Horana Pradeshiya Sabha

Horana Pradeshiya Sabha Horana Pradeshiya Sabha is the Main Government Administrative Office in the Horana Polling Division.

02/09/2026

හොරණ ප්‍රාදේශීය සභා ඉතිහාසයේ ප්‍රථමවරට මහා සභාවක සිද්ධ වෙච්ච දෙයක්, නන්දා මාලිනියට ගීත රචනා කළ ගීත රචකයෙක් අද සභාවේ සභිකවරයෙක් ලෙස කතා කරයි.

https://youtu.be/ThM8Y7_SzD4?si=o8SVivmr9iKvseLs

හොරණ ප්‍රාදේශීය සභාවේ " එක් වසමකට එක් වැඩක්" තේමාව යටතේ ඉහළ මිල්ලෑව දකුණු  ග්‍රාම සේවා වසම සඳහා රුපියල් මිලියන 1.8ක් යොද...
01/09/2026

හොරණ ප්‍රාදේශීය සභාවේ " එක් වසමකට එක් වැඩක්" තේමාව යටතේ ඉහළ මිල්ලෑව දකුණු ග්‍රාම සේවා වසම සඳහා රුපියල් මිලියන 1.8ක් යොදා ගනිමින් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කරන ලද සිතුමිණ පෙදෙස ප්‍රධාන පිවිසුම් මාර්ගය වැඩ අවසන් කරන ලදී.

01/09/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

හොරණ ප්‍රාදේශීය සභාවේ සැප්තැම්බර් මස මහා සභා වාරය ගරු සභාපති නිර්මල ද සිල්වා සභාපතිතුමා සහ ⁣ලේකම් මානෙල් සියඹලාගොඩ ලේකම...
01/09/2026

හොරණ ප්‍රාදේශීය සභාවේ සැප්තැම්බර් මස මහා සභා වාරය ගරු සභාපති නිර්මල ද සිල්වා සභාපතිතුමා සහ ⁣ලේකම් මානෙල් සියඹලාගොඩ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් හොරණ ප්‍රාදේශීය සභාවේ ඉංගිරිය උපකාර්යාල සභා ශාලාවේදී පැවැත්වෙමින්.

හොරණ සිට බැල්ලපි⁣ටිය දක්වා මුහුදු තීරය, හොරණ ප්‍රාදේශීය සභාවේ බලසීමාවට අයත් නැති බව කණගාටුවෙන් දන්වා සිටිමු. 🙈🙈🙈
31/08/2026

හොරණ සිට බැල්ලපි⁣ටිය දක්වා මුහුදු තීරය, හොරණ ප්‍රාදේශීය සභාවේ බලසීමාවට අයත් නැති බව කණගාටුවෙන් දන්වා සිටිමු. 🙈🙈🙈

Follow Horana 360

අද මුහුදු යන්න එපා..... ධීවර ප්‍රජාව අතර බෙදා හරින්න

#හොරණ ゚viralシ

ප්‍රතිචක්‍රීකරණය යනු හුදෙක් කසළ ඉවත් කිරීමේ ක්‍රියාවලියක් පමණක් නොව, පරිසරය සුරැකීම වෙනුවෙන් අප සැමට කළ හැකි අතිශය වැදගත...
31/08/2026

ප්‍රතිචක්‍රීකරණය යනු හුදෙක් කසළ ඉවත් කිරීමේ ක්‍රියාවලියක් පමණක් නොව, පරිසරය සුරැකීම වෙනුවෙන් අප සැමට කළ හැකි අතිශය වැදගත් දායකත්වයකි.

ප්ලාස්ටික්, කඩදාසි සහ වීදුරු වැනි අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් කර ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීමෙන් පරිසර දූෂණය අවම කර, ස්වාභාවික සම්පත් සුරැකීමටත්, පිරිසිදු වාතය, පිරිසිදු ජලය සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීමටත් හැකි වේ.

අපගේ අද දින පුරුදු, අනාගත පරපුරේ හෙට දවස තීරණය කරයි. එබැවින් අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කරමින් හරිත හා තිරසාර අනාගතයක් වෙනුවෙන් අප සැම එක්ව ක්‍රියා කරමු

ගුරුගොඩ ග්‍රාම සංවර්ධන සමිතියේ සංවිධාන ශක්තිය ඇතිව හොරණ ප්‍රාදේශීය සභාව විසින් නොමිලේ පවත්වනු ලැබූ ජංගම ආයුර්වේද වෛද්‍ය ...
31/08/2026

ගුරුගොඩ ග්‍රාම සංවර්ධන සමිතියේ සංවිධාන ශක්තිය ඇතිව හොරණ ප්‍රාදේශීය සභාව විසින් නොමිලේ පවත්වනු ලැබූ ජංගම ආයුර්වේද වෛද්‍ය සායනය 2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා ගුරුගොඩ මල්බෙරිගම සිරි වාචිස්සර ධර්මායතනයේදී පැවැත්විණි. මෙම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබාගැනීමට 100කට අධික පිරිසක් සහභාගීවී සිටියහ.

30/08/2026

මේ පරිසරය අපේ දරුවන්ගේ හෙට දවසයි
අද අපි කරන දේ හෙට ලෝකය වෙනස් කරයි

තැන තැන කුණු ගොඩවෙලා අපේ පාරවල් වැලපෙයි
සුළඟත් දුක්බර කතාවක් නිහඬව අපිට කියයි
ගෙදර ඉඳුල් එක්ක පොලිතින් දැම්මොත් පසට හුස්ම ගන්න බැරිවෙයි
කොම්පෝස්ට් හදන අංශයටත් තියෙන වැඩත් තවත් වැඩියි
මේ කසළ අල්ලන මිනිස්සුත් අපි වගේම අහිංසකයි
කැලි කසල අතර දවස ගෙවා ජීවන බර උසුලයි
ඔවුන්ගේ ජීවිතවල වේදනාව අපිටත් දැනෙන දවසක් වෙයි
ඒ නිසා අද ඉඳන්වත් අපි මේ ක්‍රමය වෙනස් කරමු

දිරන කසළ වෙනම දෙමු
නොදිරන දේ වෙනම දෙමු
ගෙදරින්ම වෙන් කරලා පිරිසිදු හෙටක් ගොඩනගමු
හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ලස්සනට රැකගමු
අපේ දරුවන් ඉන්න හෙට අලුත් ලෝකයක් හදමු

පොලිතින් බෝතල් වීදුරු කාඩ්බෝඩ් වෙන් කරලා දෙන්න ඔබ
කුඩා පියවරක් වුණත් ලොකු වෙනසක් වේවි හෙට
කසළ ගෙන යන පරිසර මිතුරන්ගේ දුක ටිකක් අඩු කරමු
ඔවුන්ගේ ජීවිත වලටත් පිරිසිදු හිනාවක් දෙමු

ඔබ විසින් දෙන දිරන කසළ වලින් අපි
කොම්පෝස්ට් පොහොර හදනවා
ඔබ වෙන් කර දෙන නොදිරන කසළ අපි
ප්‍රතිචක්‍රීකරණය කරනවා
මේ දෙකම කරන්නට බැරි කසළ ඉන්ධනයක් ලෙස පුච්චනවා
මේ ක්‍රියාවලිය පහසු කරන්න පුලුවන් ඔබට පමණයි

අදින් පටන් හිතමු අපි පරිසරය අපේ කියලා
එක ගොඩේ කසළ විසි නොකර හෙට දවස රකිමු ආදරෙන්
අපි සමග එක්වන හැම හදවතකටම ස්තූතියි
කසල වෙන් කර දෙන ඔබ අපේ ලොකුම ශක්තියයි
ඔබේ සහය නිසා අද පිරිසිදු හෙටක් උපදී
හොරණ ප්‍රාදේශීය සභාවේ අපගේ උත්තමාචාරයයි

දිරන කසළ වෙනම දෙමු
නොදිරන දේ වෙනම දෙමු
එකමුතු වෙන්න එක්වෙලා අලුත් හෙටක් ගොඩනගමු
හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කසළ වලින් තොර කරමු
අපේ දරුවන් වෙනුවෙන් ලස්සන ලෝකයක් හදමු

#කසළගීතය

ඔන්න අදත් අපේ ඉංගිරිය සතිපොළ පැවැත්වෙනවා......
30/08/2026

ඔන්න අදත් අපේ ඉංගිරිය සතිපොළ පැවැත්වෙනවා......

Address

Kananwila
Horana
12400

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94342261163

Alerts

Be the first to know and let us send you an email when Horana Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Horana Pradeshiya Sabha:

Shortcuts

Share