Gampaha Divisional Secretariat

Gampaha Divisional Secretariat Government Service

ගම්පහ සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස වසර 7 අධික කාලයක් රාජකාරි සිදුකල උපේක්ෂා කපුරුබණ්ඩාර මහත්මිය සැප්තැම්බර් 7 දින සිට ගම්ප...
07/09/2026

ගම්පහ සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස වසර 7 අධික කාලයක් රාජකාරි සිදුකල උපේක්ෂා කපුරුබණ්ඩාර මහත්මිය සැප්තැම්බර් 7 දින සිට ගම්පහ දිස්ත්‍රික්කයේ සහකාර දිස්ත්‍රික් ලේකම් වශයෙන් උසස් වීම් ලැබ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ රාජකාරි ආරම්භ කරන ලදී.එතුමියට ගම්පහ ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩයේ උණුසුම් සුබ පැතුම්. ඔබතුමියගේ ඉදිරි කටයුතු සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. Upeksha Kapurubandara

ජලභීතිකා මර්දන සුනඛ වන්ධ්‍යකරණ වැඩසටහන 1
02/09/2026

ජලභීතිකා මර්දන සුනඛ වන්ධ්‍යකරණ වැඩසටහන 1

සුනඛ වන්ධ්‍යාකරණය (Dog sterilization) ඇඹරළුව උතුර සංස්කෘතික මධ්‍යස්ථානය භූමියේදී 09/04 දින
02/09/2026

සුනඛ වන්ධ්‍යාකරණය (Dog sterilization) ඇඹරළුව උතුර සංස්කෘතික මධ්‍යස්ථානය භූමියේදී 09/04 දින

2026/08/06 දින  කිරිදිවිට ගැමුණු විදුහලේදී..දෙමව්පියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන පාසල් ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී....
02/09/2026

2026/08/06 දින කිරිදිවිට ගැමුණු විදුහලේදී..
දෙමව්පියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන පාසල් ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී..
පාසල් පද්ධතියක් තුළ දරුවන්ගේ විනය සහ හික්මීම මෙන්ම දරුවන්ට බලපාන ගැටලු..
දෙමව්පියන් සහ ගුරුවරුන් ළමා සංවර්ධනය සහ දරුවන්ගේ විවිධතා හඳුනා ගැනීම.
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදේශකත්වයෙන්
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී දමයන්ති ධනපාල මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී.

02/09/2026
යොවුන් සේනාංකය, වතුපිටිවල ,අත්තනගල්ල යොවුන් සේනාංක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවන කුසලතා සංවර්ධනය සහ පෞරුෂ සංවර්ධනය තුළින් මාන...
02/09/2026

යොවුන් සේනාංකය, වතුපිටිවල ,අත්තනගල්ල
යොවුන් සේනාංක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවන කුසලතා සංවර්ධනය සහ පෞරුෂ සංවර්ධනය තුළින් මානසික සවි බල ගැන්වීම සහ ඉලක්ක ජය ගැනීම සඳහා වූ මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන සම්පත් දායකත්වය මනෝවිද්‍යාව උපදේශන නිලධාරී ප්‍රභා යටවර මහත්මිය විසින් සිදුකරන ලද අතර මෙම වැඩසටහන යොවුන් සේනාංක මධ්‍යස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය මගින් සංවිධානය කරන ලද්දකි.

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාට නිවන් සුව පාර්ථනා කරමු.
02/09/2026

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාට නිවන් සුව පාර්ථනා කරමු.

දිස්ත්‍රික් උපදේශයෙන් නිලධාරී සංචිත පිහිටවීමේ  වැඩසටහන -ගාල්ල දිස්ත්‍රික්කයපුනරුත්ථාපන කාර්යාංශය යටතේ ස්ථාපිත දිස්ත්‍රික...
02/09/2026

දිස්ත්‍රික් උපදේශයෙන් නිලධාරී සංචිත පිහිටවීමේ වැඩසටහන -ගාල්ල දිස්ත්‍රික්කය
පුනරුත්ථාපන කාර්යාංශය යටතේ ස්ථාපිත දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය වෙතින් පෙර විපරම් සහ පසු විපරම් කටයුතු කිරීමේදී අවශ්‍ය උපදේශන කටයුතු සිදුකිරීම සඳහා උපදේශන නිලධාරී සංචිත පිහිටුවීමේ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන ් 2026.08.15 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
පුනරුත්ථාපන කාර්යාංශ පාලක සභාවේ සභාපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මියගෙන් සංකල්පයකින් ඇරඹී මෙම වැඩසටහන දිස්ත්‍රික් ලේකම් ර්යෝ R.U චන්ද්‍රලාල් මහතාගේ ප්‍රධානත්වයෙන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ජී.ජී ලක්ෂ්මිකාන්ති මහත්මිය, කපුනුරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් ශිරාන් අමිත් යන මහත්මවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම උපදේශන නිලධාරී සංචිතය සඳහා උපදේශන පුහුණු වැඩ මුළුවේ සම්පත් දායකත්වය මනෝවිද්‍යා උපදේශවලධාරී ප්‍රභා යටවර මහත්මිය විසින් ලබා දෙන ලදී.

සියදිවි හානිය වැළැක්වීමේ උපදේශන වැඩසටහන- වැලිවේරිය මානසික ගැටලු සහ රෝග මනෝවිද්‍යාත්මක උපදේශන සේවාව හෝ මනෝවෛද්‍ය ප්‍රතිකා...
02/09/2026

සියදිවි හානිය වැළැක්වීමේ උපදේශන වැඩසටහන- වැලිවේරිය
මානසික ගැටලු සහ රෝග මනෝවිද්‍යාත්මක උපදේශන සේවාව හෝ මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා නොගැනීම නිසා මානසික ගැටලුකාරී තත්ත්වය සංකීර්ණ වීමෙන් විශාදය වැනි රෝග තත්ත්වයන් නිසා සියදිවි හානි කර ගැනීම සිදුවිය හැකිය. එවැනි මනෝසමාජ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මානසික සවිබල ගැන්වීම, ආතති කළමනාකරණය, යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා, පිළිබඳව උපදේශන වැඩසටහන වැලිවේරිය මධ්‍යම බෙහෙත් ශාලාවේදී පැවැත්වින. මෙම වැඩසටහන් සංවිධානය කරන ලද්දේ වැලිවේරිය මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍ය සහ හෙද කාර්යය මණ්ඩලය විසිනි. සම්පත් දායකත්වය සපයන ලද්දේ මනෝ විද්‍යා උපදේශන නිලධාරි ප්‍රභා යටවර මහත්මිය විසිනි.

යක්කල යොවුන් සේනාංක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා උපදේශන වැඩසටහනඅනාගත ඉලක්ක සපුරා ගැනීම සඳහා යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයකින් අභ...
02/09/2026

යක්කල යොවුන් සේනාංක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා උපදේශන වැඩසටහන
අනාගත ඉලක්ක සපුරා ගැනීම සඳහා යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයකින් අභියෝග ජයගෙන සමබර පෞර පෞරුෂයක් තුලින් ආර්ථිකයට දායක කරවීම සඳහා මානසික සවි බල ගැන්වීමේ උපදේශන වැඩසටහන යක්කල යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය මනෝවිද්‍යාව උපදේශ නිලධාරී ප්‍රභා යටවල මහත්මිය විසින් සිදු කරන ලද අතර වැඩසටහන සංවිධානය කිරීම වෙනුවෙන් යොවුන් සේනාංක සේනාංක මධ්‍යස්ථානයේ නිලධාරි සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි.

Address

Sri Bodhi Road
Gampaha
11700

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 09:00 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15

Telephone

+94332222112

Alerts

Be the first to know and let us send you an email when Gampaha Divisional Secretariat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gampaha Divisional Secretariat:

Shortcuts

Share