26/11/2025
2025 නොවැම්බර් මස 23 වන ඉරිදා දින "HOPE Society" තරුණ කැල සහ හිත මිතුරන්ගේ අනුග්‍රහයෙන් තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ සහභාගීත්වයෙන් හුන්නස්ගිරිය බහු කාර්ය ගොඩනැගිල්ලේ (සති පොළ අසළ) පැවැත්වූ අමිල චතුරංග අනුස්මරණ ලේ දන්දීමේ කඳවුර සඳහා සහභාගී වී වටිනා ජීවිතයක් බේරා ගැනීමට ලේ බිඳක් දන්දුන් සියළුම දෙනාටත්,
හුන්නස්ගිරිය ශ්‍රී ජේතවනාරාම විහාරයේ විහාරවාසී රඹුක්පොත නන්දසීල ස්වාමීන් වහන්සේටත්,
තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍යතුමන් ඇතුළු මෙම කාර්ය සඳහා පැමිණි කාර්ය මණ්ඩලයේ සියළුම නිලධාරීන්ටත්,
උඩදුම්බර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති වසන්ත සුභසිංහ මහතාටත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී A.M.දිසානායක මහතා ඇතුළු ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයටත්,
උඩදුම්බර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB Bank) කළමනාකාරතුමිය සහ චතුරංග බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත්,
හුන්නස්ගිරිය අඩවිවන කාර්යාලයේ නිලධාරීන්ටත්, උඩදුම්බර පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, හුන්නස්ගිරිය SMT Apparal ආයතනයේ කළමණාකාරතුමන් ඇතුළු නිලධාරීන්ටත්,
අමිල චතුරංග සහෝදරයාගේ පියා, මව අතුළු එම පවුලේ සියළුම දෙනාටත්,
උඩදුම්බර ජාතික පාසලේ 2010 සාමාන්‍ය පෙළ සහෝදර සහෝදරියන්ටත් සහ
අනේක විධ බාධක මැඳින් මෙම උතුම් කාර්ය සාර්ථක කර ගැනීමට සෑම අවස්ථාවකම අපව දිරිමත් කරමින් අප පිටුපසින් සිටි අප සමූහයේ සාමජිකයින්ගේ දෙමාපියන්ටත්, අප සමූහයේ සියළුම සාමජික සාමාජිකාවන්ටත්, වචනෙකින් හෝ අපව දිරිගන්වා නන් අයුරින් සහයෝගය දැක්වූ සියළුම දෙනාටත් අප සමූහයේ හද පිරි ස්තූතිය පුද කරමු...!
"HOPE Society" තරුණ කැල.
"ධනාත්මක අපේක්ෂාවන් පමණක් ඇත"