Bogambara Prison,Kandy

Bogambara Prison,Kandy Bogambara Prison has been built in 1876.It is situated in Kandy,Sri Lanka.Photograph was designed by me. Pujitha Ranawake

This is the second largest Prison in Sri Lanka which is to be closed very soon. Second & third time convicted prisoners located in this Prison.

01/03/2022

👇👇👇👇👇👇👇Android සුපිරි වැඩකෑලි ඉගෙනගන්න මෙන්න තැන 👉 http://bit.ly/sindroidදිනපතා මෙවැනි වීඩියෝ බලන්න 😃 Channel එක 🔴Subscribe කරන්නMessanger 👉 ht...

01/11/2021
27/07/2021

එකම පාදමක පිහිටි ආසියාවේ දිගම ගොඩනැගිල්ල මෙයයි… අවුරුදු 146ක් පැරණි ගැසට් කරන ලද පුරාවිද්‍යා ස්මාරකයක්.. කඩලා දාන්...

02/06/2020

#බොගම්බර #සිපිරිගෙය -

ඇහැලේපොළ කුමාරිහාමි ඇතුඵ දරුවන් මරණයට පත් කරන ලද්දේ කි‍්‍ර.ව 1814 මැයි මස 17 දින දී, විෂ්ණු සහ නාථ දේවාල දෙක අතර පිහිටි දේවසන්හිඳ නම් ස්ථානයේදී බව සඳහන් ය. රූපශ‍්‍රීයෙන් අග තැන්පත් වූ ඇහැලේපොළ කුමාරිහාමි එඩිතර කුළ කාන්තාවකි.

එකොළොස් වියේ පසු වූ වැඩිමහල් පුතා ලොකු බණ්ඩා සහ නවවැනි වියෙහි පසු වූ දෙවැනි පුතා මද්දුම බණ්ඩාර ගේ හිස ගසා මරා දැමීමටත්, කුඩා අත දරු දියණිය වංගෙඩියකට දමා කෙටීමටත්, කුමාරිහාමි ගලක් බැද බෝගම්බර වැවේ ගිල්වා මරා දැමීමටත් නියෝග ලැබුණි.

එදා ඒ ආකාරයෙන් ඇය ගිල්වා ජිවිතක්ෂයට පත්කළ බෝගම්බර වැව පිහිටා තිබුණේ වර්තමානයේ බෝගම්බර ක‍්‍රීඩාපිටිය ඇති ස්ථානයේ බවත්, එහි වැව් තාවුල්ල බෝගම්බර බන්ධනාගාරය තෙක් විහිදී තිබිම නිසා අදටත් බෝගම්බර බන්ධනාගාරය තුළ ඇහැලේපොළ කුමාරිහාමි ගේ මෘතදේහය ගොඩගත් ස්ථානය දක්නට ලැබේ.

බෝගම්බර බන්ධනාගාරය ඉදි කිරීම පිළිබඳව ද ඇත්තේ දීර්ඝ වු ඉතිහාසයකි.
සෙංකඩගල යන නම සෑදී ඇත්තේ උඩවත්ත කැලේ භාවනා යෝගීව වාසය කළ සෙංකණ්ඩ බ‍්‍රහ්මණයා සිහිවීම පිණිස බව එක් අදහසකි. එසේ නම් බෝගම්බර යන වචනය සෑදී ඇති ආකාරය පිළිබඳව ද දැන ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනු ඇත. ඒ පිළිබඳව ද මත කිහිපයක්ම පවතී. ඉන් එකක් නම් බොහෝ ගම්වර ලබා දී ඇති බව පැවසීමටය. අනෙක් කරුණ නම් බෝ ගස් බොහොමයක් එම ප‍්‍රදේශය පැවති නිසා බෝගම්බර යන නම භාවිතයට පැමිණි බව ය.

ක‍්‍රි.ව 1815 දි ඉංග‍්‍රීසින් විසින් කන්ද උඩරට සිංහල රාජධානිය යටත් කර ගනු ලැබීමෙන් වසර හැට එකකට පමණ පසු ක‍්‍රි.ව 1876 වසරේදී බෝගම්බර බන්ධනාගාරය ඉදි කර ඇත. එය සිරකුටි 43 ක්ද, සිර මැදිරි හතරකින් ද සමන්විත වී තිබේ. මෙම බන්ධනාගාරය ඉදි කර ඇත්තේ එවකට බන්ධනාගාර පරීක්ෂක ජනරාල් සහ පොලිස් පරීක්ෂක ජනරාල් වශයෙන් කටයුතු කළ එන්.ආර් සොන්ඩර්ස් මහතා විසිනි.

බන්ධනාගාරය ඉදි කර ඇත්තේ එවකට ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව නමින් හඳුන්වන ලද ආයතනය හා සිරකරුවන් අනුදෙදෙනකු (92) විසිනි. සිරකරුවන් 408 දෙනකු සඳහා ප‍්‍රමාණවත් ලෙස ඉදි කර තිබේ. මෙහි තෙමහල් ගොඩනැගිල්ලේ සිරමැදිරි 328 ක් තිබෙන අතර, මෙරට ආරක්ෂිත බන්ධනාගාර අතුරින් දෙවෙනි තැන හිමි වෙන්නේ බෝගම්බර බන්ධනාගාරයට ය. ප‍්‍රථම ජේලර්වරයා වූයේ වෙලින්ටන් මහතා ය. හෙක්ටයාර පන්දහස් පන්සිය අනූහයක භූමි ප‍්‍රමාණයක බන්ධනාගාරය ඉදි කර ඇත.

ඉංග‍්‍රීසින් ගේ පාලන කාලයේ එනම් කි‍්‍ර.ව 1876 ට පෙර සෙංකඩගලපුර මරණීය දණ්ඬනය ක‍්‍රියාත්මක කරන ලද්දේ දැනට මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට තිබූ හැන්ග්මන්ස් හිල් නම් කුඩා කඳු ගැටයක ය. බෝගම්බර බන්ධනාගාරය සෑදීමෙන් පසු ඒ තුළ මරණිය දණ්ඩනය කරන ලදී. අවසාන වශයෙන් බෝගම්බර දී එල්ලා මරණයට පත් කරන ලද්දේ කි‍්‍ර.ව 1975 වසරේදී ය. ඒ වන විට සිරකරුවන් 524 දෙනෙක් එල්ලා මරණයට පත් කර තිබුණි. අවසාන වරට එනම් කි‍්‍ර.ව 1975 නොවැම්බර් මස 21 සහ 22 යන දින වල එල්ලා මරණයට පත් කර ඇත්තේ තිස්මඩ මිනීමැරුමට වරදකරුවන් වූ ඩබ්ලිව්.ඩී රිචඩ් සහ ටී.එම් ජයවර්ධනය.

බෝගම්බර බන්ධනාගාරයේ සිර ගතව සිටි ප‍්‍රසිද්ධ පුද්ගලයන් අතර කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා යන මහත්වරු පමණක් නොව සරදියෙල්, සිරිපාල හෙවත් මරුසිරා, ද සිටියහ. මෙහි බෞද්ධ රැඳවියන්ගේ ආගමික කටයුතු වසර හැට දෙකක්( 62) තිස්සේ කරන ලද්දේ මල්වතු මහා විහාරයේ අතිපූජ්‍ය අළුත්ගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ය.

18/11/2019
26/08/2019

ඓතිහාසික මහනුවර නගර මධ්‍යයේ අධිරාජ්‍යවාදීන් විසින් ඉදිකළ පැරණි බෝගම්බර බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ජනතා අයිතියට පත් කිරීම මහානගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා අධීක්ෂණයට අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදි. රැපියල් මිලියන 443 ක් වැයකර මෙම ඓතිහාසික ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර ඇත.

வரலாற்றுதுவமிக்க கண்டி நகர மத்தியில் ஏகாதிபத்தியர்களினால் நிர்மாணித்த பழைய போகம்பர சிறைசாலை மீள் புணரமைத்ததின் பின்னர் மக்கள் பாவனைக்கு கையளித்தல் பெருநகர அமைச்சர் பாட்டலி சம்பிக்க ரணவக்க அவர்களின் அழைப்பின் பேரில் பிரதம் ரணில் விக்ரமசிங்க அவர்களின் தலைமையில் நடைப்பெற்றது.பெருநகர மற்றும் மேல் மாகாண அபிவிருத்தி அமைச்சின் வழிகாட்டலின் கீழ் நகர அபிவிருத்தி அதிகாரசபையின் திட்டமிடல் மற்றும் கண்காணிப்புடன் இந்த மீள் புணரமைப்பு நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டது.ரூபா443 மில்லியன்கள் செலவில் இந்த வரலாற்றுதுவமிக்க கட்டிடம் மீள்புணரமைக்கப்பட்டுள்ளது.

The opening of the renovated Colonial-era Bogambara prison in the heart of the historic Kandy city took place under the auspices of Prime Minister Ranil Wickremesinghe at the invitation of Megapolis and Western Development Minister Champika Ranawaka. The renovation was carried out in accordance with the planning and under the supervision of the Urban Development Authority under the guidance of the Ministry of Megapolis and Western Development. The work cost Rs. 443 million.

27/11/2018

Welcome to the historical Bogambara Prison of Sri Lanka

Address

Kandy City
Kandy
20000

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 15:00

Website

Alerts

Be the first to know and let us send you an email when Bogambara Prison,Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bogambara Prison,Kandy:

Share