Divisional Secretariat - Ingiriya

Call Directions Website Contact the organization

Divisional Secretariat - Ingiriya ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය - ඉංගිරිය

15/09/2026
නොසිතූ ලෙසින් අප අතරින් වෙන්ව ගිය ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී (618- වගවත්ත) ආර්.පී. අමිල ප්‍රියංකර මහතාට නිවන්සුව පතමු...
15/09/2026

නොසිතූ ලෙසින් අප අතරින් වෙන්ව ගිය ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී (618- වගවත්ත) ආර්.පී. අමිල ප්‍රියංකර මහතාට නිවන්සුව පතමු.

මෙයට,
ශෝකය⁣ට පත්,
ප්‍රාදේශීය ලේකම් ඇතුලු සමස්ථ කාර්යය මණ්ඩලය

💰 **පිරිවැයකරණය පිළිබඳ වැඩසටහන**ඔබගේ ව්‍යාපාරයේ **නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා නිවැරදි මිලක් නියම කරන්නේ කෙසේද?** 🤔ඔබගේ ව...
14/09/2026

💰 **පිරිවැයකරණය පිළිබඳ වැඩසටහන**

ඔබගේ ව්‍යාපාරයේ **නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා නිවැරදි මිලක් නියම කරන්නේ කෙසේද?** 🤔

ඔබගේ ව්‍යාපාරයේ පිරිවැය නිවැරදිව හඳුනාගෙන, නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා **නිවැරදි මිලක් නියම කිරීම පිළිබඳ ප්‍රායෝගික කරුණු** ඇසුරින් මෙම වැඩසටහන පැවැත්වේ.

📅 **දිනය:** 2026 සැප්තැම්බර් 16

⏰ **වේලාව:** පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා

📍 **ස්ථානය:** ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය

🎯 **ඔබේ ව්‍යාපාරයට නිවැරදි මිලක් නියම කර, ලාභදායී ව්‍යාපාරයක් ගොඩනගා ගනිමු!**

🏢 **සංවිධානය:**
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය

📞 **විමසීම්:** 0706250516 / 0706250517

#පිරිවැයකරණය #ව්‍යාපාරසංවර්ධනය #ව්‍යවසායකත්වය

ඔක්කොටම බේත් එකම තැනකින්....!!සැප්තැම්බර් 15 උදේ නමයටඔයත් ඇවිත් වාඩිවෙලා ඉන්න....* AFTER A/L – NEXT STEP PROGRAMME *🌟 O/...
11/09/2026

ඔක්කොටම බේත් එකම තැනකින්....!!
සැප්තැම්බර් 15 උදේ නමයට
ඔයත් ඇවිත් වාඩිවෙලා ඉන්න....

* AFTER A/L – NEXT STEP PROGRAMME *

🌟 O/L සහ A/L වලින් පසු ඔබේ NEXT STEP එක මොකක්ද?

O/L ප්‍රතිඵලයෙන් පස්සේ…

🎓 Degree එකක් කරන්නෙ කොහොමද?
💻 Computer & IT Skills හදාගන්නේ කොහොමද?
🗣️ Spoken English වැඩිදියුණු කරගන්නේ කොහොමද?
💼 රැකියාවකට යන්නේ කොහොමද?
🌍 විදේශ රැකියාවකට යන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද?

❓ අසමත් වුණොත් ඊළඟට මොකද කරන්නේ?
මේ සියලු ප්‍රශ්නවලට නිවැරදිම මාර්ගයක් හඳුනාගන්න… 👇

📅 දිනය: සැප්තැම්බර් 15
⏰ වේලාව: පෙ.ව. 9.00
📍 ස්ථානය: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – ඉංගිරිය

*එදාට මෙන්න මේ අවස්ථා ඔබට ලැබෙනවා...*

ඔබට හඳුනාගත හැකි අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා,

🎓 රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල Degree Programmes
💻 Information Technology පාඨමාලා
🗣️ Advanced Spoken English Courses
🏦 Banking – Chartered Certification Courses
🔧 Technical Field Courses
🌍 දේශීය හා විදේශීය රැකියා සඳහා අවශ්‍ය පාඨමාලා

🤝 The Open University | NAITA | VTA | SLIATE | Technical Colleges ඇතුළු ආයතන හරහා ලැබෙන අවස්ථා පිළිබඳ දැනුවත් වීමටත් අවස්ථාව ලැබේ.

📝 විශේෂ දැනුම්දීමයි!
🔴 වැඩසටහනට සහභාගී වීමට පෙර Google Form එක මගින් අනිවාර්යයෙන්ම ලියාපදිංචි වන්න.

👇 ඒ වෙනුවෙන් දැන්ම ලියාපදිංචි වන්න
https://form.svhrt.com/6a3d2d21f5055dd7cdf44e81

⏰ ලියාපදිංචි වූ සියලු දෙනා නියමිත වේලාවටම වැඩසටහන පැවැත්වෙන ස්ථානයට පැමිණෙන්න.

🎯 ඔබේ අනාගතය අහම්බෙන් තීරණය කරන්න එපා…

ඔබේ NEXT STEP එක නිවැරදිව තෝරාගන්න!

📲 මේ පණිවිඩය O/L හා A/L අවසන් කළ ඔබේ මිතුරන් අතරත් Share කරන්න.

මාධව මුතුකුඩආරච්චි
නිපුනතා සංවර්ධන අංශය,
වෘත්තීය මාර්ගෝපදේශ ඒකක,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ඉංගිරිය

2023/2024/2025 A/Lකරපු ලංකාවෙ හැමෝටම....!!දන්න අය නොදන්න අයට දැන ගන්න දැන්ම Share කරන්න....
08/09/2026

2023/2024/2025 A/Lකරපු ලංකාවෙ හැමෝටම....!!

දන්න අය නොදන්න අයට දැන ගන්න දැන්ම Share කරන්න....

වටලප්පන් සහ පුඩිං නිෂ්පාදන පුහුණු වැඩසටහනදිනය - 2026 සැප්තැම්බර් 09වේලාව -  පෙ.ව. 8.30ස්ථානය - ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් ...
07/09/2026

වටලප්පන් සහ පුඩිං නිෂ්පාදන පුහුණු වැඩසටහන

දිනය - 2026 සැප්තැම්බර් 09

වේලාව - පෙ.ව. 8.30

ස්ථානය - ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය විදාතා සම්පත් මධ්‍යස්ථානය

මෙම වැඩසටහනේදී

✅ අමුද්‍රව්‍ය තෝරාගැනීම
✅ නිෂ්පාදන තත්ත්ව පාලනය
✅ ඇසුරුම් කිරීමේ දී හා ලේබල් සැකසීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
✅ නිෂ්පාදනයේදී ප්‍රායෝගිකව ඇතිවන ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරේ.

මෙම වැඩසටහන ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා සම්පත් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබේ.

වැඩි විස්තර සඳහා
0704790872
0719182573

ඔබගේ නිෂ්පාදනය වෙළඳපොළේ කැපී පෙනෙන ලෙස ඉදිරිපත් කිරීමට නිවැරදි තාක්ෂණික දැනුම ලබාගැනීමට එන්න ඉංගිරිය විදාතා සම්පත් මධ්‍යස්ථානයට.

Address

Ingiriya Divisional Secretariat Office
Ingiriya
12440

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94342269977

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Ingiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Ingiriya:

Shortcuts

Share