04/09/2026
🔸 ව්‍යාපාරයේ අනාගතයට AI මගින් අත්වැලක්
=======================================
ව්‍යවසායකයින් තවදුරටත් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කොට ගනිමින් මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් අංශය මගින් සංවිධානය කළ ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing) පිළිබඳ දෙදිනක පුහුණු වැඩසටහනක් 2026.09.03 සහ 04 (අද) දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ROPELRICH HOLDINGS ( PVT) LTD ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අසංක ලක්ෂිත රාජපක්ෂ මහතා විසින් මේ සඳහා සම්පත්දායකත්වය ලබා දුන් අතර, ව්‍යාපාරයක් නවීන තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යාම සඳහා AI තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව ව්‍යවසායකයින්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් මෙහිදී ලබා දෙන ලදී.
මෙම පුහුණුවේදී ව්‍යාපාර සඳහා AI තාක්ෂණය යොදා ගැනීම, අන්තර්ජාලය තුළ ව්‍යාපාර ප්‍රවර්ධනය, ව්‍යාපාර සඳහා ආකර්ෂණීය Logo නිර්මාණය , ව්‍යාපාරයකට අනන්‍ය Theme Song නිර්මාණය , ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා AI භාවිතයෙන් Video නිර්මාණය , විවිධ AI Tools හඳුනාගැනීම සහ ප්‍රායෝගික භාවිතය පිළිබඳව ඉතා හරවත් දැනුමක් ලබා දෙන ලදී.
මෙම වැඩසටහනට සහභාගී වූවන් ඇගයීම සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් ජී.ආර්.එම්.කේ. ගුණරත්න මෙයගේ ප්‍රධානත්වයෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදු කෙරුණු අතර, මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරි රංජිත් මුගුණුවල මහතා, දිස්ත්‍රික් මානව සම්පත් සංවර්ධන නිලධාරි කේ.ඒ.යූ.කාන්ති මිය සහ මානව සම්පත් හා නිපුණතා සංවර්ධන නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.