Divisional Secretariat - HaliEla.

Call Directions Website Contact the organization

Divisional Secretariat - HaliEla. Hali-Ela divisional secretariat situated near to 06km from the district first city Badulla.

In north Badulla, Soranathota, Kandektiya divisions and in east Passara,Ella divisions and in west Uvaparanagama,Velimada divisions are situated.

📦✨ ඇසුරුම්කරණය ඔබගේ නිෂ්පාදනයන් පහසුවෙන් හා මනා ප්‍රම්තියෙන් යුතුව ඇසුරුම්  කරන්නෙ කෙසේද යන්න පිලිබද පුහුණු වැඩසටහන ✨📦ඔබ...
23/09/2026

📦✨ ඇසුරුම්කරණය

ඔබගේ නිෂ්පාදනයන් පහසුවෙන් හා මනා ප්‍රම්තියෙන් යුතුව ඇසුරුම් කරන්නෙ කෙසේද යන්න පිලිබද පුහුණු වැඩසටහන ✨📦
ඔබේ නිෂ්පාදනය අලුත් පෙනුමකින් වෙළඳපොළට හඳුන්වා දෙමු! 🌱🤝
ඔබේ නිෂ්පාදන සඳහා ආකර්ෂණීය හා නිසි ඇසුරුම්කරණයක් ලබාදී, වෙළඳපොළ තුළ වැඩි වටිනාකමක් ලබාගැනීමට අවශ්‍ය දැනුම හා මඟපෙන්වීම ලබාදීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
📅 දිනය: 2026 සැප්තැම්බර් 29
⏰ වේලාව: පෙ.ව. 9.30ට
📍 ස්ථානය: හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – දෙවන ශ්‍රවණාගාරය.

📢-ඇතුල්වීම නොම්ලේ.

සංවිධානය -කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හාලිඇල.

📦✨ **பேக்கேஜிங் (பொதியிடல்)**

உங்கள் தயாரிப்புகளை எளிதாகவும் உயர்தரத்துடனும் எவ்வாறு பொதியிடுவது என்பது பற்றிய பயிற்சிப் பட்டறை ✨📦

உங்கள் தயாரிப்பை ஒரு புதிய தோற்றத்துடன் சந்தைக்கு அறிமுகப்படுத்துவோம்! 🌱🤝

உங்கள் தயாரிப்புகளுக்கு கவர்ச்சிகரமான மற்றும் சரியான பேக்கேஜிங்கை வழங்கி, சந்தையில் அதிக மதிப்பைப் பெறுவதற்குத் தேவையான அறிவையும் வழிகாட்டலையும் வழங்குவதற்காக இந்தப் பயிற்சிப் பட்டறை ஏற்பாடு செய்யப்பட்டுள்ளது.

📅 **திகதி:** 2026 செப்டம்பர் 29
⏰ **நேரம்:** காலை 9.30 மணி
📍 **இடம்:** ஹாலிஎல பிரதேச செயலகம் – இரண்டாவது கேட்போர் கூடம்

📢 **அனுமதி இலவசம்**

**ஏற்பாடு:** சிறு வணிக மேம்பாட்டுப் பிரிவு – பிரதேச செயலகம், ஹாலிஎல

ආබාධ සහිත තැනැත්තන් සඳහා පැවති විශේෂ ධර්මදේශනා වැඩසහටන හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආබාධිත දීමනා ලබා ගන්නා දීමනාල...
23/09/2026

ආබාධ සහිත තැනැත්තන් සඳහා පැවති විශේෂ ධර්මදේශනා වැඩසහටන
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආබාධිත දීමනා ලබා ගන්නා දීමනාලාභීන් මූලික කර ගනිමින් සිදු කල විශේෂ ධර්ම දේශනා වැඩසටහන 2026.09.18 දින කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදි.
මෙම ධර්ම දේශනාවේ දේශකයාණෝ නෙළුව පුරාණ ශ්‍රී බෝධිරාජාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය කරගස්ආරේ රේවතාභිධාන නායක ස්වාමීන් වහන්සේ විසිනි. මෙහි අරමුණ ආබාධිත දීමනාලාභීන්ගේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම හා වාර්ෂිකව පවත්වන විශේෂ වැඩසටහනට සමගාමීව සිදු කරන ලදි.
මෙම වැඩසටහන හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමියගේ අනු දැනුම මත සමාජ සේවා නිලධාරීතුමා /සමාජ සේවා නිලධාරීතුමිය හා සමාජ සේවා අංශයේ නිලධාරී මහත්ම මහත්මීන් විසින් සංවිධානය කරන ලදි.

**மாற்றுத்திறனாளிகளுக்கான சிறப்பு தர்ம உபதேச நிகழ்ச்சி**

ஹாலிஎல பிரதேச செயலகத்தின் மூலம் மாற்றுத்திறனாளி கொடுப்பனவைப்பெறும் பயனாளிகளை அடிப்படையாகக் கொண்டு நடத்தப்பட்ட சிறப்பு தர்ம உபதேச நிகழ்ச்சி 18.09.2026 அன்று செயலகக் கேட்போர் கூடத்தில் நடைபெற்றது.

இந்நிகழ்ச்சியின் தர்ம உபதேசனையாளராக நெலுவ புராண ஸ்ரீ போதிராஜாராம விபஸ்ஸனா தியான மையத்தின் விகாராதிபதி அதிபூஜைக்குரிய கரஹஸ்ஆரே ரேவதாபிதான நாயக்க தேரர் அவர்கள் கலந்துகொண்டார். மாற்றுத்திறனாளி பயனாளிகள் நோயற்ற ஆரோக்கியமான வாழ்வைப் பெற ஆசீர்வதிப்பதும், வருடாந்தம் நடத்தப்படும் சிறப்புத் திட்டத்திற்கு அமைவாகவுமே இந்நிகழ்ச்சி ஏற்பாடு செய்யப்பட்டது.

ஹாலிஎல பிரதேச செயலாளரின் ஆலோசனையின் பேரில், சமூக சேவை உத்தியோகத்தர் மற்றும் சமூக சேவைப் பிரிவின் உத்தியோகத்தர்களால் இந்நிகழ்ச்சி ஏற்பாடு செய்யப்பட்டிருந்தது.

මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හාලිඇල

අත්තම ජාතික වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන සාර්ථකව අවසන්....-------------ප්‍රජා සහභාගීත්වයෙන් පවිත්‍ර දේශයක් ගොඩනැග...
21/09/2026

අත්තම ජාතික වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන සාර්ථකව අවසන්....
-------------

ප්‍රජා සහභාගීත්වයෙන් පවිත්‍ර දේශයක් ගොඩනැගීමේ අරමුණෙන් clean srilanka ලේකම් කාර්‍යාලය ක්‍රියාවට නංවන " අත්තම" ජාතික වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ප්‍රිංවැලි කළු පොකුණ (black pool) සංචාරක ස්ථානය ප්‍රතිසංස්කරණ කිරීමේ ශ්‍රම මෙහෙයුම 2026.09.19 වන දින පැවැත්විණ.

දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල පිරිසක් පැමිණෙන. සප්‍රිංවැලි black pool සංචාරක ස්ථානය පසුගිය දිට්වා සුලි කුණාටුවත් සමග වැලි වලින් වැසීගොස් විනාශයට පත් විය.

මෙම ශ්‍රම මෙහෙයුමට හාලිඇල ප්‍රාදේශීය සභාව, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය,ශ්‍රී ලංකා යුධ හමුදාව, ප්‍රදේශ වාසීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

# # **"அத்தம" தேசிய வேலைத்திட்டத்தின் பதுளை மாவட்ட நிகழ்வு வெற்றிகரமாக நிறைவுற்றது...**

சமூகப் பங்கேற்புடன் தூய்மையான ஒரு தேசத்தைக் கட்டியெழுப்பும் நோக்கில், "Clean Sri Lanka" செயலகத்தினால் நடைமுறைப்படுத்தப்படும் "அத்தம" தேசிய வேலைத்திட்டத்தின் பதுளை மாவட்ட நிகழ்வு, ஹாலிஎல பிரதேச செயலகப் பிரிவிற்குட்பட்ட ஸ்பிரிங்வெலி களுபொகுண (Black Pool) சுற்றுலாத் தளத்தை புனரமைக்கும் சிரமதானப் பணியாக 19.09.2026 அன்று நடைபெற்றது.

உள்நாட்டு மற்றும் வெளிநாட்டு சுற்றுலாப் பயணிகள் பெருமளவில் வருகை தரும் ஸ்பிரிங்வெலி Black Pool சுற்றுலாத் தளமானது, கடந்த "திட்வா" சூறாவளி காரணமாக மணலினால் மூடப்பட்டு சேதமடைந்திருந்தது.

இச்சிரமதானப் பணியில் ஹாலிஎல பிரதேச சபை, பதுளை மாவட்ட செயலகம், ஹாலிஎல பிரதேச செயலகம், இலங்கை இராணுவம் மற்றும் பிரதேச வாசிகள் உட்பட பலரும் கலந்துகொண்டனர்.

මාධ්‍ය ඒකකය
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

"යතිවර මාපිය නිවහන" ජාතික වැඩසටහන බදුල්ලෙන් ඇරඹේ...====================================බුද්ධ ශාසනය සඳහා සිය දරුවන් පූජා ...
20/09/2026

"යතිවර මාපිය නිවහන" ජාතික වැඩසටහන බදුල්ලෙන් ඇරඹේ...
====================================
බුද්ධ ශාසනය සඳහා සිය දරුවන් පූජා කල, ස්ථිර නිවසක් නොමැති ආර්ථික වශයෙන් දුෂ්කර මට්ටමක ජීවත්වන දෙමාපියන් සඳහා නිවසක් ඉදිකර දීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහනේ සමාරම්භක වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණ.

ඒ යටතේ 2026.09.19 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩුමහුවෙල ග්‍රාම නිලධාරී වසමේ ඉදිකෙරෙන පට්ටියගෙදර චන්ද්‍රානන්ද ස්වාමින් වහන්සේගේ දෙමව්පියන් වෙනුවෙන් ඉදිකෙරෙන නිවස සදහා මුල්ගල් තැබීම සිදුකෙරිණ

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙම “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර මෙම වැඩසටහනේ පළමුවන අදියරය යටතේ 2026 වසර සිට වසර තුනක කාලයක් ඇතුලත උපරිම නිවාස 1000ක් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඉදිකිරීම රජයේ අපේක්ෂාව වේ. පළමු අදියරේ නිවාස 270 ඉදිකිරීමට නියමිත අතර බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 38ක් ඉදි කිරීමට නියමිතය. එක් නිවසකට රුපියල් ලක්ෂ 15 ක ප්‍රතිපාදන රජය මගින් දරයි.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ පැවති සමාරම්භක අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර,නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත වරුෂමාන යන මහත්වරුන්ද බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය, හාලිඇළ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු පිරිසක් සහභාගී වුහ.P

“யதிவர மாபிய நிவஹன” (துறவிகளின் பெற்றோருக்கான இல்லம்) தேசிய திட்டம் பதுளையில் ஆரம்பம்...**

புத்த சாசனத்திற்காகத் தமது பிள்ளைகளை அர்ப்பணித்த, நிரந்தர வீடு இன்றி பொருளாதார ரீதியில் கஷ்டப்படும் பெற்றோருக்கு வீடு கட்டிக் கொடுப்பதை நோக்கமாகக் கொண்டு செயல்படுத்தப்படும் “யதிவர மாபிய நிவஹன” தேசிய திட்டத்தின் ஆரம்ப நிகழ்வு பதுளை மாவட்டத்தை மையமாகக் கொண்டு நடைபெற்றது.

இதன் கீழ், 2026.09.19 அன்று பதுளை மாவட்டம் ஹாலிஎல பிரதேச செயலகப் பிரிவின் குடுமஹுவெல கிராம உத்தியோகத்தர் பிரிவில், பட்டியகெதர சந்திரானந்த தேரரின் பெற்றோருக்காக அமைக்கப்படும் வீட்டிற்கான அடிக்கல் நாட்டு விழா நடைபெற்றது.

புத்தசாசன, சமய மற்றும் கலாசார அலுவல்கள் அமைச்சு, பௌத்த அலுவல்கள் திணைக்களம், வீடமைப்பு, நிர்மாணத்துறை மற்றும் நீர்வழங்கல் அமைச்சு மற்றும் தேசிய வீடமைப்பு அபிவிருத்தி அதிகாரசபை ஆகியன இணைந்து இந்த “யதிவர மாபிய நிவஹன” தேசிய திட்டத்தைச் செயல்படுத்தி வருகின்றன. இத்திட்டத்தின் முதற்கட்டத்தின் கீழ், 2026 ஆம் ஆண்டு முதல் 3 வருட காலத்திற்குள் நாடு முழுவதிலும் உள்ள அனைத்து மாவட்டங்களையும் உள்ளடக்கும் வகையில் அதிகபட்சமாக 1,000 வீடுகளை அமைப்பது அரசின் எதிர்பார்ப்பாகும். முதற்கட்டத்தில் 270 வீடுகள் கட்டப்படவுள்ளதுடன், பதுளை மாவட்டத்தில் 38 வீடுகள் கட்டப்படவுள்ளன. ஒரு வீட்டிற்கு தலா 15 லட்சம் ரூபாயை அரசு நிதியாக ஒதுக்குகிறது.

மகா சங்கத்தினரின் ஆசிகளுக்கு மத்தியில் நடைபெற்ற இந்த ஆரம்ப விழாவில், புத்தசாசன, சமய மற்றும் கலாசார அலுவல்கள் அமைச்சர் கலாநிதி ஹிணிதும சுனில் செனெவி, பெருந்தோட்ட மற்றும் சமூக உள்கட்டமைப்பு வசதிகள் அமைச்சர் சமந்த வித்யாரத்ன, ஊவா மாகாண ஆளுநர் சட்டத்தரணி கபில ஜயசேகர, வீடமைப்பு, நிர்மாணத்துறை மற்றும் நீர்வழங்கல் பிரதி அமைச்சர் டி.பி. சரத், இளைஞர் விவகார பிரதி அமைச்சர் தினிது சமன் ஹென்னாயக்க, நாடாளுமன்ற உறுப்பினர் ரவீந்திர பண்டார, ஹாலிஎல பிரதேச சபைத் தலைவர் பிரியந்த வருஷமான ஆகியோரும் பதுளை மேலதிக மாவட்ட செயலாளர், ஹாலிஎல பிரதேச செயலாளர் உள்ளிட்ட அரசு அதிகாரிகளும் பிரதேசவாசிகளும் கலந்துகொண்டனர்.

මාධ්‍ය ඒකකය
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

🔊දැය නංවන සපිරිගමක් ප්‍රජා ඵලදායීතා ගම්මාන වැඩසටහන හාලිඇල 🔉මෙම වැඩසටහන යටතේ ආර්ථිකය,ගෟහස්ථ කළමනාකරණය හා සමාජීය යහපැවැත්ම...
18/09/2026

🔊දැය නංවන සපිරිගමක් ප්‍රජා ඵලදායීතා ගම්මාන වැඩසටහන හාලිඇල 🔉

මෙම වැඩසටහන යටතේ ආර්ථිකය,ගෟහස්ථ කළමනාකරණය හා සමාජීය යහපැවැත්ම නිර්ණායක යටතේ වැඩසටහන් මාලාවක් 2026/09/11 දින කහටගොල්ල ප්‍රජා ශාලාවේදී සාර්ථකව පවත්වන ලදි.

ආර්ථිකය සංරචක යටතේ ගෟහස්ථව කාන්තාවන් සදහා ව්‍යවසායිකාවන් ලෙස නැගී සිටීමට අත්වැල සපයමින් විසිතුරු ඉටි පන්දම් නිෂ්පාදනය ප්‍රායෝගික ලෙස පවත් වන ලද්දේ හාලිඇල විදාතා සම්පත් මධ්‍යස්ථානයේ මංජුල මහතා විසිනි.මෙහිදී කාන්තාවන් තිදෙනෙකුම මේ සදහා යොමු වීමට සැලසුම් කිරීම ප්‍රජා ඵලදායිතා ගම්මාන වැඩසටහනේ අප ලැබූ ජයග්‍රහණයකි.

දෙවන වැඩසටහන ලෙස ගෟහස්ථ කළමනාකරණය හා සමාජීය යහපැවැත්ම යටතේ ගම්මානයේ ඵලදායි නිවස තේරීමේ තරගය සදහා පලමු දැනුවත් කිරීම සිදු කරන ලදි.

මෙම වැඩසටහන සදහා හාලිඇල විදාතා සම්පත් මධ්‍යස්ථානයේ මංජුල මහතා,ගම්මානයේ ප්‍රභූන් ඇතුළු ගම්වාසීන් 50කට අධික පිරිසක් සහභාගි විය.

මෙම වැඩසටහන හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා අංශය විසින් සංවිධානය කරන ලදි.

🔊 “தேசத்தை உயர்த்தும் நிறைவுறு கிராமம்” சமுதாய உற்பத்தித்திறன் கிராமிய செயல்திட்டம் - ஹாலிஎல 🔉

இச்செயல்திட்டத்தின் கீழ் பொருளாதாரம், குடும்ப மேலாண்மை மற்றும் சமூக நலன் ஆகிய அளவுகோல்களின் கீழ் தொடர்ச்சியான நிகழ்ச்சிகள் 11/09/2026 அன்று கஹட்டகொல்ல சமூக மண்டபத்தில் சிறப்பாக நடத்தப்பட்டது.

பொருளாதாரக் கூறுகளின் கீழ், வீட்டுப் பெண்கள் தொழில்முனைவோராக உயர்வு பெறுவதற்கு உதவும் வகையில், அலங்கார மெழுகுவர்த்தி உற்பத்தி குறித்த செய்முறைப் பயிற்சி ஹாலிஎல விதாதா வள மையத்தின் உத்தியோகத்தர் திரு. மஞ்சுள அவர்களால் நடத்தப்பட்டது. இதில் மூன்று பெண்கள் இத்தொழிலில் ஈடுபட திட்டமிட்டமை இச்சமுதாய உற்பத்தித்திறன் கிராமிய செயல்திட்டத்தின் முக்கிய சாதனையாகும்.

இரண்டாவது நிகழ்ச்சியாக, குடும்ப மேலாண்மை மற்றும் சமூக நலன் ஆகியவற்றின் கீழ் கிராமத்தின் "செயல்திறன்மிக்க வீடு" தேர்வு செய்யும் போட்டிக்கான முதல் விழிப்புணர்வு நிகழ்ச்சி நடத்தப்பட்டது.

இந்நிகழ்ச்சியில் ஹாலிஎல விதாதா வள மையத்தின் திரு. மஞ்சுள, கிராமத்தின் முக்கியஸ்தர்கள் உட்பட்ட 50க்கும் மேற்பட்ட கிராம மக்கள் பங்கேற்றனர்.

இந்நிகழ்ச்சியை ஹாலிஎல பிரதேச செயலகத்தின் உற்பத்தித்திறன் பிரிவு ஏற்பாடு செய்திருந்தது.

මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හාලිඇල

17/09/2026
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල මොරගොල්ල නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර වැඩ ආරම්භ කෙරේ .=====================================...
16/09/2026

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල මොරගොල්ල නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර වැඩ ආරම්භ කෙරේ .
======================================
වසර 14ක් පුරා ඇනහිට තිබූ ව්‍යාපෘතිය යළි කඩිනම් කිරීමට පියවර

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උණුගල්ල වත්තට අයත් මොරගොල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක නව නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගරු සමන්ත විද්‍යාරත්න මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි අම්බිකා සැමුවෙල් මැතිතුමිය, හාලිඇල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ප්‍රියන්ත වරුෂමාන මැතිතුමා සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (2026.09.16) ආරම්භ කෙරිණි. මේ අවස්ථාව සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරුතුමන්, යුද හමුදා බ්‍රිගේඩියර් එන්.ඩබ්.පී.එස්.එම්. පෙරේරා මහතා, උණුගල්ල වත්ත වතු අධිකාරිතුමා, දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරින් මෙන්ම නිවාසලාභින්ද සහභාගී විය.

නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ප්‍රජාව සුරක්ෂිත කිරීමේ අරමුණින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක “මලෛයග මහිල්චිචි” වැඩසටහන යටතේ, මෙම දිගුකාලීන ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමේ අරමුණින් "මොරගොල්ල ගම" නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ තාක්ෂණික දැනුම සහ සෘජු ශ්‍රම දායකත්වයෙන් මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය ඇතිව සිදු කිරීමට නියමිතය.

**பதுளை மாவட்டத்தின் ஹாலிஎல மொரகொல்ல வீட்டுத்திட்டத்தின் இரண்டாம் கட்ட பணிகள் ஆரம்பம்**

• 14 வருடங்களாக முடங்கிக் கிடந்த திட்டத்தை மீண்டும் விரைவுபடுத்த நடவடிக்கை

பதுளை மாவட்டம், ஹாலிஎல பிரதேச செயலகப் பிரிவிற்குட்பட்ட உனுகல்ல தோட்டத்தில் அமைந்துள்ள மொரகொல்ல பகுதியில் செயற்படுத்தப்படும் புதிய வீட்டுத்திட்டத்தின் இரண்டாம் கட்ட கட்டுமானப் பணிகள், பெருந்தோட்ட மற்றும் சமூக உள்கட்டமைப்பு வசதிகள் அமைச்சர் கௌரவ சமந்த வித்யாரத்ன, கௌரவ நாடாளுமன்ற உறுப்பினர் அம்பிகா சாமுவேல், ஹாலிஎல பிரதேச சபையின் தலைவர் கௌரவ பிரியந்த வருஷமான மற்றும் பதுளை மாவட்ட செயலாளர் ஆகியோரின் தலைமையில் இன்று (2026.09.16) ஆரம்பித்து வைக்கப்பட்டது.

இந்நிகழ்வில் பெருந்தோட்ட மற்றும் சமூக உட்கட்டமைப்பு அமைச்சின் பணிப்பாளர் நாயகம் (பொறியியல்), இலங்கை இராணுவத்தின் பிரிகேடியர் என்.டபிள்யூ.பி.எஸ்.எம்.பெரேரா, உணுகல்ல தோட்டத்தின் தோட்ட அதிகாரி, மாவட்ட செயலகம் மற்றும் பிரதேச செயலகத்தின் அதிகாரிகள் உட்பட பயனாளிகளும் கலந்துகொண்டனர்.

மண்சரிவு அபாயப் பகுதிகளில் வாழும் பெருந்தோட்ட சமூகத்தைப் பாதுகாக்கும் நோக்கில், பெருந்தோட்ட மற்றும் சமூக உட்கட்டமைப்பு வசதிகள் அமைச்சின் நிதியொதுக்கீட்டின் கீழ் செயற்படுத்தப்படும் "மலையக மகிழ்ச்சி" திட்டத்தின் மூலம், இந்த நீண்டகாலப் பிரச்சினைக்கு நிரந்தரத் தீர்வினை வழங்கும் நோக்கில் "மொரகொல்ல கிராமம்" வீட்டுத்திட்டத்தின் கட்டுமானப் பணிகள் இலங்கை இராணுவத்தின் பொறியியல் சேவைப் படையணியின் தொழில்நுட்ப அறிவு மற்றும் நேரடி மனிதவளப் பங்களிப்புடன், மாவட்ட செயலகம் மற்றும் பிரதேச செயலகத்தின் கண்காணிப்பின் கீழ் மேற்கொள்ளப்படவுள்ளன.

මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හාලිඇල

"යතිවර මාපිය නිවහන" ජාතික වැඩසටහන බදුල්ලෙන් ඇරඹේ...===============================බුද්ධ ශාසනය සඳහා සිය දරුවන් පූජා කල, ස...
15/09/2026

"යතිවර මාපිය නිවහන" ජාතික වැඩසටහන බදුල්ලෙන් ඇරඹේ...
===============================

බුද්ධ ශාසනය සඳහා සිය දරුවන් පූජා කල, ස්ථිර නිවසක් නොමැති ආර්ථික වශයෙන් දුෂ්කර මට්ටමක ජීවත්වන දෙමාපියන් සඳහා නිවසක් ඉදිකර දීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහනේ සමාරම්භක වැඩසටහන, බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට සංවිධානය වෙමින් පවතී.

2026.09.19 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩුමහුවෙල ග්‍රාම නිලධාරී වසමේ ඉදිකෙරෙන නිවස සදහා මුල් ගල් තැබීමට නියමිත අතර හිමිකම් පත්‍ර ප්‍රධානය බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතය.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙම “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහනේ පළමුවන අදියරය යටතේ 2026 වසර සිට උපරිම නිවාස 1000ක් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඉදිකිරීම රජයේ අපේක්ෂාවයි.

# **"யதிவர மாபிய நிவஹன" (துறவிகளின் பெற்றோருக்கான இல்லம்) தேசிய திட்டம் பதுளையில் ஆரம்பம்...**

புத்த சாசனத்திற்காக தமது பிள்ளைகளை அர்ப்பணித்து, நிரந்தர வீடு இன்றி பொருளாதார ரீதியாக கஷ்டப்படும் பெற்றோருக்கு வீடு கட்டி கொடுக்கும் நோக்கில் முன்னெடுக்கப்படும் “யதிவர மாபிய நிவஹன” தேசிய திட்டத்தின் ஆரம்ப விழா, பதுளை மாவட்டத்தை மையமாகக் கொண்டு நடத்துவதற்கான அனைத்து ஏற்பாடுகளும் தற்போது தயார்படுத்தப்பட்டு வருகின்றன.

2026.09.19 ஆம் திகதி பதுளை மாவட்டத்தின் ஹாலிஎல பிரதேச செயலகப் பிரிவிற்குட்பட்ட குடுமஹுவெல கிராம நிலதாரி பிரிவில் நிர்மாணிக்கப்படவுள்ள வீட்டிற்கான அடிக்கல் நாட்டப்படவுள்ளதுடன், உரிமைப் பத்திரங்கள் வழங்கும் நிகழ்வு பதுளை மாவட்ட செயலகத்தில் நடைபெறவுள்ளது.

புத்தசாசன, சமய மற்றும் கலாசார அலுவல்கள் அமைச்சு, பௌத்த விவகாரத் திணைக்களம், வீடமைப்பு, நிர்மாணம் மற்றும் நீர் வழங்கல் அமைச்சு மற்றும் தேசிய வீடமைப்பு அபிவிருத்தி அதிகாரம் ஆகியன இணைந்து இந்த “யதிவர மாபிய நிவஹன” தேசிய திட்டத்தை நடைமுறைப்படுத்துகின்றன.

இத்திட்டத்தின் முதற்கட்டத்தின் கீழ் 2026 ஆம் ஆண்டு முதல் நாடளாவிய ரீதியில் உள்ள அனைத்து மாவட்டங்களையும் உள்ளடக்கும் வகையில் அதிகபட்சமாக 1000 வீடுகளை நிர்மாணிப்பதே அரசாங்கத்தின் எதிர்பார்ப்பாகும்.

මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හාලිඇල

Address

Haliela, Badulla
Hali Ela

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 09:30 - 16:15

Telephone

+94552294338

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - HaliEla. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - HaliEla.:

Shortcuts

Share