Ja ela Pradeshiya Sabha

Ja ela Pradeshiya Sabha ජා-ඇල ප්‍රාදේශීය සභාව

2026 ජගත් පරිසර දිනය නිමිති කරගනිමින් ජා-ඇල ප්‍රාදේශීය සභාව විසින් පහත සඳහන් වැඩසටහන් දියත් කරන ලදි.*ඒකල ජී.බී සේනානායක ...
08/06/2026

2026 ජගත් පරිසර දිනය නිමිති කරගනිමින් ජා-ඇල ප්‍රාදේශීය සභාව විසින් පහත සඳහන් වැඩසටහන් දියත් කරන ලදි.

*ඒකල ජී.බී සේනානායක විදුහල කේන්ද්‍ර කරගනිමින්, ජා-ඇල ප්‍රාදේශීය සභාව, Phinla ව්‍යාපෘතිය හා එක්ව,පරිසර නියමු සිසු දරු දැරියන් උදෙසා සංවිධානය කල වැඩසටහන.

*ජා-ඇල ප්‍රාදේශීය සභාව,ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය එක්ව, ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය සේවක මහත්ම මහත්මීන් සඳහා පැවැත්වූ සෞඛ්‍ය කඳවුර හා දැනුවත් කිරීමේ වැඩසටහන.

*⁣ඒකල කොම්පෝස්ට් අංගනයේදී පවත්වන ලද රුක් රෝපණ වැඩසටහන.

මෙම සියළු වැඩසටහන් සාර්ථක කරගැනීමට නන් අයුරින් සහය ලබා දුන් සැමට අපගේ ස්තූතිය පුද කර සිටිමු.

06/06/2026

ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභික මණ්ඩලය පත්වී වසරක් පිරීම නිමිත්තේන් පවත්වන ලද "මෙතෙක් අප ආ ගමන් මග" වැඩසටහනේ සුවිශේෂී අවස්ථා....

ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභික මණ්ඩලය පත්වී වසරක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද ආශිර්වාද ධර්ම දේශනය හා පිරිත් සජ්ජායනාව 2026.0...
04/06/2026

ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභික මණ්ඩලය පත්වී වසරක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද ආශිර්වාද ධර්ම දේශනය හා පිරිත් සජ්ජායනාව 2026.06.05 දින ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ අයුරු.

30/05/2026
ඔබ සැමට බැති සිතින් ආරාධනා !
29/05/2026

ඔබ සැමට බැති සිතින් ආරාධනා !

ජා-ඇල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පෙරපාසල් දූ දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු "සිඟිති අවුරුදු උදානය-2026" බක්මහ උළෙල,  ...
24/05/2026

ජා-ඇල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පෙරපාසල් දූ දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු "සිඟිති අවුරුදු උදානය-2026" බක්මහ උළෙල, 2026.05.21 වන දින හොරයිසන් හෝටල් සංකීර්ණයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

අපේ සංස්කෘතික උරුමයන් අනාගත පරපුරට දායාද කරමින්, දරුවන්ගේ මුහුණුවල සිනහව තව තවත් ඔප්නැංවීමට හැකිවීම අප ලැබූ විශාල සතුටක් මෙන්ම මෙම මනරම් අවස්ථාව වර්ණවත් කළ, සහභාගී වූ සියලුම දූ දරුවන්ට, ආදරණීය දෙමාපියන්ට සහ කැපවූ ගුරුභවතුන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පල කර සිටිමු.

​ #𝗙𝘂𝘁𝘂𝗿𝗲𝗟𝗲𝗮𝗱𝗲𝗿𝘀

මහවත්ත කොට්ඨාසයේ රජමාවත සිට කෲස්වත්ත හරහා ගුවන් හමුදා කඳවුර මැදින් මිනුවන්ගොඩ පාර දක්වා ඇති ඇලමාර්ගය සුද්ද පවිත්‍ර කිරීම...
20/05/2026

මහවත්ත කොට්ඨාසයේ රජමාවත සිට කෲස්වත්ත හරහා ගුවන් හමුදා කඳවුර මැදින් මිනුවන්ගොඩ පාර දක්වා ඇති ඇලමාර්ගය සුද්ද පවිත්‍ර කිරීම.

ජා-ඇල ප්‍රා⁣දේශීය සභාව විසින් සංවිධානය කරන ලද පාසල් වොලිබෝල් තරඟාවලියක් හා පුහුණු කඳවුරක් 2026.05.09 දින නාගොඩ මොරාවත්ත ...
12/05/2026

ජා-ඇල ප්‍රා⁣දේශීය සභාව විසින් සංවිධානය කරන ලද පාසල් වොලිබෝල් තරඟාවලියක් හා පුහුණු කඳවුරක් 2026.05.09 දින නාගොඩ මොරාවත්ත ප්‍රජාශාලා ක්‍රීඩා භුමියේදී සාර්ථකව පැවැත්විණි.

Clean sri lanka සංකල්පයට අනුව ඉදිකරන ලද ඉදිකිරීම් හා කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරන මධ්‍යස්ථානය විවෘත කිරීම අද ද...
09/05/2026

Clean sri lanka සංකල්පයට අනුව ඉදිකරන ලද ඉදිකිරීම් හා කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරන මධ්‍යස්ථානය විවෘත කිරීම අද දින රාජ්‍ය ඉංජිනේරු සංස්තාව, ඒකල අංගනයේදී ගරු නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා, ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මේ සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු මහතා, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා,ජා ඇල ප්‍රාදේශිය සභා සභාපති ප්‍රසාද් නිරෝශන් මහතා ඇතුලු ප්‍රාදේශීය දේශපාලනකයින් රැසක්ද සමග රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිනි.

Address

Chairman, Ja-Ela Pradeshiya Sabha
Kandana
11320

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Ja ela Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share