01/06/2025
එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන මඟින් 2025 ලෝක පරිසර දිනය “Ending Plastic Pollution” යන තේමාව යටතේ සැමරීමත් ජාතික පරිසර සතිය මඟින් මැයි 30 වනදා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය වශයෙන් නම් කිරීමත් පදනම්කොට ගනිමින් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් සංවිධානය කෙරුණු ප්ලාස්ටික් හා පොලිතින් කසළ ඉවත්කිරීමේ වැඩසටහනක් 2025.05.30 දින පොල්ගොල්ල වේල්ල පරිශ්‍රය ප්‍රධාන කොටගෙන පැවැත්වුණි.
මෙහිදී පොල්ගොල්ල වේල්ල අසල සිට මහවැලි ගංඟා ඉවුර, කටුගස්තොට නගරයේ සිට රණවන මාර්ගයේ මහවැලි ගංඟා ඉවුර සහ පොල්ගොල්ල ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි කසල වර්ගීකරණ මධ්‍යස්ථානය යන පරිශ්‍රයන්හි වූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඉවත්කිරීම සහ වර්ගීකරණය කොට වෙන්කිරීම සිදුකරන ලදී. මෙහි සමාරම්භක අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දසනායක මහතා ද එක් වූ අතර වැඩසටහන සඳහා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශය, පළාත් නිවාස දෙපාර්තමේන්තුව, පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය යන ආයතනයන්හි ආයතන ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද ශ්‍රී ලංකා රතුකුරුස සංගමය ද දායකත්වය ලබාදෙන ලදී. වැඩසටහනෙහි මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.