Richmond Castle Kalutara

Richmond Castle Kalutara A place to discuss share and post history of Srilanka Wonderful mansion we all know now as Richmond Castle in Kalutara.

The story goes that the young Mudliyar built the grand mansion, un-rivalled in this country, along the lines of an Indian Maharaja's mansion to impress his future wife's family, since they had initially been reluctant to agree to the marriage.

කළුතර, නම් පටබැඳුණ හැටිඔය කළුගඟ මූදට වැටෙන සාවියේ ඒ කාලේ නමක් තිබ්බේ නෑ. අවට හාත්පස මහා වන දහන. හැබැයි ඒ මැදින් කළුගඟ ගල...
27/10/2025

කළුතර, නම් පටබැඳුණ හැටි

ඔය කළුගඟ මූදට වැටෙන සාවියේ ඒ කාලේ නමක් තිබ්බේ නෑ. අවට හාත්පස මහා වන දහන. හැබැයි ඒ මැදින් කළුගඟ ගලා ගියා. කළුගඟෙන් එගොඩ මෙගොඩ වුණේ පාරුවලින්. ඔය වංගියේ කළුගඟ මුදට වැටෙන සාවියේ පන්සලක් තිබ්බා. ගඟ දෑලේ පිහිටි මේ පංසල හරි ම සිරියාවන්තයි. පැත්තකින් මූද - තව පැත්තකින් කළුගඟ බලන්ට ආසා හිතෙන පරිසරේ. ඔය කැලේ ඕ පන්සලේ වැඩ වාසය කළේ තරබාරු උන්නාන්සේ නමක්. මේ උන්නාන්සේ ඩිංගිත්තක් මිටි යි. මේ මිටිකම හින්දා තරමකට කැපිලා පෙනුණා. ඒ වගේ ම යි කා අතරත් හිත දිනාගත්ත උන්නාන්සේ නමක්. බණ දහම යහමින් කියා හදා දුන්නා. ඒ හින්දා ම මේ උන්නාන්සේ කා අතරත් ප්‍රසිද්ධ වුණේ ‘තර උන්නාන්සේ කියලා. වැඩේ කියන්නේ පන්සල අද්දරින් වැටෙන කළුගඟ නිසා කාලයක් යද්දිත් කළුගඟ අසල තර උන්නාන්සේගේ පංසල කියලා කියන්ට ගත්තා. කළුගඟ යන්න ඒ කෙටි වුණා කටට පාඩුවට, ඒක කළු වුණා උන්නාන්සේට කියන ‘තරකොටහා ඊට ඇඳුණා. ඕං එතැන් හිටන් පන්සල කළුතර පන්සල වුණාලු නේ. දැන් ඒ පළාතටම කියන්නේ කළුතර කියලයි.

මුදලිතුමා විසින්  එංගලන්තයේ යුද්ධ වලින්   තුවාල ලබන සෙබළුන් ප්‍රවාහනය සඳහා  පරිත්‍යාග කල ගිලන් රථ
10/09/2025

මුදලිතුමා විසින් එංගලන්තයේ යුද්ධ වලින් තුවාල ලබන සෙබළුන් ප්‍රවාහනය සඳහා පරිත්‍යාග කල ගිලන් රථ

මුදලිතුමාගේ ආරාධනයෙන් එංගලන්තයේ ජෝර්ජ් රජු කලුතරට පැමිණි අවස්ථාවේ එතුමා වෙනුවෙන් ඉදි කල පිළිමය වටේ හිටපු මේ සිංහයින් හතර...
10/09/2025

මුදලිතුමාගේ ආරාධනයෙන් එංගලන්තයේ ජෝර්ජ් රජු කලුතරට පැමිණි අවස්ථාවේ එතුමා වෙනුවෙන් ඉදි කල පිළිමය වටේ හිටපු මේ සිංහයින් හතර දෙනා අද කලුතර ඔරලෝසු කණුව උඩ තිබෙන බව ඔබ දන්නවාද?

එකල රිච්මන්ඩ් කාසල් මන්දිරයේ නර්තන ශාලාව තිබුණු අයුරු  😍
10/09/2025

එකල රිච්මන්ඩ් කාසල් මන්දිරයේ නර්තන ශාලාව තිබුණු අයුරු 😍

1916 දී මුදලිතුමා විසින් CEYLON නමින් යුද්ධ භූමියට මෝටර් ඇම්බුලන්ස් රථයක් ත්‍යාග කළා.බ්‍රිතාන්‍ය යුද්ධ සභාවත් ෆ්‍රන්ස් ය...
10/09/2025

1916 දී මුදලිතුමා විසින් CEYLON නමින් යුද්ධ භූමියට මෝටර් ඇම්බුලන්ස් රථයක් ත්‍යාග කළා.
බ්‍රිතාන්‍ය යුද්ධ සභාවත් ෆ්‍රන්ස් යුද්ධ භූමියේ සිටි සොල්දාදුවෝත් එය බෙහෙවින් ගෞරවයෙන් මතක් කළා.

Wedding Photo with the representatives from the Queen - Regenerated by AI
26/06/2025

Wedding Photo with the representatives from the Queen - Regenerated by AI

26/06/2025
1920
22/08/2024

1920

අවුරුදු 18 දී දෙමාපියන් අහිමි දුප්පත් අනාථ තරුණයෙකු ලෙස සිය ජීවිතය ආරම්භ කළ...ක්‍රි. ව. 1902 දී ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍ය...
14/05/2021

අවුරුදු 18 දී දෙමාපියන් අහිමි දුප්පත් අනාථ තරුණයෙකු ලෙස සිය ජීවිතය ආරම්භ කළ...

ක්‍රි. ව. 1902 දී ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයන් අතරින් කෙනෙකු ලෙස අභවප්ප්‍රාප්ත වූ...

එකල බ්‍රිතාන්‍යයන් විසින් පුද කළ බස්නායක මුදලි පදවිය තෙවරක්ම ප්‍රතික්ෂේප කළ...

"කොළඹ නෝනා වාට්ටුව" ලෙස හැදින්වෙන එකල කොළඹ හැව්ලොක් ආර්යා ළමා රෝහල (වර්තමානයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල) තුල සිය නමින් වාට්ටුවක් ඉදි කර ජනතාවට පරිත්‍යාග කළ...

ලංකාවේ මෝටර් රථයක් මිල දී ගත් දෙවන ශ්‍රී ලාංකිකයා / සිංහලයා ලෙස සැලකෙන...

නානායක්කාරගේ දොන් පවුලිස් සිල්වා මැතිදුන්...

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ සමාජ විද්‍යාව පිළිබද විද්වතෙකු වශයෙන් ලෙස සැලකෙන මහාචාර්ය මයිකල් රොබර්ට්ස් (Prof. Michael Roberts) විසින් පවත්වාගෙන යන "Thuppahi's Blog" නම් වෙබ් අඩවියේ ලිපියක සදහන් කර ඇති ආකාරයට නානායක්කාරගේ දොන් පවුලිස් සිල්වා මැතිදුන් ලංකාවේ මෝටර් රථයක් මිල දී ගත් දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙනවා. මෙම මෝටර් රථය Oldsmobile වර්ගයේ රථයක් ලෙස තමයි සදහන් වෙන්නේ...

එම ලිපිය කියවීම සදහා පහත link එක වෙතට යන්න...

https://www.google.com/.../the-early-years-of.../amp/

ලංකාවේ මෝටර් රථයක් මිල දී ගත් ප්‍රථම
ශ්‍රී ලාංකිකයා / සිංහලයා ලෙස සැලකෙන්නේ මොරටුව දානපති සොයිසා පවුලේ එඩ්වින් ලයනල් ෆ්‍රෙඩ්රික් ද සොයිසා මැතිදුන්
(Edwin Lionel Frederick de Soysa)...

එඩ්වින් ලයනල් ෆ්‍රෙඩ්රික් ද සොයිසා මැතිදුන් පිළිබදව වැඩි විස්තර බැලීම සදහා පහත Link එක වෙතට යන්න...

https://www.facebook.com/groups/oldimages/permalink/2750399751891863/

නානායක්කාරගේ දොන් පවුලිස් සිල්වා මැතිදුන් සහ මෙතුමන්ගේ පවුලේ සාමාජිකයන් පිළිබදව විස්තර සදහන් වන ග්‍රන්ථයක් වන ආචාර්ය කුමාරි ජයවර්ධන මහත්මිය විසින් රචිත "සොක්කන් ලොක්කන් වූ වගයි" ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටස් තමයි පහළින් කියවීම සදහා පළ කරලා තියෙන්නේ...
..(244 පිටුව)...
..නානායක්කාරගේ සිල්වා...

19 වන සියවස අග භාගයේ සිටි ප්‍රධාන ම ගොවිගම ව්‍යාපාරික බලවතා 'දිලිදු' ජන්මයකින් යුක්ත වූ තැනැත්තෙකි.
නානායක්කාරගේ දොන් පවුලිස් (එන්. ඩී. පී. ) සිල්වා (1838 - 1901) නම් වූ ඔහු බද්දේගම ඉප දී වයස 18 දී මව්පියන් නැති වී අනාථ වූ වෙකි. සුළු මුදලක් රැගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයට ගිය ඔහු එහි කෝපි ගබඩාවක් ආරම්භ කළේ ය. පසු ව ඔහු මිනිරන් පතල් කර්මාන්තයට පිවිසි යේ ය. එය කොතරම් ලාභ දායක වී ඇති දැයි කිවහොත් මිනිරන් රජා යනුවෙන් ඔහු නම් කරනු ලැබිණ. මේ ලාභ යොදවමින් ඔහු සාර්ථක අන්දමින් පොල්, කෝපි, තේ, රබර්, සින්කෝනා, කුරුදු හා කුළුබඩු වගා කිරීමෙහි යෙදුනේ ය. තව ද ඔහු 1890 ගණන්වල සාර්ථක අරක්කු හා මහාමාර්ග රේන්දකරුවෙකු ද වීය. ඔහු අරක්කු රේන්දකරුවන් ගේ බලගතු සංගමයේ සාමාජිකයෙක් වීය. සිල්වා 1896 දී පවුම් 7000 කට වික්ටෝරියා පාලම් රේන්දය ද පවුම් 4100 කට බම්බලපිටිය පාලම් රේන්දය ද ලබා ගත්තේ ය. 1893 සිට 1897 දක්වා එක අවුරුද්දක දී හැර ඔහුට සියනෑ සහ හේවාගම් කෝරලවල අරක්කු රේන්දය තිබුණේ ය. අන්තිම අවුරුද්දේ දී ඒ සදහා පවුම් 7800 ක් ගෙව්වේ ය. 1893 දී හා 1894 දී ඔහු දොන් ස්පේටර් සේනානායක සමග හවුලේ ලාභදායක මීගමු අරක්කු රේන්දය අයත් ව සිටියේ ය. සිල්වා ගේ බෑණන්ඩිය වූ ඒ. සී. ජී. විජේකෝන් 20 වැනි සියවසේ ජාතික දේශපාලන කටයුතුවල නිරත වූයේ ය.
..(390 පිටුව)...තම නමින් ලේඩිහැව්ලොක් ‍රෝහලේ වාට්ටුවක් ඉදි කළ එන්. ඩී. පී. ජේ. සිල්වා මහලු නිවාසයට ද කතෝලික පාසල්වලට ද මුදල් පරිත්‍යාග කළේ ය. වෙනත් අයට වෙනස් ව "නම්බුනාම"
වලට ප්‍රිය නොකළ ඔහු බස්නායක මුදලි පදවිය තුන්වරක් ම ප්‍රතික්ෂේප කොට ඇත" (එම 594). ඒ අඩුපාඩුව පිරිමැසීමට ඉදිරිපත් වූ ඔහු ගේ පුත් එන්. ඩී. ඒ. සිල්වා පඩිකාර මුදලි තනතුර පිළිගෙන කළුතර "රිච්මන්ඩ් මාළිගය" නමින් සුවිසල් මන්දිරයක් ඉදි කළේ ය.
..(241 පිටුව)...විසිවැනි සියවස ආරම්භයේ දී ඉස්මතු වුණු ගොවිගම ධනපතීන් ගෙන් බොහෝ දෙනෙක් ඉතා සුළු ව්‍යාපාරවලින් පටන් ගෙන මිනිරන් පතල් බැසීම හා වතුවැවිලි ආර්ථිකය වැනි වෙනත් ව්‍යාපාර තුළින් තම ප්‍රාරම්භක ධනය උපයා ගෙන ඉන් පසු ඉතා ලාභ දායක අරක්කු රේන්ද කටයුතුවලට පිවිසි අය වූ හ. අරක්කු රේන්ද කටයුතු යෙදුණු එබදු පුද්ගලයන් තිදෙනෙකු නම් දොන් ස්පේටර් සේනානායක, එන්. ඩී. පී. සිල්වා සහ ඩී. සී. ජී. ආටිගලය. මේ සියලු දෙනා ම එක් පරම්පරාවකදී ඉහළ නැගුණු පවුල්වලට අයත් වූ හ. 19 වන සියවස අවසන් වන විට මේ පවුල්වලට "පළමුවැනි පන්තියේ ගොවිගම පවුල්" වූ හා තමන් දිවයිනේ "ලොක්කන්" යැයි සිතා ගෙන සිටි පැරණි මුදලි කණ්ඩායමට අභියෝග කිරීමට තරම් ධනය අයත් ව තිබුනේය.
..(379 පිටුව)...ධනවත් මිනිරන් හිමියෙකු හා අරක්කු රේන්දකරුවෙකු වූ එන්. ඩී. පී. සිල්වා ගේ දියණිය ෆ්ලොරින්ඩා බ්‍රියටිස් සිල්වා (ලන්ඩනයේ උපාධි ලබා තිබූ අධිනීතිඥයකු වූ) ජෙරාඩ් විජේකෝන් සමග 1909 දී විවාහ වූ වේලේ පුරසාරම් වශයෙන් කියන ලද්දේ මනාලිය ගේ ඇදුම් සියල්ල ලන්ඩනයෙන් ආනයනය කරන බවයි (Wijeyekoon 1951 : 57).
..(401 පිටුව)...එලෙසම 1880 සහ 1890 ගණන්වල වැදගත් ධනපතියෙකු වූ එන්. ඩී. පී. සිල්වා ගේ පුත් පඩිකාර මුදලි එන්. ඩී. ඒ. සිල්වා විජේසිංහ යුධ ප්‍රයන්තයට පවුම් 2500 ක ආධාර මුදලක් දුන්නේ ය. බෙල්ජියන්වරුන්ට ගිලන් රථ තෑගි කළේ ය. යුද්ධය ගැන දේශන පැවැත් වූයේ ය. මේ සදහා බෙල්ජියමේ රජු ඔහු වෙනුවෙන් 1918 රාජ භෝජන සංග්‍රහයක් පැවැත් වුයේ ය. එමෙන්ම ලන්ඩනයේ දී බ්‍රිතාන්‍ය රජු හා වේල්ස් කුමාරයා පුද්ගලික ව බැහැ දැකීමට අවස්ථාව ලැබුණේ ය.
..(369 පිටුව)...තමන්ට උරුම වූ පවුලේ දේපළ කෙරෙහි ධනපති කාන්තාවන් පාවිච්චි කළ පාලන බලය පිළිබද ප්‍රශ්නය වැදගත් වෙයි. මක් නිසාද යත් පවුල තුල සමාජයෙහිත් කාන්තාවන්ට හිමි වූ තත්ත්වය ද පිරිමි - ගැහැනු සම්බන්ධකම් ද එමගින් පැහැදිලි වන බැවිනි. මෙම ගණයේ කාන්තාවන් අතර ක්‍රියාරම්භක ශක්තිය ද ව්‍යවසායික ධෛර්යය ද තිබූ අය සිටිය හ. ව්‍යාපාර කටයුතු ගැන ඉවක් තුබූ ඔවුන් එම අවබෝධය අනුව කළ කටයුතු සමාජමය වශයෙන් පිළිගැනීමක් ලැබුවේ ය. තම සැමියාගේ අභාවයෙන් පසු පවුලේ විශාල ව්‍යාපාරික කටයුතු කර ගෙන ගිය සිංහල වැන්දඹුවෝ කීප දෙනෙක් සිටිය හ. එක් නිදසුනක් නම් එන්. ඩී. පී. සිල්වාගේ (1838-1901) වැන්දඹුවයි. 19 වැනි සියවසේ ප්‍රමුඛ ගොවිගම වෙළෙන්දෙකු වූ ඔහුට මිනිරන් පතල් ද පොල්, තේ සහ රබර් වතු ද අයත් ව තිබුණේ ය. ඔහු විශාල අරක්කු රේන්දකරුවන්ගේ කාටලයටද අයත් වූයේ ය. ඔහු මිය යෑමෙන් පසු ඔහු ගේ දෙවැනි බිරිද වූ ඉසබෙලා විජේසිංහ ඔහු ගේ ඉතා විශාල පරිමාණයෙන් වූ මත්පැන්, වතු හා මිනිරන් ව්‍යාපාර කටයුතුවල පාලනය සියතට ගත්තා ය. ඈ පාලනය කළ දේපළ අතර විශාල මිනිරන් පතල් 20 ක් ද 500 ක් කම්කරුවන් සේවය කළ මිනිරන් ගබඩා ද ඉඩම් වැවිලි අක්කර දහස් ගණනක් ද රටේ විශාල ම (කළුතර පිහිටි) අරක්කු ගබඩාව ද ඇතුලත් විය. මේ ගබඩාවේ ලොකු පීප්ප 40 ක් තිබිණ. එක පීප්පයක ධාරිතාව ගැළුම් 5000 ක් විය. 7000 ක් කම්කරුවන් සේවයේ යෙද වූ විශාල ව්‍යාපාරවල පාලනය සියතට ගත් "ප්‍රථම සිංහල කාන්තාව" වශයෙන් පමණක් නොව තම සැමියාගේ "පුණ්‍යාධාර කටයුතු" නො නවත්වා කර ගෙන ගිය කාන්තාව වශයෙන් ද ඇය හදුන්වනු ලැබ ඇත (Wright 1907 : 593-4)

This post was created by Selaka Pasan Gunaratne on 23. 04. 2021
Selaka Pasan Gunaratne Thank You!

Address

Palatota
Kalutara
12000

Telephone

+94342226548

Website

Alerts

Be the first to know and let us send you an email when Richmond Castle Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share