District Secretariat Kalutara

District Secretariat Kalutara Creation of Prosperous District that is the premier location and gateway in country for Economical,

 කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය අනුකමිටුව රැස්වේ....දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සමගාමීව පිහිටුවන ලද සෞඛ්‍ය අනු කමිටු රැස්ව...
04/09/2026



කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය අනුකමිටුව රැස්වේ....

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සමගාමීව පිහිටුවන ලද සෞඛ්‍ය අනු කමිටු රැස්වීම අද දින(2026.09.04) පෙරවරුවේ දී සෞඛ්‍ය අනුකමිටු ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මැතිතුමාගේ සහ කළුතර මහ දිසාපති එච්. එම්. එස්.පී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් නිල රැස්වීම් ශාලාවේ දී පැවැත්විණ.

පොදු මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා ව්‍යාපෘති, වැඩසටහන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඒවා නිරාකරණය කර ගැනීම සඳහා තීන්දු තීරණ ගැනීම සෞඛ්‍ය කමිටුව මගින් සිදු කෙරේ.

ඒ අනුව සෞඛ්‍ය කමිටුවට ඉදිරිපත් වූ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහිදී සිදුකෙරෙන හොරණේ රෝහල් පරිශ්‍රයේ මේ වන විට ඉදි වෙමින් පවතින සයමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල වර්තමාන තත්ත්වයේ සහ ඉදිරි කටයුතු මෙන්ම එහි වැඩ කටයුතු ඉක්මනින් අවසන් කිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණ.

පොදුවේ රෝහල් පද්ධතිය තුළ පවතින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හිඟවීමේ ගැටලුව සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු විය. Medical Gas ලබා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහ භද්‍රැලිය රෝහලේ ප්‍රජා ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විසින් කමිටුවට කරුණු දක්වන ලදී.

දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය තුළ පවතින වාහනවල පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර එහිදී වසර ගණනාවක් පැරණි වාහන නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය ක්‍රමවත්ව පවත්වාගෙන යාමේදී පැන නගින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අදහස් මතුවිය. විශේෂයෙන්ම රෝහල්වල භාවිත කරන ගිලන් රථවල පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය.

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පවතින කැලි කසල ප්‍රශ්නය ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් වී ඇති ආකාරය කමිටුවේදී සාකච්ඡාවට ලක් විය. විශේෂයෙන් ම කැලි කසල නිසි ලෙස බැහැර කිරීමට ජනතාවගේ ආකල්පමය වෙනස ඉතා වැදගත් වන බව මෙහිදී දිසාපතිතුමා විසින් කරුණු දක්වමින් පැහැදිලි කළේය.

දිස්ත්‍රික්කයේ වතු වාශ්‍රිත මාතෘ හා ළමා සෞඛ්‍ය සායනවල ගුණ නැගිටිවල අත්‍යවශ්‍ය අඩුපාඩු සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමු වූ අතර මේ වන විට වතු ආශ්‍රිත අබලන්වී ඇති සායන වන ඇළදූව, ඩෙල්කිට් වත්ත, යටදොලවත්ත,මොහොමදීවත්ත සායන සම්බන්ධයෙන් කමිටුවේදී වැඩි වශයෙන් සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් වතු අධිකාරීවරුන්ව දැනුවත් කර මෙම සායන අලුත් වැඩියා කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු වාර්තා ලබා ගන්නා ලෙස දිසාපතිතුමා විසින් උපදෙස් ලබා දෙන ලදී.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, කළුතර ශික්ෂණ රෝහල සහ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ 2026 වර්ෂයේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ සෞඛ්‍ය ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ යෝජනා ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.

දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මේ වන විට තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කමිටුවට වාර්තා වූ අතර මේ වන විට ඩෙංගු රෝග අවදානමක් දිස්ත්‍රික්කය තුළ නොමැති බව කමිටුවට ප්‍රකාශ විය.

මෙම කමිටු රැස්වීම සඳහා දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුමේධා පෙරේරා, නියෝජ්‍ය ක්‍රම සම්පාදන අධ්‍යක්‍ෂවරුන් ඇතුළු දැන් දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම ආයතනවල ආයතන ප්‍රධානයෙන් රැසක් සහභාගි වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කළුතර

 ආපදාවට ලක් වූ ජනතාවට ස්ථිර නිවාස.....2017 වර්ෂයේ සිදු වූ ස්වභාවික ආපදා තත්ත්වයෙන් නිවාස අහිමිවූවන් සඳහා රුපියල් ලක්‍ෂ 3...
04/09/2026



ආපදාවට ලක් වූ ජනතාවට ස්ථිර නිවාස.....

2017 වර්ෂයේ සිදු වූ ස්වභාවික ආපදා තත්ත්වයෙන් නිවාස අහිමිවූවන් සඳහා රුපියල් ලක්‍ෂ 34 ක් වටිනා නව නිවාස 17 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ඊයේ දිනයේ දී (2026.09.03) ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර, පැලැන්ඳ බටහිර ග්‍රාම නිලධාරී වසමේ මොහොමදී වත්ත ප්‍රදේශයේ දී සිදුකෙරිණ.

වසර නමයක් තිස්සේ නිවාසයක් නොමැතිවරණය පීඩාවට පත් ජනතාවගේ ස්ථිර නිවාස සිහිනය සැබෑ කරමින් අමාත්‍යාංශ දෙකක ඒකාබද්ධ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

ආපදාවට ලක්වූවන් වෙනුවෙන් වෙන් කරන මුදල් ඉලක්කගත වැඩපිළිවෙලක් තුළ එම කටයුත්ත සඳහා ම යෙදවිය යුතු බවත්, ලබන වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කිරීමට කටයුතු කරන බවත්,මෙම උත්සවයේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින් ද චෛතිස්ස මහතා පැවසීය.

මෙම අවස්ථාව සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, කළුතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත්,කළුතර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී හේරත්, පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් ශාමලී තිලකරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීන්, අගලවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මනෝජ් උඩුගම්පොළ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව දිසානායක යන මහත්ම මහත්මීන්, ප්‍රදේශවාසීන් රැසක් එක් වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කළුතර

  පොලී රහිත ණය ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ කළුතර දිස්ත්‍රික්කයේ දරුවන් දැනුවත් කෙරේ..රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් ව...
03/09/2026


පොලී රහිත ණය ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ කළුතර දිස්ත්‍රික්කයේ දරුවන් දැනුවත් කෙරේ..

රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි වූ දරුවන්ට පෞද්ගලික විශ්ව විද්‍යාලවල වරම්..

අධ්‍යාපන, හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ කළුතර දිස්ත්‍රික්කයේ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන අද(2026.09.02) දින අලුතර දිස්ත්‍රික් අධ්‍යාපන අනුකමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.

2023, 2024 සහ 2025 දර්ශවලදී අපොස උසස් පෙළවිභාගයෙන් සමත් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව නොලැබූණු දූ දරුවන්ට පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුළත්ව උපාධියක් හැදෑරීම සඳහා රාජ්‍ය බැංකු මගින් පොළී රහිත ණය මුදල් මෙමගින් ලබා ගත හැක.

ඒ අනුව අද දිනයේ දී උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාලවල නියෝජිතයින් පැමිණ පාඨමාලාවන් පිළිබඳ දරුවන් දැනුවත් කිරීම සිදුකරන ලදී.
මෙමගින් උසස් පෙළ විභාගයට තෝරාගත් විෂය කාණ්ඩය අනුව මෙන්ම දරුවන්ට තමාගේ රුචිකත්වය පරිදිද කැමති පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් අදාළ උපාධි පාඨමාලාවන් තෝරා ගැනීම සඳහා අවස්ථාවන් හිමිවන ඒ සඳහා අදාළ රාජ්‍ය බැංකු ආයතන සම්බන්ධකරුවන් ද මුණ ගැසීමේ අවස්ථාවේ සැලසිණ.

කළුතර මහ දිසාපති එච්.එම්.එස්.පී හේරත් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම අනුව ලේකම් කාර්යාලීය නිපුණතා සංවර්ධන අංශය විසින් අදාළ වැඩසටහන සම්බන්ධීකරණය සිදුකරන ලදී.

මම වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිලන්ති කොට්ටහච්චි, අතිරේක දිස්ත්‍රික් ලේකම් සමන්තිකා පී. ලියනගේ, අතිරේක දිස්ත්‍රික් ලේකම් ශ්‍යාමා පී. කාරියවසම් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දූ දරුවන් සහ දෙමාපියන් රැසක් සහභාගී වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කළුතර

  කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදි කිරීමට නියමිත "ප්‍රාර්ථනා පියස" සිව් මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට මුල්ගල තබයි....ගුණාත...
03/09/2026



කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදි කිරීමට නියමිත "ප්‍රාර්ථනා පියස" සිව් මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට මුල්ගල තබයි....

ගුණාත්මක සෞඛ්‍ය සේවාවකට පරිත්‍යාගශීලීන්ටත් දායක විය හැකියි.- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස....

ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවත් පරිත්‍යාගශීලීන්ටත් ඒ සඳහා දායක විය හැකි අවස්ථා මෙම සෞඛ්‍ය සැලසුමේ පවතින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝම්බුවල මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී ඉදිකිරීමට නියමිත අංගසම්පූර්ණ සිව් මහල් පිළිකා නිවාරණ ඒකකයට මුල් ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ දිනයේදී (2026.09.02) අමාත්‍යවරයා මෙසේ පැවසීය.

වසරක් ඇතුළත ඉදිකිරීම් කටයුතු අවසන් කර ප්‍රතිකාර සේවාවන් සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කිරීමට බලාපොරොත්තු වන මෙම ගොඩනැගිල්ලේ පළමු මහල පිළිකා රෝගී සායන සඳහාත් දෙවැනි මහල කිමෝ තෙරපි ප්‍රතිකාර සඳහාත් වෙන් කරන අතර තෙවැනි සහ සිව්වැනිි මහල් නේවාසික වාට්ටු සංකීර්ණ ලෙසින් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වේ. මෙතෙක් රෝහල් පරිශ්‍රයේ ස්ථාන තුනක පවත්වාගෙන ගිය පිළිකා ප්‍රතිකාර සේවාවන් මෙම නව ඒකකය සමඟ එකම වහලක් යටට ගෙන ඒමට හැකිවන අතර, ඉන් කළුතර ඇතුළු අවට දිස්ත්‍රික්කවල ජනතාවට වඩාත් කාර්යක්ෂමව සහ විධිමත් ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමට අවස්ථාව සැලසෙයි.

වර්තමානයේ මෙරට සිදුවන සමස්ත මරණවලින් සියයට අසූ තුනක් පමණ බෝනොවන රෝග හේතුවෙන් සිදුවන අතර, දිනකට නව පිළිකා රෝගීන් සියයකට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගන්නා බවත්, මෙවැනි අභියෝගාත්මක පසුබිමක සෞඛ්‍ය සේවා පද්ධතියේ ධාරිතාව පුළුල් කරමින් නවීන පහසුකම් සහිත ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම අත්‍යාවශ්‍ය කාර්යයක් වන අතර, මෙම උදාර මානුෂීය කාර්යය සඳහා පූර්ණ ධන පරිත්‍යාගයෙන් දායක වූ දයානන්ද බෝම්බුවල මහතා ඇතුළු පවුලේ සැමට කෘතඥතාව පළ කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන අධිකරණ සංඝනායක රැටීල ශ්‍රී සුධර්මාරාම පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මොරපිටියේ ධම්මතිලක නාහිමිපාණන් වහන්සේ ඇතුළු පූජ්‍ය මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින්,කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කළුතර මහ දිසාපති එච්.එම්.එස් පී.හේරත්, දෙවුන්දර සහ කතරගම දේවාලයන්හි බස්නායක නිලමේවරුන් කළුතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මධුභාෂණී කරුණාරත්න ඇතුළු වෛද්‍ය නිලධාරීන් , රාජ්‍ය නිලධාරීන් රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් රැසක් එක් වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කළුතර

  කළුතර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ කමිටුව රැස්වේ...කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානව...
03/09/2026



කළුතර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ කමිටුව රැස්වේ...

කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානවල කාර්තු ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සාකච්ඡා කිරීම සඳහා මෙම කමිටුව කළුතර මහ දිසාපති එච්.එම්.එස්.පී හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල් තුමාගේ විශේෂ සහභාගිත්වයෙන් දිස්‍රත්‍රික් ලේකම් නිල රැස්වීම් ශාලාවේදී පසුගිය දින (2026.09.01)
පැවැත්විණ.

මෙහිදී එක් එක් සංවිධානවල ප්‍රගතිය විමසා බැලූ අතර ප්‍රජා ශක්තිය වැඩසටහන පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානය සඳහා දැනුවත් කිරීමක් ද දිස්ත්‍රික් සැලසුම් අංශය විසින් සිදු කරන ලදී.

එසේම දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක ප්‍රජා ශක්ති වැඩසටහනේ ක්‍රියාකාරිත්වය සඳහා රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධීකරණය ඇති කරගන්නා ආකාරයත් ඒ සඳහා අදහස් ලබා ගැනීම හා එයට දායක වීමට ඇති හැකියාව පිළිබඳ අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්න්තිකා පී. ලියනගේ මහත්මිය විසින් පැහැදිලි කරන ලදී.

රාජ්‍ය නොවන සංවිධාන සතු විවිධ තාක්ෂණික දැනුම හා කුසලතා ග්‍රාමීය මට්ටමේ ව්‍යාපෘති සඳහා දායක කරගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අධ්‍යක්ෂක ජනරාල්තුමා පැහැදිලි කරන ලදී. තවද රාජ්‍ය නොවන සංවිධාන හා ඒ ඒ විෂයන්ට අදාළ දිස්ත්‍රික් නිලධාරීන් මෙම රැස්වීමට සහභාගි කර ගැනීම තුළින් වඩාත් ඵලදායි ලෙස තීරණ ගැනීමට හැකි වීම පිළිබඳ විශේෂ ඇගයීමක් දිස්ත්‍රික් ලේකම් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය වෙත සිදුකරන ලදී.

ඉදිරියේදී ඇතිවන එල්නිනෝ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ස්වභාවික අපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට සහාය වන ලෙස දිසාපතිතුමා සියලුම රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කළ අතර,
දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා විවිධ අංශයන්ගෙන් ලබාදෙනු ලබන දායකත්වය සහ මෙහෙය පිළිබඳව දිසාපතිතුමා විසින් රාජ්‍ය නොවන සංවිධාන වෙත විශේෂ ස්තූතිය පළ කරන ලදී.

මෙමෙ අවස්ථාව සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් සුරංඟ ප්‍රදීප් මහතා ඇතුළු විවිධ අංශයන් නියෝජනය කරමින් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් 25ක් පමණ මීට සහභාගි වූ අතර රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරී දුල්මිණි සමරවික්‍රම මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මෙම කමිටුව සංවිධානය කරන ලදී.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කළුතර

 කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ.....කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ දිනයේදී, (2026.09.02) ද...
03/09/2026



කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ.....

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ දිනයේදී, (2026.09.02) දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතාගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව කමිටුව ආරම්භ වූ අතර, කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලයේ වසංගත රෝගවේද අංශය විසින් කමිටුවට කරුණු ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව තවමත් ඩෙංගු රෝග අවදානම පහවී නොමැති බවත්, ඉදිරි කාලයේ දී වර්ෂාව වැඩිවුවහොත් නැවත ඩෙංගු රෝග අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බවත්, ප්‍රධාන වශයෙන් ම ඩෙංගු මදුරු උවදුර වර්ධනය වීම සඳහා කැලි කසල ප්‍රශ්නය බලපාන බවත් කමිටුවට ප්‍රකාශ කෙරිණ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන් ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්දන කටයුතු වෙනුවෙන් දිස්ත්‍රික්කය තුළ ඉටුකළ සේවාව ඉතා වැදගත් බවත්, ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා පුද්ගල වශයෙන් ආකල්පවල වෙනසක් ඇති කර ගැනීම වැදගත් බවත් මෙහිදී ප්‍රකාශ කෙරිණ.

ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන 2026 වර්ෂයේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුමේධා පෙරේරා මහත්මිය විසින් කමිටුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මේ වනවිට විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන, තොටුපොළ සංවර්ධනය කිරීමේ වැඩසටහන ඇතුළු සෙසු වැඩසටහන් ගැටළුවක් නොමැතිව ක්‍රියාත්මක වන බවත්, අදාළ වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳවත් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ තුමිය විසින් සභාවට පැහැදිලි කරන ලදී.

2026 වර්ෂයේ පළාත් සංවර්ධන සැලැස්ම පිළිබඳව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් විසින් සභාවට කරුණු ඉදිරිපත් කරන ලදී.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අනුමැතිය සඳහා යොමු කරන ලද ව්‍යාපෘති සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමු විය.

ඒ අනුව පළාත් සභා ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරනු ලබන දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අරප්පලකන්ද 36 ලයින් කාමර පිටුපස මාර්ගය සංවර්ධනය කිරීම සඳහාත්, පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාර්ග අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘති සඳහාත් කමිටුවේ අනුමැතිය හිමිවිය.

ඉංගිරිය, ජල සම්පාදන ක්‍රමය යටතේ ජල පෙරහන් පද්ධතියක් ඉදිකිරීමම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විසින් කමිටුවට කරුණු දැක්වූ අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලීමට, සහ අදාළ වාර්තා ලබා ගැනීමට කමිටුව තීරණය කරන ලදී.

මොරටුව විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය කළුතර, නාගොඩ ප්‍රදේශයේ ඉදිකිරීම සම්බන්ධව ප්‍රගතිය අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයෙන් විසින් සභාවට ඉදිරිපත් කළ අතර මේ සම්බන්ධව ගතවන දීර්ඝ කාලය සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් ප්‍රශ්න කළ අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ රැස්වීම් සාකච්ඡාවක් යොදා ගනිමින් සාකච්ඡා කරන බවට මෙහිදී තීරණය කෙරිණ.

කෙත්හේන ජල පවිත්‍රාගාරයේ ජල පිරි පහදුවට බලපෑමක් වන ලෙස කුකුලේ ගඟ ජල පෝෂක ප්‍රදේශයේ අවිධිමත් ලෙස කසල බැහැර කිරීම සම්බන්ධයෙන් විශාල ගැටළුවක් පවතින බවත්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු තීරණ දැනුම් දීමට අදාළව මේ සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වෙත වාර්තාවක් යොමු කර ඇති බවත්, අදාළ ස්ථානයේ කසල ගිනි තැබීම සිදුකරමින්, දිගින් දිගටම කසල දැමීම සිදුකරන බවත් කමිටුවට වාර්තා විය. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන දෙකක් හරහා නිත්‍යානුකූල ආකාරයෙන්ම මෙම ස්ථානයට කසල බැහැර කරන බවත්,මෙම ප්‍රදේශය අධි සංවේදී ජල පෝෂක කලාපයක් නිසා ඉතා ඉක්මනින් කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය නවතා දැමීම සඳහා කටයුතු කිරීම වැදගත් බව කමිටුවේදී ප්‍රකාශ කෙරිණ.

කළුතර විද්‍යාලයට අයත් දැනට කලාප කාර්යාලය පවත්වාගෙන යනු ලබන භූමිය තුළම කලාප අධ්‍යාපන කාර්යාලය වෙනුවෙන් නව ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් කළුතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් කමිටුවට කරුණු ඉදිරිපත් කළ අතර මේ සම්බන්ධව කළුතර විද්‍යාලය ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකර අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කමිටුවේදී තීරණය කෙරිණ.

දිස්ත්‍රික්කය වෙත ලබාදෙන ප්‍රතිපාදන සීමාව යටතේ බොලොස්සගම - ගල්පාත යාකර පාලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් ද කමිටුවේ දී සාකච්ඡාවට ලක් කෙරිණ.

මෙම සම්බන්ධීකරණ කමිටුව සඳහා කළුතර දිස්ත්‍රික්කයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන පද්ම කුමාර, සංජීව රණසිංහ,නිලන්ති කොට්ටහච්චි, චන්දිම හෙට්ටිආරච්චි, ඔෂානි උමංගා මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන අධිකාරිය, ආරක්ෂක අංශ, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, නියෝජ්‍ය ක්‍රම සම්පාදන අධ්‍යක්ෂවරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ සියලූම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.

මෙම කමිටු රැස්වීම දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අංශය විසින් සම්බන්ධීකරණය කරන ලදී.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කළුතර

 කළුතර ආරෝග්‍යා  සුවතා  මධ්‍යස්ථානයට මුල්ගල තබයි.....රටපුරා ආයුර්වේද සුවතා මධ්‍යස්ථාන 1000 ක් ඉදිකිරීම ඇරඹේ ....සෞඛ්‍ය හ...
03/09/2026



කළුතර ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තබයි.....

රටපුරා ආයුර්වේද සුවතා මධ්‍යස්ථාන 1000 ක් ඉදිකිරීම ඇරඹේ ....

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනුලබන දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව කළුතර දකුණ ශාරීරික සුවතා මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම පසුගියදා(2026.09.01) ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

රටේ පුරවැසියන් රෝගාබාධවලට ලක්වී රෝහලට එනතුරු බලා නොසිට, නිවෙස්වලට ගොස් පුරවැසියන්ගේ රෝගී තත්ත්වය සොයා බලන ක්‍රමවේදය මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන හරහා ක්‍රියාත්මක කරන බව මෙහිදී අදහස් දක්වමින් ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙම වසර නිමවීමට පෙර මෙම ආයුර්වේද සුවතා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන බවත්, ගොඩපරගහහේන, පළාතොට, විලේගොඩ සහ කළුතර දකුණ යන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාවට මේ හරහා සේවය සැලසෙන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

රටපුරා ආරෝග්‍යා මධ්‍යස්ථාන දහසක් ඉදිකිරීමෙන් ප්‍රධාන වශයෙන් රෝහල් කරා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකිවන අතර, නිවෙස්වලට ගොස් රෝගී තත්ත්වයන් විමසා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන වෙත අදාළ රෝගීන් යොමු කර අවශ්‍යතාව පරිදි රෝහල් රෝහල්කරා රෝගීන් යොමු කිරීමට මේ මඟින් අපේක්ෂා කෙරේ.

මෙම මුල් ගල් තැබීමේ අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ , කළුතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, නන්දන පද්ම කුමාර, නගරාධිපති ධනුජ් සෝමරත්න මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරිය, අලුතර මහ දිසාපති එච්.එම්.එස්.පී. හේරත් මහතා, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චරිත් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කළුතර

  "කප්තුරු සවිය" තැඹිලි ගම්මාන ස්ථාපනය කිරීමේ වැඩසටහන කළුතර දී....අදට (සැප්.02  ) යෙදෙන  ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව ,...
03/09/2026



"කප්තුරු සවිය" තැඹිලි ගම්මාන ස්ථාපනය කිරීමේ වැඩසටහන කළුතර දී....

අදට (සැප්.02 ) යෙදෙන ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව ,වැවිලි කර්මාන්ත අමාත්‍යංශය හා පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව සංවිධානය කරන දිවයින පුරා තැඹිලි ගම්මාන 250 ක් ස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික් වැඩසටහන අද (02 ) මොරොන්තුඩුව ,මහ ගෝනනදුව ඩොනල්ඩ් ෆාම් වත්තේදී පැවැත්විණ.

කළුතර දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය සහ දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේදී මහ ගෝනදුව 700 සහ කුඩා ගෝනදුව 701 A යන ග්‍රාම සේවා වසම් දෙකක තැඹිලි වගා කිරීමට උනන්දුවක් දක්වන ගොවීන් සඳහා තැඹිලි පැල 500ක් සහනාධාර ක්‍රමයක් මත මෙහිදී බෙදා දුන් අතර විශේෂ පොල් ඉඩම් පුනරුත්ථාපන ක්‍රමය යටතේ (පොහොර යොදා වසුණ් කිරීම වෙනුවෙන්) අක්කරයකට රු.44000/= ක් බැගින් මෙහිදී තැඹිලි ගොවීන්ට ලබා දුන් අතර සාර්ථක තැඹිලි වගා කරන අය වෙනුවෙන්ද මුදල් ආධාරද ලබා දුන් අතර සහන මිලට තැඹිලි හා පොල් පොහොර ද මෙහිදී බෙදා දීම සිදුවී කෙරිණි.

මෙවැනිම තවත් තැඹිලි ගම්මාන රැසක් කළුතර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට ඉදිරි පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්ම කුමාර මහතා අදහස් දක්වමින් පැවසූ අතර මෙවැනි වගා සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ උනන්දුව ඉතාමත්ම අගය කරන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහා දිසාපතිතුමා පැවසීය.

මෙහිදී සංකේතාත්මකව තැඹිලි පැළ කිහිපයක් රෝපණය කළ අතර තැඹිලි වගාකරුවන් සඳහා තැඹිලි පැළ හා තැඹිලි වගා සහනාධාර චෙක් පත් බෙදා දීමද සිදු කෙරිණි.

කළුතර දිස්ත්‍රික් තැඹිලි ගම්මාන දෙකක් මෙහිදී පිහිටුවීම අරමුණු කරගෙන සංවිධානය කරන ලද මෙම තැඹිලි ගම්මාන ව්‍යාපෘතිය සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කළුතර මහා දිසාපති, කළුතර ප්‍රාදේශීය ලේකම් ඇතුළු පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කළුතර

 ගෙවත්තෙන් මැල්ලුමක්.....පෝෂදායි ආහාර වේලක්....."මැල්ලුමක් ගෙවත්තෙන්" යන්න තේමා කරගත් මුල් ළමාවිය දරුවන් සඳහා ගෙවත්තේ  ප...
31/08/2026



ගෙවත්තෙන් මැල්ලුමක්.....
පෝෂදායි ආහාර වේලක්.....

"මැල්ලුමක් ගෙවත්තෙන්" යන්න තේමා කරගත් මුල් ළමාවිය දරුවන් සඳහා ගෙවත්තේ පලා වර්ග සිටුවීම සඳහා වන දෙමාපිය වැඩසටහන පසුගියදා දිස්ත්‍රික්කයේ පෙර පාසල් කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණ.

කලුතර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස් පී. හේරත් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ පෙර පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන තුළින් දරුවන්ට පෝෂදායි ආහාර වේලක් ලබාදීම සඳහා අත්‍යාවශ්‍ය වූ පලාවර්ග ගෙවත්තේම වගා කර ගැනීම වෙනුවෙන් දෙමාපියන් දැනුවත් කරමින් දරුවන් සමග එක්ව එය ක්‍රියාවට නැංවීම සිදුකෙරිණ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ සියලූම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය මුල් ළමා විය සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙයවීම ඇතිව දරුවන් විසින්ම සිය ගෙවතු පලා වර්ග සිටුවීම සිදුකරන ලදී.

දිනපතා ආහාර වේලට පලාවර්ග, එළවළු වර්ග හා පලතුරු වර්ග එකතු කර ගැනීමෙන් සෞඛ්‍යවත් ආහාර පුරුදු ඇති කර ගැනීම සහ ලෙඩ රෝග අවම කර ගැනීම පිළිබඳ හුරු පුරුදු කිරීම වැඩසටහනෙහි පරමාර්ථය විය.

දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී මදුශි ලක්මාලි මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කළුතර

31/08/2026



සැප්තැම්බර් 3 වැනිදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී....

Address

Galle Road
Kalutara
12000

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00

Telephone

+94342222508

Alerts

Be the first to know and let us send you an email when District Secretariat Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to District Secretariat Kalutara:

Shortcuts

Share