අග්නි

අග්නි අග්නි -මරණයේ ද්වාරයේ අභිමුවේ හිදිමින?

යක්කුන්ගේ අඩවියේ යකුන් අතර සිටි යකෙක්.....විශේෂ බළකාය නැගි එන ත්‍රස්ථවාදය පරාජය කිරිමට මෙරට ප්‍රභූ බළකායන් වෙත එක්වූ ළාබ...
11/09/2026

යක්කුන්ගේ අඩවියේ යකුන් අතර සිටි යකෙක්.....
විශේෂ බළකාය නැගි එන ත්‍රස්ථවාදය පරාජය කිරිමට මෙරට ප්‍රභූ බළකායන් වෙත එක්වූ ළාබාල සොහොයුරා.එකල එවකට කම්බැට් ට්‍රැකර් නම් කන්ඩායමේ අනදෙන්නා නොමැතිනම් බළඝනයක නායකත්වය දැරු එවකට කපිතාන් ගාමිනි හෙට්ටිආරච්චි කපිතාන් ජයවි ෆනෑන්ඩෝ සහ කපිතාන් ෆස්ලි අස්ලාම් ලෆිර් සමග ඕජී නිල ඇදුම විශාල රවුම් ජංගල් හැට් එක සමග එකාවන්ව පෙලට වනයට ඇදුන ත්‍රස්තවාදීන් සලිතව බියෙන් කිලිපොලායන්නට අහසත් පොලවත් කම්පිත කරවමින් පිටකරන ගිනියම්උන්ඩවලට හසුවන ත්‍රස්ථයන්ගේ සිරුරු ඉරී යන්නට තරමේ වෙඩි බලයක් සහිත බලඝනයේ පුරෝගාමින් අතර සිටි එක් චරිතයක් ගැන මට අසන්නට ලැබුනා.
ඒ මගේ අගිනි පිටුවෙහි පාඨකයෙකු වු පුතෙකු සහ දියනියක් හරහාය..
සර් අපේ තාත්තා විශේෂ බළකායේ පළමු කන්න්ඩායම් අතර කෙනෙක්.දැන් තාත්තගේ හිසේ නහරයක් පිපිරීම නිසා ඇතිවුන හේතුවක් මත හරියට කතා කරගන්න බැ..එයාට තව කෙනෙක්ගේ උපකාරයක් නැතිව කිසිවැඩක් කරගන්න බෑ.
සර් තාත්තා හරි ආසාවෙන් ඉන්නේ කිසිවිටකත් සතුරාට යටත් නොවන මා පොත ගන්න.ඇත්තටම සර් තාත්තට දැන් පොත් කියවන්න බෑ, අම්මා හරි මම හරි එයාට පොත් පත්තර ඇහෙන්න කියවනවා.වනැස වැඩසටහන් තාත්තට ඇහෙන්න දස්ලා තියනවා.සමහර වෙලාවට එයා ඒවා අහල හිනාවෙනවා ඇස්වලින් කදුලු වැටෙනවා. සර් මට ඒ පොත පුළුවන් නම් එවන්න. මම සල්ලි දාන්නම්.
අවාසනාවකට පුස්ථක හි පොත් එකතුවේ එම පොත අවසන් වී තිබුනි. මා ඒ බැව් ඇයට පැවසූවද ඇයගේ පියාවු එම පුරෝගාමි විශේෂ බළකා සෙබළා වෙනුවෙන්. ඇය සොයානා පොතක් ඇයට නොවරදවාම සොයා දීමට පොරන්දු වීමි. මා ලග එම පොත නැතත් විශේෂ බළකායේ මේජර් ජෙනරාල් වරයකු වු දම්මි හේවගේ මහතා රචිත එවන්ම විශේෂ බළකායේ සටන් ඇතුලත් පොතක් වු දෙපෙරමුනක සටන් පොත පිළිබඳව මා ඇය දැනුවත් කල විට ඒ පොතත් තවත් යුද සාහිත්‍යට අදාල පොත් කිහිපයකුත් ගෙන්වා ගැනීම සදහා ඇය විසින් මාවෙත මුදල් එවන ලඳි.
එම පොත් ඇය වෙත තැපැල් මගින් පිටත් කරවා දැන් ඒ සිංහ රැලේ සිංහයකු වූ එම වියපත් විශේෂ බළකා පුරෝගාමියා වෙනුවෙන් මා කල පොරන්දුව ඉටු කිරිමට මා සොයා ගියේ එම පොත් මා හට ලබාදීම සම්බන්දිකරනය කල මගේ පාඨමාලා සගයා වු මේජර් රොහාන් ජයවික්‍රම වෙතයි. ඒවන විට එම පොත් ඔහු ලගද නොවු බව පැවසීමෙන් පසු මෙම පොත මා සොයන්නේ කා වෙනුවෙන්ද යන්න පැවසු විගස ඔහුගේ. ඕනෑම විටෙක උපකාරයට නැවෙන ඒ යහපත් හදවත විවර විය..
මචං චිරා ( ඒ හැමදාම ඔහු මා අමතන ආකාරයයි)
මගේ ලග තියනවා පොඩි ඩැමේජ් එකක් වුන පොතක් ඒක මම රිටන් කරන්න තියන් ඉන්නේ මම ඒක උඹට දෙන්නම්.
ඒ අනුව ඔහු මට එම පොත මුදල් අය කිරිමකින් තොරව ලබාදුන් අතර එම පොත නොමිලේම එම විශේෂ බළකා විරුවාවෙත යැවීමට මා පොරන්දු වුයෙමි.
දිනකට පසු නැවත කෙටි පනිවිඩයක්.
සර් තාත්තා ගැන කතා කරන්න සර්ට නිදහස් වේලාවක සර්ට මට කතා කරන්න පුළුවන්ද..?
එය පිළිගත් මා එම පනිවිඩය ලබාදුන් අංකයට මා විවේකිව සිටි මොහොතක කතා කලෙමි.
ඒවර මට කතා කලේ එම විශේෂ බළකා සෙබළගේ පුතනුවන්‍ ය.

ඔහු විසින් ඔවුන්ගේ කුඩා කාලයේ තම පියා ගෙන් දුරස්ව සිටිමේ වේදනාව.ඔහු නිවාඩුවට පැමිනි පසු ඒ ආදරණීයත්වය විදි ආකාරය. යුද්දයේ බිහිසුනු බව සගවා කතාකල හැටි මෙන්ම ඔවුන් උසස් තැනකට ගෙන ඒමෙන් පසුවත්
කිසිදාක ඔහුගේ මුවින් විවර නොවුන ඔහුගේ විරත්වය ගැන සටන් පෙරමුනුවල දැක්වු සටන් කාමිත්වය ඔහුගේ සටන් සගයන් තම පියානන් හමුවට ගෙන්වා ඔවුන් හා සිනහවෙමින් තේව්බොමින් තම පියා බෙදාගන්නා අන්දම දැකීමට ආශා බව පවසන ලදි.
අවාසනාවකට ඔහු ගැන දන්නා අයෙකු මට හමු නොවීය..
එම වියපත් විශේෂ බළකා සෙබළා අසනීපව හුදකලාවි ඇත.එදා රණ බිමේ ඇසුන වෙඩි හඩ කෑගැසිම්. වෙඩි බෙහෙත් මිශ්‍රව පිළිස්සුන ඝන රෙදි කඩ හා සිරුර විනිවිද යමින් පිලිස්සුන රුදිරයේ සුවද දැන් ඔහුට දැනෙන මානයේ නැත.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිංහ රෙජිමේන්තුවේදි ඔහුගේ අනදෙන නිළදාරි බව පවසයි.විශේෂ බළකා සටන් සගයන් ගැන මතකයේ නැත.විශේෂ බලකායේ සිටියදි ගත් දැන් විනාෂ වෙමින් ඇති චායාරුප සහ සහතික පත් කිහිපයක් ඔවුන් සන්තකයේ ඇත..
සර් තාත්තව දන්න කවුරු හරි SF. එකේ කිහිප දෙනෙක් ඇවිත් තාත්තට ඇහෙන්න කතාකරලා ඒ පරණ මතකය එයාට මතක් කරනවා නම් ඒක එයාට වගේම අපිටත් සතුටක්.
එයාව විශේෂ බළකා සෙබළු දරුණු සටන් වලදි අත් නොහැර සිටියා වගේම මේ මොහොතෙත් එයා තනි නැ කියලා හිතේවි.
සැබැවින්ම ඔහු තනි නැති බව අප පෙන්විය යුතු නොවේද...?
ඔහු නමින්.
01 වෙනි විශේෂ බලකාය. ☠
කෝප්‍රල් ඥානසිරි ඩී ☠
සෙ. අ. 00480
මව් ඒකකය - 02 සිංහ රෙජිමේන්තුව
☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠

වර්ෂ 1985.06.29 දින
2 වෙනි සිංහ රෙජිමේන්තුවට ඇතුළත් වී දියතලාව පුහුණු පාසලෙන් මූලික පුහුණුව ලබා පසුව 1986 පළමු වන විශේෂ බලකායට ඇතුලත් වී මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලෙන් සාර්ථකව විශේෂ බලකා රණවිරුවෙක් ලෙස විසිර ගියහ.
විශේෂ බලකා ලෝකඩ පදක්කම හිමිගැන්වීමේ සහතික පත්‍රය හිමි ඔහු වර්ෂ 2008.12.01 දින යුධ හමුදා දිවියෙන් විශ්‍රාම ලැබීය.

විශේෂ බලකා පුරෝගාමි සෙබළුන් නිලධාරීන් හට මෙන්ම වත්මන් විශේෂ බලකා සාමාජිකයන් අග්නි හි සිටි නම් මේ විවෘත ආරාධනාව කාරුණික ඉල්ලීම ඔබවෙතයි. මොහුගේ සමකාළිනයන් ඔබ දන්නේ නම් අග්නි හරහා මා ඔබට ඔහු සම්භන්ද කර දෙන්නම්.
හැකිනම් ඔහු බලන්න යන්න වදනක් දොඩා ඒ වියපත් දෙතොල් මත සිනහවක් රඳවා එන්න
☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠
යක්කුනේ විමානයෙන් පිට ඔබේ සගයෙක් ඔබ එනතුරු බලා සිටී..
එදා ඔහු අත් නොහැරි ඔබ අදත් ඔහු හා සිටියි යන්න විශ්වාසයයි.
ස්තුතියි..

11/09/2026
11/09/2026

ඔබවෙත බළාපොරත්තු ඇති කරමින් එය ඉටු කිරිමට නොහැකි වීම ගැන
පළමුව
දෙවනුව
තෙවනුවත් සමාවෙන්න.🙏🙏

යුද්ධය උත්කර්ෂයට නැගිය යුතුද...?මේ දිනවල බොහො අයට නැගෙන ප්‍රශ්නයකි මෙය.නිදහස සමග ඒවෙනුවෙන් තම යෞව්වනය ජීවිතය කැපකළ උන් අ...
03/09/2026

යුද්ධය උත්කර්ෂයට නැගිය යුතුද...?

මේ දිනවල බොහො අයට නැගෙන ප්‍රශ්නයකි මෙය.
නිදහස සමග ඒවෙනුවෙන් තම යෞව්වනය ජීවිතය කැපකළ උන් අටපාස් ආමිකාරයන් වි ඇත.ඒ අටපාස් ආමිකාරයාම විපත් අවස්ථාවකදි දෙවියන් වන්නේද ජාති ආගම් භේදයකින් තොරවමය.
යුද්ධය නම් කාටවුවද ගෙනදෙන්නේ දුකකි.සටනේදි ඔවුන්ට ප්‍රතිවාදි වූ අයද අහිංසක දෙමාපියන් සෙවණේ වැඩුණ සුරතල් දරුවෝය.
එදත් අදත් හෙටත් මේ ලෝකය පුරා සිය ජිවිතය සැපවත්ව ගෙවු අයගේ දරුවන් උදෙසා හොද අනාගතයක් සෑදු මහල්ලන් තම බලය උදෙසා තරුණයන් යුද පෙරමුණට යවමින්. රටේ අභිමානය වෙනුවෙන් යැයි කියා එම යුද්ධය සාධරණීකරණය කරනු ඇත..

එසේ නම් ඇයි මේ යුද සාහිත්‍යක් ගැන කතිකාව ඇයි එය උත්කර්ෂයට නගන බවට වන චෝදනාවක්...?

සැබැවින්ම යුද්ධයට පෙරමුණේ සිට මුහුණදුන් බොහො අය තවම රිදුම්දෙන තුවාල කැලැල් පිරිමදිමින් කඳුළු සඟවා සිනහ සෙනු ඇත. යුද්ධයේ විරත්වයෙන් අණදුන් නායකයන් පසු යුද කම්පන තත්වයෙන් පිඩාවිදිමින් සිටිනු බලමින් ඔවුන්ගේ බිරින්දැවරුන් සුසුම් හෙළනු ඇත.

එවන් තත්වයන් ගැන මේ වත්මනේ තරුණයන් දන්නේ මොනවාද..? වර්තමානයේ බොහො අය සිතන්නේ අතිතයගැන සිතිම හෝ කියවිම පලක් නැති දෙයක් ලෙසය.

එය එසේ නම් අපට මේ ලන්කාපුරයේ විසු බලි.තරු සහ මහා රවනයන්ගේ විභූතිය ගැන ඒ රජුන් කල කීදේ අසන්නට නොහැකිවනු ඇත.

දුටුගැමුණු, වළගම්බා, මහා පරක්‍රමභාහු සේම විමලධර්මසූරිය හා තම ළාබාල වයසේ යුද වදිමින් පෘතුගීසින් වැනසූ ටිකිරි කුමරු. නොහොත් පළමු රහසින් දෙවියන් වැනි නිරිදුන් මෙන්ම වීදිය බංඩාර කොහුකුබුරේ රටේ රාළ වීර කැප්පෙටිපොළ වැනි රණ සුරයන් ගැන අසන්නට ඒ කතා මතින් අපගේ රුහිරය වීරත්වයෙන් ජාතික අභිමානයෙන් පුරවාලන්නට නොහැකි වනු ඇත.

අප කිසිත් නොකළ ජාතියක් වනු ඇත...

යුද්ධයේ ජයසැමරුම් මෙන්ම වර්තමානයේ මේ විඳින නිර්ලෝභී. නිදහසට කොන්දේසි විරහිතව තම යෞවනය තුරුණු විය කැපකළ ඔවුන් මේ වන විට තමන්ගේ සැදැ සමය අභිමුවට පැමිණ ඇත. එසේත් නැතිනම් වල් වැදුණ දියසෙවල් බැදුන කළුගලින් පිරියම් කල පුවරුවකට හිරවී හුදකාලාවේ නිහඩවය.

තම අතිතයට නිසි ගෞරවය නොදෙන්නාගේ වර්තමානය අවිනිශ්චිතය.

මහා විසල් රුක්ෂයන් මෙන්වන . අතීශය ගෞරවණිය සාහිත්‍යධරයන් අතර කුඩා කුහුබුවන් පෙලක්සේ අල්පවු ලේඛකයන් පිරිසක් ඒ අතිත යුද සාහිත්‍ය ග්‍රන්ථ කරණය කරමින් එය ග්‍රන්ථ නාමාවලිය තුල ලේඛනගත කරමින් වත්මන අතට පත් කිරිමට දිවාරෑ වෙහෙස වෙයි.
කාලයේ වැලිතාලාවන්ට වැසි යමින් මුඛ වහරෙන්ද මැකියන්නට ආසන්න විරුවන් කැලක් කිසිම විටක ඇගයිමක් වීරපදක්කම් වලට නිර්දේශ නොවු ඔවුන්ගේ ඒ වීර වික්‍රමාන්විත සටන්කාමී බව නිසාම රැකුන වැලිඔය මායිම් ගම්මන වල එදා හැමූ වියළි කර්කශක දුහුවිල්ල පිරුණ උණුසුම් සුළග වෙනුවට රූස්ස ගස් සිප ගනිමින් ඒ අතරින් හමන සිසිල් සුළන් දහරාව ඒ කැපකිරිම් වල නිහඩ සාක්කි කරුවන්‍ වේ.

කිසිවෙකු නොකියු නොහැසු එවන් විරවික්‍රමාන්විත ක්‍රියාන්විත කන්ඩායමක සත්‍යම කතාන්දරය මේ වන විට ඔබ අතට පත් කිරිමට සූදානම් වෙමින් පවති...

එන්න මා සමග අත්වැල් බැද ඒ අඳුරු වනාන්තරය තුළට ඇවිද යන්නට..

- අග්නි හී සිත්තම් කරුගේ සටහනකි -
03.09.2026

බැජස් ටික මොනවද කියලද බැලුවෙ?මුහුණු පොතේ මේ ඡායාරූපය එක්ක මේ ලාංඡන (Badges) ගැන බොහෝ දෙනා වැරදි හැඳින්වීම් සඳහන් කරල තිබ...
01/09/2026

බැජස් ටික මොනවද කියලද බැලුවෙ?
මුහුණු පොතේ මේ ඡායාරූපය එක්ක මේ ලාංඡන (Badges) ගැන බොහෝ දෙනා වැරදි හැඳින්වීම් සඳහන් කරල තිබුණා. මේ ලාංඡන වල සැබෑ හැඳින්වීම් පහළින් මම සඳහන් කරනවා.

1. Commando badge
2. ⁠Commando Regiment Identification badge
3. ⁠Counter Insurgency Jungle Warfare (CIJW) badge
4. ⁠marksmanship badge
5. ⁠Indian Commando badge
6. ⁠Parachute, Rigger with jump master badge
7. ⁠Long Range Patrolling (LRP) badge
8. ⁠Passed staff collage (psc) badge
9. ⁠regimental identification badge

1. කමාන්ඩෝ ලාංඡනය
2. ⁠කමාන්ඩෝ රෙජිමේන්තු හඳුනාගැනීමේ ලාංඡනය
3. ⁠ප්‍රති ත්‍රස්ථවාදී කැලෑ සටන් (CIJW) ලාංඡනය
4. ⁠ප්‍රගුණ වෙඩික්කරු ලාංඡනය
5. ⁠ඉන්දියානු කමාන්ඩෝ ලාංඡනය
6. ⁠ජම්ප් මාස්ටර් හා Rigger සහිත පැරෂුට් ලාංඡනය
7. ⁠දිගු දුර මුර සංචාර (LRP) ලාංඡනය
8. ⁠Passed staff collage ⁠(psc) ලාංඡනය
9. ⁠රෙජිමේන්තු හඳුනාගැනීමේ ලාංඡනය

මේ අහඹු ලෙස සමාජ මාධ්‍ය වල දෑකපු මේ කමාන්ඩෝ නිලධාරියාගේ නිළඇඳුමෙ තිබුණු ලාංඡන වල හැඳින්වීම් පමණයි ඒත් මීට වඩා හැකියාවන් දක්ශතාවන් සහ ශිල්පක්‍රම ප්‍රගුණ කල, මීටත් වඩා ලාංඡන හිමි කමාණ්ඩෝවරු ඉන්න බවත් අපි මතක තබාගත යුතුයි.

ඒවගේම මේ ලාංඡන අහිමි නමුත්...
ඉතාමත් රණකාමී, උපායශීලී, දක්ශතාවන් හැකියාවන් සහ කුසලතාවන්ගෙන් පරිපූර්ණ කමාණ්ඩෝවරුත් මේ විශිෂ්ට රෙජිමේන්තුවේ සේවය කල බව සහ දැනටත් සේවය කරන බවත් අප මතක තබාගත යුතුයි.

⚠️ ඡායාරූපයේ අයිතිය අයිතිය මුල් හිමිකරු සතුයි 🙏

( අග්නි වෙනුවෙන් Admin වරයෙකු විසින් පළකරන ලද සටහනකි )

⚠️ අඩුපාඩු ඇතොත් නැවත නිවරදිකිරීම් සිදුකිරීමට යටත්ව පළකරන ලද සටහනක් බව කාරුණිකව සලකන්න.

යකඩ කුරුළු සිහිනය.නඩුවක් වුන ට්‍රැකර්..නිශ්සංක සේනාදිපති සහ සිහින පාටකරන නිකෝට්...      බොහොමයක් තරුණ කොල්ලන්ගේ ප්‍රථම ප...
30/08/2026

යකඩ කුරුළු සිහිනය.
නඩුවක් වුන ට්‍රැකර්..
නිශ්සංක සේනාදිපති සහ සිහින පාටකරන නිකෝට්...
බොහොමයක් තරුණ කොල්ලන්ගේ ප්‍රථම ප්‍රේමය වෙන්නේ යකඩ කුරුල්ලෙක් එහෙම නැත්නම් මොටර් සයිකලයක් තමන්ගේම කරගන්න එක. ඒ සිහිනය පිට නැගිලා කුරුල්ලෙක් වගේ පියාඹලා යන්න ඔඑඋන් සිහින දකිනවා.බොහෝ අය ඒ සිහින සැබෑකරගන්නවා.සමහරක් ඒ සිහිනය සිතේ කටුවට. සිත්තම් කලත් ඒවා පාට නොකරම වයසට යනවා.
මොටර් සයිකල් පිස්සුව උපරිමයට ගිය කාලයක් තමයි අසූව සහ අනූව දශකය.
යෞවනය කඨෝර නිළඇදුමට හා කටුකම්බි වැටක් ඇතුලට හිරකරල තිබුන අපිව ඒ සිහිනය මත ප්‍රමෝට් කරපු තානපති වරුන් තමයි එවකට හිටපු
කපිතන් ශ්‍රිනාත් රාජපක්ෂ.කපිතන් විජිත වැලිකල.කපිතන් එන්.ජි චන්ද්‍රසේන කපිතන් අෂාර්ඩ්
මේ අයගේ තිබුනේ පුදුම ආකර්ශනයක්. පිරිමි කමක් එක්ක තිබුන ලස්සනක්,එක්කෙනෙකුට එක්කෙනෙක් නොපරදින ලස්සනක්. ඒ ලස්සන තවත් වැඩිකරන්නේ ගනේමුල්ල කදවුරේ තිබුන යමහා FZ 200 මට මතක හැටියට මෝටර් සයිකල් දෙක.බැළුම් පොකට් දාපු කැමා කලිසම සහ ස්වේඩ් බුට් දෙක දාල කොලපට බොඩි ෆිට් ටීෂර්ට් එක එක්ක ඇමරිකන් කම්බැට් කැප් එක දාල කදවුරේ දුවිලි පිරුණ පාරේ සිං සිං ගාල යනකොට. ඒ කාලේ කමාන්ඩෝ කොස් එක කරකර හිටපු අපි ෆොවර්ඩ් රෝල් ගහනවා නම් ඒක නවත්තලා ඒ දිහා කට ඇරන් බලන් ඉන්න තරමට ඒක පිස්සුවක් වෙලා තිබුනා.
ඒත් රු 750 පඩිගන්න අපිට මෝටර් සයිකල් හීනයක් ඒ කාලේ..
අපේ පාඨමාලාවේ අපිත් එක්ක එකට ෆොර්වඩ් රෝල් ගැහුවා හරි අපුරු චරිතයක් අර මුලින් කියපු අය තරම්ම ලස්සන කෙනෙක් .ඔහුගේ ඒකාලේ ඉදන්ම සිතුවිලි හරි වෙනස්.
ඒක ඔහු මුලින්ම අපිට පෙන්නුවේ ඔහු පකිස්ථානෙන් ගෙනත් තිබුන කම්බැට් ජැකට් එක මගින්.
මොකද මේ අනෙක දස වද විදිමින් පොල්පිති පාරවල් පිට හරහා නිර්ලෝභීව බුක්ති විදිමින් කට්ට කැවේ මෙරුන් බෙරේ එක්ක ඒ කම්බැට් අදින්න තියන අශාවට.ඒ කාලේ හමුදාවේ කම්බැට් යුනිෆෝම් ඇන්දේ කමාන්ඩෝස්ලා විතරමයි.
කමාන්ඩො කෙනෙකු නොවීම ඒ ආශාව අපිට සපුරගන්න අවස්ථාව දුන්නේ ඔහු.ඒ උසස් පෙල කමාන්ඩෝ පාඨමාලාවේ ඇඩ්මින් ඩේ එක දවසට ඔහුගේ කම්බැට් ජැකට් එක අරන් ඇවිත් සෙසු නිලයෝ ,රෙක්කො වුන අපිට දෙනවා ඇදලා බ්‍රවුනිං පිස්තෝලේ හරි HK වෙපන් එක එක්ක හරි කොඩැක් 130 කැමරාවෙන් ෆොටෝ ගහගන්න.
නිළදාරියෙක් තමන්ගේ ඇදුමක් සෙසු නිලයෙක් එක්ක ශෙයාර් කරගන්නවා මගේ හමුදා ජිවිත කාලෙටම දැක්කේ ඔහුගෙන් පමනයි
එතුමා නමින්
මේජර් නිශ්සංක සේනාදිපති
ඒකාලේ කිව්වේ ලෙෆ්ටිනට් යාපා කියලා.
ඔහු මාරම චරිතයක් තමන්ගේ බැචාලට ඇත්තටම ආදරේ කල කෙනෙක්. ඒ ආදරේ කොයි තරම්ද කියනවා නම් අපි කමාන්ඩෝ වරුන් වුන මුල් කාලේ එතුමට. කදවුරෙන් පිට රාජකාරි ගමනක් යන්න තියනවා නම්. බිලට් එකට ඇවිත් මට මගේ බැච් එකේ දෙන්නෙක්ව දෙන්න කියලා ඉල්ලනවා සීනියර් පළපුරුදු. හෙන කබ්බො ඉදිත්දි.
සර්ගෙ ඉල්ලිම ඉටුවෙනවා ඒත් ඒ ගමන ගිහින් ආවට පස්සෙ. මුලු බැච් එකම බිලට් එකේ බාල්ක වල එල්ලනවා නැතිනම් කොප්‍රල්ලට හති වැටෙනකල් අපි ඇදන් යටින් යනවා. තරගය ඇදන් දෙකක් අතර පරතරයෙදි පස්ස පැත්‍ත නිල් වෙන්න වදින කොසු මිටි පාර නැත්නම් පිට පුපුර්ස්න්න වැදෙන FNC බෙල්ට් පරෙන් බෙරෙන එක.
දැන් ඉන්න කමාන්ඩෝලා නම් මේ දෙකම විඳලා නැ කියන එක සත්තයි.
ආයෙත් මෝටර් සයිකල් වලට...
අපි කමාන්ඩෝ වුනාට පස්සේ ගනේමුල්ල කදවුරට එනවා ෆුල් කවුලින් ගහපු සුසුකි RG 250 F මෝටර් සයිකලයක්. ඒක ගෙන්නේ අපේ බැචා ලෙෆ්ටිනට් සේනාදිපති.
ඔහු නිතර වතුර ගලන පැත්තට නෙවේ උඩට පිහිනුව කෙනෙක්.
ඒ නිසාම ඒ බයික් එක නිලදාරි නිවස්නයට වඩා තිබුනේ අපේ සෙසු නිල නිවස්නයේ.ඒකාලේ මොටර් ක්‍රොස් රේස් පැදල හමුදාවට ආපු අනුර කේශර යාප.සිල්වා ඩී.යූ.එන් වගේ උන්ටත් ඒ බයිසිකලේ ගනේමුල්ල කදවුරේ පදින්න අවස්ථාව ලැබුනේ ලෙෆ්ටිනන්ට් සේනාදිපති සර්. අපේ බැච් එකත් එක්ක තිබුන අසීමිත බැදීම.කොල්ලොවුන අපේ සිහින හොදින් හදුනගෙන හිටපු නිස. එතුමාගේ ඒ ගුනය එදා ඉදන් අද විසල් ව්‍යාපාරයක හිමි කරුවෙක් වුනත් තාම තියනවා .එතුමට අපි තාම බැචාලා .අපිටත් කටපුරා. ඒ අපේ බැච් එකේ සර් කියල කියන්න පුලුවන් එකම නිලදාරියා.
අදිකාරි ලත් නිළදාරියෙක් වුන එතුමගේ මොටර්සයිකලය. මේ අද ඊයෙ පාස් අවුට් වුන. ලාන්ස් කොප්‍රල්ල කදවුර ඇතුලේ පදින එකට හොදටම. තරහා ගිහින් තිබුනේ රෙජිමේන්තු සැරයන් මේජර් වරයට හා ජ්‍යේෂ්ඨතම සාජන් මේජර් වරුන්ට ඔවුන්ට මේ කදවුරේ රේස් පදින එක දිරෙව්වේම නැ. මේ ලාන්ස් කොප්‍රල්ලට සර්ගේ බයික් එක දෙන්න එපා. උන් මේක ඇතුලේ සර්ගෙ හයිය අරන් රේස් පදිනවා. ඔවුන් එලෙස ඉල්ලිම් කරල තිබුනේ වරක් දෙවරක් නෙවේ
ලුතිනන් සේනදිපතිගේ. පිළිතුර
RSM ඒක මගේ. බයික් එක ඒක දෙන්නේ කාටද නොදෙන්නේ කාටද කියන එක මගේ වැඩක් යන්නයි. උන් ඒ බයික් එක පදින්න ආසයි ඉතිං ඇයි අපි ඒ ආශාව මරන්නේ යන පිළිතුර ඔවුන්ට දිරෙව්වේම නෑ.
ඔවුන්ට. තවත්. කෝප ගන්න හේතුවක් වුනේ අනුර කේෂර යාපා රෝද දෙකෙන් යන්න තියන බයික් එකේ පිටුපස රෝදයෙන් විතරක් කදවුරේ පාරවල් වල ගමන් ගැනීම.
ප්‍රථිපලය භට නිවාසය යුද පිටියක් වී. ඇදන් දෙකක් අතර පරතරය තරනය මොටාර්. සහ උන්ඩ වෙනුවට. කොසු ප්‍රහාර. හා බෙල්ට් පහරවල් වලින් පස්ස බේරගන්න ඉගිල්ලෙන්න වීම.
ඒක ඔවුන් අනදෙන නිලදාරි හමුවේ ලුතිනන් සේනාදිපතිට කැරකැව්වේ අදික ශබ්දයක් තියන. එම. මොටර් සයිකලය කදවුරේ පැදිම තහනම් කරපු එක.එතුමා කදවුරෙන් පිටතට යනවා නම් නිලදාරි නිවස්නයේ ඉදන් කදවුරෙන් පිටවෙන ගෙට්ටුව වෙත තල්ලුකරන් ගිහින් කදවුරෙන් පිටදි එංජිම පනගන්වා ගෙන යෑම සහා කදවුරට ඇතුල්වීමේදි මුරහල ලග ඉදන් නිලදාරි නිවස්නය වෙත. මෝටර් සයිකලය. තල්ලුකරන් යන්න අනකිරිමෙන්.
මගේ ඒ මොටර් සයිකල් සිහිනය සැබෑවුනේ තවත් වසර ගානකට පස්සේ ඒ MTX 200R බයික් එකක් හිමි කරගෙන
ලන්කාව පුරා පැතිරුන ට්‍රේල් බයික් කොල්ලන්ගේ සිහින වලින් පිරෙව්වේ
යමහා DT .හොන්ඩා ,හොන්ඩා MTX 200R ,XLR. වැනි බයිසිකල් වලින් අපේ කාලෙන් මෙහා කොල්ලන්ගේ සිහිනය වුනේ ටැකර් ට්‍රේල් මෝටර් සයිකලය. ඒක අරන් අතපය කඩාගත්ත කොල්ලො බොහොමයි. ඒත් කොල්ලන්ගේ සිහිනය ට්‍රැකර් බයික් වලම රැදුනා.
මේ මිල අදික රීකන්ඩිශන් ජපන් බයිසිකල් වහගෙන රැල්ලක් හැමුවා. ඒ අඩු ලිටර් ගානකින් වැඩි කිලෝමිටර් ගානක් දුවන්න පුළුවන් ඉංදියන් බයිසිකල් මෙරටට ගලා එම.ඇමරිකානු කොකාකෝල වලට එලිෆන්ට් හවුස් නෙක්ටො වට්ටන්න බැරිවුනාට ඉංදියන් බයිසිකල් සුනාමියක් ගලන් එනවා වගේ බාළ මහලු තරුන හිත් වහගෙන පැතිරිලා ගියේ ජපන් බයිසිකල් හොදගෙන. තාමත් ටැකර් බයිජ් පිස්සෝ ගෙඩි පිටින් මාරු කරපු පාට්ස් හොයන්න අමාරු .ගිනි ගනන් ට්‍රැකයි බයික් අරන් නඩු දාගත්තා..
ඒ එක්කම ඒ ට්‍රේල් බයික් සිහිනය
මැකිලා ගියා වෙනදා ටියුශන් ක්ලාස් ලග වැහිවැහැල තිබුන. කෙල්ලන්ගේ පංති ඇරුන වෙලාවට පාරේ වීල් වෙන. ට්‍රං ට්‍රං ...ගාලා හඩ වෙන ට්‍රේල් බයික් වෙනුවට ඉංදියන් බයික් ඒ තැන ගත්තා
මම කියපු මේජර් සේනදිපති සැබැවටම උඩුගම් පිහිනන්නෙක් කොල්ලන්ගේ. සෙන්ස් වගේම හද ගැස්ම කොල්ලෙක් විදිහට හදුනන්නෙක්..
ඒ එතුමටත් ඉන්නේ කොළුකම පිරුණ පුතෙජ් නිසා වෙන්න ඇති.
ජපන් බයික් වහගෙන හමපු ඒ සුනාමි රළ ආපසු යවන්න ඔහු ගග ගලන ඉංදියාව වෙනුවට තොරගත්තේ තක්ෂනයේ රජුන්වෙමින් ඉන්න චිනය..
අපි ඉස්සෙල්ලම අපේ පෙල භාර කොප්‍රල්ගෙන් චිනේ ගැන ඉගන ගත්තේ මෙහෙම.
චින කොරියා යුද්දෙදි චිනා අතට පත්වෙනවා රුසියාවේ AK 47 අවියා චිනා කොපි කරන්න දක්ෂයා ඒ නිසා මේ AK47 අවිය බලල හදනවා අද වෙනකොට කොයිම රටක අවියකටවත් නොදෙවැනි T56 අවිය .දැන් ඔබේ අතේත් තියෙන්නේ ඒ අවියයි.
ඉතිං ජපන් සහ යුරෝපීය මෝටර් සයිකල් තක්ෂනය අරන් එය වැඩි දියුණු කරපු.මොටර් සයිකල් පෙළක් එතුමා දැන් අපේ රටට හදුන්වා දෙමින් ඉන්නවා.
යෞවනයට වගේම තළතුනා මොටර්සයිකල් ලෝලින්ට ගැම්මට හැඩට යන්න පුළුවන් මොටර් සයිකල් පෙලක්ම විවිධ මාදිලියෙන් දැන් ඔබට. විශේෂ ණය පහසුකම් යටතේ ලන්කාවේ බොහො ප්‍රදේශ වලින් මිළදි ගන්න පුළුවන්.
නඩුවක් වුන ට්‍රැකර් වෙනුවට ඒ වගේම තක්ෂනයෙන් පිරුණු නිකෝට්. ට්‍රේල් යතුරු පැදිය දැන් තරුණ කොල්ලන්ට පිස්සුවක් වෙලා ඉවරයි..
ආයේ ටියුෂන් ක්ලාස් ලඟ බාළිකා විදුහල් ඉස්සරහා තිබුන ඉංදියන් මෝටර් සයිකල් වෙනුවට..
නිකෝට්..
බයිසිකල් වීල් වෙන දවස
වැඩි ඈත නෙවේ....
අතිශයෙන්ම ට්‍රේල් බයිසිකල් පිස්සුවක් සිහිනයක් වුන උන්ට
පමනමයි...

ඇතුගල්පුර පොත් ප්‍රදර්ශනය සහ උසස් අධ්‍යාපනික ප්‍රදර්ශනයදෙවන දැක්මජනවාරි 28 සිට පෙබරවාරි 03 දක්වා උදෑසන 9 සිට රාත්‍රී 9 ද...
25/01/2026

ඇතුගල්පුර පොත් ප්‍රදර්ශනය සහ උසස් අධ්‍යාපනික ප්‍රදර්ශනය
දෙවන දැක්ම
ජනවාරි 28 සිට පෙබරවාරි 03 දක්වා උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා කුරුණෑගල සත්‍යවාදී පරිශ්‍රයේදී ඇතුල්වීම නොමිලේ...
ඔබ පොත් හල් වල සොයන මෙතෙක් මිලඳි ගන්න බැරිවුන..
මේජර් සුජිත් සිරන්ජීව විසින් රචිත
කට්ටපරිච්චාන් සටන කෘතිය
මෙහි තිබෙන කුට් අංක 48
සිල්වර් පොත වෙළඳ කුටියෙන්
20% වට්ටමක් සහිතව මිලඳි හත හැක
යුද,සාහිත්‍යට ආදරය කරන ඔබටයි මේ ඇරයුම

Address

Kaluthara
Kalutara

Telephone

+94773378256

Website

Alerts

Be the first to know and let us send you an email when අග්නි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category