Divisional Secretariat Ipalogama

Divisional Secretariat Ipalogama Provides the administration service to all the people in the division.

ඉපලෝගම ප්‍රාදේශීය කාන්තා දින උත්සවය -2026* මාර්තු 08 වන දිනට යෙදී තිබූ  ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ප්‍රාදේශීය ලේකම්...
31/03/2026

ඉපලෝගම ප්‍රාදේශීය කාන්තා දින උත්සවය -2026*

මාර්තු 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක මෙනෙවියගේ මග පෙන්වීම මත, සහකාර ප්‍රාදේශීය ලේකම් අජන්තා වික්‍රමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලය එක්ව කාන්තාවන්ගේ රසාස්වාදනය ඉහළ නැංවීම හා කලා කුසලතාවයන් එළි දැක්වීමේ අරමුණින් 2026 මාර්තු 24 වන දින ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රසවින්දනාත්මක විවිධ ප්‍රසංගයක් පවත්වන ලදී.

එහිදී ප්‍රධාන දේශනය කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී (විදේශ රැකියා) එච්.කේ.එම් ශ්‍රී ජයලත් අනුරාධ කුමාරසිංහ මහතා, විසින් සිදු කරන ලදි

මෙම දේශනයේ දී කාන්තාවන්ගේ කාර්යභාරය හා ඇයට අද සමාජය තුළ හා එදා සමාජය තුළ හිමි වූ තත්ත්වය පිළිබඳව කවිය ගීතය ඇසුරු කරමින් පූර්ව විග්‍රහයක් සිදුකරන ලදී. තවද අතීතයේ දී ජන කවියා කාන්තාව වර්ණනා කළ ආකාරය හා නූතන කවියා කාන්තාව දුටු ආකාරය පිළිබඳව සංසන්දනාත්මකව විග්‍රහයක් සිදු කරන ලදී.
පසුව
කාන්තා සංවිධානවල කාන්තාවන්ගේ කලා කුසලතාවයන් එළි දැක්වීමේ අරමුණින් ඔවුන්ගේ කලා හැකියාවන් සහ දක්ෂතාවයන් ඇතුළත් ප්‍රසංගයක් පවත්වන ලදී.
විවිධ ප්‍රසංගයෙන් අනතුරුව අඩු ආදායම්ලාභී පවුල් පහක් සඳහා රුපියල් දහදාහක් වටිනා චෙක්පතක් බැගින් සහ රුපියල් පනස්දහසක මුදලක් ලබා දෙන ලදී. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය කැකිරාව ඔලුකරද පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් වන රජරට ප්‍රජා කේන්ද්‍රය විසින් දරන ලදී

එසේම කාන්තාවන්ට හා ඔවුන්ගේ පවුල්වල රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ කෙටි දැනුවත් කිරීමක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කණ්ඩායම් කළමනාකරු සිරිල් සූරියගේ මහතා විසින් සිදු කරන ලදී. මෙහිදී කුසපත් ඇදීමක් සිදුකර ජයග්‍රාහිකාවන් තුන් දෙනෙකු සඳහා ත්‍යාග ලබා දීමක්ද සිදු කරන ලදී.

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය-විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම  ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන විෂ...
10/03/2026

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය-
විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන විෂ මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව පාසල් ළමුන්, තරුණ ප්‍රජාව සහ දෙමව්පියන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වාසය කරන ප්‍රජාව දැනුවත් කිරීම සඳහා රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමී ව මත් ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක මහත්මියගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් අජන්තා වික්‍රමරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් නිර්මාණය කර ඉදිරිපත් කරන වීදි නාට්‍ය ප්‍රදර්ශන මාලාව සහ අත්පත්‍රිකා බෙදා දෙමින් දැනුවත් කිරීමේ වැඩසටහන 2026.03.06 වන දින ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ විය.

විෂ මත්ද්‍රව්‍යයෙහි ආදීනව සහ එයින් මිදීමේ වැදගත්කම අවධාරණය කරමින් "මරණ මංචකය" වීදි නාට්‍යය කොට්ඨාසයේ ස්ථාන හතරක එනම්

🛑 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට,
🛑 රණජයපුර හන්දිය,
🛑 රණජයපුර පාසල ඉදිරිපිට,
🛑 ගෝණපතිරාව
යන ස්ථාන වල සාර්ථකව ප්‍රදර්ශණය කරන ලදී.

මීට සමගාමීව ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න මාකවිට මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය විසින් විෂ මත්ද්‍රව්‍යයෙහි ආදීනව සහ ව්‍යාප්තිය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා බලප්‍රදේශය පුරා දැනුවත් කිරීමේ වැඩටහනක්ද පවත්වන ලදී. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලවල විශාල පිරිසක්ද මෙම අවස්ථා සදහා එක්වූහ.

ඔබ සැමට සුබ නව වසරක් වේවා.....!!!!අභිනව 2026 වසරේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ රාජකාරි ආරම්භ කිරීම.2026.01.01
01/01/2026

ඔබ සැමට සුබ නව වසරක් වේවා.....!!!!

අභිනව 2026 වසරේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ රාජකාරි ආරම්භ කිරීම.
2026.01.01

31/12/2025
📍අස්වැසුම Re - certification අවස්ථාව සදහා තොරතුරු යාවත්කාලීන කල හැක්කේ 2022 වර්ෂයේ සමීක්ෂණය වූ එනම් පළමු අදියරේදී පද්ධති...
28/12/2025

📍අස්වැසුම Re - certification අවස්ථාව සදහා තොරතුරු යාවත්කාලීන කල හැක්කේ 2022 වර්ෂයේ සමීක්ෂණය වූ එනම් පළමු අදියරේදී පද්ධතියට ඇතුලත් වී ඇති ප්‍රතිලාභීන්ට හා අයදුම්කරුවන්ට පමණයි.

1. 2023 වර්ෂයේ සිට මේ දක්වා ප්‍රතිලාභ ලබන සියලුම අය Re Certification අවස්ථාවට අදාලව online ක්‍රමයට හෝ අයදුම්පත් යොමු කර හෝ තොරතුරු යාවත්කාලීන කර ගැනීම අනිවාර්ය වේ. නැතහොත් ගෙවීම් ලබා ගැනීමේදී ගැටළු සහගත තත්ත්වයන් ඇති විය හැක.

2. මේ වන විට ගෙවීම් නතර වී ඇති අය හට ද Re Certification අවස්ථාව හරහා නැවත තොරතුරු ඉදිරිපත් කල හැක

3. 2022 වර්ෂයේ සමීක්ෂණය වූ නමුත් ප්‍රතිලාභ ලැබීමට තේරී පත් නොවූ අයට, පවුල් ඒකක වල සාමාජිකයන්ගේ වෙනස්කම් සිදු වී ඇති අය, පදිංචිය මාරු වූ අය Re certification අවස්ථාව හරහා තොරතුරු යාවත්කාලීන කර ගෙන නැවත සමීක්ෂණය සදහා යොමු විය යුතුය.

eservices.wbb.gov.lk හරහා Online ක්‍රමයට ඔබගේ ගෘහ ඒකකය Re Certify කර ගත හැක. නැතහොත් online තොරතුරු යාවත්කාලීන කිරීමට පහසුකම් සලසා ඇති ස්ථාන ග්‍රාම නිලධාරීන් මගින් හෝ තුලානට අදාල අස්වැසුම නිලධාරී මගින් දැනුවත් වී ඒ සදහා යොමු විය යුතුය. එලෙස online හරහා Re Certification යොමු කිරීමේදී ඔබ සතුව තිබිය යුතු දෑ..

👉 අවු. 18 ට වැඩි පවුලේ සියලු සාමාජිකයන්ගේ හැදුනුම්පත්. 18 අඩු අයගේ උපන්දිනය

👉 QR කේතය (ගෘහ ඒකක අංකය)

👉 ජංගම දුරකථනය (OTP අංකයක් sms හරහා ලබා ගැනීම සදහා)

👉 සමෘද්ධි සහනාධාර ලැබූ අයගේ සමෘද්ධි බැංකු පොත

👉 විදුලි බිලේ ගිණුම් අංකය

සැ.යු -

1. හැදුනුම්පත් නොමැති අයට කිසිසේත්ම Re certification හරහා අස්වැසුම පද්ධතියට ඇතුලත් විය නොහැක.

2. ඔබගේ මූලික තොරතුරු එනම් ලිපිනය, තුලාන, නම, උපන්දිනය, සිත්‍රී/පුරුශභාවය, හැදුනුම්පත් අංකය යන ඒවා වෙනස් කලහොත් සෘජුවම නැවත සමීක්ෂණ සදහා යොමු වේ.

3. අයදුම්පත් හරහා තොරතුරු යොමු කිරීමේදී අයදුම්පතේ උපදෙස් පරිදි එය නිවැරදිව හා පැහැදිලිව සම්පූර්ණ කල යුතුවේ.

🛑👉 ඔබගේ QR කේතය ඔබ සතුව නොමැති නම්, ඔබගේ දැනට භාවිතා වන දුරකථන අංකය අස්වැසුම පද්ධතියේ යාවත්කාලීන කර නොමැති නම් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති අස්වැසුම ඒකකය වෙත පැමිණෙන්න.

තොරතුරු යාවත්කාලීන කල හැකි අවසාන දිනය 2025/12/31 වේ.

*📢ප්‍රාදේශීය රැකියා පොළ වැඩසටහන - 2025✨️පහත ආයතනවල සහභාගීත්වයෙන් 2025/07/18 වන දින පවත්වන ලදි  **  *⭕*රැකියා සපයන ආයතන* ...
23/07/2025

*📢ප්‍රාදේශීය රැකියා පොළ වැඩසටහන - 2025✨️

පහත ආයතනවල සහභාගීත්වයෙන් 2025/07/18 වන දින පවත්වන ලදි **
*
⭕*රැකියා සපයන ආයතන*
⭕*වෘත්තීය පුහුණු ආයතන*
⭕විදේශ රැකියා සපයන ආයතන
⭕කුඩා ව්‍යාපාර අංශය*

රැකියා පොළ වැඩසටහන සදහා,
👉අ.පො.ස.(සා/පෙළ) හා අ.පො.ස.(උ/පෙළ) විභාගයන්ට මුහුණ දුන් සිසු සිසුවියන්
👉පාසල් හැරගිය සිසු සිසුවියන්
👉රැකියා විරහිත තරුණ තරුණියන්
👉විදෙස් රැකියා බලාපොරොත්තුවන්නන්
👉ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ♦️ඉපලෝගම ප්‍රාදේශීය රැකියා පොළ වැඩසටහන සදහා සහභාගී වූ රැකියා සම්පාදන ආයතන

⭕රැකියා සපයන ආයතන
👉ශ්‍රි ලංකා නාවික හමුදාව
👉ශ්‍රී ලංකා ගුවන් හමුදාව
👉ශ්‍රී ලංකා යුධ හමුදාව
👉කීල්ස් සුපර් ආයතනය
👉ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස් ආයතනය
👉New Superstar විදේශ රැකියා ආයතනය
👉රේන්බෝ ඇගලුම් ආයතනය
👉Nirmani Dress point ආයතනය
👉රෝයල් ලංකා හෙද පුහුණු ආයතනය
👉ආලංකුලම සමුහ ව්‍යාපාරය
👉සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය
👉Future life investment
♦️ වෘත්තීය පුහුණු සම්පාදන ආයතන රැසක් ද සහභාගි වීම විශේෂත්වයකි .

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 2025.06.09 දින කාර්යාලය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පව...
09/06/2025

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 2025.06.09 දින කාර්යාලය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

2025 ජගත් පරිසර දිනට සමගාමීව 2025.05.30 දින  පැවැති කලාවැව බැම්ම මත පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත්  කිරීමේ  ශ්‍ර...
09/06/2025

2025 ජගත් පරිසර දිනට සමගාමීව 2025.05.30 දින පැවැති කලාවැව බැම්ම මත පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩ සටහන

නිරෝගී යහපත් ගුණධර්ම සපිරි දූ දරුවන් අනාගතයට දායාද කිරීමේ සංකල්පය පෙරදැරි කරගෙන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ...
28/03/2025

නිරෝගී යහපත් ගුණධර්ම සපිරි දූ දරුවන් අනාගතයට දායාද කිරීමේ සංකල්පය පෙරදැරි කරගෙන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ළමා හා කාන්තා ඒකකය විසින් සංවිධානය කළ ගර්භනීය මව්වරුන් වෙනුවෙන් පවත්වන ලද මාතෘ අභිමන් වැඩසටහන 4ever Skin Naturals හි අනුග්‍රාහකත්වයෙන් 2025.03.12 දින කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

'තැනුමට තිරසාර හෙටක්  -සවිමත් ඇයවේ මගක්" යන තේමාව පෙරදැරි කර ගනිමින් ඉපලෝගම ප්‍රාදේශීය කාන්තා බල මණඩලය, කාන්තා හා ළමා ඒක...
11/03/2025

'තැනුමට තිරසාර හෙටක් -සවිමත් ඇයවේ මගක්" යන තේමාව පෙරදැරි කර ගනිමින් ඉපලෝගම ප්‍රාදේශීය කාන්තා බල මණඩලය, කාන්තා හා ළමා ඒකකය විසින් සංවිධානය කල ප්‍රාදේශීය කාන්තා දින සැමරුම ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2025.03.07 වන දින මහඉලුප්පල්ලම බහුකාර්ය ගොඩනැගිල්ලේදී සාර්ථකව පවත්වන ලදී.

ඉපලෝගම 'මිණිමුතු' පෙරපාසල් දරුවන්ගේ සිඟිති පොළ 2025/03/05 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භූමියේදී පවත්වන ලදී. දරුවන්ට ගණු...
08/03/2025

ඉපලෝගම 'මිණිමුතු' පෙරපාසල් දරුවන්ගේ සිඟිති පොළ 2025/03/05 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භූමියේදී පවත්වන ලදී. දරුවන්ට ගණුදෙනු පුරුදු කිරීම හා බැදුන ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් මුල් ළමාවිය සංවර්ධනයට අත්වැලක් ලබාදීමේ අරමුණ පෙරදැරි කරගෙන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් මෙම කටයුතුත්ත සංවිධානය කරන ලදී.

Address

Thalawa RoadIpalogama
Ipalogama

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94252264237

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Ipalogama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Ipalogama:

Share