Rubber Development Department Kegalle

Rubber Development Department Kegalle Kegalle Regional office under Rubber Development Department.

ලේ බිදක් දන් දෙමු. ජීවිතයක් බේරා ගනිමු.
26/03/2025

ලේ බිදක් දන් දෙමු.
ජීවිතයක් බේරා ගනිමු.

කෑගල්ල රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය කාර්යාලය මගින් මහනුවර දිස්ත්‍රික්කයේ පරිණත හා අපරිණත රබර් වගාකරුවන් දැනුවත...
06/01/2025

කෑගල්ල රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය කාර්යාලය මගින් මහනුවර දිස්ත්‍රික්කයේ පරිණත හා අපරිණත රබර් වගාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන 2024.12.30 දින හතරලියැද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය.
පහත කරුණු සම්බන්ධයෙන් රබර් වගාකරුවන් දැනුවත් කිරීම හා උපදෙස් ලබා දීම මෙහිදී සිදු විය.

♦️රබර් වගාවේ දැනට පවතින රෝග සහ එම රෝග ආසාදනය වීම වලක්වා ගැනීම හා මර්දනය කිරීම
♦️කාබනික හා රසායනික පොහොර භාවිතය
♦️ පරිණත වගා නඩත්තු කිරීම
♦️ අපරිණත වගා නඩත්තු කිරීම හා අතුරු බෝග වගාව තුළින් ආදායම් ඉහළ නංවා ගැනීම.

ගලිගමුව, වරකාපොල, කෑගල්ල හා මාවනැල්ල කලාප භාර ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිලධාරීන් වන එම්.එම්.ආර්.උදයකුමාර මහතා හා ආර්.එම්.යූ.බී.රත්නායක යන මහත්වරුන් විසින් මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලදි.

Rubber Development Department Kegalle

01/01/2025

2025 නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා!

Department Of Rubber Department Of Rubber Development, RatnapuraDepartment Of Rubber Development, Ratnapura RatnapuraRubber Development Department Kegalle, Rubber Development Department Galle, Rubber Development DepartmentRubber Development Department - RathnapuraRathnapura

රබර්  සංවර්ධන දෙපාර්තමේන්තුව කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලය හා ජාතික වැවිලි කලමණාකරන ආයතනයේ සම්බන්ධීකරණයෙන් පරිණත වගාවන්ට  ප...
01/01/2025

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලය හා ජාතික වැවිලි කලමණාකරන ආයතනයේ සම්බන්ධීකරණයෙන් පරිණත වගාවන්ට පොහොර යෙදීම පිළිබඳ කුඩා ඉඩම්හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2024.12.17 දින රිදීගම කොට්ඨාශයේ ඉගුරුවත්ත විහාරස්‌ථානයේදී පැවැත්විය.

කිරි කපන වගාවේ ඵලදායිතාවය නැංවීම සදහා වැහිආවරණ යෙදීම හා පරිණත වගාවට පොහොර යෙදීම පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම මෙහිදී සිදු විය.

මේ සදහා සම්පත් දායකත්වය ගලිගමුව කලාපභාර ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිලධාරී එම්.එම්.ආර්.උදයකුමාර මහතා ලබා දුන් අතර, රබර් ගොවීන්ගේ ඉල්ලීම මත හේලීස් සමාගම විසින් හදුන්වා දී ඇති කිරි කැපීමේ යන්ත්‍රය පිළිබඳව දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.

Rubber Development Department Kegalle

රබර් වගාව ආශ්‍රිත ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාව සඳහා පැමිණි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ පැල්වෙහෙර සිසුන් සඳහා ප්‍රායෝගික පු...
26/12/2024

රබර් වගාව ආශ්‍රිත ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාව සඳහා පැමිණි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ පැල්වෙහෙර සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුව හා එක් දින වැඩමුළුව 2024.12.12 වන දින තුල්හිරිය රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාශයේ මාස්පොත ලහිරු රබර් පැල තවාන තුලදී හා විශ්‍රාමික ර.සං. නි. සුනිල් ජයරත්න මහතාගේ නිවසේ දී සාර්ථකව පවත්වනු ලැබීය.

එහිදී තවාන් පාලනය, පැලයක් සිටුවීම හා අපරිණත වගා නඩත්තුව, රබර් වගාවේ රෝග පලිබෝධ පාලනය, කැපුම් පට්ටය සලකුණු කිරීම සහ කිරි කැපීම, ෂීට් නිෂ්පාදන හා දුම් කාමර පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම සිදු විය.

අධ්‍යක්ෂ ප්‍රාදේශීය (කෑගල්ල) එන්. ආර් මනෝරි මෙනවියගේ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන පැවැත් වූ අතර, ගලිගමුව හා වරකාපොල කලාප භාර ජ්‍යේෂ්ඨ රබර් සංවර්ධන නිලධාරී උදයකුමාර මහතා, වරකාපොල රබර් සංවර්ධන නිලධාරී හෂිනි දිසානායක මහත්මිය, තුල්හිරිය රබර් සංවර්ධන නිලධාරී ඉරෝෂිකා මහත්මිය හා විශ්‍රාමික රබර් සංවර්ධන නිලධාරී සුනිල් ජයරත්න යන මහත්ම මහත්මීන්ගේ සම්පත් දායකත්වය මේ සදහා හිමිවිය.

2019 වසරේ සිට පුරා වසර පහක් කෑගල්ල දිස්ත්‍රික්ක⁣⁣යේ රබර් කර්මාන්තයේ නියැලෙන මහජනතාවට විශිෂ්ඨ සේවාවක් සිදු කරමින්, රබර් ස...
02/08/2024

2019 වසරේ සිට පුරා වසර පහක් කෑගල්ල දිස්ත්‍රික්ක⁣⁣යේ රබර් කර්මාන්තයේ නියැලෙන මහජනතාවට විශිෂ්ඨ සේවාවක් සිදු කරමින්, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කර, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් වශයෙන් උසස්වීමක් සමග ස්ථාන මාරු ලබා යන එච්.ආර්.එම්.පී. අ⁣බේරත්න මහත්මිය සිදුකල සේවය අගයනු වස්, කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලයේ සමස්ථ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කල විශේෂ සමු දීමේ හමුවක් 2024.07.29 දින කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය අධ්‍යක්ෂ තුමිය ඇතුලු සියලුම මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිලධාරීන්, රබර් සංවර්ධන නිලධාරීන් ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලය සහභාගී විය

පෙර කන්න රැස්වීම  - දැරණියගල කොට්ඨාශය--------------------------------------------------------- පෙර කන්න රැස්වීම හා අපරිණ...
28/06/2024

පෙර කන්න රැස්වීම - දැරණියගල කොට්ඨාශය
---------------------------------------------------------
පෙර කන්න රැස්වීම හා අපරිණත වගා නඩත්තු වැඩසටහන 2024/5/12 දින බැහැන ඇල්ල සායන මධ්‍යස්ථානයේදී, කොට්ඨාශ භාර රබර් සංවර්ධන නිලධාරී, එල්.ඩබ්.විජේරත්න මිය ගේ සම්පත් දායකත්වයෙන් හා දෙහිඕවිට කලාප භාර ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිලධාරී කේ.ඒ.ජී.සිරිසේන මයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

පොසොන් මහා සව් දන්සල 2024-----------------------------------------------------පොසොන් පොහොය නිමිතිකොටගෙන රබර් සංවර්ධන දෙප...
21/06/2024

පොසොන් මහා සව් දන්සල 2024
-----------------------------------------------------

පොසොන් පොහොය නිමිතිකොටගෙන රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලයේ සුබසාධක සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද පොසොන් මහා සව් දන්සල, 2024.06.20 දින ප්‍රා⁣දේශීය කාර්යාලය ඉදිරිපිට දී සාර්ථකව පවත්වන ලදී. මෙම පුණ්‍ය ක්‍රියාව සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දුන් සුබසාධක සංගමයේ සියලුම සාමාජිකයන් ස්තූති පූර්වකව සිහිපත් කරන්නෙමු...

කාව්‍යමය ධර්ම දේශනය ------------------------------------------සම්බුදු තෙමඟුල නිමිති කරගනිමින්, රබර් සංවර්ධන දෙපාර්තමේන්ත...
24/05/2024

කාව්‍යමය ධර්ම දේශනය
------------------------------------------

සම්බුදු තෙමඟුල නිමිති කරගනිමින්, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලයේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සුමධුර කාව්‍යමය ධර්ම දේශණය, ඇකිරියගල කරඬු ලෙන ආරණ්‍ය සේනාසන වාසී, පූජ්‍ය මාරපන ආනන්ද ස්වාමීන් වහන්සේගේ ගෞරව පූර්වක වැඩමවීමෙන්, කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී 2024.05.21 දින පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, එච්.ආර්.එම්.පී.අබේරත්න මිය, සහකාර අධ්‍යක්ෂ පී.ජී.පී.සංජීව ගමගේ මයා ඇතුලු සුභසාධක සංගමයේ සියලු සාමාජික මහත්ම මහත්මීන් සහභාගී වන ලදී.

බක්මහ උළෙල - 2024------------------------------------------------------------රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, කෑගල්ල ප්‍රාදේ...
13/05/2024

බක්මහ උළෙල - 2024
------------------------------------------------------------

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලයේ සුබසාධක සංගමය මගින් සංවිධානය කරනු ලැබූ බක්මහ උළෙල 2024.04.19 දින කාර්යාලයීය පරිශ්‍රෙය්දී සාර්ථකව පවත් වන ලදී.
මෙම අවස්ථාව සඳහා සුබසාධක සංගමයේ සභාපති, එච්. ආර්. එම්. පී. අබේරත්න මිය ඇතුළු සුබසාධක සංගමයේ සියලුම සාමාජිකයින් මෙන්ම එම පවුල් වල සාමාජිකයින් ද සහභාගී වන ලදී.

13/05/2024
නව වසරේ පැල සිටුවීමේ නැකත--------------------------------------------------------------අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අනු...
13/05/2024

නව වසරේ පැල සිටුවීමේ නැකත
--------------------------------------------------------------
අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අනුව, පැල සිටුවීමේ නැකත සංඛේතවත් කරමින්, 2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා උදෑසන 10.16 ට යෙදුනු සුභ මොහොතින්, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ, කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එච්.ආර්.එම්.පී.අබේරත්න මහත්මියගේ සුරතින් පැලයක් රෝපනය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා, ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ පී.ජී.පී.සංජීව ගමගේ මයා, ගණකාධිකාරී වයි.එල්.එන්.සී.කේ.සේනානායක මිය, පරිපාලන නිලධාරී ආර්.ජී.ඩී.බී.රාජපක්ෂ මෙය, ඇතුළු අංශ ප්‍රධානීන් හා කාර්යාලයේ සියළුම නිලධාරීන් සහභාගී විය.

Address

16/1, Sir Francis Molamure Mawatha
Kegalle
71000

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94352222326

Alerts

Be the first to know and let us send you an email when Rubber Development Department Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rubber Development Department Kegalle:

Share