Divisional Secretariat - Ingiriya

Divisional Secretariat - Ingiriya ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය - ඉංගිරිය

22/08/2026

ඔයත් එන්න,
2025 අගෝස්තු 25 උදේ නවයට....
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව රැස්වීම් ශාලාවට...

ගෙදරට බරක් නොවී පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හරහා උපාධියක් හදාරමු...!!
==================================

​අධ්‍යාපනය කියන්නේ අනාගතය සාර්ථක කරගැනීමට තියෙන හොඳම ආයෝජනයයි. අ.පො.ස. උසස් පෙළ අවසන් කළ ඔබට, දෙමව්පියන්ට මූල්‍යමය බරක් නොවී පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය ලබාගැනීමට මෙන්න අගනා අවස්ථාවක්!

​රජය මගින් ලබාදෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර ඒ සඳහා පහත සුදුසුකම් ඔබ සපුරා තිබේනම් මුලසිට සරලව ඇතුලත්වීමේ ක්‍රමය පිලිබඳව කියා දෙන අපගේ වැඩමුළුවට 2026.08.25 දින පෙ.ව. 9.30ට සහභාගීවී එදිනම ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට බැ⁣ඳෙන්න.(මෙය නොමිලයේ පැවැත්වෙන වැඩසටහනකි)

*​සුදුසුකම්:*
*​2023, 2024 සහ 2025 වර්ෂවල අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට අවම වශයෙන් විෂයන් 03ක් සමත් වී සිටීම. පොදු පරීක්ෂණයට ලකුණු 30කට වඩා තිබීම.*

*​නොමිලේ පැවැත්වෙන පූර්ණ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ අන්තර්ගතය:*

​👉 ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳව සහ උපාධි පාඨමාලා තෝරාගැනීම පිළිබඳව ඔබව පූර්ණ ලෙස දැනුවත් කිරීම

👉 ලක්ෂ 30ක් ව⁣ටිනා පාඨමාලා ණය යෝජනා ක්‍රමය යටතේ දී ලක්ෂ 15කට ලබා ගැනීමේ ක්‍රමවේදය හඳුන්වා දීම.

👉 අයඳුම්පත් ප්‍රතික්ෂේප නොවීමට ගතයුතු ක්‍රියා පිලිවෙත හඳුන්වා දීම.
ඇතුලු සියඨ පොදු ගැටලු වලට නිශ්චිත පිලිතුරු ලබා දීම මෙදින වැඩමුළුවේදී සිදු කෙරේ.

සෑම වර්ෂයකදීම මෙන්ම මෙවරත් ඔබ වෙනුවෙන්ම සංවිධානය කර ඇති, මෙම විශේෂ වැඩසටහනට ඔබත් අනිවාර්යෙන්ම පැමිණෙන්න.

*වැඩසටහන සඳහා ​සම්බන්ධ වන ආකාරය:*

පෝස්ටරයේ දක්වා ඇති QR කේතය (QR Code) ස්කෑන් කර හෝ පහත link එක මඟින් හෝ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා පූර්ව ලියාපදිංචි කටයුතු සිදුකර, 2026.08.25 දින ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා නොමිලයේ සම්බන්ධ විය හැක.

https://form.svhrt.com/6a607d408460ea85047b3e07

​ඔබේ අනාගත සිහිනය සැබෑ කර ගැනීමට අදම මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න!

ඉදිරි කටයුතු වල පහසුව සදහා පහත link එක මඟින් අපගේ whatsapp සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/CjTtE0AOgFdKRLDKen7j0e?s=cl&p=a&ilr=0

​සංවිධානය:
නිපුණතා සංවර්ධන අංශය
වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ඉංගිරිය

*ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු ඔබට මෙන්න මහඟු අවස්ථාවක්....!!!*==================================*රාජ්‍ය ආයතනයක් ...
14/08/2026

*ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු ඔබට මෙන්න මහඟු අවස්ථාවක්....!!!*
==================================

*රාජ්‍ය ආයතනයක් සමඟ එක්ව NVQ- 3 සහතික පත්‍රය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න....පලමු 400ට දැන්ම ඇතුලත් වන්න.*

*පහත දක්වා ඇති අයදුම්පත්‍රයද සම්පූර්ණ කර ගෙන එයද රැගෙන 2026.08.17 වන දින පෙ.ව. 9.00 ට ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව රැස්වීම් ශාලාවට පැමිණෙන්න.*

දැනටමත් ඉදිකිරීම් සහ තාක්ෂණික ක්ෂේත්‍රයන්හි රැකියාවල නියුතු, එහෙත් NVQ සහතිකයක් නොමැති ඔබ වෙනුවෙන් RPL (Recognition of Prior Learning) ක්‍රමය යටතේ NVQ - 3 සහතිකය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගැනීමට අනගි අවස්ථාවක්!

🛠️ අයදුම් කළ හැකි වෘත්තීන්:

➡️ඉදිකිරීම් වැඩබිම් පරීක්ෂක
➡️මේසන්
➡️ජලනල කාර්මික
➡️විදුලි කාර්මික
➡️ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පී
➡️බිම් ඇතුරුම් ශිල්පී (ටයිල්)
➡️බා බෙන්ඩර් (කම්බි නැවුම් ශිල්පී)
➡️පෑස්සුම් ශිල්පී (වෑල්ඩින්)
➡️වඩු කාර්මික ශිල්පී
➡️ජලනල වැද්දුම් ශිල්පී

🎓 *මූලික සුදුසුකම්:*
✅ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතුය.
✅ ඉල්ලුම් කරන ක්ෂේත්‍රය තුළ වසර 03ක ප්‍රායෝගික පළපුරුද්දක් තිබිය යුතුය.

✅ *විශේෂ කරුණ:* කිසිදු විශේෂ අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවේ....!!

ප්‍රායෝගික දැනුම පමණක් උපයෝගී කරගනිමින් ඔබේ වෘත්තීය ජීවිතය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට ලැබෙන මෙම අවස්ථාව මඟහැර ගන්න එපා.

📌 *වැඩි විස්තර*

එදිනට පැමිණෙන විට පහත අයදුම්පත්‍රය සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී සහතිකය ද හැඳුනුම් පතේ සත්‍ය පිටපතක් රැගෙන එන්න.

📞 *_විමසීම්_*
```whasapp 0714436925

*2026 වර්ෂයේ බඳවා ගැනීම් ඇරඹෙයි...!!!**ගෙදරට බරක් නොවී පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හරහා උපාධියක් හදාරමු!*=====s====...
14/08/2026

*2026 වර්ෂයේ බඳවා ගැනීම් ඇරඹෙයි...!!!*

*ගෙදරට බරක් නොවී පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හරහා උපාධියක් හදාරමු!*
=====s==================

​අධ්‍යාපනය කියන්නේ අනාගතය සාර්ථක කරගැනීමට තියෙන හොඳම ආයෝජනයයි. අ.පො.ස. උසස් පෙළ අවසන් කළ ඔබට, දෙමව්පියන්ට මූල්‍යමය බරක් නොවී පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය ලබාගැනීමට මෙන්න අගනා අවස්ථාවක්!

​රජය මගින් ලබාදෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර ඒ සඳහා පහත සුදුසුකම් ඔබ සපුරා තිබේනම් මුලසිට සරලව ඇතුලත්වීමේ ක්‍රමය පිලිබඳව කියා දෙන අපගේ වැඩමුළුවට 2026.08.25 දින පෙ.ව. 9.30ට සහභාගීවී එදිනම ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට බැ⁣ඳෙන්න.(මෙය නොමිලයේ පැවැත්වෙන වැඩසටහනකි)

*​සුදුසුකම්:*
*​2023, 2024 සහ 2025 වර්ෂවල අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට අවම වශයෙන් විෂයන් 03ක් සමත් වී සිටීම. පොදු පරීක්ෂණයට ලකුණු 30කට වඩා තිබීම.*

*​නොමිලේ පැවැත්වෙන පූර්ණ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ අන්තර්ගතය:*

​👉 ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳව සහ උපාධි පාඨමාලා තෝරාගැනීම පිළිබඳව ඔබව පූර්ණ ලෙස දැනුවත් කිරීම

👉 ලක්ෂ 30ක් ව⁣ටිනා පාඨමාලා ණය යෝජනා ක්‍රමය යටතේ දී ලක්ෂ 15කට ලබා ගැනීමේ ක්‍රමවේදය හඳුන්වා දීම.

👉 අයඳුම්පත් ප්‍රතික්ෂේප නොවීමට ගතයුතු ක්‍රියා පිලිවෙත හඳුන්වා දීම.
ඇතුලු සියඨ පොදු ගැටලු වලට නිශ්චිත පිලිතුරු ලබා දීම මෙදින වැඩමුළුවේදී සිදු කෙරේ.

සෑම වර්ෂයකදීම මෙන්ම මෙවරත් ඔබ වෙනුවෙන්ම සංවිධානය කර ඇති, මෙම විශේෂ වැඩසටහනට ඔබත් අනිවාර්යෙන්ම පැමිණෙන්න.

*වැඩසටහන සඳහා ​සම්බන්ධ වන ආකාරය:*

පෝස්ටරයේ දක්වා ඇති QR කේතය (QR Code) ස්කෑන් කර හෝ පහත link එක මඟින් හෝ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා පූර්ව ලියාපදිංචි කටයුතු සිදුකර, 2026.08.25 දින ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා නොමිලයේ සම්බන්ධ විය හැක.

https://form.svhrt.com/6a607d408460ea85047b3e07

​ඔබේ අනාගත සිහිනය සැබෑ කර ගැනීමට අදම මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න!

ඉදිරි කටයුතු වල පහසුව සදහා පහත link එක මඟින් අපගේ whatsapp සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/CjTtE0AOgFdKRLDKen7j0e?s=cl&p=a&ilr=0

​සංවිධානය:
නිපුණතා සංවර්ධන අංශය
වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ඉංගිරිය

සුව පහසු නිවසක් සවිබලැති පවුලක් සමෘද්ධි නිවාස ආධාර වැඩසටහන යටතේ ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හඳපාන්ගොඩ කලා⁣පයේ සමෘ...
12/08/2026

සුව පහසු නිවසක් සවිබලැති පවුලක් සමෘද්ධි නිවාස ආධාර වැඩසටහන යටතේ ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හඳපාන්ගොඩ කලා⁣පයේ සමෘද්ධි සංවර්ධන නිලධාරි
සනත් රවින්ද්‍ර ඇලපාත මහතාගේ කො⁣ටිගල වසමේ ප්‍රාතිලාභීයකු වන හින්දික පියන්ත මහතාගේ පවුල වෙනුවෙන් සාදා වැඩනිමකරන ලද නිවස 2026 - 08 - 11 දින සුභ මොහොතින් විවෘත කරන ලද අවස්ථාව .මෙම අවස්ථාව සදහා ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපතිතුමා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍යය නිහාල් අබේසිංහ මැතිතුමන් සහ ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගරු ප්‍රාදේශිය ලේකම්තුමිය නිසංසලා පෙරේරා මැතිණිය , සමෘද්ධි මහාසංගම් කළමනාකාරිනි ජයන්තා රුක්මණී මහත්මිය,සැලසුම් අධ්‍යක්ෂක ලාල් ප්‍රියන්ත මහතා,ව්‍යාපෘති කළමනාකරු ලක්ශ්මන් මහතා,හදපාන්ගොඩ සමෘද්ධි බැංකුවෙි කළමනාකරු ඒ.ආර්.ඩී සේනානායක මහතා , ආර්ථික සංවර්ධන නිලධාරී දම්මි මහත්මිය ඇතුලු හදපාන්ගොඩ සමෘද්ධි බැංකුවෙි නිලධාර මහත්ම මහත්මීන් පිරිසක් සහභාගිි විය .

ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන්, බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත  ඉංගිරිය ප්‍රා...
09/08/2026

ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන්, බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලාකරුවන්, වැඩිහිටියන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ගම්මැද්දේ රසමීවිත රසවින්දන වැඩසටහන 2026.08.07වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාලාවේදී සාර්ථක ව පවත්වන ලදි.

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ පැවැත්වෙන "අත්තම" වැඩසටහනේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදාන වැඩසටන  2026.08.0...
08/08/2026

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ පැවැත්වෙන "අත්තම" වැඩසටහනේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදාන වැඩසටන 2026.08.08 සෙනසුරාදා දින නම්බපාන ග්‍රාම නිලධාරී වසමේ පරෙවිතොට නාන තොටුපලට පිවිසෙන මාර්ගය පිරිසිදු කිරීම සිදු කෙරුණි.

හොරණ ඉංගිරිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති කළුතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මැතිතුමා, ක්ලීන් ශ්‍රී ලංකා ඉංගිරිය සම්බධීකාරක හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගැමුණු රෝහණ මහතා, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් නිසන්සලා පෙරේරා මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ( සැලසුම්) ලාල් ප්‍රියන්ත මහතා, නම්බපාන ප්‍රජා ශක්ති කමිටුව, රාජ්‍ය නිලධාරීන් හා ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

යෞවන සම්මාන උළෙල 2026වයස අවුරුදු 15 ත් 29ත් අතර තරුණ තරුණියන්ට ඒ සඳහා අයදුම් කළ හැකියඅයදුම් කළ හැකි තරග අංශ01.Melody සංග...
07/08/2026

යෞවන සම්මාන උළෙල 2026

වයස අවුරුදු 15 ත් 29ත් අතර තරුණ තරුණියන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය

අයදුම් කළ හැකි තරග අංශ

01.Melody සංගීත තරගාවලිය
02. Steps නර්තන තරගාවලිය
03. Nova mind AI නිර්මාණ තරගාවලිය
04. Shutter Stories ඡායාරූප තරගාවලිය
05. Beyond Limits විශේෂ අවශ්‍යතා සහිත (ආබාධිත) වූවන් සඳහා තරගාවලිය
06. Inkspire සාහිත්‍ය නිර්මාණ තරගාවලිය
07. Dream Canvas චිත්‍ර තරගාවලිය
08. Young Voice නිවේදක / කථික තරගාවලිය

මේ සඳහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකිය.

ලියාපදිංචි වීම සඳහා - https://nysc.lk/youthawards

අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය අගෝස්තු 10

සංවිධානය - ජාතික තරුණ සේවා සභාව

623 හඳපාන්ගොඩ දකුණසාගර පලන්සූරිය විද්‍යාලයේ 6,7,8,9 ශ්‍රේණි වල සිසු සිසුවියන් ගේ ආකල්ප සංවර්ධනය  හා ඉගෙනුම් කටයුතු සංවර්...
07/08/2026

623 හඳපාන්ගොඩ දකුණ
සාගර පලන්සූරිය විද්‍යාලයේ 6,7,8,9 ශ්‍රේණි වල සිසු සිසුවියන් ගේ ආකල්ප සංවර්ධනය හා ඉගෙනුම් කටයුතු සංවර්ධනය කර ගැනීම සදහා උපදෙස් හා ක්‍රියාකාරකම් එක් වූ වැඩමුළුව .

සම්පත් දායකත්වය - රුවන් පීරිස් මයා

සංවිධානය - විදුහල්පතිතුමා සහ ආචාර්‍ය මණ්ඩලය
සංවර්ධන නිලධාරී.

අරමුණ - යහපත් ආකල්ප සහිත හොඳ දරු පරපුරක් බිහි කිරීම.
2026.08.04

Address

Ingiriya Divisional Secretariat Office
Ingiriya
12440

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94342269977

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Ingiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Ingiriya:

Shortcuts

Share