ජාතික සුදුවෑන් පෙරමුණ

ජාතික සුදුවෑන් පෙරමුණ මානව අයිතිවාසිකම් සුරකීමට එක්වෙමු!
(1)

ඔබ කොහෙද? එන්නකො එළියට..
04/09/2026

ඔබ කොහෙද? එන්නකො එළියට..

නාමල් වැලිකඩ බලය අල්ලයි..
04/09/2026

නාමල් වැලිකඩ බලය අල්ලයි..

තුන් බිය.. !
04/09/2026

තුන් බිය.. !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ...
04/09/2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඖහු අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දූෂණ විරෝධී පනත යටතේ ආරම්භ කළ විමර්ශනයකට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පසුගිය මාර්තු 12 වනදා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී අතර පසුව ඇපමත මුදා හැරුණි.

එසේ ඇපමත මුදාහැර සිටියදී කපිල චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 08 වනදා අභිරහස් ලෙස මියගොස් සිටි අතර එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක පළ කළේය.

මේ අතර එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කර සිටින කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වැනි සැකකරු වශයෙන් නම්කර සිටින ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

එසේම ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට සහාය දැක්වීමක් ලෙස ප්‍රංශයේ එයාර්බස් මව් සමාගමේ නියෝජිතයන් පිරිසක්ද ඉකුත් අගෝස්තු මස මුල් සතියේ මෙරටට පැමිණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණි.

එවැනි පසුබිමක ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණි.

ඒ අනුව අද පෙරවරු 9.15ට පමණ නාමල් රාජපක්ෂ මහතා එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අතර පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

03/09/2026

හොරාට සර් කියන චාමර..
නිදස් පක්ෂයට වෙච්චි දෙයක්.. 🤣🤣

විපතක් වෙන්නයි යන්නේ.! 😄😄කොම්සමේ සියලු බලා⁣පොරොත්තුව ඉටුවේවයි පතමු.!
02/09/2026

විපතක් වෙන්නයි යන්නේ.! 😄😄
කොම්සමේ සියලු බලා⁣පොරොත්තුව ඉටුවේවයි පතමු.!

02/09/2026

කෙඳිරි ගන්න එපා කිව්වට මුං අහන්නේ නෑ...
හිරබිය දැනිල ගිරිය යටින් කෙඳිරි ගාන පොන්ස්ටන්... 🤣🤣

02/09/2026

විපක්ෂය හඩවන කතා.. 🙏🙏💪💪

BRAKING NEWS 🙏🙏💪💪ජය⁣වේවා.. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ දුෂණ චෝදනාව යටතේ වරදකරු කෙරුණු හිටපු සිවිල් ගුවන් සේවා අමාත්...
01/09/2026

BRAKING NEWS 🙏🙏💪💪
ජය⁣වේවා.. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ දුෂණ චෝදනාව යටතේ වරදකරු කෙරුණු හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය මිට සුළු මොහොතකට පෙර නියම කළේය.

2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් එවකට සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ සිදුකෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසු එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද (01) දිනට දින නියමකර තිබුණි.

රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් අදාළ සංග්‍රහ කටයුතු සඳහා මාරවිල පිහිටි පෞද්ගලික කේටර්ස් ආයතනයට රුපියල් තුන්ලක්ෂ තිස්දහසක මුදලක් ගෙවා ඇති බවට චෝදනාවල සඳහන් වෙයි.

එහිදී අදාළ මුදල් ගෙවීම සඳහා එවකට සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාව සිටි පියංකර ජයරත්න මහතා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ විධායක නිලධාරියා පොළබවා ඇති බවට අධිචෝදනාවල සඳහන් වී තිබුණි.

මුන් දෙගොල්ලොම තිරිසන්නු.!😡😡තවමත් මුන්ට ඕන, උන්ට වල් වාසි දුන්නු, රටේ මුදල් කාබාසිනියා කල ඉහළ වරප්‍රසාද ලබපු හොරු ටික රැ...
31/08/2026

මුන් දෙගොල්ලොම තිරිසන්නු.!😡😡
තවමත් මුන්ට ඕන, උන්ට වල් වාසි දුන්නු, රටේ මුදල් කාබාසිනියා කල ඉහළ වරප්‍රසාද ලබපු හොරු ටික රැක ගන්න!😡😡

Address

Kandy Road, Kadawatha
Gampaha
SRILANKA

Telephone

+94702301332

Website

Alerts

Be the first to know and let us send you an email when ජාතික සුදුවෑන් පෙරමුණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share