ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය
පහත ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය පිලිබඳ වේ.
පළාත - බස්නාහිර පළාත
විශාලතම නගරය - මීගමුව
වර්ගප්‍රමාණය
• සම්පූර්ණ 1,386.6 කිමී2 (535.4 වර්ග සැත)
• භූමිය 1,341 කිමී2 (518 වර්ග සැත)
• ජලය 46 කිමී2 (18 වර්ග සැත)
ජනගහණය (2001)
• සම්පූර්ණ 2,066,096
• ඝණත්වය 1,500/කිමී2 (3,900/වර්ග සැත)
ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි.
දිස්ත
්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,386.6 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2001දි ) 2,066,096 ක් විය.
1978 වර්ෂයේදී කොළඹින් වෙන් වී ස්වාධීන දිස්ත්‍රික්කයක් බවට පත්වූ ගම්පහ දිස්ත්‍රික්කය තුල ග්‍රාමසේවා වසම් 1177ක් සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් සහ මහ නගර සභා 2ක්, නගර සභා 5ක් හා ප්‍රදේශීය සභා 12ක් පවතියි.
ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය තුල පිහිටි නගර
~~~මහ නගර~~~ (පුරවර)
මීගමුව, ගම්පහ
~~~නගර~~~
බියගම, වේයන්ගොඩ, දොම්පෙ, කඩවත, පුගොඩ, රදාවාන, කිරිදිවැල, ජා-ඇල, කදාන, රාගම, ඒකල, මිනුවන්ගොඩ, ගණේමුල්ල, යක්කල, මිරිස්වත්ත, වැලිවේරිය, අත්තනගල්ල, ඌරපොල, නිට්ටඹුව, පල්ලෙවෙල, පස්යාල, මීරිගම,දුනගහ, කටාන, දිවුලපිටිය, ගොඩිගමුව, හැදල, සීදුව, කටුනායක, මීගමුව, වැලිහේන. කොටදෙනියාව, මරදගහමුල, උඩුගම්පල
# # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # #
~~~~ගම්පහ නගරය~~~~
ගම්පහ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ අගනගරය වන අතර එය කොළඹ අවට පිහිටි ප්‍රධාන නගරයන්ගෙන් එකකි. එහි සම්පූර්ණ භුමි ප්‍රමාණය වර්ගකිලෝමිටර 38ක් වන අතර සම්පූර්ණ නාගරික ජනගහණය ( 2011දි ) 9,900 ක් විය.
ගම්පහ නගරය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 4 ක් පමණ දුරින් පිහිටා ඇති අතර එය මිරිස්වත්තේදී සහ යක්කලදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වේ. කොළඹ පොල්ගහවෙල දුම්රිය මාර්ගය ඔස්සේද ගම්පහට ලගා විය හැක. ගම්පහ යනු නාගරීකරණය වූ නගරයකි.
~~~නම සෑදුනු ආකාරය~~~
ගම්පහ යන වචනයේ අර්ථය නම් ගම්මාන පහක් යන්නය. ගම්පහ සෑදී ඇති එම ගම්මාන පහ නම් ඉහලගම, පහලගම, මැදගම, අලුත්ගම, සහ පට්ටියගම යි.
~~~ඉතිහාසමය වැදගත්කම~~~
ශ්‍රී ලංකාවේ රෝපණය කල පලමු රබර් ගස
ශ්‍රී ලංකාවේ ප්‍රථම රබර් ගස, 1867 වසරේදී හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ රෝපණය කරන ලදී
1988 වර්ෂයේදී බලපෑ සුලි කුණාටුවක් හේතුවෙන් එම රබර් ගස විනාශ වූ අතර එහි ශේෂ කොටස් අදටත් හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ දැක ගත හැක.