08/10/2026
පානදුර බිඳුණු ඇළ, වැසි ජල කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම ඇරඹේ.....
ප්රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මෙහෙයවීමෙන් පානදුර, බිඳුණු ඇළ වැසි ජල කළමනාකරණ පද්ධතිය සහ පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පසුගිය දා ආරම්භ කෙරිණ.
රුපියල් මිලියන 2251 ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය තුළින් කිලෝමීටර් 4 ක් දුරට බිඳුනු ඇළ පුළුල් කර වැඩි ජල ධාරිතාවක් ගලා යා හැකි පරිදි සංවර්ධනය කරන අතර, ඒ යටතේ ප්‍රධාන බෝක්කු 16ක් නවීකරණය කර ජල රැඳවුම් ජලාශ දෙකක් ද ඉදිකිරීමට නියමිත ය.
සමස්ත ව්‍යාපෘතිය තුළ ඇවිදින මංතීරු විවේක ස්ථාන ඇතුළු පහසුකම් ද වැඩි දියුණු කිරීමට අපේක්ෂිත අතර තෙත් බිම් ප්රදේශ සංරක්ෂණය කරමින් පරිසර හිතකාමී ව්යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදා ඇත.
පානදුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක් ආවරණය වන පරිදි මෙම වැසි ජල පාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව කුඩා වාද්දුව, වාද්දුව - නැගෙනහිර වාද්දුව - බටහිර මොල්ලිගොඩ, මොල්ලිගොඩ උතුර හා දකුණ පල්ලිමංකඩ, පට්ටිඑළිය, පොහද්දරමුල්ල - බටහිර ග්‍රාම සේවා වසම් මෙම ව්‍යාපෘතිය මගින් ආවරණය කෙරේ.
මෙහි සමාරම්භක අවස්ථාවසඳහා කළුතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය ඇතුළු දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කළුතර