Divisional Secretariat Madurawala

Divisional Secretariat Madurawala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat Madurawala, Public & Government Service, Madurawala, Horana.

🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  වෙසෙන ඔබ සැමට...
14/04/2026

🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙසෙන ඔබ සැමටත්, මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටත්...
• සියලු යහපත් අරමුණු ඉටුවන, සතුට සාමය පිරි ප්‍රීතිමත්, නිරෝගීමත් වාසනාවන්ත වසරක් වේවා !

අධික උෂ්ණත්වය:  ආරක්ෂිතව සිටින්න!අධික උෂ්ණත්වය නිසා ඇතිවන හදිසි සෞඛ්‍ය ගැටලු ඔබ සිතනවාට වඩා වේගයෙන් සිදු විය හැක. නමුත් ...
01/04/2026

අධික උෂ්ණත්වය: ආරක්ෂිතව සිටින්න!

අධික උෂ්ණත්වය නිසා ඇතිවන හදිසි සෞඛ්‍ය ගැටලු ඔබ සිතනවාට වඩා වේගයෙන් සිදු විය හැක. නමුත් එහි රෝග ලක්ෂණ කලින් හඳුනා ගැනීමෙන් ජීවිතයක් බේරා ගැනීමට ඔබට හැකියාව ලැබේ. ☀️🌡️

ඔබ සහ ඔබේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමට අදාළ කෙටි මඟ පෙන්වීමක් පහතින් දැක්වේ:

1. රෝග ලක්ෂණ හඳුනා ගන්න 🔍

පූර්ව අනතුරු ඇඟවීම්: සම සුදුමැලි වීම, සීතල වීම හෝ ඇලෙන සුළු ස්වභාවයක් ගැනීම සහ වේදනාකාරී මාංශ පේශි පෙරළීම් (Cramps).

අන්තරාදායක තත්ත්වය (Heat Stroke):

දැඩි ව්‍යාකූල බව, සම රත් වීම සහ වියළි බව (දහඩිය නොදැමීම) සහ ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම. මෙය වහාම වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු හදිසි අවස්ථාවකි.

2. වහාම ගත යුතු පියවර 💧
ප්‍රතිජලනය (Rehydrate): වතුර, ජීවනී හෝ තැඹිලි වතුර ස්වල්පය බැගින් නිතර පානය කරන්න.

ස්ථානය මාරු කිරීම: වහාම සිසිල්, සෙවණ ඇති ස්ථානයකට යන්න.

ශරීරය සිසිල් කිරීම: තද ඇඳුම් ලිහිල් කර සම මතට සිසිල් ජලය ඉසින්න.

කකුල් එසවීම: වැතිරී සිටින අතරතුර රුධිර සංසරණයට සහාය වීම සඳහා පාද මදක් ඉහළට ඔසවා තබන්න.

3. වැළකී සිටිය යුතු දේ 🚫

කැෆේන් (Caffeine) අඩංගු පාන, සෝඩා සහ මත්පැන් පානයෙන් වළකින්න. මේවා මඟින් විජලනය තවත් වැඩි කළ හැක. ඒ වෙනුවට ජලය සහ ඉලෙක්ට්‍රොලයිට් (Electrolyte) බහුල පාන භාවිතා කරන්න.

උදවු ලබාගත යුත්තේ කුමන අවස්ථාවකදීද? 🚑

රෝග ලක්ෂණ දරුණු වන්නේ නම්, පැයක් ඇතුළත සහනයක් නොලැබෙන්නේ නම් හෝ යමෙකුට 'Heat Stroke' රෝග ලක්ෂණ පවතී නම්, වහාම ගිලන් රථයක් කැඳවන්න.

හැකිතාක් අව් රශ්මියෙන් වැළකී සිටින්න, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න, සහ එකිනෙකා පිළිබඳව අවධානයෙන් සිටින්න!

01/04/2026

❇️ හෙට එලිය කරන්න අද විදුලිය ඉතුරු කරන්න ❇️
எதிர்காலத்தை ஒளிரச் செய்ய இன்றே மின்சாரத்தைச் சேமிப்போம்
❇️ Together we rise together we shine ❇️
ஒன்றிணைந்து எழுவோம்! ஒன்றிணைந்து ஒளிர்வோம்!

31/03/2026
30/03/2026
වර්තමානයේ දරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳ සහ විදේශගත වීමට අපේක්ෂා කරන්නේනම්  සුරක්ෂිත සංක්‍රමණය පිළිබඳවත් ග්‍රාම සංවර්ධන න...
18/03/2026

වර්තමානයේ දරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳ සහ විදේශගත වීමට අපේක්ෂා කරන්නේනම් සුරක්ෂිත සංක්‍රමණය පිළිබඳවත් ග්‍රාම සංවර්ධන නිලධාරී සහ කූඩැල්ල ග්‍රාම නිලධාරීගේ සංවිධානයෙන් 2026/03/17 දින කූඩැල්ල ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකයන් සදහා උපදේශන නිලධාරී, මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරී හා විදේශ රැකියා සංවර්ධන නිලධාරී යන සියලු දෙනාගේ සහභාගිත්වයෙන් සිදුකළ වැඩසටහන.

වෘත්තිය මාර්ගෝපදේශන අංශය විසින් සංවිධානය කරන ලද වෘත්තිය මාර්ගෝපදේශන වැඩමුළුව සහ ව්‍යවසායක අධ්‍යයනය පිළිබඳ දැනුවත් කිරීමේ...
14/02/2026

වෘත්තිය මාර්ගෝපදේශන අංශය විසින් සංවිධානය කරන ලද වෘත්තිය මාර්ගෝපදේශන වැඩමුළුව සහ ව්‍යවසායක අධ්‍යයනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2026/02/13 වන දින වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරී (දිස්ත්‍රික් ලේකම් කර්යාලය කළුතර) සහ නිපුණතා, ව්‍යවසායක යන නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් වරකාගොඩ මහා ව්ද්‍යලයේදී පවත්වන ලදී.

2026.02.09 වන දින රෙමුණ කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සංවිධානය කළ සබන්කුඩු නිෂ්පාදන වැඩසටහන සදහා සම්පත්  දායකත්වය ව...
14/02/2026

2026.02.09 වන දින රෙමුණ කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සංවිධානය කළ සබන්කුඩු නිෂ්පාදන වැඩසටහන සදහා සම්පත් දායකත්වය විදාතා නිලධාරිනිය විසින් ලබාදුනි.
මේ සදහා අමුද්‍රව්‍ය ලබාදීමෙන් අනුග්‍රහය දැක්වූ රෙමුණ සුදම්‍ රෝ අධිපති සුදත් රෝහණ මහතාට ස්තූතිය පිරිනමමි.

ඉහත වඩසටහන සමගම විදේශ රැකියා නිලධාරී විසින් දැනුවත් කිරීමේ වැඩ සටහනක් හා ඊශ්‍රායල් රැකියා අපේක්ෂිත අයවලුන්ගේ ඉල්ලුම්පත් මාර්ග ගතක්‍රමයට යොමු කිරීම සිදු කරන ලදී.

රෙමුන වැව්බැම්ම පිරිසිදු කිරීමේ ශ්‍රමදානය හා ගීතය තුලින් ජීවිතය කියාදීමේ රසවින්දන වැඩසටහන 2026/02/11 දින ප්‍රජා විශෝධන න...
14/02/2026

රෙමුන වැව්බැම්ම පිරිසිදු කිරීමේ ශ්‍රමදානය හා ගීතය තුලින් ජීවිතය කියාදීමේ රසවින්දන වැඩසටහන 2026/02/11 දින ප්‍රජා විශෝධන නියෝගලාභීන් සහ රෙමුන ගොවිසමිතියේ සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදි

හේලිස් කර්මාන්තශාලා කළමනාකරුගේ ඉල්ලීමකට අනුව "යහපත් වැඩ පරිසරයක් උදෙසා  මත්ද්‍රව්‍යයේ බලපෑම කෙබදුද" යන තේමාවෙන් I වන අදි...
14/02/2026

හේලිස් කර්මාන්තශාලා කළමනාකරුගේ ඉල්ලීමකට අනුව "යහපත් වැඩ පරිසරයක් උදෙසා මත්ද්‍රව්‍යයේ බලපෑම කෙබදුද" යන තේමාවෙන් I වන අදියර යටතේ එහි කාර්ය මණ්ඩලය වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ සංවර්ධන නිලධාරී විසින් 2026.02.11 දින සිදුකළ මත් නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහන.

Address

Madurawala
Horana

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94342251068

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Madurawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Madurawala:

Share