30/01/2024
දේව දයාවේ මල්දම
සවස 3.00ට කරන යැදුම ( ජපමාලයක් ආධාරයෙන් උච්චාරණය කරන්න )
ජේසු සමිදාණෙනි, ඔබවහන්සේ උකුත්වූ සේක. එනමුදු ජීවනයේ උල්පත ආත්මයන් වෙත ගලා යමින් ඔබවහන්සේගේ කරුණා සාගරය මුළු ලෝකයටම විවෘත කල සේක. ජීවනයේ උල්පතෙනි, ඔබවහන්සේගේ අපරිමිත කරුණාවෙන් මුළු ලෝකය වැළදගෙන ඔබව අප වෙත හිස් කල මැනව.
කරුණාවේ උල්පත වන ක්‍රිස්තුන් වහන්සේගේ දිව්‍ය හෘදය තුළින් අප උදෙසා වෑහුණු රුධිරය සහ ජලයෙනි, මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තබමි. ( 3 වරක් )
✝️ . කුරුසියට - ස්වර්ගයේ වැඩ සිටින
📿 . කුඩා ඇට තුනට - නමෝ මරිය 3ක් , විශ්වාස ලක්ෂණය...
📿 . සෑම පන්තියකටම ලොකු ඇටවලට
සදාකාලික පියාණෙනි, ඔබ වහන්සේගේ අති ප්‍රේමණීය පුත්‍රයාණන්ද, අපගේ ස්වාමින්ද ගැළවුම්කාරයාණන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරයද, ආත්මය හා දෙවිකයද අපගේ හා මුළු ලෝකයාගේ පාපවලට වන්දි වශයෙන් ( අපි )මම ඔබ වහන්සේට ඔප්පු කරමි. ( කරමු )
📿 . සෑම පන්තියකම කුඩා ඇටවලට
ජේසු තුමන්ගේ අති කඨුර වූ දුක් ප්‍රාප්තිය මගින්
පිළිතුර : අපටත් මුළු ලෝකයාටත් දයා වුව මැනව.
✝️ . මල්දම අවසානයේ ( තුන් වරක් ) කියන්න
ශුද්ධවූ දෙවියන් වහන්ස,
ශුද්ධවූ සර්වබලධාරීන් වහන්ස,
ශුද්ධවූ අමරණියාණන් වහන්ස,
අපටත් මුළු ලෝකයාටත් දයා වුව මැනව.
✝️ . අවසන් යැදුම
සදාතන දෙවිඳුනී, කිසිදින නොසිඳෙන දයානුකම්පාවේ නිධානය වන අනන්ත කරුණාබර ස්වාමිනී, අප දෙස දයාවෙන් බලා, ඔබ වහන්සේගේ කරුණාව අප තුළ වැඩි වර්ධනය කල මැනව. අපගේ කරදර හා කම්කටොලු වලදී කලකිරීමට සහ අධෛර්ය වීමට ඉඩ නුදුන මැනව. මහත් බලාපොරොත්තුවකින් යුතුව ආදරය හා කරුණාව වන ඔබවහන්සේගේ ශුද්ධවූ කැමැත්තට අපි භාර වෙමු. ආමෙන්.
ජේසුනි දයාවේ රජාණෙනි,
මම ඔබ කෙරෙහි විශ්වාස කරමි. ආමෙන්.
🅷︎🅾︎🅻︎🆈︎ 🆁︎🅾︎🆂︎🅰︎🆁︎🆈︎ 🆃︎🅴︎🅰︎🅼︎
𝑪𝒂𝒕𝒉𝒐𝒍𝒊𝒄 𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝑷𝒂𝒈𝒆