06/01/2025
Tourism Information Centre established at Nuwara Eliya Public Library
The Department of Trade, Commerce and Tourism, in Central Province, established a Tourist Information Center covering the Nuwara Eliya region recently (2024/12/24) at the Nuwara Eliya Library premises recognizing the need to provide prompt and reliable information for the development of the tourism sector.
The opening of this Tourist Information Center, which is operated with the support of the Nuwara Eliya Municipal Council, was attended by the Director of the Central Provincial Department of Trade, Commerce and Tourism, Mrs. Sandamali Hewage, the Municipal Commissioner of the Nuwara Eliya Municipal Council, Mr. K.M.H.W. Bandara, the Assistant Commissioner of Local Government, Mr. Y.P. Wijebandara, and a team of government officials and various sectors of the tourism sector.
සංචාරක ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය වෙනුවෙන් කඩිනම් මෙන්ම විශ්වසනීය තොරතුරු ලබා දීමේ අවශ්‍යතාවය හඳුනාගනිමින්, මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය කලාපය ආවරණය වන පරිදි ස්ථාපිත කරන ලද සංචාරක තොරතුරු මධ්‍යස්ථානය පසුගියදා (2024/12/24) නුවරඑළිය පුස්තකාල පරිශ්‍රයේදී සුබ මොහොතින් විවෘත විය.
නුවරඑළිය මහ නගර සභාවේ සහයෝගය මත ක්‍රියාත්මක වන මෙම සංචාරක තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යෂ,සඳමාලී හේවගේ මහත්මිය, නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්, කේ.එම්.එච්.ඩබ්ලිව්. බණ්ඩාර මහතා, සහකාර පළාත් පාලන කොමසාරිස්, වයි.පී. විජේබණ්ඩාර මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ විවිධ අංශයන් හි නියුතු පිරිසක් සහභාගිවිය.