19/02/2024
මෙම දරුවාගේ රෝගාතුරව සිටි පියා මීට මසකට පෙර මියගොස් ඇති අතර මවද අතහැරදමා ගොස් ඇත. දැනට ආච්චී සහ සීයා සමග දරුවා ජීවත් වේ. සීයා අංශභාග රෝගියෙකු වන අතර ආච්චී පිළිකා රෝගියෙකු වේ. රජයෙන් ලැබෙන සහනාධාර මුදල හැර වෙනත් ආදායම් මාර්ගයක් නොමැති අතර අවශ්‍ය ආහාර පාන ලබා දෙන්නේත් අසල්වාසීන් බව පවසයි.
කලක සිට විදුලි ගිණුමේ හිග මුදල රු 50,000/= ඉක්මවා ඇත. මානුෂීය හේතූන් මත මෙහි විදුලිය විසන්ධි කිරීමට නොහැක. ඔවුන්ගේ විදුලි ගිණුමට යම් මුදලක් තැන්පත්කල හැකිනම් මෙම විදුලි ගිනුම විසන්ධි කිරීමෙන් වලක්වා ගත හැකිය.
අදාල විස්තර පහත පරිදි වේ.
ගිණුම් අංකය : 4499085004
ලිපිනය : එම්. පියසෙන, කීනගස්මානාන, දොඩන්ගොඩ.
මීට,
කළුතර ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලයේ කර්ය මණ්ඩලය