30/08/2026
📢 රැකියා ඇබෑර්තු: නිවාස පාලක (𝐇𝐨𝐬𝐭𝐞𝐥 𝐖𝐚𝐫𝐝𝐞𝐧) සේවා සංස්කරණ පුහුණු ආයතනය: ඇල්වල, මාතලේ
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව -
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ ඇල්වල පිහිටි සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ 𝐈𝐈𝐈 ශ්‍රේණියේ නිවාස පාලක තනතුර සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
🎯 මූලික සුදුසුකම්:
වයස: අවුරුදු 18 - 30 අතර (2026.09.28 දිනට)
අධ්‍යාපනික සුදුසුකම්:
අ.පො.ස. (සා/පෙළ) - සිංහල/දෙමළ/ඉංග්‍රීසි, ගණිතය ඇතුළුව විෂයන් 6ක් එකවර සමත් වීම (සම්මාන සාමාර්ථ 2ක් සහිතව).
අ.පො.ස. (උ/පෙළ) - අවම වශයෙන් එක් විෂයක් සමත් වීම.
පළපුරුද්ද: රජයේ හෝ පිළිගත් ආයතනයක/හෝටලයක නිවාස පාලනය, ආහාර සැපයීම හෝ ගිණුම් තැබීම පිළිබඳ අවුරුදු 01ක පළපුරුද්ද.
💰 වැටුප සහ ප්‍රතිලාභ:
වැටුප් පරිමාණය (MN-1 2025): රු. 45,230 - 78,360/-
තනතුරේ ස්වභාවය: ස්ථීර සහ විශ්‍රාම වැටුප් සහිතයි.
📝 අයදුම් කරන්නේ කෙසේද?
අයදුම්පත් ගාස්තුව: රු. 1,000/- (ඕනෑම තැපැල් කාර්යාලයකින් ගෙවිය හැක)
අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය:
අධ්‍යක්ෂ ජෙනරාල්,
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
නො. 1095, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ගෙටඹේ, පේරාදෙණිය.
📅 අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026 සැප්තැම්බර් 28
📞 වැඩිවිස්තර සඳහා අමතන්න: 0812068381
🌐 නිල වෙබ් අඩවිය: www.dea.gov.lk
ආදර්ශ අයදුම්පත්‍රය හා අනෙකුත් විස්තර සදහා 2026.08.28. දින රජයේ ගැසට් පත්‍රයෙ පිටු අංක 31 සිට 37 දක්වා බලන්න. ( අදාල සබැඳිය ( link) පහත දක්වා ඇත.)
https://www.gazette.lk/2026/08/sri-lanka-government-gazette-2026-august-28-sinhala-tamil-english.html