Divisional Secretariat - HaliEla.

Divisional Secretariat - HaliEla. Hali-Ela divisional secretariat situated near to 06km from the district first city Badulla.

In north Badulla, Soranathota, Kandektiya divisions and in east Passara,Ella divisions and in west Uvaparanagama,Velimada divisions are situated.

19/08/2026
13/08/2026

අභිනව ප්‍රාදේශීය ලේකම්තුමිය රාජකාරී ආරම්භ කරයි

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශිය ලේකම් ලෙස එස්.එම් නිර්මලා කුමුදුනී මහත්මිය අද දින (2026.08.13) සිය ධුරයේ වැඩ භාර ගන්නා ලදී.

එතුමියගේ ඉදිරි සේවා කාලය සාර්ථක වේවායි හදපිරි උණුසුම් සුබ පැතුම් එක් කරමු.

මාධ්‍ය ඒකකය
හාලිඇල ප්‍රා⁣දේශිය ලේකම් කාර්යාලය

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නව ප්‍රාදේශීය ලේකම්වරියක්-------------------------------------------------------------...
13/08/2026

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නව ප්‍රාදේශීය ලේකම්වරියක්
-------------------------------------------------------------------
​හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභිනව ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස එස්. එම්. නිර්මලා කුමුදුනී මහත්මිය 2026 අගෝස්තු මස 13 වන අද දින සුභ මොහොතින් සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2015 කණ්ඩායමේ සමාජිකාවක් වන ඇය මීට පෙර බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක් ලෙස හා බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, ඇල්ල සහ බණ්ඩාරවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස සේවය කරමින් ප්‍රාදේශීය පරිපාලනයේ අත්දැකීම් සමුදායක් සමගින් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස ද කාර්යශූර සේවයක් ඉටු කරන ලදී.

හාලිඇල කොට්ඨාසයේ සුවහසක් දනන් වෙත සිය දැනුම, වෘත්තීය නිපුණත්වය හා අත්දැකීම් තුළින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කිරීම සඳහා හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සමස්ත කාර්‍යමණ්ඩලයේ සහ කොට්ඨාසයේ ජනතාවගේ උණුසුම් සුබ පැතුම් පුද කර සිටින්නෙමු.

මාධ්‍ය ඒකකය
හාලිඇල ප්‍රා⁣දේශිය ලේකම් කාර්යාලය

# # ஹாலி-எல பிரதேச செயலகத்திற்குப் புதிய பிரதேச செயலாளர்
--------------------------------------------------------------------
ஹாலி-எல பிரதேச செயலகத்தின் புதிய பிரதேச செயலாளராக திருமதி எஸ். எம். நிர்மலா குமுதுனி அவர்கள் இன்று, 2026 ஆகஸ்ட் 13 ஆம் திகதி, சுப முகூர்த்த வேளையில் தனது கடமைகளை உத்தியோகபூர்வமாகப் பொறுப்பேற்றுக் கொண்டார்.

இலங்கை நிர்வாக சேவையின் 2015 ஆம் ஆண்டுக் குழுவின் உறுப்பினரான இவர், இதற்கு முன் மேல் மாகாண சுகாதார அமைச்சின் உதவிச் செயலாளராகவும், பதுளை மாவட்டத்தின் கந்தகெட்டிய, எல்ல மற்றும் பண்டாரவளை ஆகிய பிரதேச செயலகப் பிரிவுகளின் உதவிப் பிரதேச செயலாளராகவும் பணியாற்றி, பிரதேச நிர்வாகத்தில் பரந்த அனுபவத்தைப் பெற்றுள்ளதோடு, மீகஹகிவுல பிரதேச செயலாளராகவும் திறம்பட பணியாற்றியுள்ளார்.

தனது அறிவு, தொழில் திறன் மற்றும் அனுபவத்தின் மூலம் ஹாலி-எல பிரதேசத்தின் பல்லாயிரக்கணக்கான மக்களுக்குச் சிறப்பான சேவையை ஆற்றுவதற்காக, ஹாலி-எல பிரதேச செயலகத்தின் உத்தியோகத்தர்கள் மற்றும் பிரதேச மக்களின் சார்பில் எமது மனமார்ந்த வாழ்த்துகளைத் தெரிவித்துக் கொள்கிறோம்.

ஊடகப் பிரிவு
ஹாலி-எல பிரதேச செயலகம்

හාලිඇල ප්‍රාදේශීය ලේකම් චමින්ද වීරසිංහ මහතාට සමුදීමේ සහ සුභාශිංසන පිරිනැමීමේ උත්සවය​ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙ...
12/08/2026

හාලිඇල ප්‍රාදේශීය ලේකම් චමින්ද වීරසිංහ මහතාට සමුදීමේ සහ සුභාශිංසන පිරිනැමීමේ උත්සවය

​ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනුවෙන් වසර 03 ක අභිමානවත් සේවා කාලයක් සම්පූර්ණ කළ ප්‍රාදේශීය ලේකම් චමින්ද වීරසිංහ මහතා, 2026.01.01 දින අතිරේක දිස්ත්‍රික් ලේකම් ලෙස උසස්වීම් ලැබීමෙන් අනතුරුවද හාලිඇල වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ලෙස මේ දක්වාම සේවය කරන ලදී. හෙට දින සිට හාලිඇල ප්‍රාදේශීය ලේකම් තනතුරෙන් නික්ම පූර්ණ කාලීනව අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ලෙස රාජකාරි අරඹන ඔහු වෙනුවෙන් සංවිධානය කරන ලද සමුගැනීමේ උත්සවය අද දින හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පරිශ්‍රයේ දි උත්සවාකාරයෙන් පැවැත්විණි

​හාලිඇල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මෙහෙයවීමෙන් පැවැති මෙම සමුගැනීමේ උත්සවය සඳහා කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය එක්ව සිටි අතර, චමින්ද වීරසිංහ මහතා ඉටුකළ සේවය අගය කරමින් උණුසුම් සුභාශිංසන පිරිනැමීමට ද කටයුතු කෙරිණි.

​එතුමාගේ ඉදිරි නව තනතුරට සහ අනාගත සේවා කටයුතු වෙනුවෙන් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන්ගේ හෘදයාංගම සුභාශිංසන!

​මාධ්‍ය ඒකකය
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

50 වන ජාතික මහා ක්‍රීඩා උළලේ  දිස්ත්‍රික් තරගාවලිය------------------------------------------------------------50 වන ජාති...
11/08/2026

50 වන ජාතික මහා ක්‍රීඩා උළලේ දිස්ත්‍රික් තරගාවලිය
------------------------------------------------------------
50 වන ජාතික මහා ක්‍රීඩා උළලේ දිස්ත්‍රික් තරගාවලිය 2026.08.08 වන දින බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
එහිදී ඉතිහාසය ප්‍රථම වතාවට එහි සමස්ත අනුශූරතාවය ලබාගැනීමට හාලිඇල කොට්ඨාසයට හැකියාව ලැබුණි
දක්ෂතම මළල ක්‍රීඩකයා සහා දක්ෂතම මළල ක්‍රීඩිකාවත් අප කොට්ඨාසය නියෝජනය කල
ආර්.එම්.රවිදි විහංගා(200m ඉසව්ව) ක්‍රීඩිකාවත්
කේ.ඒ.ඊ.මධුසංඛ ක්‍රීඩකයාත්(100mඉසව්ව) හිමිකරගන්නා ලදි.
සමස්ත ලකුණු සටහනේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට දෙවෙනි වූයේ ලකුණු 10කින් පමණ සුලු ප්‍රමාණයකිනි.
කණ්ඩායම් ලකුණු හා මලල ක්‍රීඩා ලකුණු වල එකතුවෙන් සමස්ත දෙවන ස්ථානය අප කොට්ඨාසය විසින් ලබාගන්නා ලදි.
මෙම තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධීකරණය සහ පුහුණුකිරීම් කටයුතු හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී කෞෂි රත්නායක මෙනවිය විසින් සිදු කරන ලදී

**50 வது தேசிய மகா விளையாட்டு விழாவின் மாவட்டப் போட்டி**

50 வது தேசிய விளையாட்டு விழாவின் மாவட்டப் போட்டி 2026.08.08 அன்று பதுளை வின்சன்ட் டயஸ் விளையாட்டரங்கில் நடைபெற்றது.

வரலாற்றில் முதன்முறையாக இரண்டாம் இடத்தை பெற்றுக்கொள்ள ஹாலிஎல பிரதேச செயலகப் பிரிவால் முடிந்தது.

சிறந்த தடகள வீரர் மற்றும் சிறந்த தடகள வீராங்கனை ஆகிய இரு விருதுகளையும் முறையே 100மீ நிகழ்வில் பங்குபற்றிய கே.ஏ.ஈ. மதுசங்க மற்றும் 200மீ நிகழ்வில் பங்குபற்றிய ஆர்.எம். ரவிதி விஹங்கா ஆகிய எமது பிரிவைப் பிரதிநிதித்துவப்படுத்திய வீரர்கள் தட்டிக்கொண்டனர்.

ஒட்டுமொத்த புள்ளிகள் அட்டவணையில் பதுளை பிரதேச செயலகப் பிரிவிற்கு அடுத்தபடியாக 10 புள்ளிகள் மட்டுமே குறைந்த வித்தியாசத்தில் இரண்டாம் இடத்தை எமது பிரிவு பெற்றது. குழுப் போட்டிகளின் புள்ளிகள் மற்றும் தடகளப் போட்டிகளின் புள்ளிகளின் கூட்டுத்தொகையின் அடிப்படையில் ஒட்டுமொத்த இரண்டாம் இடத்தை எமது பிரிவு பெற்றுக்கொண்டது.

இப்போட்டித் தொடருக்கான விளையாட்டு வீர வீராங்கனைகளை ஒருங்கிணைத்தல் மற்றும் பயிற்சிகளை வழங்குதல் ஆகிய பணிகளை ஹாலிஎல பிரதேச செயலகத்தின் விளையாட்டு உத்தியோகத்தர் கௌஷி ரத்னாயக்க அவர்கள் மேற்கொண்டார்.

මාධ්‍ය ඒකකය
ප්‍රදේශීය ලේකම් කාර්යාලය හාලිඇල

📢දැය නංවන සපිරිගමක් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අන්තුඩුවාවෙල වසමේ කහටගොල්ල ගම්මානය 🔉"ඩිජිටල් ව්‍යවසායකයා හා හරිත ව...
11/08/2026

📢දැය නංවන සපිරිගමක් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අන්තුඩුවාවෙල වසමේ කහටගොල්ල ගම්මානය 🔉

"ඩිජිටල් ව්‍යවසායකයා හා හරිත ව්‍යවසායකයා" පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන 2026/08/09 දින උදෑසන කහට⁣ගොල්ල ප්‍රජා ශාලාවේදී ඉතා සාර්ථක ලෙස පවතවන ලදි.

මෙම වැඩසටහන සදහා ප්‍රජා ඵලදායීතා කමිටු සභාපති ප්‍රාදේශීය සභා මන්ත්‍රී ⁣මෛත්‍රීපාල මහතා,බදුල්ල විදාතා හා තාක්ෂණ නිලධාරි ඉන්දික මහතා,හාලිඇල විදාතා හා තාක්ෂණ නිලධාරි මංජුල මහතා සහභාගි විය.

ප්‍රජා ඵලදායිතා ගම්මානය තුලින් හරිත ව්‍යවසායකයින් හා ඩිජිටල් ව්‍යවසායකයින් බිහිකිරීම පිළිබද දැනුවත් කිරීම මෙහිදී සිදු කල අතර ගම්මානයේ ප්‍රදේශවාසීන් 50කට අධික පිරිසක් මෙම වැඩසටහන සදහා සහභාගිවිය.

මෙම වැඩසටහන හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා අංශය විසින් සංවිධානය කරන ලදි.

# # 📢 தேசத்தை கட்டியெழுப்பும் "சிறந்த கிராமம்" ஹாலிஎல பிரதேச செயலகப் பிரிவின் அந்துடுவாவெல கிராம உத்தியோகத்தர் பிரிவின் கஹட்டகொல்ல கிராமம் 🔉

**"டிஜிட்டல் மற்றும் பசுமை பற்றிய விழிப்புணர்வு நிகழ்ச்சி 2026/08/09 அன்று காலை கஹட்டகொல்ல சமூக மண்டபத்தில் மிகவும் வெற்றிகரமாக நடைபெற்றது.

இந்நிகழ்ச்சியில் சமூக உற்பத்தித்திறன் குழுவின் தலைவரும் பிரதேச சபை உறுப்பினருமான திரு. மைத்திரிபால, பதுளை விதாதா மற்றும் தொழில்நுட்ப உத்தியோகத்தர் திரு. இந்திக, ஹாலிஎல விதாதா மற்றும் தொழில்நுட்ப உத்தியோகத்தர் திரு. மஞ்சுளா ஆகியோர் கலந்துகொண்டனர்.

சமூக உற்பத்தித்திறன் கிராமத்தின் ஊடாக பசுமை மற்றும் டிஜிட்டல் மயமாக்கலை உருவாக்குவது தொடர்பான விழிப்புணர்வு இதன்போது வழங்கப்பட்டதோடு, கிராமத்தைச் சேர்ந்த 50 க்கும் மேற்பட்ட பொதுமக்கள் இந்நிகழ்ச்சியில் கலந்துகொண்டனர்.

இந்நிகழ்ச்சி ஹாலிஎல பிரதேச செயலகத்தின் உற்பத்தித்திறன் பிரிவினால் ஏற்பாடு செய்யப்பட்டிருந்தது.

මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හාලිඇල

ප්‍රාදේශීය සාහිත්‍යය තරඟ පැවැත්වීම 2026*******************************************සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ප...
11/08/2026

ප්‍රාදේශීය සාහිත්‍යය තරඟ පැවැත්වීම 2026
*******************************************
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පවත්වන ලද ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවයට අදාලව හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දරුවන් සදහා පද්‍ය ගායනා හා ළමාකතන්දර නිර්මාණ ඉදිරිපත් කිරීමේ සාහිත්‍ය තරඟ අදියර දෙකක් යටතේ 2026/07/30 දින හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම තරඟ වල විනිශ්චය කටයුතු හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරි මහේෂිකා ජීවන්ති රාජපක්ෂ මිය, මුල්ළමාවිය සංවර්ධන නිලධාරි චින්තනී ජයසුන්දර මිය, හින්දු සංස්කෘතික නිලධාරි උමා ගයාත්‍රී මිය, සංවර්ධන නිලධාරි නිලුකා කළුආරච්චිගේ මිය විසින් සිදු කරන ලදී.

මෙම තරඟ වල සංවිධාන කටයුතු හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරි විසින් සිදු කරන ලදී

பிரதேச இலக்கியப் போட்டிகள் 2026
******************************************
கலாசார அலுவல்கள் திணைக்களத்தின் கீழ் நடாத்தப்பட்ட பிரதேச இலக்கிய விழாவிற்கு அமைவாக, ஹாலிஎல பிரதேச செயலகப் பிரிவின் பாடசாலை மாணவர்களுக்கான கவிதை மற்றும் சிறுவர் கதை உருவாக்கப் போட்டிகள் இரு கட்டங்களின் கீழ் 2026/07/30 அன்று ஹாலிஎல பிரதேச செயலக கேட்போர் கூடத்தில் நடைபெற்றன.

இப்போட்டிகளின் நடுவர் கடமைகளை ஹாலிஎல பிரதேச செயலகத்தின் கலாசார உத்தியோகத்தர் திருமதி மஹேஷிகா ஜீவந்தி ராஜபக்ஷ, முன்பள்ளைப் பருவ அபிவிருத்தி உத்தியோகத்தர் திருமதி சிந்தனீ ஜயசுந்தர, இந்து கலாசார உத்தியோகத்தர் திருமதி உமா காயத்ரி மற்றும் அபிவிருத்தி உத்தியோகத்தர் திருமதி நிலுகா களுஆராச்சி ஆகியோர் மேற்கொண்டனர்.

இப்போட்டிகளுக்கான ஏற்பாடுகளை ஹாலிஎல பிரதேச செயலகத்தின் கலாசார உத்தியோகத்தர் மேற்கொண்டிருந்தார்.

මාධ්‍ය ඒකකය
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හාලිඇල

08/08/2026

අත්තම බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන" - හාලිඇල මහවත්තේගම ග්‍රාම සේවා වසමේ එලදළුව කන්ද ආශ්‍රිතව ගිනිපටි කැපීමේ වැඩසටහන

🌿 "පවිත්‍ර දේශයක් සඳහා පුරවැසි මෙහෙවර - අත්තම" ජාතික පවිත්‍රතා වැඩසටහන හාලිඇල මහවත්තේ ගම තුළ සාර්ථකව නිමා විය 🇱🇰✨"එකමුත...
08/08/2026

🌿 "පවිත්‍ර දේශයක් සඳහා පුරවැසි මෙහෙවර - අත්තම" ජාතික පවිත්‍රතා වැඩසටහන හාලිඇල මහවත්තේ ගම තුළ සාර්ථකව නිමා විය 🇱🇰✨

"එකමුතුව එක්වෙමු - පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු" යන තේමාව පෙරදැරි කරගනිමින්, පරිසර ප්‍රජා සහජීවනය හා පවිත්‍ර දේශයක් නිර්මාණය කිරීමේ අරමුණින් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවත්තේගම ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ "අත්තම" ජාතික පවිත්‍රතා මෙහෙයුම 2026/08/08 වන අද දින සාර්ථකව නිම කරන ලදී.
ගරු මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම පරිසර සේවා මෙහෙයුම වෙනුවෙන් කැපවූ, ප්‍රජා සහයෝගීතාවය අගයමින් පරිසරය සුරැකීමට එක්වූ සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය! 🙌🍃

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මාධ්‍ය ඒකකය

Address

Haliela, Badulla
Hali Ela

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 09:30 - 16:15

Telephone

+94552294338

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - HaliEla. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - HaliEla.:

Shortcuts

Share