Rahula National School, Godakawela

Rahula National School, Godakawela You are welcome to offcial facebook fan page of Rahula National School, Godakawela

PREFECT DAY ’26 || Prefect Day Of R/Emb/Rahula National School“Great leaders are not born—they are shaped through respon...
05/08/2026

PREFECT DAY ’26 || Prefect Day Of R/Emb/Rahula National School

“Great leaders are not born—they are shaped through responsibility, service, and dedication.”

On 20th June 2026, Rahula National School proudly celebrated Prefect Day ’26, a special occasion dedicated to recognizing and inspiring the young leaders of our school.

The day was filled with meaningful experiences, leadership development activities, and moments that strengthened the values of responsibility, discipline, teamwork, and service among our prefects.

We extend our heartfelt appreciation to our Principal, members of the teaching staff, distinguished guests, resource persons, the organizing committee, and every prefect whose dedication and enthusiasm made this celebration truly memorable.

As we reflect on this remarkable day, we proudly share a few glimpses of the unforgettable moments that celebrated the spirit of leadership and unity.

PREFECT DAY ’26
Leading with Integrity • Serving with Pride • Inspiring the Future.

11 ශ්‍රේණියේ චිත්‍ර විෂය හදාරණ සිසුන් වෙනුවෙන් සංවිධානය කළ එක්දින චිත්‍ර ප්‍රායෝගික වැඩමුළුව චිත්‍ර අංශයේදී පැවැත්විණි. ...
25/07/2026

11 ශ්‍රේණියේ චිත්‍ර විෂය හදාරණ සිසුන් වෙනුවෙන් සංවිධානය කළ එක්දින චිත්‍ර ප්‍රායෝගික වැඩමුළුව චිත්‍ර අංශයේදී පැවැත්විණි.

පසුගිය සාමාන්‍යපෙළ විභාගයේදී චිත්‍ර විෂය සඳහා 100% ක ප්‍රතිඵලයක් වාර්ථා කළ අතර එළඹෙන වරෂයේදීත් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වැඩසටහන් මාලාවක් චිත්‍ර අංශය විසින් සූදානම් කර ඇත.

වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ ඇඹිලිපිටිය කලාපයේ චිත්‍ර ගුරු උපදේශක H.T Dharmasiri Jayawardha. එතුමාට විද්‍යාලයේ විශේෂ ස්තූතිය හිමිවේ.

මේ සඳහා අවශ්‍ය මගපෙන්වීම් සිදු කළ විදුහල්පතිනිය ප්‍රමුඛ නියෝජ්‍ය විදුහල්පති වරුන්ට සහ චිත්‍ර අංශයේ ගුරු භවතුන්ටත් ප්‍රණාමය!

🏏 විශිෂ්ට ආරම්භයක්! 💙💛ලෙදර් ක්‍රිකට් – අවුරුදු 15න් පහළ කණ්ඩායමරාහුල ජාතික පාසලේ 15න් පහළ ලෙදර් ක්‍රිකට් කණ්ඩායම සිය පළම...
16/07/2026

🏏 විශිෂ්ට ආරම්භයක්! 💙💛

ලෙදර් ක්‍රිකට් – අවුරුදු 15න් පහළ කණ්ඩායම

රාහුල ජාතික පාසලේ 15න් පහළ ලෙදර් ක්‍රිකට් කණ්ඩායම සිය පළමු තරගයේදී උඩවලව මහා විද්‍යාලය පරාජය කරමින් පළමු ඉනිමේ ජය සමඟින් සම්පූර්ණ ඉනිමක් සහ ලකුණු 130ක විශිෂ්ට ජයක් වාර්තා කළේය. 🏆

මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සියලුම ක්‍රීඩකයන්ට, පුහුණුකරු මණ්ඩලයට සහ සහයෝගය ලබාදුන් සියලු දෙනාට උණුසුම් සුබ පැතුම්! 👏

ජයග්‍රාහී ගමන තවදුරටත් සාර්ථක වේවා! 💙💛

2025 අ.පො.ස සා.පෙළ විභාගයේ විශිෂ්ඨ සාමාර්ථය නවයක් සියලු ව්ෂයයන් සදහා ලබා ගත් අප විද්‍යාලයේ දක්ෂ දු පුතුන් අතර ඉංග්‍රීසි ...
10/07/2026

2025 අ.පො.ස සා.පෙළ විභාගයේ විශිෂ්ඨ සාමාර්ථය නවයක් සියලු ව්ෂයයන් සදහා ලබා ගත් අප විද්‍යාලයේ දක්ෂ දු පුතුන් අතර
ඉංග්‍රීසි සාහිත්‍ය විෂය සදහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගනිමින්
විද්‍යාලයට සුවිශේෂී කීර්තියක් ලබාදුන්
දුල්ෂි නිහාරා මද්දුමගේ දියණිය ට

ඩික්ෂන් ප්‍රියන්ත පදනම ,
මස්ඉඹුල මගින්
රු.60000/= වට්නා තිළිණයක් ලබා දෙන ලදි.

ඩික්ෂන් ප්‍රියන්ත පදනම
ප්‍රදේශයේ දු පුතුන්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් දක්වන සහයෝගය අගය කොට සළකන අතර එම පදනම වෙත විදුහල්පතිනිය ප්‍රමුඛ රහල් පාසල් ප්‍රජාව ගේ ගෞරවනීය ප්‍රණාමය පළ කර සිට්මු .

රාහුල ජාතික පාසලේ උසස්පෙළ ශ්‍රේණි සඳහා බඳවාගත් සිසු සිසුවියන් දිශානුගත කිරීමේ වැඩසටහන් මාලාවේ අද තවත් දිනයක්✨අද වෙනස් දව...
09/07/2026

රාහුල ජාතික පාසලේ උසස්පෙළ ශ්‍රේණි සඳහා බඳවාගත් සිසු සිසුවියන් දිශානුගත කිරීමේ වැඩසටහන් මාලාවේ අද තවත් දිනයක්✨

අද වෙනස් දවසක් , ප්‍රධාන ශාලාවෙන් ආරම්භ කරපු තාක්ෂණ අංශයේ වැඩසටහනෙන් අනතුරුව ක්‍රීඩා පිටියට පුරාවටම දිනයක් මුළුල්ලේ හිස, අත සහ ඔලුව වෙහෙසන ක්‍රියාකාරකම් රැසක් සූදානම් කරා.

අද වැඩසටහන සඳහා විදුහල්පති තුමිය ඇතුළු නියෝජ්‍ය විදුහල්පති ප්‍රමුඛ උසස්පෙළ අංශය විශාල සහයෝගයක් ලැබුනා. විද්‍යා අංශයෙන් චතුර උදයංග සර් , සංජීව සර් වගේම ශාලිත සර් වැඩසටහනට සහයෝගය ලැබුනා.

වැඩසටහන ක්‍රීඩා අංශයේ සසංකා ගුරුතුමිය , පසිඳු සමරවීර , රුසිරු අඹගහවත්ත සර් වගේම නිමල් සර් සම්බන්ධ වුනේ දිලීප සහ ඉසුරි ගේත් සහයෝගයෙන්.

උදෑසන ශාරීරික සුවතා ආරම්භයේ සිට විවිධ ක්‍රීඩා සහ සාමූහිකත්වය හදන ක්‍රීඩා රැසක් සමගින් වැඩසටහන සාර්ථකව අවසන් උනා.

වැඩසටහනේ විශේෂ කොටසක් ලෙස තරුණයෙක් ලෙස අනාගතයේදී ලැබෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න කියලා දුනේ විද්‍යාලයේ ධර්මාචාර්‍යය කොවුල්ලාරේ ජිනාන්ද ස්වාමීන්වහන්සේට නමස්කාර ස්තූතිය පුද කරමු.

රාහුල ජාතික පාසල - ගොඩකවෙල

🏆 රාහුල ජාතික පාසලට තවත් අභිමානවත් ජයග්‍රහණයක්!ජාතික විද්‍යා ඔලිම්පියාඩ් 2025 තරගාවලියේදී පළාත් ප්‍රථම ස්ථානය දිනාගෙන සම...
08/07/2026

🏆 රාහුල ජාතික පාසලට තවත් අභිමානවත් ජයග්‍රහණයක්!

ජාතික විද්‍යා ඔලිම්පියාඩ් 2025 තරගාවලියේදී පළාත් ප්‍රථම ස්ථානය දිනාගෙන සමස්ත ලංකා Merit සම්මානයත් හිමිකර ගත් අපේ රාහුලයේ
K B A ලසිත සිනෙත් වනිගසූරිය ශිෂ්‍යයාට හෘදයාංගම සුබපැතුම්! 💙

මෙය එක් සිසුවෙකුගේ ජයග්‍රහණයක් පමණක් නොව, රාහුල ජාතික පාසලේ අධ්‍යාපනික විශිෂ්ටත්වය තවත් වරක් රටටම පෙන්වා දුන් අභිමානවත් අවස්ථාවකි.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් අපගේ දක්ෂ ශිෂ්‍යයාටත්, ඔහුට නොමද අත්වැලක් වූ ආචාර්ය මණ්ඩලයටත්, නිරන්තරයෙන් ශක්තියක් වූ දෙමාපියන්ටත් උණුසුම් සුබපැතුම් සහ ගෞරවනීය ප්‍රණාමය පුද කරමු.

ඔබගේ ඉදිරි ගමන තවත් ජයග්‍රහණයන්ගෙන් ආලෝකමත් වේවා!

💙 රාහුල ජාතික පාසල
"දැනුමෙන් දිනන දරු පරපුරක්."

🏅 සබරගමුව පළාත් කබඩි තරගාවලිය 2026 🏅අභිමානවත් ජයග්‍රහණයක්! 💙💛සබරගමුව පළාත් කබඩි තරගාවලියේ 17න් පහළ බාලිකා තෙවන ස්ථානය දි...
06/07/2026

🏅 සබරගමුව පළාත් කබඩි තරගාවලිය 2026 🏅

අභිමානවත් ජයග්‍රහණයක්! 💙💛

සබරගමුව පළාත් කබඩි තරගාවලියේ 17න් පහළ බාලිකා තෙවන ස්ථානය දිනාගනිමින් සමස්ථ ලංකා කබඩි තරගාවලියට තේරීපත් වූ රාහුල ජාතික පාසල – ගොඩකවෙල කණ්ඩායමේ දක්ෂ දියණියන්ට සහ ඔවුන්ගේ කැපවූ පුහුණුකරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්! 🎉👏

ඔබ සැමගේ කැපවීම, විනය සහ අධිෂ්ඨානය මෙම ජයග්‍රහණයට මඟ පෑදී ඇත. සමස්ථ ලංකා තරගාවලියේදීත් විශිෂ්ට දක්ෂතා දක්වමින් පාසලටත් සබරගමුවටත් තවත් ගෞරවයක් ගෙන ඒමට හැකි වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

💙 සුභ පැතුම් දරුවන්ට සහ පුහුණුකරුවන්ට! 💛

රහල් ගගනත මෝදු වී..පුරවරම මවිත කළ ,සා පෙළ විස්මිත ,රහල් නිරූපම මන්දාකිණිය ❤️
04/07/2026

රහල් ගගනත මෝදු වී..
පුරවරම මවිත කළ ,
සා පෙළ විස්මිත ,
රහල් නිරූපම මන්දාකිණිය ❤️

02/07/2026

රාහුල ජාතික පාසලේ තාක්ෂණ අංශයේ නිර්මාණයක් ❤️✨

සිතුවම් - චිත්‍ර අංශය

අනුශාසකත්වය - උඩවලවේ අමිත ධම්ම හිමි

#තොරණ
fans

29/06/2026

"පාසලෙන් දරුවන්ට"

ගරු විදුහල්පති තුමියගේ සහ නියෝජ්‍ය විදුහල්පති තුමාගේ මැදිහත්වීමෙන් , පාසල් සංවධන සමිතියේ මූල්‍ය ශක්තියෙන් පාසලට ලැබුණු තරග පුහුණු වීම් සඳහා අවශ්‍ය රු. ලක්ෂ පහක් පමණ වටිනා තටාමි කට්ටලයක් (sports Rubber Carpet) පාසලේ ක්‍රීඩා අංශය වෙත බාරදෙන ලදී.

Address

Godakawela
70160

Alerts

Be the first to know and let us send you an email when Rahula National School, Godakawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share