16/08/2026
රට හදන ජන බලය පෙළ ගැසෙන "අදිටන" විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ හම්බන්තොට දිස්ත්‍රික් හමුව අද ( 16 ) දින පැවැත් වුණි.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමික මේජර් ජෙනරාල්) අරුණ ජයසේකර සහෝදරයා, හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නිහාල් ගලප්පත්ති , පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් , පාර්ලිමේන්තු මන්ත්‍රී අතුළ වෙළදගොඩ සහෝදරවරුන් සහ අදිඨන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමුහිකයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක නිශාන්ත සංජීව සහෝදරයා ඇතුළු විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් මේ සදහා සහභාගී වී සිටියහ.
රට හදන අනාගත වැඩපිළිවෙළ වෙනුවෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ දායකත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.