රයිගම් රාජධාණිය

රයිගම් රාජධාණිය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රයිගම් රාජධාණිය, Landmark & historical place, horana, Horana.

13/06/2026

කිරිගල කෝම්පේ අම්බලම

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බලපෙදෙසේ ඉතිරිව ඇති එකම ඓතිහාසික අම්බලම හදපාන්ගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ
පාදුක්ක ඉංගිරිය මාර්ගයේ කිරිගල හොර වනාන්තරය අසල සාගර පළන්සූරිය විදුහල් භුමියේ පිහිටා ඇත.

අතීතයේ රයිගම් උඩුගහ පත්තුවේ පැවති විශාලතම වනාන්තරය මඩකඩ මූකලාන විය. වත්මන් රයිගම් වත්ත පිහිටි පෙදෙස එකල හැඳින්නූවේ මහ කැළේ නමිනි.

අතීතයේ සිරිපා කරුනාකරන මාර්ගයක් මීපේ හල්පේ බෝපේ කෝම්පේ හරහා නම්බපාන දක්වා පැවතුනි.
එම ගම්වලට නම් වැටුනේ එම ගම්මාන වල පැවති අම්බලම් හේතුකොටය. අම්බලමේ විවේක ගෙන අසල ඇති පූජනීය ගසකට පේ වීම එකල සිරිතය. මී ගසකට පේ වු නිසා මීපේද, හල් ගසකට පේ වු නිසා හල්පේද, බෝ ගසකට පේ වූ බැවින් බෝපේද, කෝන් ගසකට පේ වු බැවින් කෝම්පේ ද වූ බව ජනශ්‍රැතියේ එයි.

මහකැලේ මැදින් වැටුනු මාර්ගයේ ගමන් ඇරඹීමට පළමු මෙම කිරිගල කෝම්පේ අම්බලමේ විවේක ගැනීම සිරිතක් විය. දුරාතීතය ගැන සිය මතකය අවදි කරන වැඩිහිටියන්ගේ මතය අතීතයේ කිරිගල කෝම්පේ එක් ග්‍රමයක්ව පැවති බවය.

සිරිපා වන්දනා කරුවන් මේ අම්බලම අසල පැවති රූස්ස කෝන් ගසට පේ වී භාරහාර වන බැවින් කෝම්පේ අම්බලම නමින් හදුන්වා ඇත. කෝම්පේ විසල් කෝන් ගසකට පේ වී සිරිපා වන්දනා කරුවන් වන්දනා ගමන් ඇරඹූ බව කියවේ.

පසුකාලයේදී මෙම භූමිය සාගර පළන්සූරිය පාසැළට අයත් විය. එහි සංගීත කාමරය ලෙසද තවත් කලක ආපනශාලාව පැවතියේ මෙහිය.

මෙහි අතීතයේ මගීන් වාඩි වී විවේක ගත් පිල වර්තමානයේ පවා දක්නට ලැබේ.

අතීතයේ පැවති මැටි බිත්ති වෙනුවට වර්තමානයේ බ්ලොක් ගලෙන් බැද ඇත. ඒ නිසා මෙහි පැවති පුරාවිද්‍යාත්මක අගයට යම් හානියක් වී ඇත.

අතීත ස්වභාවයේ ලොකු වෙනසක් නොපැවතියද සුලු ප්‍රතිසංස්කරන හා වෙනස්වීම් කිහිපයක් සිදුව ඇත.
වර්තමානයේ අම්බලම අසල පවතින බුදු පිළිමය නිසා විශේෂ අගයක් ලැබී ඇත.

වසර සිය ගණනක් පැරණි උඩුගහ පත්තුවේ ඉතිරිව ඇති එකම ඓතිහාසික අම්බලම වන මෙම කිරිගල කෝම්පේ අම්බලම අනාගත පරපුරේ උරුමයකි. ඔවුන්ට දැකබලා ගැනීමට සංරක්ෂණය කිරීම වර්තමාන පරපුරේ යුතුකමය.

සටහන - ජානක තරංග ආරියරත්න- සංවර්ධන නිලධාරී.

ඉංගිරිය ඔරලෝසු තටාකයඉංගිරිය නගරය පසුකර පානදුර දෙසට කිලෝමීටරයක් පමණ පැමින හමුවන රිනවුන් ගරාජය ඉදිරිපිට ඇති ඉසුරුපුර මාවතේ...
01/04/2026

ඉංගිරිය ඔරලෝසු තටාකය

ඉංගිරිය නගරය පසුකර පානදුර දෙසට කිලෝමීටරයක් පමණ පැමින හමුවන රිනවුන් ගරාජය ඉදිරිපිට ඇති ඉසුරුපුර මාවතේ ගමන් කරන විට බුදු පිළිමයක් හමුවේ. එම බුදු පිළිමය අසලින් වමටට හැරී මඳ දුරක් ගමන් කරන විට දකුණු පස ඉංගිරිය ඔරලෝසු තටාකය පිහිටා ඇත.

ඉංග්රීසී අධිරාජ්යවාදී පාලනය පවතින සමයේ ඉංගිරිය වත්ත අයත්ව පැවතියේ සොයිසා නම් ධන කුවේරයෙක් සතුවය. එතුමාගේ හිමිකාරීත්වය නිසාම ඉංගිරිය වත්තට සොයිසා වත්ත යන නාමයද පබැඳිණ. සොයිසා වත්තේ සොයිසා වලව්ව පවතියේ ඉංගිරිය ප්රාදේශීය ලේකම් කාර්යාලය අද පවතින ස්ථානයට මදක් ඔබ්බෙනි. අද එය රෙස්ටුරන්ට් එකක් ලෙසින් නමුදු සුරැකිව පවතී.

අතීතයේ සොයිසා වත්ත අලංකාරයෙන් අනූන විය. ඉංගිරිය වත්තට ඇතුලු වන දොරටුවේ සිට දැවැන්ත කොස් ගස් වැටියක් ප්ර්ධාන මාවතේ විය. රඹර්, පොල් සහ තේ මෙම වත්තේ එකළ වගාකළ භෝගයන් විය.

වත්තේ හිමිකුරු සොයිසා මහතාට, ඔහුගේ පවුලේ අයට මෙන්ම නෑසියන් හිතමිතුරන්ට දිය කෙළීමට තාටාකයක් තැනීමට සිතක් පහළ විය. මේ බව ඔහු විසින් ගිලීමළගේ පොඩියදු කන්කානමට දැනුම් දුන් ඉක්බිති ඔහු විසින් පානදුරයෙන් හා රමුක්කනින් ගල් වඩුවන් ගෙන්වා අලංකාර ඕවලාකාර හැඩැති ගල් කුට්ටි හා සමචතුරස්රාකාර ගල්කුට්ටි කපා ගල්මුල්ල කන්දේසිට ගලා එන පිරිසිදු අලංකාර දිය පහරක් ඇසුරෙන් පැරණි බට්ටා ඔරලෝසුවක හැඩැති ශෛලමය තටාකයක් තැනීය සමචතුරස්රාකාර ගල් කුට්ටි බිමට ඇතිරූ අතර, ඕවලාකාර ගල් එකිනෙකට පුරුද්දා බැමි බැදීය.

පොලොන්නරු යුගයෙන් පසු මෙරට බිහිවූ අපූර්වතම ශෛලමය තටාකය ලෙසින් ඇතැම් විද්වතුත්හු දක්වති. අතීතයේ ඔරලෝසු තටාකය අවට පිඩලි අල්වා, මල් ගස් සිටවා ඉතා අලංකාර උද්යානයක් තනා පැවති බව රත්නපාල කන්කානම් මහතා දක්වයි.

වත්තේ මහත්තයා හෝ කිසියම් වැදගත් අයෙක් දිය නෑමට පැමිනෙන බව කන්කානමකට දැනුම් දුන් විට ගලා යන දිය පහර ලැලි යොදා ආවර්ණය කරයි. තටාකයේ වැඩි ජලය පිටවිය හැකි පරිදි මෙය සකසා ඇත. එවිට දිය පිරුණ පසු සිත්සේ ජල ක්රීඩා කරයි. මෙහි හොදින් දිය පිරුණු පසු පිහින පීනා ජල කෙළිය හැකි පරිදි ඔරලෝසුවේ මුහුණත කොටසේ ගැඹුර අඩි දෙකහාමාරකි.

බට්ටා කොටද වැඩිහිටියෙක්ට ගිලී නා ගත හැකි පරිදි අඩි පහක් පමණ ගැඹුරකින් යුක්තය. දිකෙළියෙක් ඉක්බිති වසා පැවති ලෑලි දොරවල් ඉවත්කර සාමාන්ය ආකාරයෙන් දොළට ගමන් කිරීමේ ඉඩ හසර ලබා දේ. මෙය දුර්ලබ අපූරු නිර්මාණයකි.

සොයිසා මුදලාලිගෙන් පසුව මෙම සොයිසා වත්ත තරමක් දුර්වල වූ අතර පසුව රජයට පවරා ගන්නා තුරුම පවත්වාගෙන ගියේය. පසුව දුර්වල කලමණාකාරීත්වය හා රඹර් වල මිල පහත යෑම නිසා වත්ත බිදවැටින. නිසි නඩත්තුවක් නොවීමෙන් වල් බිහිව වැල්ලෙන් හා පසින් යටව දසක තුනකටත් වැඩිකාලයක් පැවති ඔරලෝසු තටාකය.එකල බට්ටා කොටස පමණක් ගම් වැසියන් සිය දෛනික ජල අවශයතා සදහා යොදා ගත්තේය. අවිදිමත් ජානාවාස ඇති කිරීම හේතු කොට ජල මට්ටම අඩුවිය. පිළිසිදු බවද අඩු විය.

2015 වර්ෂයේදී මේ පිළිබඳව ගවේෂණය කල මා හ⁣ට ඉංගිරිය වත්තේ කන්කානම් වරයෙකු ලෙස සේවය කල ඉසුරු පුර රත්නපාල මහතාව මට හමුවිය. එතුමා කග විස්තරය අනුව මෙහි වැදගත්ම තේරුම් ගත් මා මෙම උරුමය නැවත පාදා ගැනීමට තීරණය කලෙමි. නමුත් එය පහසු දෙයක් නොවීය ශතවර්ෂ බාගයක් පමන අතහැර දමා පැවති නිසා ඝන පස්තට්ටු හා ගස්වලින් වැසී තිබිණ.

කෙසේනමුත් අවසානයේ ඉංගිරිය ප්රාදේශීය ලේකම් කාර්යාලය, ගම් වාසීන් සහ ප්රජා සේවය නියම වූවන් ගේ සහයද ඇතිව ශ්රමදාන දාමයක් මගින් අකුල් කපා වැසීගිය පස් ඉවත්කර ඔරලෝසු තටාකය මතු කර ගත් අතර පෙර පැවති අභිමානවත් තත්වය නොවූවත් යම් තරමක ලකයක් ලැබිණ. පසුව තවත් ශ්රමදාන කිහිපයක්ද විය.

කෙසේනමුත් වසර එකසිය හැත්තෑවක් පමණ පැරණි මෙම ඉංගිරිය ඔරලෝසු තටාකය තවමත් පුරා විද්යා අවධානයට ලක්ව පුරාවිද්යා ස්මාරකයක් බවට ගැසට් කිරිමට නියමිතව ඇත. මෙය අප රයිගම් කෝරළයේ අභිමාණවත් උරුමයකි. එය රැක ගෑනීම අප සතු යුතුකමකි.

සටහන- ජානක තරංග ආරියරත්න

20/03/2026

ලේඛක කලාවට රුචිකම් දක්වන ඔබට මේ ලිපි පෙල පලකරන්නේ රයිගම පිහිටීම, ජනශ්‍රැතිය, හා ඉතිහාසය පිලිබඳ අවබෝධයක් පැවතීම ඔබගේ නිර්මාණ කාර්යන් සදහා.පිටුවහලක් වෙතැයි යන අරමුණෙනි. රයිගම නාමය දරන ගම්මානයක්, හංදියක් පවතී. එමෙන්ම රයිගම් කෝරළයක් පවතී. ඒ පිළිබඳව මම පෙර විස්තර කළෙමි. එහෙන්ම රයිගම නමින් ඓතිහාසික රාජධානියක්ද පවතින බව ඔබ දනී. එහි සීමා විටින් විට පාලකයින් අනුව වෙනස් විය. රයිගම රාජධානියේ පදනම අනුරාධපුර යුගය දක්වා විහිදෙයි. එකල රුහුණු මායා පිහිට මළය ලෙසින් පැවති සිව්හෙලයේ රයිගම් පෙදෙස් මායා රටට අයත්ව පැවතියේය. එකල පැවති පරිපාලන බෙදීම් අනුව රයිගම් කෝරළයේ නැගෙනහිර කොටස හිරන්‍යමල දනව්වටත් බටහිර කොටස පානබුන්න දනව්වටත් අයත්ව පැවති බව කඩවත් පොත් සහ වෙනත් මූලාශ්‍ර ඇසුරෙන් පෙනීයයි. රයිගම හා සමගාමීව අසන්නට ලැබෙන කීර්තිමත් නාමයකි ගිරි වංශය. මෙහි ආරම්භය දේවානම්පියතිස්ස රජුගේ දියනියක වන මයුර වතී දේවියත් බෝඩ් භාරකාර කුලයක සුර්ය ගුප්ත කුමරාගෙනුන් ගිරි වංශය ආරම්භ⁣වේ. මහා වංශය ඇතුලු මූලාශ්‍ර වල දැක්වෙන්නේ රයිගම ගිරි වංශයේ ජන්ම ප්‍රවේනිය වූ බවය. දේව පතිරාජයන්, පතිරාජ පිරිවනේ විසූ අනෝමදස්සි හිමියන්, ඉරුගල් බණ්ඩාරයින් මෙම කීර්තිමත් ගිරි වංශිකයන්ය. මෙම වංශයේ අලගක්කෝනාර නම් ඇමතියෙක්ට අලකේශ්වර නම් විරුද්ධය හා ඔහුගේ ජංම ප්‍රවේනිය රයිගම හිමිවීම රයිගම රාජධානියේ ආරම්භයයි. එතැන් පටන් මෙම ගිරි වංශයේ අලකේශ්වර විරුද්ධය පාවිච්චි කල පාලකයෝ 17 දෙනෙක් සිටී. ඔවුන් විශාල ඉසුරුමත් පුරවරයක් ලෙසින් රයිගම ගොඩනැන්විය. වෙහෙර විහාර, වැව අමුණු, රාජ මාලිගා, කොටු පව්රු, බලාකාටු, අධ්‍යාපන මධ්‍යස්ථාන වූ මහා පිරිවෙන්, වෙලදමධ්‍යස්ථාන, බලගතු සන්නද්ධ හමුදා රයිගම රාජධානියේ වැසියන් විසින් ගොඩනැන්විය. වර්තමානයේ පවා අප අවට රයිගම රාජධානියේ නටඹුන් ඉතිරිව පවතී.
මේවා හදුනාගෙන එම තොරතුරු පොත් කොට සංරක්ෂණය කිරීම අප සතු අනුලංගනිය වගකීමකි. යුතුකමකි.
සටහන - ජානක තරංග ආරියරත්න

14/03/2026

රයිගම යන නාමය

එහි ප්‍රභවය පිලිබඳ පැරණිතම මතය වනුයේ
රෛ යනු සුර්යට කියන නාමයකි. රෛයිගම රයිගම වී යැයි මතයක් පවතී.
රෛයිගම, රිවිගම වී රයිගම බවට පත්වී ඇතැයි කියවේ. මේ සියලුම වදන් වල අර්තය අනුව සුර්ය ගම්මානය යන්න අරුත් ගෙන එයි. මෙය අතීතයේ පටන්ම සිරිපා කරුණාකරන සැදැහැවතුන්ගේ මධ්‍යස්ථානයක්ව පැවත ඇති බව පෙනේ.
රදළ ග්රාම, රාජ ග්රාම ලෙසින් ඓතිහාසිකව හැදින්වෙන්නේද රයිගමයි.
මෙම නාම පටබැදී ඇත්තේ ගිරි වංශික අලගක්කෝනාර වරුන්ගේ ජන්ම ප්‍රවේනිය රයිගම ඌ නිසාය.
මුලදි ඔවුන් රදළයින්වු නිසා රදල ග්රාම නාමයත් පසුව රාජකීයන් බවට පත්වූ විට රාජග්රාම නාමයත් රයිගමට විරුද නාමයන් ලෙසින් භාවිතා විය.
රයිගම් කෝරළය බිහිවීම පලමුව රයිගම පෙදෙස් අනුරාධපුර යුගයේදී පානභුන්න දනව්ව හා හිරණ්‍යමල දනව්ව ලෙසින් බෙදි පැවති බව මූලාශ්‍ර අනුව පෙනේ.
සටහන - ජානක තරංග ආරියරත්න

27/01/2026

රයිගම රාජධානිය පැතිර පැවති භුමිය

01. 10 වන අලකේශ්වර සමය
වර්තමාන ගම්පහ, කොළඹ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, හා රත්නපුර දිස්ත්‍රික්ක පුරා.

02. ප්රභුරාජ නිශ්ශංක අලකේශ්වර සමය
වර්තමාන ගම්පහ, කොළඹ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, හා රත්නපුර දිස්ත්‍රික්ක පුරා සහ දැදුරුඔය දක්වා.

03. වීර අලකේශ්වර සමය
යාපනය රාජධානිය හැර සෙසු සමස්ථ සිංහලද්ධිපය.

04. 6වන පරාක්‍රමබාහු (රයිගම සමය)
යාපනය රාජධානිය හැර ගම්පල රයිගම, දැදිගම රාජධානිද ඇතුලත් සෙසු සිංහලද්ධිපය.

05. රයිගම් බණ්ඩාර සමය
වරායන් කිහිපයක් හැර, වත්මන් කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක.

සටහන - ජානක තරංග ආරියරත්න

12/01/2026
12/12/2025

Address

Horana
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when රයිගම් රාජධාණිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share