03/12/2020
2021 දී නොබෙල් සාම ත්‍යාගය සඳහා “ආපදා හා බරපතල වසංගත තත්ත්වයන් පිළිබඳ විශේෂ “හෙන්රි රීව්ස්” ජාත්‍යන්තර වෛද්‍ය බලකාය යෝජනා කිරීම
ලොව පුරා ඇතිවූ ආපදා හා බරපතල වසංගත වලින් අසරණ වන ජනතාවට වසර
පහළොවකට ආසන්න කාලයක් පුරා තම සහන සේවා ලබා දීමට කියුබානු හෙන්රි රීවුස් වෛද්‍ය බලකාය කටයුතු කොට තිබේ .වර්තමානයේදීත් කොව්ඩ් 19 වසංගතයෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් ලොව පුරා රටවල් 40 ක සෞඛ්‍යය කාර්ය මණ්ඩල සාමජිකයන් 3500 කට වැඩ් පිරිසක් තම ස්වේච්ඡා සේවය ලබාදී ඇත්තේ ලොවට තම මානුෂවාදී දෑත් දිගුකරමිනි. මෙම මානුෂීය මෙහෙයුම ඇගයීම වෙනුවෙන් ලොව පුරා විවිධ සංවිධාන හා කණ්ඩායම් විසින් 2021 නොබෙල් සාම ත්‍යාගය සඳහා හෙන්රි රිව්ස් වෛද්‍ය බලකාය නම් කරන ලෙසට ඉල්ලා ගෙනයන ක්‍රියාන්විතයට සමගාමීව ශ්‍රී ලංකාවේ කියුබානු මිතුරෝ සංවිධානය විසින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේය.එහි සාමාජික සංවිධානයක් වන සමාජවාදී තරුණ සංගමය තම සහයෝගිතාව ප්‍රකාශ කරමින් අද දින එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා හා එහි ජාතික කමිටු සාමාජිකයන් වන අංජන සම්පත් අමරසිංහ ,මහේෂ් අඹේපිටිය, සංජය විශ්වනාත්, බන්දුල පුෂ්පකුමාර යන සහෝදරවරු ඊට අත්සන් කරන ලදී. පහත link එක ඔස්සේ අප සාමජිකයන්, හිතවතුන් ඇතුළු ඔබ සියලුදෙනාට ඒ සදහා තම දායකත්වය ලබා දෙන ලෙස අප ආරාධනා කරන්නෙමු .
Nomination of the Special "Henry Reeves" International Medical Corps on Disasters and Serious Epidemiology for the Nobel Peace Prize in 2021
The Cuban Henry Reeves Medical Corps had been provided their relief services for nearly 15 years for people who affected by disasters and epidemics around the world. Currently, more than 3,500 health workers in 40 countries around the world have volunteered to help people affected by the Cowd 19 epidemic. In recognition of this humanitarian operation, various organizations and groups around the world have organized the campaign to nominate the Henry Reeves Medical Corps for the 2021 Nobel Peace Prize. An online petition signing campaign is being held by the Cuban Friends of Sri Lanka in line with the campaign. The Socialist Youth Union, a member of the Association, today expressed its solidarity by signed the petition with its National Organizer Comrade Eranga Gunasekara and its National Committee Members Anjana Sampath Amarasinghe, Mahesh Ambepitiya, Sanjaya Vishwanath and Bandula Pushpakumara. We invite all of you, including members and friends, to contribute through the link below.