Gampaha Divisional Secretariat

Call Directions Website Contact the organization

Gampaha Divisional Secretariat Government Service

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ගණේමුල්ල මාතෘ සායනවල  ක්‍රියාත්මක වන පවුල් හවුල සහ මාතෘ සායන සඳහා ...
09/10/2026

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ගණේමුල්ල මාතෘ සායනවල ක්‍රියාත්මක වන පවුල් හවුල සහ මාතෘ සායන සඳහා උපදේශන වැඩසටහන් පැවැත්වීම .
මෙහිදී පවුල් හමුව සහ සැසි සඳහා සහභාගී වන ප්‍රදේශයේ පවුල් වල සාමාජිකයන් සඳහා පවුල් උපදේශනය, ආකල්ප සංවර්ධනය , මානසික සවි බල ගැන්වීම අරමුණු කර ගනිමින් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා සම්පත් දායකත්වය මනෝවිද්‍යා උපදේශන නිලධාරී , ප්‍රභා යටවර යා මහත්මිය විසින් ලබාදෙන ලදී.

ගම්පහ සමෘද්ධි බැංකු සමිතියේ පොදු සුභසාධන අරමුද⁣ලේ ප්‍රතිපාදන මත 2026.10.08. දින ඇඹරළුව දකුණ 1 වසමට අයත් මිහිදු කණිෂ්ඨ වි...
08/10/2026

ගම්පහ සමෘද්ධි බැංකු සමිතියේ පොදු සුභසාධන අරමුද⁣ලේ ප්‍රතිපාදන මත 2026.10.08. දින ඇඹරළුව දකුණ 1 වසමට අයත් මිහිදු කණිෂ්ඨ විද්‍යාලයේ වේදිකාවට තිර රෙදි දමා වේදීකාව ප්‍රතිසංස්කරණය කර භාරදීමේ අවස්ථාව ඉතා උත්සවාකාරයෙන් එම පාසල විසින් සංවිධානය කර තිබුණි. ගරු ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති
එම උත්සවයට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ නානයක්කාර මහත්මිය ,සමෘද්ධි ප්‍රජාමුල බැංකු සමිති කළමනාකරු දමයන්ති මහත්මිය , සමෘද්ධි මුලස්ථාන කළමනාකරු තනුජා මහත්මිය , වැලිවේරිය සමෘද්ධි ප්‍රජාමුල බැංකු කළමනාකරු නෙරංජි මහත්මිය හා දිස්ත්‍රික් සමෘද්ධි කාර්‍යාලයේ චිත්‍රා මහත්මිය මෙන්ම සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලයේ සමෘද්ධි කළමනාකරු රණවීර මහතා මෙන්ම ප්‍රියන්ති මහත්මිය,සමෘද්ධි සංවර්ධන නිලධාරී ඩයස් මහත්මිය,පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්,ගුරු භවතුන් සහභාගි විය.

🏠 සැමට සුරක්ෂිත නිවසක් – ගෞරවාන්විත ජීවිතයකට ශක්තියක්! 🏡🌅​​මෙම වැඩසටහන යටතේ ලෝක ජනාවාස දිනයට සමගාමීව, රජයේ "තමන්ගේම තැනක...
08/10/2026

🏠 සැමට සුරක්ෂිත නිවසක් – ගෞරවාන්විත ජීවිතයකට ශක්තියක්! 🏡🌅

​​මෙම වැඩසටහන යටතේ ලෝක ජනාවාස දිනයට සමගාමීව, රජයේ "තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්" සහ "සියලු දෙනාට සුරක්ෂිත නිවසක්" ජාතික නිවාස වැඩසටහන යටතේ බටහිර වැලිවේරිය කොට්ඨාසයේ නිවස වෙත ගෙවදීම ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති සෙනරත් පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ ඉනෝකා මහත්මිය, CDC සභාපති උපාලි මහතා කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් සහභාගීත් වයෙන් සිදු කරන ලදී .
​තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් හිමිවූ රුපියල් මිලියනයක මූල්‍යාධාරය, ප්‍රතිලාභී පවුල්වල කැපවීම, දායකත්වය, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසගේ ප්‍රජා ශ්‍රම දායකත්වය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය මගපෙන්වීම තුල මෙම නිවාස ඉදිකිරීම් නිම කිරීමට හැකි විය.

ශ්‍රි ලංකාවේ විශාලතම විශ්‍රාමික රාජ්‍ය සේවකයන් පිරිසකගේ ලිපි ගොනු ප්‍රමාණයක්  මෙහෙයුම් කටයුතු සිදුකරනු  ලබන කාර්‍යාල අතර...
08/10/2026

ශ්‍රි ලංකාවේ විශාලතම විශ්‍රාමික රාජ්‍ය සේවකයන් පිරිසකගේ ලිපි ගොනු ප්‍රමාණයක් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන කාර්‍යාල අතරින් ප්‍රමුඛතම ආයතනයක් වන ගම්පහ ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ සුභාසිංශන එක් කරමි. ඔබ සැමට නිදුක් නිරෝගී සුව දායක විශ්‍රාමික දිවියක් වේවා.

*🩸 ලේ බිඳක් – ජීවිතයක් 🩸*එක් ලේ බිඳක් තවත් ජීවිතයකට අලුත් බලාපොරොත්තුවක් විය හැකියි. ❤️යසෝදරා දේවි බාලිකා විද්‍යාලය, ගම්...
08/10/2026

*🩸 ලේ බිඳක් – ජීවිතයක් 🩸*

එක් ලේ බිඳක් තවත් ජීවිතයකට අලුත් බලාපොරොත්තුවක් විය හැකියි. ❤️

යසෝදරා දේවි බාලිකා විද්‍යාලය, ගම්පහ
ශිෂ්‍ය නායිකා මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන සඳහා සියලුම සුදුසුකම් ලත් පරිත්‍යාගශීලීන්, දෙමාපියන්, ආදි ශිෂ්‍යයින්, සුභ පතන්නන් සහ මහජනතාව වෙත ආරාධනා කරමු.

📅 දිනය – 2026.10.09
⏰ වේලාව – පෙ.ව. 8.00 සිට ප.ව. 2.30 දක්වා
📍 ස්ථානය – යසෝදරා දේවි බාලිකා විද්‍යාලය, ගම්පහ

ඔබේ එක් පරිත්‍යාගයක්, ජීවිතයක් වෙනුවෙන් වටිනා දායකත්වයක් විය හැකියි.

❤️ එක්වෙමු. ලේ දන්දෙමු. ජීවිතයක් රකිමු. 🩸




🏠 සැමට සුරක්ෂිත නිවසක් – ගෞරවාන්විත ජීවිතයකට ශක්තියක්! 🏡🌅​​මෙම වැඩසටහන යටතේ ලෝක ජනාවාස දිනයට සමගාමීව, රජයේ "තමන්ගේම තැනක...
08/10/2026

🏠 සැමට සුරක්ෂිත නිවසක් – ගෞරවාන්විත ජීවිතයකට ශක්තියක්! 🏡🌅

​​මෙම වැඩසටහන යටතේ ලෝක ජනාවාස දිනයට සමගාමීව, රජයේ "තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්" සහ "සියලු දෙනාට සුරක්ෂිත නිවසක්" ජාතික නිවාස වැඩසටහන යටතේ 240 ඉහළ ඉඹුල්ගොඩ උතුර කොට්ඨාසයේ කොතලාවල මාවත , අනුෂා කුමාරි මහත්මියගේ නිවස වෙත ගෙවදීම ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති සෙනරත් පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ ඉනෝකා මහත්මිය, CDC සභාපති ඇතුළු කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් සහභාගීත්වයෙන් සිදු කරන ලදී..

​තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් හිමිවූ රුපියල් මිලියනයක මූල්‍යාධාරය, ප්‍රතිලාභී පවුල්වල කැපවීම, දායකත්වය, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසගේ ප්‍රජා ශ්‍රම දායකත්වය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය මගපෙන්වීම තුල මෙම නිවාස ඉදිකිරීම් නිම කිරීමට හැකි විය.

08/10/2026
08/10/2026
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඳහා දිස්ත්‍රික් උපදේශන   සාංචිත පිහිටුවීමපුනරුත්ථාපනය කාර්යාංශය යටතේ ස්ථාපිත දිස්ත්‍රික් පුනර...
08/10/2026

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඳහා දිස්ත්‍රික් උපදේශන සාංචිත පිහිටුවීම
පුනරුත්ථාපනය කාර්යාංශය යටතේ ස්ථාපිත දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය වෙතින් පෙර විපරම් සහ පසු විපරම් කටයුතු කිරීමේදී අවශ්‍ය උපදේශන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය උපදේශන නිලධාරීන් නොමැති වීම හේතුවෙන් එම ක්‍රියාවලියේ සාර්ථකත්වයට පවත්නා වූ බාධාවන් ඉවත් කර ගැනීමේ මූලික අරමුණින් දියත් කෙරුණු දිස්ත්‍රික් උපදේශන නිලධාරී සංචිත පිහිටුවීමේ වැඩසටහන් මාලාවේ පොළොන්නරු දිස්ත්‍රික් වැඩසටහන 2020.10.07 දින පොළොන්නරුව පුරාණ තාක්ෂණික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
පුනරුත්ථාපන කාර්යාංශ පාලක සභාවේ සභාපතිනි ශ්‍රේෂ්ඨ මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මියගේ සංකල්පයකින් ඇරඹි මෙම වැඩසටහන් මාලාව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් ඩබ්, එම්.අයි කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍ර්ගේඩ්යර් ශිරාන් අමිත් මහතා , අතිරේක පුනරුත්ථාපනය කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩ්යර් ප්‍රසන්න ප්‍රියලාල් මහතා, ග්‍රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යංශයේ ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාව උපදේශිකා ප්‍රභා යටවර මහත්මිය ඇතුළු පුනරුත්ථාපන කාර්යාංශයේ නිලධාරීන්ගේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන උපදේශන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

🏠 සැමට සුරක්ෂිත නිවසක් – ගෞරවාන්විත ජීවිතයකට ශක්තියක්! 🏡🌅​​මෙම වැඩසටහන යටතේ ලෝක ජනාවාස දිනයට සමගාමීව,"තමන්ගේම තැනක් – ලස...
07/10/2026

🏠 සැමට සුරක්ෂිත නිවසක් – ගෞරවාන්විත ජීවිතයකට ශක්තියක්! 🏡🌅

​​මෙම වැඩසටහන යටතේ ලෝක ජනාවාස දිනයට සමගාමීව,"තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්" සහ "සියලු දෙනාට සුරක්ෂිත නිවසක්" ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ගම්පහ ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපති ලසිත් භාෂණ මහතාගේ ප්‍රධානත්වයෙන් , ගම්පහ නගරාධිපති එරික් එදිරිවික්‍රම මහතා,උප නගරාධිපති රමල් සිරිවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ප්‍රධානත්වයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ ඉනෝකා මහත්මිය, කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
ඉදිගොල්ල ග්‍රාමලධාරී වසමේනිවසක් විවෘත කිරීමේ අවස්ථාව ​තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් හිමිවූ රුපියල් මිලියනයක මූල්‍යාධාරය, ප්‍රතිලාභී පවුල්වල කැපවීම, දායකත්වය, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසගේ ප්‍රජා ශ්‍රම දායකත්වය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය මගපෙන්වීම තුල මෙම නිවාස ඉදිකිරීම් නිම කිරීමට හැකි විය.

Address

Sri Bodhi Road
Gampaha
11700

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 09:00 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15

Telephone

+94332222112

Alerts

Be the first to know and let us send you an email when Gampaha Divisional Secretariat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gampaha Divisional Secretariat:

Shortcuts

Share