Our Forces SL - අපේ හමුදාව

Our Forces SL - අපේ හමුදාව මේ වෑයම මුළු මහත් සමාජයකටම අමතක වී යන රණකාමීන්ගේ අපූර්ව වූ මතකයන් යළිත් සිහිපත්කරලීම උදෙසා ❤️

03/09/2026

ඕනෑම අවියක් හොඳට Service කරනවනන් ඉත⁣ා හොදට වැඩ ගන්න පුළුවන් 😋

(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞
𝐓𝐢𝐤𝐭𝐨𝐤
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞




03/09/2026

⭕️ එදා රණ මග මතක සටහන් 🫡

දිනය: 2008 නොවැම්බර්

58 වන සේනාංකය නොසැලී ඉදිරියටම 💪

(ස්තූතිය - යුධ සමයේ නොබියව යුධ බිම තුළ යුධ වාර්තාකරනයේ නියුතු වුණු සියලුම මාධ්‍ය හිතවතුන් වෙත පුද කරමි 🫡)

(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
Ⓒ Our Forces SL
👉 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔
𝐅𝐛 𝐏𝐚𝐠𝐞
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞
𝐓𝐢𝐤𝐭𝐨𝐤
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞





ගුවන් හමුදා මූලස්ථානයේ මුදල් වංචාවක්ද?උපුටා ගැනීම 👇මචන් airforce මූලස්තානයේ හැම මාසෙකම රු 400 ගානේ ටොම්බෝලා කියලා එකකට එ...
03/09/2026

ගුවන් හමුදා මූලස්ථානයේ මුදල් වංචාවක්ද?

උපුටා ගැනීම 👇
මචන් airforce මූලස්තානයේ හැම මාසෙකම රු 400 ගානේ ටොම්බෝලා කියලා එකකට එකතු කරනවා මෙහෙ ඔක්කොම 7000ක් විතර ඉන්නවා 400×7000= 2800000ක් මේක එකතු කරන්නේ බෑන්ඩ් එකක් ගෙනල්ලා රෑට බොන්න දීලා කොල්ලන්ට ෆන් එකක් දෙන්න කියලා නමුත් ඇත්තම කතාව ඒ ෆන් එක ගන්නේ නිලදාරී විතරයි උන්ගෙන් සල්ලි එකතු කරන්නෙ නෑ අපෙන් එකතුකරන සල්ලි වලින් උන් හිදට නිකන් බොනවා ,කොල්ලො 400 දීලා අතින් සල්ලිත් දීලා බියර් ගන්නත් ඕනා ,අනික සියලුම බයිට් හදන්නේ කොල්ලන්ගේ කෑම වේලෙන් අඩු කරලා (airman mess එකෙන් අරගෙන) බෑන්ඩ් එකක් කියලා ගොඩක් වෙලාවට ගහන්නේ අපේම බෑන්ඩ් එක නැත්තන් අඩු ගානකට කොහෙන් හරි හොයන් ආපු පොඩි බෑන්ඩ් එකක් ලයිට් ,වතුර ,ස්ටේජ් ,හට් ,පුටු වලට රෙන්ට් එකක් නෑ මොකද ඒ හැම දේම කෑම්ප් වල තියෙනවා එතකොට මචන් එකතු කරන සල්ලි වලින් අඩුම 1000000ක් වත් වියදම යන්නේ නෑ නිලදාරී අපේම සල්ලි වලින් හොදට බීලා අපේම කෑමට තියෙන මෙස් එකේ බඩු වලින් බයිට් කාලා ඉතුරු සල්ලි ටික co ගේ සාක්කුවේ දා ගන්නවා හැම මාසෙකම මේක වෙනවා ,සල්ලි අනිවාරෙන්ම දෙන්නත් ඕනා දුන්නේ නැත්තන් කදවුරට සීමා කරනවා නැත්තන් නිලදාරී හරහා බලපෑම් වෙනවා කිසිම කොල්ලෙක් ආසාවෙන් සල්ලි දෙන්නේ නෑ.
උපුටා ගැනීම අවසන් 👆

ලැජ්ජයි නේද?

(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞
𝐓𝐢𝐤𝐭𝐨𝐤
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞




ජිනීවා වලට නෑසුන නොපෙනුන මායිම් ගම්මානවල ශෝකාන්තය...පෙරදිනයේ මට කර්නල් සුරංග මනතුංග එම මැතිනියත් සමග මගේ කර්‍යාලයේදි හමු...
03/09/2026

ජිනීවා වලට නෑසුන නොපෙනුන මායිම් ගම්මානවල ශෝකාන්තය...

පෙරදිනයේ මට කර්නල් සුරංග මනතුංග එම මැතිනියත් සමග මගේ කර්‍යාලයේදි හමුවෙනවා එතුමා එක්ක මගේ තියෙන්නේ හරි පුදුම සම්භන්දයක් මම දන්නෑ ඇයි කියලා ඒ මට හමුදාවේ හිතට වැදුන චරිතයක් මහත්මයෙක්.
මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් .මගේ සිසුවෙක් එතුමා සමග ක්‍රියාන්විත වල මම වැඩිය නෙවේ කොහොමත් ම ඉදලා නැතිවුනාට පෙර කිව්වා වගේම මගේ හිත ගත් චරිතයක්..
එතුමා හරි රසට යුද අත්දැකිම් ලියලා කිනිහිරක ගිනියම කියන පොතින් බොහෝ පාඨක පිරිසක් ඔහු වටා ඇද බැදගත්ත කෙනෙක්.දෙවෙනි පොත මදිවදීනි..අවාසනාවකට මට ඒක කියවන්න බැරි වුනා..
කමාන්ඩෝ රෙජිමේන්තුවේ පොත් ලියන අයට බොහොම අවංකව සුභ පතන දිරිදෙන කෙනෙක් බ්‍රිගේඩියර් උදේශ් රත්නායක සර්..
දිනක් ඔහු මට මෙහෙම කියනවා
“ මචං සිරන්ජීව දැන් මේ රටේ හමුදා සොල්දාදුවන් කලදේවල් මිනිසුන්ට අමතක වෙමින් යනවා.සමහරක් අයව පොරකයට ගෙනියන්න හදනවා.ඒත් කොටි කරපු ම්ලේච්ච සංහාර ගැන කියන්න කවුරුත් නැ.පුළුවන් නම් ඒගැන ලියපන්. මායිම් ගම්මාන වලට ගියොත් ඒවගේ කතා ඕනතරම් උඹට හොයාගන්න පුළුවන්. ඒ මිනිස්සු ඒ හැම දුකක්ම විදගෙන මරණ බය එක්ක හිටපු හැටි අම්මගෙ තනයේ කිරි උරා බීපු පුංචි කිරිසප්පය කකුල් දෙකෙන් අල්ලල ඒ නොමේරු හිස කැලි කැලි වලට යන්න බිත්තියේ ගහපු හැටි හොරෙන් බලන් හිටි අයගෙන් අහල ලියපන්. ඒ එතුමන්ගේ උපදෙසයි.
ඔබ ඒවගේ කතා අහල තියෙන්නේ පෘතුගීසින්ගෙ දොන් ජෙරනිමෝද අසවේදුගෙ කාලේ නේද...?
අසවේදුගෙන් මෙපිට අය ගැන කවුරුත් මොකුත් කියන්නැත්තේ. රට බේරගත්ත මේක අපේ සිංහල රට කියල පපුවට ගහගන්න උන්ගෙ පක්ෂවල ඒවට නායකත්වය දුන්න එවුන් උප සභාපති කම් තනතුරු වරදාන වරප්‍රසාද ලබන හින්දා...
ඉතිං ඒ භාර දුර වගකිම සුරංග සර් අරන් තිබුනා එතුමා මෙරට සෑම මායිම් ගම්මානයකටම ගිහින් එහි ගම් වාසින් හමුවෙලා තොරතුරු අරන් ඒ හැම සිදුවීමකටම හරි ලස්සනට පන දීල තියනවා.හිතට වදින ආකාරයට පිටුවෙන් පිටුව කියවන්න ආස හිතෙන විදිහට.
මේ එහි තිබුන එක සංවේදි කතාවක කොටසක්......එදා සැප්තැම්බර් 18 වෙනිදා ඒ කියන්නේ රන්හාමී මාමගේ තුන්මාසේ දානේට කලින් දවස.දානේ වැඩ කරන්න ඕන නිසා ගොඩාක් අය එදා මේ ගෙදරට ඇවිත් හිටියා.නමුත් එතන වුනදේ කියන්න කවුරුවත්ම මෙතන ඉතිරි වුනේ නෑ.අද මම මේ ගෙදර හිටියට එදා මගෙ ගෙවල් තිබුනේ ටිකක් එහායින් එදාරෑ එකට විතර කවුරු හරි කොටි පැනලා කපනෝ කියලා කෑගහගෙන දුවගෙන ගියා.ඒ සද්දෙට අපිත් පිටිපස්සෙන් වෙල පැත්තට පැන්නා.එතකොට අපේ ගෙදරට එහා ගෙදරට උන් ඇවිල්ලා දොරට ගහනවා අපිට ඇහුනා.අපි එහෙම්මම වෙල පැත්තෙන් පාර පැත්තට දිව්වා.
වෙනදා ලැබෙන කෙටි පනිවුඩයකින් පවා කැලෑ වදින ගෝනගල ගම්මුන්‍ට එදා කොටින්ගේ ආක්‍රමනය පිළිබදව හාන්කවිසියක්වත් දැනගන්න ලැබී නැත.රන්හාමී මහතාගේ තුන්මාසේ දානය සදහා කැවිලි පෙවිලි සකසමින් සිටි 15 දෙනෙකු ගෙන් යුතු පිරිසක් සතුටු සාමිච්චියේ යෙදෙමින් සිය වැඩ කටයුතු කරමින් සිටින්නට ඇත.රාත්‍රී එකට පමන එම නිවස දෙසින් නොයෙකුත් ශබ්ද ඇසි තිබුනද අවට ගම් වැසියන් එය මායිම් නොකලේ පසු දිනට යෙදි තිබෙන පින්කමට අවැසි වැඩ කටයුතු වලින් නැගෙන ශබ්දයන් යැයි සිතා විය හැකිය.
අපි පාන්දරම මේ ගෙදරට එනකොට මුළු ගේම එකම ලේ විලක්.ගේ ඇතුලේ ලේ එළියටත් ගලාගෙන ඇවිත් තිබුනා..........
ඊයේ හවස මේ පොත සුරංග සර් මගෙ අතට දීලා කිව්වේ මචං මේ පොත මුලින්ම මම දුන්නෙ උඹට කියලා..
මම ඒක එක හුස්මට කියෙව්වා.කොයිතරම් මරණ ලේ තුවාල දැකල තිබුනත් හදවත ගැස්සිච්ච තැන් ඇහැට කඳුලු ආව තැන් මේ පොතේ නොතිබුනා නොවෙ ..
සැබැවින්ම එම ගම්මාන වල යතිවරයානන් වහන්සේලා ප්‍රමුඛ ගම් වාසින් මරණ බියෙන් සළිතව රාත්‍රිය ගෙවු හැටි තමන්ගේ ලගම උන් කැලි වලට ඉරා දමා තිබුන හැටිදැසින් දකිමින් එහිම රැදි උන් හැටි.
දමිල සංහරය කලායි කියමින් බෙරිහන් දෙන එන්ජීඕ මුදලට කෑගසන උන් හට දැනෙන්න කියන පොතක් මේක. එවන් දෙයට අනදුන් උන් පොරකයට දක්කන්න නිමිතක් සාක්කියක් වන පොතක් මේක..
ඉතිං යුද්දේදි නිර්භිත හදවතක් ඇති සුරංග මනතුංගයන් බය නැතිව එය මෙහි මනාවට කියා තිබෙනවා...
මා ඔබටත් ආරාධනා කරනවා.පොත් වසන්තයේදි හමුදා පොත් කුටියේදි මේ පොත ඔබේ කරගන්න
පැනි වලළු මාර ගස් වල බොළඳ ප්‍රේමය.කුණු රසය දෙන ලිංගිකත්වය වෙනුවට ඒ මායිම් ගම්මන වල පවුරක් සෙ උන්නු මිනිසුන්ගේ ලේ කඳුලු වල බර මැනගන්න...
තැපැල් මගින් ගෙන්වීමට ඔබේ පිටපත වෙන්කරගන්න

විමසීම්:
පුස්තක ප්‍රකාශකයෝ
තළාහේන පාර
මාළඹේ.
0711025324 වට්ස් ඇප්

(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞
𝐓𝐢𝐤𝐭𝐨𝐤
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞




මම දැක්කා මේ පුද්ගලය කතා කරන Video එකක් හැමතැනම Share වෙනවා. කතා කරන විදියටනන් ඇත්තටම හමුදාවේ ඉදපු රණවිරුවෙක් වගේ. යුධ ස...
03/09/2026

මම දැක්කා මේ පුද්ගලය කතා කරන Video එකක් හැමතැනම Share වෙනවා. කතා කරන විදියටනන් ඇත්තටම හමුදාවේ ඉදපු රණවිරුවෙක් වගේ. යුධ සමයේ සමහර කම්පන වලින් පීඩා විදින රණවිරුවෝ තාම ඉන්නවා. මෙයත් ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ Video වල සමහර Comment දැක්කම ඇත්තටම දුකයි. අද ඒ විදියට Comments දාන්නත් ඔයාල නිදහසේ ඉන්නේ ඒ මනුස්සයෝ එදා කරපු කැපවීම හින්ද තමයි. ඒ හින්ද ඒ වගේ කෙනෙකුට වචනයක් කියන්න කලින් හොදට හොයල බලලා ඉන්න 😔

(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞
𝐓𝐢𝐤𝐭𝐨𝐤
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞




මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහලේ පැවති ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදා දායකත්වයමන්නාරම දිස්ත්‍රීක් මහ රෝහල විසින් සංව...
03/09/2026

මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහලේ පැවති ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදා දායකත්වය

මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහල විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා උතරු මැද නාවික විධානය විසින් දායකත්වය ලබා දීම සිදු කෙරිණි.
ඒ අනුව, මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහලේ රුධිර සංචිත අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, එම රෝහල විසින් සංවිධානය කරන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා, උතරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා, තම්මැන්නා හා පුස්සදේව ආයතනයන්ගේ නාවික හමුදා පුද්ගලයන් පිරිසක් මෙලෙස දායක වූහ.

(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞
𝐓𝐢𝐤𝐭𝐨𝐤
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞




ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 02 බර ප්‍රවාහන බලඝනය (No. 02 Heavy Transport Squadron) සිය 69 වන සංවත්සරය සමරයි!ශ්‍රී ලංකා ...
03/09/2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 02 බර ප්‍රවාහන බලඝනය (No. 02 Heavy Transport Squadron) සිය 69 වන සංවත්සරය සමරයි!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 02 බර ප්‍රවාහන බලඝනය (No. 02 Heavy Transport Squadron) කියන්නේ ගුවන් හමුදාවේ පැරණිතම හා වඩාත් වැදගත් ප්‍රවාහන බලඝනවලින් එකක්. එහි ඉතිහාසය 1957 දක්වා දිව යන අතර, අද වන විටත් ශ්‍රී ලංකාවේ ගුවන් ප්‍රවාහන, හදිසි ආධාර හා මානුෂීය මෙහෙයුම්වල වැදගත් භූමිකාවක් ඉටු කරයි.

✈️ අතීතය

1957 – ආරම්භය

අංක 02 බලඝනය 1957 සැප්තැම්බර් 1 දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී No. 2 Wing ලෙස පිහිටුවා ඇති අතර එහි පළමු අණදෙන නිලධාරියා වූයේ Flight Lieutenant P. H. Mendis ය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පුරෝගාමී Flying Formation එකක් ලෙස මෙය සැලකේ.

මුල් කාලයේ භාවිත කළ ගුවන් යානා අතර:

• Airspeed Oxford
• Prestwick Pioneer
• de Havilland Dove
• DC-3 Dakota
• Dragonfly helicopter
• de Havilland Heron
• Riley Heron

වැනි යානා තිබුණි. පසුගිය දශක කිහිපය තුළ බලඝනය ගුවන් යානා වර්ග 17ක් පමණ මෙහෙයවා ඇත.

🇱🇰 1971 කැරැල්ල

1971 කැරැල්ල ඇති වන අවස්ථාවේ ක්‍රියාකාරීව තිබූ ප්‍රධානතම ගුවන් බලඝනයක් වූයේ අංක 02 බලඝනයයි.

එම කාලයේදී ආහාර, උපකරණ හා අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය ගුවන් මගින් ප්‍රවාහනය කිරීම ඇතුළු මෙහෙයුම් සඳහා එය යොදා ගන්නා ලදී. මෙය බලඝනයේ පළමු සැබෑ operational/combat experience එකක් බව SLAF ඉතිහාස වාර්තා පෙන්වා දෙයි.

1980–1990 දශකය – යුද මෙහෙයුම්

උතුරු ප්‍රදේශයේ යුද තත්ත්වය උග්‍ර වීමත් සමඟ අංක 02 බලඝනයේ වගකීම් විශාල ලෙස පුළුල් විය.

මෙහෙයුම් අතර:

• හමුදා සාමාජිකයන් හා භාණ්ඩ ප්‍රවාහනය
• Casualty Evacuation
• ගුවන් නිරීක්ෂණ
• Paratroop සහ භාණ්ඩ drop කිරීම
• හදිසි logistical support
• උතුරේ හමුදා කඳවුරු සඳහා සැපයුම් ලබාදීම
වැනි කාර්යයන් තිබුණි.

1980 දශකයේදී Y-12 සහ Y-8 වැනි විශාල ප්‍රවාහන යානා බලඝනයට එක් විය. යුද සමයේදී Y-8 වැනි ප්‍රවාහන යානා bombing සඳහාද වෙනස් කර භාවිත කළ බව SLAF ඉතිහාස වාර්තා සඳහන් කරයි.

1991–2009 – කොළඹ–යාපනය ගුවන් පාලම

බලඝනයේ ඉතිහාසයේ විශේෂයෙන්ම වැදගත් කාල පරිච්ඡේදයක් වන්නේ 1991 සිට 2009 දක්වා කාලයයි.

A9 මාර්ගය හරහා භූමි ප්‍රවාහනයට බාධා ඇති වූ සමයේ කොළඹ සහ යාපනය අතර අඛණ්ඩ ගුවන් ප්‍රවාහන සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට අංක 02 බලඝනය විශාල දායකත්වයක් ලබා දුන්නේය. හමුදා සාමාජිකයන්, ආහාර, අවි-උපකරණ, වෙනත් සැපයුම් සහ තුවාල ලැබූවන් ප්‍රවාහනය කිරීම එහි ප්‍රධාන කාර්යයන් විය. මෙම ගුවන් පාලම වසර 19කට ආසන්න කාලයක් පවත්වාගෙන ගිය බව SLAF සඳහන් කරයි.

එම මෙහෙයුම් අතරතුර බලඝනයේ සාමාජිකයන් කිහිප දෙනෙකු ජීවිත පූජා කළහ. SLAF නිල ඉතිහාස තොරතුරු අනුව බලඝනයේ නිලධාරීන් සහ ගුවන් හමුදා සාමාජිකයන් 30 දෙනෙකු පමණ රාජකාරියේදී ජීවිත පූජා කර ඇත.

1992–1995 ප්‍රතිසංවිධානය

1990 දශකයේදී No. 2 Transport Wing ප්‍රතිසංවිධානය කර 201 Heavy Transport Squadron සහ 202 Light Transport Squadron ලෙස වෙන් කරන ලදී.

පසුව 201 Squadron එක No. 02 Heavy Transport Squadron ලෙස නැවත නම් කරන ලදී.

1995දී Antonov An-32B යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වීමත් සමඟ බලඝනයේ heavy-lift transport හැකියාව තවදුරටත් ශක්තිමත් විය.

🏅 President’s Colours

බලඝනයේ දිගුකාලීන සේවය හා විශේෂයෙන් යුද සමයේ කළ සේවය අගය කරමින් 2009දී President’s Colours පිරිනමන ලදී.

එමෙන්ම 2004 සුනාමිය, 2005 පකිස්ථාන භූමිකම්පාව සහ පසුව Nepal භූමිකම්පාව වැනි ආපදා අවස්ථාවලදීද බලඝනය සහභාගී විය.

🛩️ වර්තමානය

අද No. 02 Heavy Transport Squadron ස්ථාපිතව ඇත්තේ SLAF Base Katunayake හි වන අතර, එහි ප්‍රධාන වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ heavy air transport capability පවත්වාගෙන යාමයි.

වර්තමාන ප්‍රධාන ගුවන් යානා

1. Antonov An-32B
2. Lockheed C-130 Hercules
යන යානා දෙවර්ගය බලඝනයේ ප්‍රධාන fleet එක වේ.

අද කරන ප්‍රධාන කාර්යයන්:

බලඝනයේ වර්තමාන කාර්යභාරය යුද ප්‍රවාහනයට පමණක් සීමා නොවේ.

ප්‍රධාන වගකීම්:

• ✈️ Air Transport Operations
• 👨‍✈️ හමුදා සාමාජිකයන් ප්‍රවාහනය
• 📦 භාණ්ඩ හා උපකරණ ප්‍රවාහනය
• 🏥 Casualty Evacuation / Medical Evacuation
• 🚨 Humanitarian Assistance
• 🌊 Disaster Relief Operations
• 🪂 Parachute Training
• 🔭 Surveillance & Reconnaissance
• 👔 VIP/VVIP Transport
• 🌍 විදේශීය ගුවන් මෙහෙයුම්
• 🛩️ Scheduled Flights
යන කාර්යයන් සිදු කරයි.

🌍 අද වැදගත්කම

ඒ අනුව No. 02 Squadron එක “යුද සමයේ භාණ්ඩ ප්‍රවාහනය කළ බලඝනයක්” ලෙස පමණක් හඳුන්වන්න බැහැ.

එය අද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ:

Strategic Airlift + Tactical Air Transport + Humanitarian Assistance + Disaster Relief + Medical Evacuation + VIP Transport
යන හැකියාවන් එකට සම්බන්ධ කරන ප්‍රධාන flying formation එකක්.

(තොරතුරු අන්තර්ජාලයෙනි. වැරදි ඇතොත් නිවැරදි කරන්න)

(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞
𝐓𝐢𝐤𝐭𝐨𝐤
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞




03/09/2026

160 වැනි පොලිස් දිනය අදයි

03/09/2026

තමන්ව විනාශ කරන්න ආව එකාටත් වතුර පොවලා සලකපු එකේ විපාක තමයි මේ...

(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞
𝐓𝐢𝐤𝐭𝐨𝐤
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞




ශ්‍රී ලංකා පොලීසියට රාජ්‍ය භාෂාව දෙමළ වූ හැටි 😁(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)Ⓒ Our Forces SL👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓𝐅𝒂𝒄𝒆...
02/09/2026

ශ්‍රී ලංකා පොලීසියට රාජ්‍ය භාෂාව දෙමළ වූ හැටි 😁

(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞
𝐓𝐢𝐤𝐭𝐨𝐤
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞




Address

Kandy
Kandy

Alerts

Be the first to know and let us send you an email when Our Forces SL - අපේ හමුදාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Our Forces SL - අපේ හමුදාව:

Shortcuts

Share

Category