙන් තුරන් කර දැමීමට හැකියාව ලැබුණේ නිවැරදි දේශපාලන නායකත්වය, එඩිතර වීරෝධාර රණවිරුවන

්ගේ ධෛර්යමත් කැපවීම හා ආගමික පුජකතුමන් ඇතුළු සියලු සිවිල් සංවිධාන, සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ එකමුතු බව හා දිරිමත් කිරීම යන සමස්ත සුසංයෝගයෙහි ප්‍රතිඵල මතය .
මෙහිදී අතිමහත් කැපකිරීමක් කළ ජාතික විරුවන් වන යුද නාවික ,ගුවන් ත්‍රිවිධ හමුදාවන් සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු පොලිස් නිලධාරීන් සිය දහස් ගණන් තම දිවි පුදා ,ජීවිත පරිත්‍යාගයෙන් මෙන්ම සදාකාලික අබාධිත බවට පත්ව මව්බිමට නිදහස හා සාමය ගෙන දීම සදා අනුසමරණීයය .
ලෝකයෙහි ඉතා බලවත් රාජ්‍යයන් පවා අති නවීන හා පහසුකම් වලින් පිරිපුන්ව දශක ගණනාවක් පුරාවට ත්‍රස්තවාදීන් මර්දනය කිරීම උදෙසා දරණ වෑයම දෙස බලන කල ඉතා කුඩා රාජ්‍යයක් වන ශී‍්‍ර ලංකාවේ වීරෝධාර ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ලොව දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජයට පත් කරන ලද්දේ ඔවුන් සතු අති නවීන හා යුද තාක්ෂණයෙන් පොහොසත් වීම නිසා නොව අතිශයින්ම සංග්‍රාම භූමියෙහි රණවිරුවන් දැක්වූ වීර වික්‍රමාන්විත වූ අද්විතීය සටන් විලාසය මෙන්ම ඔවුන්ගේ කායික හා මානසික ශක්තිය විදහාපෑම මතය .එය සංග්‍රාම භූමියේ මුහුණ දුන් සිය අත්දැකීම් මිස වචනයෙන් එය විස්තර කළ නොහැකිය .මෙලෙස ආරක්ෂක අංශ ලැබු විජයග්‍රහණය අප මාතෘ භූමිය සදා පවතින තුරු මේ දෙරණ මත සදා අනුස්මරණීයව පවතිනු ඇත.

එහෙත් ඔවුන්ගේ දරු පවුල්වල සාමාජිකයන් හට මෙන්ම අප රටෙහි ජීවත්වන සියලුම ජන කොටස් වලට මෙම විශිෂ්ට මිනිසුන්ගේ එඩිතර ,වීර වික්‍රමාන්විත කාර්යය පිළිබඳ නිවැරදි දැකීමත් ,ඒ තුළින් ඔවුන් සිදුකළ සමාජ යුතුකම හා වගකීම අවබෝධ කර ගැනීමට හැකියාව ලබා දීම අපේක්‍ෂිතව ව්‍යාපෘති යෝජනා කරනු ලැබේ .
මෙම විශිෂ්ට කාර්යයට උර දී දිවි පිදු මෙන්ම පුර්ණ කාලීන ආබාධයන්ට ලක් වුවන් ඇතුළු සියලුම රණවිරු පවුල් වල සාමාජික,සාමාජිකාවන් හට ශ්‍රී ලාංකීය ජනතාවගේ උත්තමාචාරය පුද කිරීමටත් ,එම රණවිරු පවුල් ආර්ථික ,සමාජීය හා අධ්‍යාපනික ,ආදී විවිධ අංශයන්ගෙන් පුර්ණ බලගැන්වීම හා නිරන්තර සොයා බැලීමකට ලක් කිරීම උදෙසා මෙන්ම වර්තමානයේ සහ අනාගතයේ මාතෘ භූමියෙහි උපදින සියලුම දරු පරපුර උදෙසා ඉතිහාසයේ උදාර මිනිසුන්ගේ විශිෂ්ට කැපකිරීම හා උදාර සේවාව පිළිබඳ දැනුවත් බව ,අවබෝධය සහිත ඒ රණවිරුවන් පෙන් වූ මා හැගි උත්තම කාර්යය නිසි අයුරින් අධ්‍යයනය කරන්නට හැකි වන ලෙස නිර්මාණය කිරීමේ ව්‍යාපෘති ඉදිරිපත් කරයි .
ව්‍යාපෘති තත්ත්ව විශ්ලේෂණය :-
මාතෘ භූමියෙහි සෛවරීබව හා ඒකීය භාවය වෙනුවෙන් තම දිවි පිදු වීරෝධාර රණවිරුවන්,සදාකාලික ආබාධිත බවට‍ පත් වූ විරුවන් සහ ඔවුන්ගේ පවුල්වල දෙමාපියන්,ස්වාමි,භාර්යාවන් ඇතුලු දූ දරුවන් ඇතුළු සියලුම සාමාජිකයන් පිළිබඳ මතකය ගිලිහි යාම තුළින් බොහෝ සාමාජීය වශයෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් සමුද්‍රයක් අප අතින් ඉටු නොවීම හේතු කොට ගෙන ඇති වීමට හැකි ,ගැටලු සඳහා පිළියමක් වශයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම කාලීන අවශ්‍යතාවයක් ලෙස අපට පෙන්වා දිය හැක .
පූර්ණ ආබාධිත තත්වයට පත්ව ජීවිතය ගෙවන වීරෝධාර ජාතික විරුවන් උදෙසා දීර්ඝකාලීන ක්‍රියාවලියක් ඔවුන්ගේ සුබ සාධක කටයුතු සඳහා අවශ්‍යවන අතර එය හුදෙක් රාජ්‍ය අංශයට පමණක් පැවරීම යුක්ති සහගත නොවන අතර සිවිල් සංවිධානය පදනම් කොට ගත් ශී‍්‍ර ලාංකීය පුරවැසියන් හට අවස්ථාව සම්ප්‍රදානය කර දීමේ යුගයේ අවශ්‍යතාවය ඉටු කිරීමට මෙය මා හැගි අවස්ථාවක් ලෙස හදුනා ගෙන තිබේ .
අර්ධ හානි සහ ආබාධයන්ට පත්වූ විරුවන් උදෙසා ඔවුන්ගේ ජීවිතය ගෙන යාමට අවශ්‍ය කිසියම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ කාර්යය සම්ප්‍රදානයට ද මෙය කදිම අවස්ථාවකි .
ජාතික විරුවන්ගේ දරු පවුල් වල සමාජීය ,ආර්ථික හා අධ්‍යාපනික යන අංශයන්ගෙන් වඩා යහපත් ලෙසින් ඔප් නංවාලීමට අවශ්‍ය කටයුතු සම්ප්‍රදානයට ද මෙය මහැගු අත්වැලකි .ඔවුන්ගේ පවුල්වල සමාජ සුබසාධනය ප්‍රමුඛ කරන වැඩපිළිවෙලක් ඇති කිරීම මෙයින් අපේක්ෂිතය.
ජාතික එකමුතුව තුළින් යුද්ධයේ ජයග්‍රහණ උදෙසා කළ කැප කිරීමේ පිළිබඳ අනාගත සමාජය දැනුවත් කරලීම උදෙසා අතීත විරුවන්ගේ අභීත හා වීර වික්‍රමයන් ඇතුළු තම යුතුකම් ඉටුකිරීමේ භාරධුර වගකීම පිළිබඳ අධ්‍යනය කිරීමට පසුබිම සකස් කර දීම අරමුණු කොට ගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දැක්විය හැකිය .

ව්‍යාපෘති අරමුණ ව්‍යාපෘති පරමාර්ථ :-
ජාතික රණවිරුවන් සදා අනුස්මරණ කිරීම

ඉලක්ක කණ්ඩායම :-
මෙම ව්‍යාපෘති දශක තුනකට අධික කාලයක් යුද ගැටුම් සදහා මැදිහත් වී එම යුද ජයග්‍රහණ සදහා දායක වූ සියලුම රණවිරුවන් හා එම රණවිරු සාමාජීක මහත්ම මහත්මීන්ගේ පවුල්වල සාමාජීකයන් ඇතුළු සියලුම ජන කොටස් ඉලක්ක කර මෙහි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම .

උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද......තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්ජය ශ්‍රී...
13/04/2019

උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද......

තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...
ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....

දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්
නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.

සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්.....
....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම

නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...

කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...

ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...

ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...

අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...

ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...

යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා...

ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා...

ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත සුභ නව වසරක් වේවා...

අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....

තෙරුවන් සරණයි...!!!

21/03/2019

Join with to defeat the Terrorism in the world

අපගේ දළදා මාළිගාව
26/01/2019

අපගේ දළදා මාළිගාව

1998 ජනවාරි 25 වන දින එල්ටීටීඊ ත්‍ර‍ස්තවාදීන්, එවර නිදහස් උළෙලට සැරසෙමින් තිබූ ශ්‍රී දළදා මාළිගා පරිශ්‍ර‍ය තුල දැවැන්ත ‍ බෝම්බය පුපුරුවා මෙම සාහසික අපරාධය සිදු කලහ.

එදින පෙරවරු 6:10 ට පමණ, මරාගෙන මැරෙන කළු කොටි තිදෙනෙකු විසින් පුපුරණ ද්‍රව‍ය තොගයක් පැටවූ ට්‍ර‍ක් රථයක් රජ වීදිය ඔස්සේ පදවාගෙන පැමිණ, අවට මං බාධක වල සිටි හමුදා භටයින්ටද වෙඩි තබා, මාලිගාවේ පිවිසුම් අංගණය වෙත කඩා වැදෙමින් පිපිරවීම සිදු කරන ලදී.

අධි පුපුරණ ද්‍රව‍ය කිලේා ග්රෑම් 300-400ක් පමණ අන්තර්ගතවූ ට්‍රක් රථය, ප්‍රධාන පිපිරීම් දෙකකින් විනාශයට පත්වූ බව සඳහන් වෙයි.

ප්‍රහාරය‍ෙ‍න් එල්ටීටීඊ ත්‍ර‍ස්තවාදීන් තිදෙනා සහ වයස අවුරුදු 2 ක දරුවෙකු ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර,තවත් 25 දෙනෙකු තුවාල ලැබූහ.

තුවාල ලැබූ අය අතර කාන්තාවන් සිව් දෙනෙක්, භික්ෂුන් වහන්සේ නමක් සහ පොලිස් නිළදාරියෙක් වූහ

මේ දැවැන්ත ප්‍රහාරයේ බලපෑම නිසා, වටපිටාවේ කිලෝ මීටර 5 ක් පමණ දුරින් වූ සමහර ගොඩනැගිලිවලට හානි සිදුව තිබුණි

On 25 January 1998, the LTTE exploded a massive truck bomb inside the Temple of the Tooth premises, which was to be the centre the independence day celebrations.

Three su***de LTTE Black Tigers drove an explosive laden truck along the King's street (Raja Veediya), firing at soldiers manning road blocks around the place, crashed through the entrance and detonated the bomb around 6:10 am, local time. Two explosions were heard.

The truck contained 300--400 kg of high explosives.16 people, including the 3 attackers and a 2-year old infant were killed in the incident. Over 25 people, including 4 women, a monk and a police officer were injured. P. W. Withanage, a professor of geology also died due to shock after hearing the incident.The powerful attack left most of the buildings within a radius of 5 km damaged, and glass panes broken

26/01/2019

දිනක තේරුම් ගන්න...

21/01/2019

Respect Soldier who sacrifice their families and their happiness for us...
(y)

19/01/2019

මිනිස් ජීවිත නැති වන බව නම්...

Heroic National Library - Srilanka
18/01/2019

Heroic National Library - Srilanka

18/09/2018

මල්ටි බැරල් රථ..

Address

නිදහස වෙනුවෙන් දිවි දුන්නෝ
Gampaha

Telephone

+971556277860

Website

Alerts

Be the first to know and let us send you an email when Ranajaya Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ranajaya Srilanka:

Share