04/11/2019
සමාජය දුප්පත්භාවයෙන් ගලවාගැනීම, කාන්තාවන්ට-ළමුන්ට-තරුණයන්ට-වැඩිහිටියන්ට-විශේෂ අවශ්‍යතා ඇති අයට අයිතිවාසිකම් සාධාරණව ලබාදීම, සෞඛ්‍යයට-අධ්‍යාපනයට-ප්‍රවාහනයට මුදල් හැකියාව නොසලකා සම ප්‍රවේශයන් ලබාදීම, සේවයේ නියුතු වූවන්ට හා මහජනතාවට තෘප්තිමත් රාජ්‍ය සේවයක් ලබාදීම, මහජන ආරක්ෂාව හා ජාතික සමගිය තහවුරු කිරීම අපේ අරමුණයි. මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කණ්ඩායමක් අප සතුව සිටිනවා.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක
2019 නොවැම්බර් 04 දින පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවති ජනමාධ්‍ය සාකච්ඡාව අමතමින්
මාධ්‍ය හමුවට සහභාගි වූ ජාතික ජන බලවේගයේ නායකයින්
1. රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ගණිතය පිළිබඳ මහාචාර්ය
පී.ඒ. ජයන්ත පස්දුන් කෝරලේ මහතා
2. එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක
3. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරලත් ගණකාධිකාරී ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
4. ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා
5. හිටපු අමාත්‍යාංශ ලේකම් සහ සීමා නීර්ණ අභියාචනා කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා
6. කැළණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අධ්‍යයන අංශයේ අංශාධිපති ප්‍රවීන රංගන ශිල්පි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා
7. කැළණිය විශ්විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය අංශයේ මහාචාර්ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ ක්‍රිෂාන්ත අබේසිංහ මහතා
8. කැළණිය විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි සංස්කෘතිය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා
9. ජාතික ජන බලවේගයේ ලේකම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා.
10. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය
11. නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය
12. ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව වෙනුවෙන් රිෂානා සිමාස් මහත්මිය
13. කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචර්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා
14. වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු පියල් රාජකරුණා
15. එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අධි නීතිඥ ලාල් විජේනායක මහතා
16. යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ සභාපති එෆ්. සිරාජ් මසූර් මහතා
17. අනුරාධ සෙරමික් ආයතනයේ කළමණාකරණ අධ්‍යක්‍ෂ මුදිත නානායක්කාර මහතා
18. කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා