11/09/2021
ගෙදර ප්ලාස්ටික්, පොලිතීන් ගොඩ ගැහිලා. මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නකොට යාලුවෙක් දුන්නා අදහසක්
“එක්කෝ ගිනි තියලා දාන්න, එහෙමත් නැත්තම් වල දාන්න”
වාව් හරිම ලේසි වැඩක්. මට මාරම සතුටුයි. 😃
මම ගිනි පෙට්ටියත් අරන් ඇවිත් ඒ ප්ලාස්ටික්, පොලිතීන් ටිකට ගිනිතියන්න හිතාගෙන ගිනි පෙට්ටියෙන් ගිනි කූරක් ගත්තා විතරයි.
“තාත්තේ, ඔයා ඔය මොකද කරන්නෙ?”
“මම මේ ටික ගිනිතියන්න හදන්නේ පුතේ, කෝ එහාට වෙන්න. මේ එන දුම හොඳ නැහැනේ.”
පොඩි එකා අසනීප වෙයි කියලා මට බය හිතුනා.
“මට විතරද තාත්තේ හොඳ නැත්තේ?” ඔන්න ඉතින් පටන් ගත්තා.
“පැහෙන්නේ නැතුව ඉදහන් කොළුවෝ. මේ ඳුම යන්නේ එහා වත්ත පැත්තටනේ, ඒ නිසා ගිහින් වැඩක් බලාගන්නකෝ”
“ඉතින් තාත්තේ එහා ගෙදර කට්ටියටත් හොඳ නැහැනේ” මොනවා වුනත් පොඩි එකා කියන දේ ඇත්ත. මම වැඩේ නැවැත්තුවා. උදැල්ලක් ගෙනත් හනිකට වලක් කපන්න පටන් ගත්තා.
“ආහ්, මොනවා හරි හිටවන්න හිතිලා තියෙන්නේ, හොඳයි හොඳයි. “ මගේ බිරිඳ එහෙම කීවා. මම කට කොණෙන් හිනා වුණා විතරයි. පොලිතින් ටික වලදාන්න ඔන්න මෙන්න කියලා ආපහු පොඩි එකා එතන.
“තාත්තේ,මේ මොකද කරන්න යන්නේ?”
“දැන් ගිනිතියන්න එපා කීවේ, මම මේ ටික වලදානවා”
“අපෝ තාත්තේ, අපේ ටීචර් කීවා එහෙම කරන්න හොඳ නෑ කියලා. ඕවා වලදැම්මට ගොඩක් කල් ගත වෙනවලු දිරන්න, මේ බලන්න තාත්තේ, කවුරු හරි කලිනුත් වලදාලනේ මෙතනම” පොඩි එකා වල හාරනකොට හම්බෙලා විසි කරපු ඇස්ට්‍රා කප් එක අතට ගත්තා.
“මෙන්න තාත්තේ, මේ බලන්න, මේකේ කල් ඉකුත්වීමේ දිනේ තියෙන්නේ 2008.” පුදුමෙකට වගේ ඒකේ තිබුණ ඒවා යන්තන් කියවගන්න පුලුවන් තරමට තිබුණා.
“හිතන්නකෝ දැන් අවුරුදු 10ටත් වඩා වැඩියි. තාත්තා හිතනවද අද මේ වලදාන්න හදන ටිකත් ඉක්මනටම දිරයි කියලා? හොඳම දේ මේ ටික ප්‍රතිචක්‍රීකරණය කරන තැනකට දෙන එක. ” හැබැයි ඒ කතාවත් ඇත්ත තමා. මම වැඩේ නැවැත්තුවා. ආපහු කල්පනා කළේ ඉස්සරහට ගේන ඒවා කොහොමද විසි කරන්නේ කියලා. ඉදල ඉදලා ඒකත් පුතාගෙන්ම අහන්න මම තිරණය කළා.
“ඉතින් තාත්තේ ආයේ මේ පොලිතින් ගේන එක අඩු කරන්න. අපිට පොලිතින් වෙනුවට තව කොච්චර දේවල් පාවිච්චි කරන්න පුලුවන් ද? “ අපි එදායින් පස්සේ පුලුවන් තරම් පොලීතීන් ගේන එක අඩු කළා. පුතා පොඩි වුනාට එයා කියපු දේ හරි.
පින්තූරය අන්තර්ජාලයෙනි